එක්සත් ජනපද වල යටත් විජිත ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

එක්සත් ජනපද වල යටත් විජිත ඉතිහාසය


“එක්සත් ජනපදයේ යටත් විජිත ඉතිහාසය” යන පාඨයෙන් අදහස් වන්නේ එහි භූමියේ ඉතිහාසයයි. යුරෝපීයයන් විසින් ජනාවාස කිරීමෙන් ඇරඹි යුරෝපීයයන්ගෙන් නිදහස ලබා ගත් කාලය දක්වා ඉතිහාසයයි. විශේෂයෙන් බ්රිතාන්ය ජනපද දහතුනේ ඉතිහාසයයි. 1776 දී එම ජනපද දහතුන සඳහා ඔවුන් විසින්ම ස්වාධීනත්වය ප්රකාශ කරන ලදි. 16 සියවසේදි ආරම්භ කරන ලදුව ස්පාඤ්ඤ, බ්රිතාන්ය, ප්රංශ, ස්වීඩන් සහ ඕලන්ද ජාතිකයින් විසින් නැගෙනහිර උතුරු ඇමෙරිකාව ජනාවාස කරන ලදි. පළමුවෙන්ම කරන ලද උත්සාහයන් බොහොමයක් අසාර්ථක විය. විශේෂයෙන්ම “රොආනොක්” (Roanoke) එසේ අසාර්ථක වූ නමුදු ඉතා ඉක්මණින් සාර්ථකව ජනාවාස පිහිටුවන ලදි. නව ලෝකය නමින් හැඳින්වූ එම ප්රදේශයට පැමිනි නව පදිංචි කරුවන් සියලු දෙනා එක සමාන නොවූහ. ඔවුන් විවිධ ආගම් වලට සමාජ කණ්ඩායම් වලට අයත් වූ අතර වෙනස් වෙනස් ප්රදේශ වල මුහුදු ආශ්රිතව පදිංචි වූහ. නව නෙදර්ලන්තයේ ලන්දේසින්, ස්වීඩන් ජාතිකයින්, නව ස්වීඩනයේ ෆින්ලන්ත ජාතිකයින් පෙන්සිල්වේනියාවේ ක්වේකර්ස් නමින් හැඳින්වෙන ක්රිස්තියානි නිකායෙහි සභිකයින්, නව එංගලන්තයේ ප්යුරිටන්වරු, ජේම්ස් ටවුන්හි ඉංග්රිසි පදිංචි කරුවන් සහ ජෝර්ජියාවේ “වර්ති පුවර්” (worthy poor) නම් පිරිස සහ තවත් බොහෝ පිරිස් ද එසේ පැමිණ පදිංචි වූහ. මෙම පිරිස් වලට විවිධ අභිමතාර්ථයන් තිබුණු අතර ඔවුන් නව මහාද්වීපයට පැමිණ සමාජීය වශයෙන් ද ආගමික, දේශපාලනික හා ආර්ථික වශයෙන් වෙන වෙනම අනන්යතාවයන් සහිතව ජනපද ගොඩ නැගූහ.

පසු කාලයක නැගෙනහිර එක්සත් ජනපද වශයෙන් හැඳින්වුනු විශේෂිත කලාප හතරක් ඉතිහාසඥයින් හඳුනා ගනිති. ඒවා උතුරේ සිට දකුණට නිව් එංග්ලන්ඩ්, මිඩ්ල් කොලනි, චෙසපික් බේ කොලනි (ඉහළ දකුණේ) සහ ලවර් සවුත් (Lower south) නම් වේ. සමහර ඉතිහාසඥයින් පස් වැනි කලාපයක්ද එක් කරති. ද ෆ්රන්ටියර් - නව එංගලන්තයේ සිට ජෝර්ජියා දක්වා සීමා කලාප වශයෙන් සමහර කරුණු වලින් එකිනෙකාට සමාන විය. පූර්ව එක්සත් ජනපද භූමියෙහි අනිත් ජනපද වලට නිව් ෆ්රාන්ස්, (ලුසියානා) නිව් ස්පෙන් (ෆ්ලොරිඩා, කැලිෆොර්නියා, ඇරිසෝනා, නිව් මෙක්සිකෝ, ටෙක්සාස්, නෙවාඩා, උටා සහ කොලරාඩෝවේ සහ වියෝමින්ග් හි කොටස් කොලොම්බීයා දිස්ත්රික්කය (වොෂින්ටන් රාජ්යය, ඔරිගන් සහ උතුරු කැලිෆොර්නියා ) සහ රුසියානු ඇලස්කාව ඇතුලත් වෙයි.

ජනපදකරණය කිරීමේ පරමාර්ථයන්.

විදේශ වල ජනාවාස ඇති කිරීමේ ප්රධාන කලාප කිහිපයක් යුරෝපයේ තිබුනේය. ඒවා නම් මුහුදු ගමන් වලට උචිත නාවික යාත්රා නිපදවීමේ හැකියාව, නාවික ගමන් පිළිබඳ දැනුමෙන් යුතුවීම, වැඩි වන ජනගහනය හේතුවෙන් විදේශ රටක ස්ථාපිත වීමට කැමැත්ත සහ හැකියාව තිබීම යනාදි ගුණාංග වලින් යුත් කලාපයන්ය. ශත වර්ෂ ගණනාවක් තිස්සේ රටවල් යටත් කරගෙන ඒවා පාලනය කිරීමට පෘතුගීසින්ට හා ස්පාඤ්ඤ ජාතිකයින්ට තිබුණු පලපුරුද්ද මුහුදු ගමනාගමනය සඳහා (ප්රධාන වශයෙන් ඉතාලියේදි වර්ධනය වුනු) දක්ෂතාවය යනාදි කරුණු විසින් නව ලෝකය සොයා ගොස් නව ජනපද ඇති කිරීමට අවශ්ය මූලික වුවමනාවන් සපයන ලද්දේය. ඉංග්රිසින්, ප්රංශ ජාතිකයින් සහ ලන්දේසින් ඇමෙරිකාවේ ජනපද ඇතිකිරීමේ කාර්යයේදි තරමක් ප්රමාද වූහ. ඔවුනට නාවික යාත්රා සෑදීමේ නිපුනත්වයක් තිබුනු නමුත් පිට දේශ වල ජනාවාස පිහිටුවීම පිළිබඳ ස්පාඤ්ඤවරුන්ට මෙන්ම දිගු කාලීන ඉතිහාසයක් නොතිබුනි.

නව රාජ්යයක් තම රාජ්යයන් ඉදිරියට ගෙන යාමේදි දේශ ගවේශණ කටයුතු ක්රමානුකූලව ඇරඹිමට අවශ්ය ධනය සහ බලය මධ්යගත කිරීමේ ක්රමයක් ආරම්භ කළහ. මධ්යම ආණ්ඩුවලින් සියලුම ගවේෂණ කටයුතු නොකෙරුනි. ගවේෂණ කටයුතු වලදි බලයලත් සමාගම් සහ ඒකාබද්ධ කොටස් සමාගම් විශාල වැඩ කොටසක් කළහ. ස්පාඤ්ඤය ලබා තිබූ අත්දැකීම් නිසා ඇමෙරිකාව තුල ජනපද ඇති කිරීමේ උත්සාහයේදී මධ්යගත රාජ්ය පාලනයකක් හමුදා ජයග්රහණ මිෂනාරි ආගමික කටයුතු වල ගුණාංග ද එකතු එයට එක් කළේය. මෙයට ප්රතිවිරුද්ධ වයඹ දිග යුරෝපය ඇමෙරිකාව ජනාවාස කිරීමේදි වෙළඳාම මුල් කර ගත් ආයෝජන ක්රමයක ගුණාංග පෙන්වීය. රජයේ මැදිහත් වීම් අවම විය.

එක්සත් කමෙන් විප්ලවයට[සංස්කරණය]

රාජකීය නිවේදනය

1763 දී පනවන ලද රාජකීය නිවේදනයකින්ඇපලේචියන් කඳුකරයේ බටහිර ජනාවාස පිහිටුවිම තාවකාලිකව තහනම් කරන ලදී. මෙම රාජකීය නිවේදනයෙන් පැරිස් ගිවිසුමෙන් පසු පැන නැගුණු අසාධාරණය පිළිබඳ මතය දැඩි විය. ජනපදිකයෝ එම වැඩ පිළිවෙල නොරිස්සූ අතර එය කිසිදා බලගැන්වුණේ නැත.

පාර්ලිමේන්තු පනත්

යුරෝපය ‍ෙකරෙහි වැඩි අවධානයක් යොමු කිරීම‍ට පාර්ලිමේන්තුවට සිදු වීම හේතුවෙන් තමන්ගේ පාලන කටයුතු ජනපදවලටම කරන්නට ඉඩ හරින ලදී. එය වැඩිකල් ඒ අයුරින් නොකෙරුනි. මෙම ප්‍රතිපත්ති වෙනස් කිරීමේ ප්‍රථිපලයක් ලෙසින් ක්‍රියාත්මක වූ වැඩ පිළිවෙල කීපයක් නව එංගලන්ත ජනපදවලට කෙළින්ම බල පෑ අතර ඒවා නොකඩවා ක්‍රියාත්මක වීමෙහි ප්‍රථිඵලය වූයේ ඊළඟ අවුරුදු දහතුන පුරා ජනපද දහතුන තුළ විරුද්ධ පක්ෂය නැගී සිටීමයි.

· මුදල් පනත (ව්‍යවහාරික මුදල් පනත) (Currency act 1764) · සිනී පනත (1764) · මුද්දර පනත (1765) · පළමු (Quartering) පනත (1765) · ප්‍රකාශිත පනත (1766) · ටවුන්ෂෙන්ඩ් ආදයම් පනත (1767) · තේ පනත (1773) · ඉන්ටොලරබල් පනත (Punitive Acts යනුවෙන්ද හැඳින්වේ.) · දෙවැනි Quartering පනත (1774) · ක්විබෙක් පනත (1774) · මැසචුසෙට් ආණ්ඩු පනත (1774) · යුක්තිය පසිඳලීමේ පනත (1774) · බොස්ටන් වරාය පනත (1774) · තහනම් පනත (1776)

ස්පාඤ්ඤ ජනපද[සංස්කරණය]

ෆ්ලොරිඩාව[සංස්කරණය]

ස්පාඤ්ඤ ෆ්ලොරිඩාවෙහි කුඩා ජනාවාස කීපයක් පිහි‍ෙටවු නමුත් ඒවායින් බොහොමයක් ඉතා ඉක්මණින්ම අතහැර දමනු ලැබිනි. මෙයින් ඉතා වැදගත්ම ජනපදය වූයේ 1565 දී පිහිටවනු ලැබූ “සෙන්ට් ඔගස්ටින් ෆ්ලොරිඩා” වයි. එය නොකඩවා කෙරුනු පහර දිම් වලට සහ ගිණී තැබීම් වලට නිරන්තරයෙන්ම ගොදුරු වු අතර පදිංචිකරුවන් බොහෝ දෙනෙක් මැරුම් කෑහ. මිෂනාරිහු 1655 වන විට 26000 ක ස්වදේශික පිරිසක් තම ආගමට හරවා ගත්හ. එහෙත් 1656 දී ඇතිවූ කැරැල්ල සහ 1659 දී ඇති වූ වසංගත රෝගයක් නිසාත් ජනපද විනාශ විය. කුඩා මුරපොල වලට පමණක් නොව සෙන්ට් ඔගස්ටින් වෙත පවා කොල්ලකරුවෝ නිර්දය ලෙස පහර දුන්හ. බ්‍රිතාන්‍යයෝ සහ ඔවුන්ගේ ජනපද නොකඩව‍ා ස්පාඤ්ඤය සමගද එහි ජනපද හා මුරපොළ වල් සමග ද නොකඩවා සටන් කළහ. 1702 දී සහ 1704 දී දකුණු කැරොලිනාව මහා පරිමාණ ආක්‍රමණයක් දියත් කළ අතර එය ස්පාඤ්ඤ මිෂනාරි ක්‍රියාකාරකම් සාර්ථක ලෙස විනාශ කළේය. සෙන්ට් ඔගස්ටින් විනාශ නොවි ඉතිරි වූ නමුදු, ඉංග්‍රිසින් හා එක් වූ ‘යමසි’ (Yamasi) වැනි ඉන්දියන් වරු ෆ්ලොරිඩාව පුරා වහලුන් සොයා ආක්‍රමණයක් මෙහෙයවූයේ ප්‍රදේශයේ ස්වදේශික ජනතාවගෙන් බොහො දෙනෙකු ඝාතණය කරමින් හෝ වහලුන් ලෙස අල්ලා ගනිමිනි. 1740 දි සෙන්ට් ඔගස්ටින් අල්ලා ගන්නා ලදි. ඔවුන්ගේ ප්‍රධාන ආහාර මූලාශ්‍රය වූයේ ගංඟා වලින් අල්ලා ගත් මාලු සහ දඩයම් කර ගත් සතුන්ය.

බ්‍රිතාන්‍යයින් සහ ස්පාඤ්ඤවරු දශක කිහිපයක් තිස්සේ එකිනෙකාට පසමිතුරුව සිටියහ. ස්පාඤ්ඤ ෆ්ලොරිඩාවේ පැවති සටන් ලෝක ව්‍යාප්ත අරගලයක කොටසක් විය. 1700 මැද භාගයේදි ආක්‍රමණික සෙමිනොල්ස් (Seminoles) වරු ඉතිරිව සිටි ස්වදේශික ඉන්දියන්වරු ඝාතණය කළහ. බ්‍රිතාන්‍යයින් 1763 දී ෆ්ලොරිඩාවේ බලය අල්ලා ගන්නා විට එහි ස්පාඤ්ඤවරු 3000 ක් පමණ සිටියහ. ඉතා ඉක්මණින් ඔව්හු සියලු දෙනාම පාහේ ඉවත් වූහ. 1783 දී ස්පාඤ්ඤයට නැවත බලය අල්ලා ගැනීමට හැකිවූ නමුදු ස්පාඤ්ඤ ෆ්ලොරිඩ‍ාවට නැවතත් පදිංචිය පිණිස මිනිසුන් හෝ මිෂනාරි යැවීමක් නොකළේය. 1819 දී එක්සත් ජනපදය එහි පාලන බලය තම අතට ගත්තේය.

කැලිෆෝර්නියා (1765 – 1821)[සංස්කරණය]

ස්පාඤ්ඤ ගවේශකයින් 1500 වර්ෂවල සිට1700 වර්ෂයේ මැද භාගය දක්වා කැලිෆෝර්නියා වෙරළ දිගේ යාත්‍රා කළ නමුත් ජනාවාස පිහිටුවීමක් සිදු නොවීය.

