නාගදීප සෙල් ලිපිය

විකිපීඩියා වෙතින්

පළමු පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1153-1186)[1]විසින් කරවන ලද දැනට නාගදීප දුපතෙහි නාගපූෂණී අම්මාන් හින්දු කෝවිල ඇතුලත ගර්භයේ වම්පස දොරටුව අසල තැන්පත් කර ඇති උසින් අඩි 3 අඟල් 8 සහ පළලින් අඩි 3 අඟලක් වූ දෙමළ බසින් රචිත[1] නයිනතිව් සෙල් ලිපිය නොහොත් '"පරාක්‍රම බාහු රජතුමාගේ නාගදීප පුවරු ලිපිය"' වචන පේලි 23 කින් සමන්විත වේ. ලංකාවේ උතුරු ප්‍රදේශය මෙම වකවානුවේදී සිංහල රාජධානිය යටතේ පාලනය වු බව මෙම සෙල් ලිපියෙන් ගම්‍ය වේ. තවද විදේශීය රටවල සමග වාණිජ සබඳතා පැවති වරායන් මෙන්ම නාවික යාත්‍රා සහ ආම්පන්න භාවිතයට දියුණු ශිල්පීය ඥානයකින් යුක්ත නාවිකයින් මෙන්ම එයට අවශ්‍ය යටිතල පහසුකම් තිබු බවටද මෙම සෙල්ලිපිය මගින් පැහැදිලි වේ.

අන්තර්ගතය[සංස්කරණය]

"විදේශිකයින් උර්කාවට්ටුරේ (කයිට්ස්) නම් ස්ථානයට ගොඩබැස, රාජ්‍යයේ ආරක්ෂාව යටතේ එහි නැවතිය යුතුයි. වෙන අළුත් වරායවලින් ගොඩබට විදේශිකයෝ උර්කාවට්ටුරේ (කයිට්ස්) නම් ස්ථානයේදී හමුවිය යුතුයි. ඇතුන් හා අශ්වයින් ගෙනෙන නැවු කැඩී බිදී ගියහොත් වටිනාකමින් හතරෙන් එක් පංගුවක් භාණ්ඩාගාරයේ ප්‍රයෝජනයට ගෙන අනික් පංගු තුන අයිතිකරුට දෙනු ලැබේ. මෙම අණ ගල්වල සහ තඹ පත්තිරුවලද සටහන් කර තිබේ.ඉරහඳ පවතින තුරු මේ අණ බලපායි.මේ පනත දෙවා වදාළේ ශත්‍රැ රාජ වංශයට ලැව් ගින්නක්‌ වූ සකල සිංහල චක්‍රවර්තී පරාක්‍රම භුජ දේවයන් වහන්සේ විසිනි."[2][3][4]

මුලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 "සුන්දර ඉතිහාසයක්‌ සඟවාගත් ඩෙල්ෆ්ට්‌ දූපතේ සංචාරයක්‌-බෞද්ධ උරුමය". විදුසර. 17 නොවැම්බර් 2010. සම්ප්‍රවේශය 6 ජනවාරි 2016.
  2. පුජ්‍ය පණ්ඩිත බ්‍රාක්මණවත්තේ ධම්ම කිත්තිස්ස නාහිමි විසින් රචිත "උතුරේ නාග දීපය" කෘතිය.
  3. [1] සංරක්ෂණය කළ පිටපත 2016-03-05 at the Wayback Machineසෙල්ලිපියේ ද්‍රවිඩ ,සිංහල හා ඉංග්‍රීසි පරිවර්තනය සදහා මහාචාර්ය අබය ආර්යසිංහයන් විසින් ලියන ලද "සකල සිංහල චක්‍රවර්තී" Page 19,23-26,ජනකාන්ත ප්‍රකාෂණ භාරය ,1987 ,නුගේගොඩ
  4. Muddaliyar C Rasanayagam , Ancient Jaffna ,Page 208
"https://si.wikipedia.org/w/index.php?title=නාගදීප_සෙල්_ලිපිය&oldid=592389" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි