Jump to content

ගෘහ නිර්මාණ ශිල්පය

විකිපීඩියා වෙතින්
(ගෘහ නිර්මාණ ශිල්පය-වාස්තු විද්‍යාව වෙතින් යළි-යොමු කරන ලදි)
tiny globe
බෲනෙලෙස්කි (Brunelleschi) නමැති ගෘහ නිර්මාණ ශිල්පියා ෆ්ලොරන්ස් හි ප්‍රධාන දේවස්ථානයේ කොත නිර්මාණය කිරීම මඟින් ගෘහ නිර්මාණ ශිල්පියෙකු ගේ කාර්යභාරයට හා තත්ත්වයට නව මුහුණුවරක් ගෙන දීමට සමත් විය.
tiny globe
ෆ්ලෝරන්ස් ප්‍රධාන දේවස්ථානයෙහි කොතෙහි හරස්කඩකි.

ගෘහ නිර්මාණ ශිල්පය යනු ගොඩනැගිලි හා අනෙකුත් ද්‍රව්‍යමය ආකෘතීන් නිර්මාණය කිරීමේ හා ඉදිකිරීමේ කලාව යි. මිනිසා විසින් සාදන ලද ගොඩනැගිල්ලක් අවට පරිසර සමග සංකලනය වීමේ සිට ඉතා සියුම් වාස්තු විද්‍යාත්මක හා ඉදිකිරීමේ විස්තරයන් ද ඇතැම්විට ගෘහ භාණ්ඩ ද ඇතුළුව මෙය පුලුල් ව අර්ථකථනය කෙරේ. වාස්තු විද්‍යාත්මක සේවාවන් සැපයීමේ වෘත්තිය ද ගෘහ නිර්මාණ ශිල්පය ලෙස හැඳින්වේ.

ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් ස්කන්ධය, අවකාශය, ස්වරූපය, පරිමාව, ස්වාභාවය (සෑදී තිබෙන ආකාරය), ආකෘතිය, ආලෝකය, සෙවනැලි වැනි දෑ මෙහෙයවීමෙන් හා වියදම්, ඉදිකිරීම් හා තාක්ෂණය වැනි දෑ උපයෝගී කරගනිමින් අවසානයේ සෞන්දර්යාත්මක වූත්, ක්‍රියාකාරී වූත්, කලාත්මක වූත් නිර්මාණයක් කරනු ලබයි. ඒ අනුව සලකා බැලුවිට ඉංජිනේරු විද්‍යාවෙන්, ගෘහ නිර්මාණ ශිල්පය වෙනස් වන්නේ ද්‍රව්‍ය හා හැඩ, ගණිතමය හා විද්‍යාත්මක මූලධර්ම වලට අනුකූලව නිර්මාණාත්මකව මෙහෙයවීම නිසාවෙනි.

නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට අමතරව සංවේදනය මුලික කොටගෙන කර්ණික, දෘශ්‍ය, ආඝ්‍රාණ හා ස්පර්ශක ගෘහ නිර්මාණ ශිල්පය ගොඩනැගී ඇත. අපගේ සංස්කෘතියෙහි ගෘහ නිර්මාණ ශිල්පය දෘශ්‍ය අත්දැකීමක් ලෙස සැලකුව ද අනෙකුත් සංවේදනයන් ද අපට ස්වාභාවික හා නිර්මිත පරිසරය අත්විඳීමට ඉවහල් වේ. සංවේදනයන් කෙරෙහි දක්වන්නා වූ ආකල්පය සංස්කෘතීන් අනුව වෙනස් වේ. නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය සංවේදන අත්දැකීම, අදහස්, භාෂාවන් හා උපකල්පනය වැනි දෑ වලින් එකිනෙකට බොහෝ සෙයින් වෙනස් වේ.

මෙවැනි නිර්මාණයන් සංස්කෘතික හා දේශපාලන සංකේත හා කලාත්මක නිර්මාණ වශයෙන් වෙන්කොට දැක්විය හැක. ආදි කාලීන ශිෂ්ටාචාර ප්‍රධාන වශයෙන් හදුනා ගැනෙන්නේ ඔවුන්ගේ වාස්තු විද්‍යාත්මක නිර්මාණ තුළිනි. ඊජිප්තුවේ පිරමීඩ හා රෝමයේ කොලෝසියම් වැනි ගොඩනැගිලි වැදගත් සංස්කෘතික සංකේතයන් වේ. විද්වතුන් විසින් පැරණි ශිෂ්ටාචාර වල සංකේතයන් පිළිබදව නොයෙකුත් විධි වලින් අනාවරණය කරගෙන තිබුණ ද එවැනි සංකේතයන් තමන්ගේ සංස්කෘතිය පිළිඹිබු කරන සංකේත ලෙස ජනතාවට ඉතා සමීප වේ. වර්තමානයේ දී විවිධ නගර, ප්‍රදේශ හා සංස්කෘතීන් ගේ අනන්‍යතාවය සඳහා නොයෙකුත් වාස්තු විද්‍යාත්මක ස්මාරක භාවිතා කෙරේ.

නූතන ගෘහ නිර්මාණ සංකල්ප

[සංස්කරණය]

ලොව වටා සිටින ගෘහ නිර්මාණ ශිල්පීන් විසින්, අදාළ පරිසරයට සහ සහ සමාජීය සන්දර්භය ට ගැලපෙන පරිදි සිදුකරන ලබන විවිධ නූතන ගෘහ නිර්මාණ සංකල්ප, මේ වන විට ශ්‍රී ලංකාවේ ද ප්‍රචලිත වී ඇත. ඉන් සමහරක් පහත පරිදි වේ[1].

  • අවම වාදය
  • රළු බව
  • සමකාලීන
  • බොහිමියානු
  • මැදි-සියවස් නූතන
  • ටූඩර්
  • ගොතික්
  • මධ්‍යධරණී
  • නව සම්ප්‍රදායික
  • සංක්‍රාන්තික

අතීත ගෘහ නිර්මාණ සම්ප්‍රදායන් හා දැණුම

[සංස්කරණය]

ආසියාතික

[සංස්කරණය]

ඉස්ලාමීය

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]
Architecture
Design concepts in architecture and interior design සංරක්ෂණය කළ පිටපත 2020-07-07 at the Wayback Machine ක්‍රිස්තියානි ගෘහ නිර්මාන ශිල්පයේ විකාශනය
  1. ^ Architecture සහ interior designing හි නිර්මාණ සංකල්ප, https://heavenz.lk/si/articles-si/talks-si/design-concepts-in-architecture-and-interior-design-2/, ප්‍රතිෂ්ඨාපනය 2020-07-05 
"https://si.wikipedia.org/w/index.php?title=ගෘහ_නිර්මාණ_ශිල්පය&oldid=652423" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි