ටී ටවුරි

විකිපීඩියා වෙතින්


ටී ටවුරි (ඉංග්‍රීසි:  T Tauri) යනු, වෘෂභ තාරකා පංතියෙහි පිහිටි විචල්‍ය තාරකාවක් වන අතර, ටී ටවුරි තාරකාවන්හී මූලාදර්ශය වෙයි. ජෝන් රසල් හයින්ඩ් විසින් 1852 ඔක්තොම්බර් මාසයේදී එය සොයා ගන්නා ලදි. පෘථිවියෙහි සිට බලන කල, ε ටවුරි වෙතින් එතරම් ඈතින් නොවන ලෙසින් හයඩීස් පොතුර අතරතුර ටී ටවුරි දිස් වන නමුත්, එම පොකුරට වඩා එය ඇත්තෙන්ම ආලෝක වර්ෂ 420 පසු පසින් පිහිටන අතර ඒවා සමගින් නිර්මාණය වීද නොමැත.

සෑම ටී ටවුරි තාරකා මෙන්ම, එය ඉතා ලාබාල වන අතර, වසර මිලියනයක පමණක් වයසක් සහිත වෙයි. පෘථිවියෙහි සිට ආලෝක වර්ෂ 460 ක් දුරින් එය පිහිටන අතර, එහි දෘශ්‍ය විශාලත්වය 9.3 සිට 14 දක්වා විචලනය වන්නේ පුරෝකථනය කල නොහැකි ලෙසිනි.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

ටී ටවුරි

NGC 1555 වලාව අසබඩ පිහිටි ටී ටවුරි තාරකාව.
"https://si.wikipedia.org/w/index.php?title=ටී_ටවුරි&oldid=357533" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි