පුරාතන ඊජිප්තුව
පුරාතන ඊජිප්තුව යනු නයිල් ගඟෙහි අග කොටස අවට කේන්ද්‍රගත ව පැවති, හා දැනට නූතන ඊජිප්තු රාජ්‍යය ලෙසින් පවතින, ඊසාන දිග අප්‍රිකාවෙහි, පුරාතන ශිෂ්ඨාචාරයකි.
සංස්කෘතිය [සංස්කරණය]
කලාව [සංස්කරණය]
වසර 3500 ක් පුරාවට ඊජිප්තු කලා ශිල්පීන් සිය නිර්මාණ සඳහා යම් සම්ප්‍රදායක් මුල්කරගත් බව සඳහන් වේ. සැබවින්ම එම සම්ප්‍රදාය හා බැදුනු නෑ නීතිරීති පද්ධතියක් තිබිණි. නිර්මාණ සඳහා යොදාගන්නා රේඛා, හැඩතල හා වර්ණ අඛණ්ඩව විදේශීය බලපෑම් හෝ අන් කිසියම් හේතුවක් නිසාවත් නොවෙනස්ව පවත්වාගෙන ගොස් ඇත. මෙම නෑ නීතිරීති පද්ධතිය නිසාම එකල ඊජිප්තු කලා නිර්මාණ බොහෝ විට ආගමික හෝ දේශපාලනික අරමුණු උදෙසාම බිහිවී ඇත.
පුරාණ ඊජිප්තු කලා ශිල්පීන් පිළිම ඇඹීමට පාෂාණ මෙන්ම දැව ද යොදා ගන්නා ලදි. ඔවුන් සතුව පැවතුනාවූ ඛනිජ ද්‍රව්‍යයන්ගේ වර්ණ සාදාගෙන ඇත. තවද ඊජිප්තු කලා ඉතිහාසය දෙස බලන කල ඔවුන් එකල සිය මිය ගිය ඥාතීන් උදෙසා නිර්මාණය කල සොහොන්කොත් වැදගත් තැනක් ගනී. දැවයෙන් හා මැටියෙන් නිමැවුනු මෙම සොහොන් කොත්වල ඔවුන් සිය එදිනෙදා ජීවිතය ගත කරන ආකාරය පෙන්වා ඇත. මින් ඔවුන් මියගිය වුන්ගේ මරණින් පසු ලෝකය ආරක්ෂා කිරීම අරමුණු කරගෙන ඇත.
එකල ඊජිප්තුවේ කලාව සඳහා වූ දේශපාලනික බලපෑම අමර්නා (Aප්රබ්) යුගයේ බිහිවූ නිර්මාණවල මැනවින් ප්‍රදර්ශනය වේ. කෙසේ වෙතත්, මෙම යුගයෙන් පසු බිහිවූ නිර්මාණවල නැවතත් මුල් සම්ප්‍රදායන් වල තිබූ ගති ලක්ෂණ පිළිඹිබු වේ.
| Find more about පුරාතන ඊජිප්තුව on Wikipedia's sister projects: | |
| Definitions from Wiktionary |
|
| Images and media from Commons |
|
| Learning resources from Wikiversity |
|
| News stories from Wikinews |
|
| Quotations from Wikiquote |
|
| Source texts from Wikisource |
|
| Textbooks from Wikibooks |
|