ක්‍රෙඩිට් කාඩ්පත

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය

පටුන

[සංස්කරණය] හැඳින්වීම:

Visa 4.jpg

විවෘත ආර්ථ්‍ර්‍ක ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් පසු විනිමය පාලන සීමාවන් ලිහිල් වීමත් සමඟ ශ්‍රී ලාංකීය බැංකු ක්ෂේත්‍රයට විදේශීය බැංකුද ප්‍රවිෂ්ඨ විය.ඵතෙක් දියුණු රටවලට පමණක් සීමාවූ නොයෙකුත් ආකාරයේ බැංකු සේවාවන් තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන ශ්‍රී ලාංකීය ගනුදෙනුකරුවනට හඳුන්වා දීමට උත්සුක විය.ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ දියුණුව හේතුවෙන් පරිගණක මුද්‍රණ ශිල්පය,විදුලි සංදේශ පණිවිඩ හුවමාරුව යන ක්ෂේත්‍රයන්හි ඵ්කාබද්ධ දියුණුව සමඟ නූතන තොරතුරු තාක්ෂණ විද්‍යාව මඟින් නොයෙකුත් ක්ෂණික බැංකු සේවා ලබා දුනි.ක්‍රෙඩිට් කාඩ්පත මෙහි එක් ප්‍රතිඵලයකි.

[සංස්කරණය] ක්‍රෙඩිට් කාඩ්පත යනු(ණය කාඩ්පත)

මෙම කාඩ්පත දිග මිලිමීටර 85 ක් හා පළල මිලිමීටර24 ක් වන ඝෘජුකෝණාස්‍රාකාර මිලිමීටර 1ක් ඝණකමින් යුත් පහසුවෙන් මුදල් ගෙනයා හැකි ප්ලාස්ටික් ඩ්පතකි.එහි ඉදිරි මුහුණතෙහි පහත තොරතුරු අඩංගු වේ.

කාඩ්පතක බාහිර පෙනුම

 

  • කාඩ්පත් හිමියාගේ නම
  • අංක 16 කින් යුත් කාඩ්පත් අංකය
  • තාඩ්පත අවලංගු වන දිනය
  • ආරක්ෂිත සළකුණු
  • කාඩ්පතේ නම සහ වෙළඳ ලකුණ
  • ආරක්ෂිත පියවරක් ලෙස නම,අංකය,අවලංගු වන දිනය කාඩ්පතේ උඩට මතුවන සේ මුද්‍රණය කර ඇත

[සංස්කරණය] ක්‍රෙඩිට් කාඩ්පතෙහි වෙළඳ නාමය/ලකුණ හිමි සමාගම

[[ගොනුව:ඡාත්‍යන්තර වශයෙන් ක්‍රෙඩිට් කාඩ් වෙළඳ නාමය හා ලකුණු හිමි විශාලතම ආයතන කිහිපයකි.වාණිජ බැංකු මෙම ආයතනවල අනුග්‍රහය ඇතිව ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරනු ලැබේ

  • වීසා
  • මාස්ටර් කාඩ්
  • ඇමරිකන් එක්ස්ප්‍රස්
    ගොනුව:Vis&mas.jpg
    වීසා සහ මාස්ටර් කාඩ්
  • ඩිනර් ක්ලබ්]]

[සංස්කරණය] ක්‍රෙඩිට් කාඩ්පත භාවිතයේදි සම්බන්ධ වන පාර්ශවයන්

‍ක්‍රෙඩිට් කාඩ්පත් සකස් කිරීම, නිකුත් කිරීම හා භාවිතය යන ක්‍රියාදාමයන්ට සම්බන්ධ වන පාර්ශ්ව කිහිපයකි.

  • කාඩ්පත් නිකුත් කරන ආයතන
  • කාඩ්පත් අයිතිකරු
  • භාණ්ඩ හා සේවා සපයන වෙළඳ ආයතන
  • ටේලර් යන්ත්‍ර හිමි බැංකුව
  • ක්‍රෙඩිට් කාඩ් වෙළඳ නාමය හිමි සමාගම

[සංස්කරණය] ක්‍රෙඩිට් කාඩ්පත් වර්ගීකරණය

කාඩ්පත ලබාගන්නාගේ ආදායම,රැකියාව,වයස,පවත්වාගෙන යන බැංකු ගිණුම් අනුව ලබාදිය යුතු කාඩ්පත් වර්ගය තීරණයකෙරේ.දේශීය හා විදේශීය වශයෙන්ද වර්ගීකරණය සිදුකෙරේ.කාඩ් නිකුත් කරන මධ්‍යස්ථානයෙන් මධ්‍යස්ථානයට වර්ගීකරණයවෙනස් වේ.බොහෝ විට පහත ආකාරයට වර්ගීකරණය කරනු ලැබේ.

