ඡ්‍යෝතිෂයෙහි ග්‍රහ ලෝක
ග්‍රහ ලෝකයක් යනු කුමක්ද යන්න විග්‍රහ කරන විටදී, නූතන තාරකා විද්‍යාත්මක අවබෝධයට වඩා වෙනස් අර්ථයක් ඡ්‍යෝතිෂයෙහි ග්‍රහ ලෝක යන්නෙන් ලබා දෙයි. දුරදක්න යුගයට පෙර, ඉතාමත් සමාන වස්තූන් වර්ග දෙකකින් රාත්‍රී අහස සමන්විත වූවේ යැයි සිතන ලදි: එකිනෙකට සාපේක්ෂව නිශ්චලව පැවති අචල තරු සහ, වසරක කාලසීමාව පුරා අචල තරුවලට සාපේක්ෂව චලනය වූ "සැරිසරන තරු" (පුරාතන ග්‍රීක: ἀστέρες πλανῆται ඇස්ටරෙස් ප්ලානෙටි) ලෙසිනි.
ග්‍රීකවරුන්ට සහ අනෙකුත් ආදි තාරකා විද්‍යාඥයින්ට අනුව, මෙම කාණ්ඩයට අයත් වූයේ පියවි ඇසට දිස්වන ග්‍රහ ලෝක පහ වන අතර, පෘථිවිය මෙම කාණ්ඩයට අයත් නොවීය. "ග්‍රහ ලෝකය" යන පදය දැඩි ලෙසින් යෙදූ කල මෙම වස්තූන් පහට පමණක් යෙදුනු නමුදු, පසුකාලීනව මෙම පදය පුළුල් කරන ලදුව, විශේෂයෙන් මධ්‍යතන යුගයන්හිදී සූර්යයා සහ චන්ද්‍රයා (සමහර විට "ආලෝක" ලෙසින් හැඳින්විණි[1]) ද එකතු කොට, සම්පූර්ණ ග්‍රහ ලෝක සංඛ්‍යාව සතක් බවට පත් කෙරිණි. වත්මන් ඡ්‍යෝතිෂ්‍ඥයින් පවා මෙම අර්ථ දැක්වීම භාවිතා කරති.
පුරාතන ඡ්‍යෝතිෂඥයින්ට, ග්‍රහ ලෝක වෙතින් නිරූපණය වුනේ දෙවිවරුන්ගේ අභිප්‍රාය සහ මිනිස් ක්‍රියාකාරකම් වෙතට ඔවුන්ගේ සෘජු බලපෑම විය.
ග්‍රහ ලෝක සඳහා සංකේතනය
[සංස්කරණය]මෙම වගුව විසින් ඡ්‍යෝතිෂ්ශාස්ත්‍රමය ග්‍රහ ලෝකයන් (තාරකා විද්‍යාත්මක ග්‍රහ ලෝකයන්ට වෙනස් ලෙසින්) සහ ඒවා සමග අනුසාරිත ග්‍රීක හා රෝමානු දේවතාවන් දැක්වෙයි. බොහෝ අවස්ථාවලදී, රෝමානු දේවතාවාගේ හෝ දේවතාවියගේ හෝ නම අනුව ග්‍රහ ලෝකයේ නම ව්‍යුත්පන්නව ඇත. කුතුහලය දක්වන තවත් කරුණක් වන්කේ රෝමානු දේවතාවෙක් ඒ හා සමසම ග්‍රීක දේවතාවෙක් හා සමග ඒකාබද්ධ කිරීමය. සමහර අවස්ථා වලදී, එකම දේවතාවා වෙනස් නම් දෙකකින් හැඳින්වෙති.
ග්‍රහ ලෝකය | සංකේතය | රෝමානු දේවතාවා | ග්‍රීක දෙවියා | හින්දු දෙවියා | සම්බන්ධය | අර්ථය (යුරෝපියානු) | අර්ථය (වේදික) |
---|---|---|---|---|---|---|---|
සූර්යයා | සොල් ඇපලෝ |
Ἥλιος (හීලියොස්) Ἀπόλλων (ඇපලෝ) |
सूर्य (සූර්ය) | පුරාතන | සූර්ය මූර්තිය භාවිකථන දෙවියා; හීලියොස් යන්නෙහි අර්ථය "සූර්යයා" යන්නයි. |
සූර්ය දෙවියා අදිති සහ කාෂ්‍යප් ගේ පුත්‍රයා; සූර්ය යන්නෙහි අර්ථය "ශ්‍රේෂ්ඨ ආලෝකය" යන්නයි. | |
ප්ලූටෝ | ප්ලූටෝ | Πλούτων (ප්ලූටොන්)/Ἅδης (හෙයිඩීස්) | यम (යම) | නූතන | පාතාල ලෝකයේ සහ මරණයෙහි දෙවියා; හෙයිඩීස් යන්නෙහි අර්ථය "නොදකින" වන අතර ප්ලූටෝ යනු "වස්තුව" යන්නයි. | මරණයේ දෙවියා. |
- ^ හෝන් (1978), පි.22