ක්ෂුද්‍ර පාෂාණික ධාතු විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ප්ලැට්ස්මවුත් චර්ට්, රෙඩ් ඕක් වලින් සොයා ගත් Fusulinid(ට්‍රයිට්සින්)

Micropaleontology හෙවත් ක්ෂුද්‍ර පාෂාණික ධාතු විද්‍යාව සමහර අස්ථාවල Micropalaeonotology ලෙසද නම් කෙරේ. මෙය පාෂාණි ධාතු විද්‍යාවේම කොටසකි. මෙහිදි ක්ෂුද්‍ර පොයිල පිළිබඳ අධ්‍යයනයක් කළ අතර ක්ෂුද්‍ර පොසිල නමින් හැඳින්වෙන පොසිල මිලි මිටර 4 ට වඩා විශාල නොවන අතර සාමාන්‍යයෙන් මිලිමිටරයකටත් වඩා කුඩාය. මෙම ක්ෂුද්‍ර පාෂාණික ධාතු අධ්‍යයනයට ආලෝකය හා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් අවශ්‍ය වන අතර පියවි ඇසින් හෝ අඩු විශාලනයකින් යුත් අත් කාචවලින් නිරික්ෂණය කළ හැකි පොසිල මහාපොසිල (macrofossil) ලෙස හඳුන්වයි. නමුත් කිසියම් පොසිලයක් මහා පොසිලයක් යැයි ඊට නියත විශාලත්වයක් හෝ අගයක් හෝ සිමාවක් හෝ නොමැත.


උදාහරණය ලෙස බ්‍රයයොසෝවා (bryzoa) වන් (cheilostomataවන්) සාපේක්ෂව විශාල ඝනාවාස සාදයි. නමුත් එම ජීවින් වර්ගීකරණයේදී මේ ජිවීන්ගේ සුක්ෂම සැලකිල්ලේ දත්ත උපයෝගී කරගෙන ඇත. බොහෝ බ්‍රයොසෝවා විශේෂඥයින් තමන්ට සලකනු ලබන්නේ ක්ෂුද්‍ර පාෂාණ ධාතු විද්‍යාඥයින් ලෙසට නොව පාෂාණිය ධාතු විද්‍යාඥයින් ලෙසටයි. නමුත් බොහෝ ක්ෂුද්‍ර පාෂාණික ධාතු විද්‍යාඥයෝ bryozoa වන් පිළිබඳව හදාරති.

ක්ෂුද්‍ර පොසිල යනු ප්‍රාග් කේම්බ්‍රිය යුගයේ සිට ප්ලොයෝසීන යුගය දක්වා වූ භූ විද්‍යාත්මක දත්තවලට අනුව සොයා ගන්නා ලද පොසිලය. සාගර පරිසරවල සුලභ වුවත් කලපු ජලයේ, මිරිදිය හා ගොඩබිමද අවසාධිත නිධි ලෙස මේ පොසිල හමුවේ. සෑම ජීව රජධානියක් පිළිබඳව ක්ෂුද්‍ර පොසිල මගින් නිරූපණය වන අතර වඩාත් සුලභ වන්නේ ප්‍රෝටිස්ටා සැකිලි හෝ කෝෂ්ඨය. මේවා Chrysophyta, Pyrrhophyta, Sarcodina, acritarchs සහ chitonozoans යන ජිවී ආකාරයන්ට අයත් වන ඒවා වන අතර මීට අමතරව සනාල ශාකවල පරාග හා බිජානුද හමුවේ.


ක්ෂුද්‍ර පාෂාණික ධාතු විද්‍යාව

a) Cal careus - අපෘෂ්ටවංශීන් පිළිබඳ
b) Phosphatic - පෘෂ්ටවංශින් පිළිබඳ
c) Siliceous - ඩයටම හා Radiolaria
d) organic - පරාග හා බිජානු පිළිබඳ යන ඒවා වේ.

මෙම කොටස් නීර්ණය කර ගැනෙන්නේ ෆොසිලයේ රසායනික සංයුතිය මතයි. මෙහිදි වෙනත් තක්සෝන හෝ පරිසර විද්‍යාත්මක නීති වලින් බලපෑම නොවේ. මෙම ක්ෂේත්‍රයේ බොහෝ විශේෂඥයින් ක්ෂුද්‍ර පාෂාණික ධාතු විද්‍යාඥයින් ලෙස හැඳින්වන අතර ඔවුන් තක්සෝන එකක් හෝ කිහිපයක් පිළිබඳව විශේෂ දැනුමක් ඇත්තවුන්ය.