  • සාමාන්‍ය ගනුදෙනුකරුවන් සඳහා පහළ ණය සීමාවකින් යුතුව දේශීය වශයෙන් භාවිතා කළ හැකි කාඩ්පත (ක්ලැසික්ස් කාඩ්පත)
  • මධ්‍යම පරිමාණ ගනුදෙනුකරුවන් සඳහා ඉහළ ණය සීමාවකින් යුතුව දේශීය හා විදේශීය වශයෙන් භාවිතා කළ හැකි ජාත්‍යන්තර

ක්‍රෙඩිට් කාඩ්පත (ක්ලැසික්ස් ඉන්ටර්නැෂනල් කාඩ්පත)

  • ඉහළ පරිමාණයේ ගනුදෙනුකරුවන් සඳහා දේශීය හා විදේශීය වශයෙන් භාවිතා කළහැකි ජාත්‍යන්තර ක්‍රෙඩිට් කාඩ්පත (ගෝල්ඩ්

කාඩ්පත)

  • නොයෙකුත් ආයතන සඳහා නිකුත් කරනු ලබන ආයතනික හෝ ව්‍යාපාරික කාඩ්පත (බිස්නස් කාඩ්පත)

[සංස්කරණය] ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය

ක්‍රෙඩිට් කාඩ්පත අරමුණු කිහිපයක් සඳහා භාවිතා කරනු ලැබේ.එය පහත දක්වා ඇත.

  • ගෙවීම් මාධ්‍යයක් ලෙස භාවිතා කිරීම. (මෙහිදී මුදල් ක්ෂණිකව නොගෙවා අවශ්‍ය භාණ්ඩ හා සේවා මිළදී ගැනේ)
  • ණයක් ලබාගැනීමේ අරමුණින් යුතුව (අනුමත කරන ලද ණය සීමාවන් තුළ භාණ්ඩ හා සේවාවන් ගැනෙන අතර ඉතා කෙටි කාල

සීමාවක් තුළදී පොළී අයකිරීමක් සිදු නොකෙරේ)

  • මුදලින් ණය මුදලක් ලබා ගැනීම. (අනුමත සීමාවක් තුළ මුදලින් ණය මුදලක් ලබාගත හැක.කාඩ්පත පිළිගන්නා බැංකු ශාඛාවක

කවුන්ටරයකින් හෝ ටේලර් යන්ත්‍රයකින් පෞද්ගලික රහස්‍ය අංකය යොදා මුදල් ලබාගත හැක)

[සංස්කරණය] ක්‍රෙඩි‍ට් කාඩ්පත් හිමියාට සැලසෙන වාසි

  • ලෝක‍ය පුරා විසිරී ඇති සුපිරි වෙළඳසැල් සමඟ ගනුදෙනු කිරිමේ හැකියාව.
  • ලබාගත් භාණ්ඩ හා සේවාවල වටිනාකම ගෙවීම් කළයුතු දිනට පෙර සම්පූර්ණ මුදල එකවර ගෙවා නිම කිරීමෙන් පොලි අය නොකෙරේ.අනිවාර්ය මුදල වන ලබාගත් ණය මුදලෙන් 5% ප්‍රමාණය ගෙවීමෙන් ඉතිරිය වාරික වශයෙන් අදාල පොලිය සමග ගෙවිය හැක.
  • අනිකුත් ප්‍රසාද දීමනා සඳහා හිමිකම් ලැබීම.
  • මුදල් කළමණාකරණය පහසු වේ.
  • චෙක්පත් වලට වඩා භාවිතය පහසු වේ.
  • ටේලර් යන්ත්‍රයක් භාවිතයෙන් මුදල් ලබාගත හැක.

[සංස්කරණය] පින්තූර

[සංස්කරණය] අඩවියෙන් බැහැර පිටු

[සංස්කරණය] පරිශීලනය කළ ග්‍රන්ථ

  • සටහන සඟරාව