18 වෙනි ශත වර්ෂයේ අන්තිම කාර්තුවේදී පමණ කැලිෆෝර්නියාවේ පළමු යුරෝපීය ජනපද බිහිවීම ආරම්භ වුනේය. රුසියාවෙන් සහ (සමහර විට) බ්‍රිතාන්‍යයෙන් ශාන්තිකර වෙරලේ ලොම් සඳහා ඇති කරන සතුන් සම්බන්ධයෙන් දක්වන ලද උනන්දුවට ප්‍රතිචාරයක් දැක්වීමක් වශයෙන් ස්පාඤ්ඤය තම හමුදාවන්ද ගව පට්ටිකරුවන්ද එක් කර ගනිමින් දකුණු සහ මධ්‍යම කැලිෆෝර්නියා වෙරල දිගේ කතෝලික ධර්මදූත ව්‍යාපාරයන් කිහිපයක් දියත් කළේය. ෆ්රැන්සිස්කන් පූජකයෙකු වූ ජුනිපේරො සෙරා 1769 දී සැන් ඩියෙගෝ ඩි අල්කාලා සමග ධර්ම ප්‍රචාරක කටයුතු දාමය ආරම්භ කළේය. මෙම ධර්ම ප්‍රචාරක මෙහෙයුමට ප්‍රත්‍යන්ත දේශවල පිහිට වූ මධ්‍යස්ථාන කීපයක්ද ඇතුලත් විය. ඒවායේ අරමුණ වූයේ ඒ ප්‍රදේශයේ සිටි මුල් ජන්ම පිරිස ක්‍රිස්තියානියට හරවා ගැනීමයි. මෙම තත්වය ස්පාඤ්ඤ වරුනට අමතර වාසියක් වූයේ එම ප්‍රදේශය සම්බන්ධයෙන් ඔවුනට තිබූ පැරණි හිමිකමයි. මෙම චාරිකාවන් මගින් යුරෝපීය තාක්ෂණය, සත්ව පාලනය, කෘෂිකර්මය, එම ප්‍රදේශවලට හඳුන්වා දුන් අතර, ප්‍රදේශවාසීන් ඔවුනගේ සුලු වැඩ කටයුතු සඳහා යොදවා ගන්නා ලදි. ඉතා චාම් සහ සාමකාමී අතීතයක සිත් ගන්නා බොහෝ සළකුණු මාවත් සහ මීසම් ගොඩනැගිලි සඳහා තිබුනේය. “මීසම් පුනරුත්ථාපන ක්‍රමය” ගෘහ නිර්මාණ ශිල්පීය ව්‍යාපාරයකි.

19 වෙනි ශත වර්ෂයේ මුල් කාර්තුවේදී මිෂනාරිවරුන්, සතුන් ඇතිකරන්නන් සහ හමුදා භටයින්ගෙන් දකුණු හා මධ්‍යම කැලිෆෝර්නියා වෙරල තීරය සෙමෙන් සෙමෙන් එහෙත් නොකඩවා ජනාවාස විය.1820 වන විට ධර්ම දූත චාරිකා දාමයක් මගින් ස්පාඤ්ඤ බලය සටහන් විය. මේවා සැන්දියාගෝ වලින් ආරම්භ වී අද කාලයේ සැන්ෆ්‍රැන්සිස්කෝ ‍ෙබාක්ක නමින් හැඳින්වෙන ප්‍රදේශය දක්වා ව්‍යාප්ත වෙමින් මීසම් වල සිට සැතපුම් 20 සිට 50 දක්වා රට අභ්‍යන්තරයට පැතිරුනේය. මෙම කලාපයට පිටතින් 200000 සිට 250000 පමණ ස්වදේශික අමෙරිකානුවන් ඔවුන්ගේ සාම්ප්‍රදායික ජීවිතය ගත කරමින් සිටියහ. 1819 දී අත්සන් කරන ලද ඇඩම් - ඔනිස් ගිවිසුම මගින් ස්පාඤ්ඤ අයිතිවාසිකම් වල උතුරු සීමාව 42 වැනි සමාන්තර රේඛාවට ගැලපෙන ලෙස ලකුණු කරන ලදි. එය අද කාලයේ කැලිෆෝනියා ජනපදයේ උතුරු මායිම ලෙස ස්ථිරව දැක්වේ. ස්පාඤ්ඤවරු (පසුව මෙක්සිකානුවෝ) විශාල ඉඩම් කොටස් පවරමින් කැලිෆෝර්නියාව ජනාවාස කිරීමට දිරි දුන්නෝය. මේවා පසු කලෙක ගව සහ බැටලුවන් ඇති කරන ගෙවිපලවල් විය. 1840 වන විට ස්පාඤ්ඤ ජනගහණය 10,000 ක් පමණ විය.

දකුණු ජනපද[සංස්කරණය]

දකුණු ජනපද වල ප්‍රධාන වශයෙන්ම ඉහළින් සිටියේ දකුණු කැරොලිනා, වර්ජිනියා සහ මෙරිලන්ඩ් ජනපද වල වහලුන් හිමි ධනවත් වැවිලිකරුවන්ය. මෙම වැවිලිකරුවන්ට අති විශාල වතු යායවල් තිබුණු අතර ඒවායේ වැඩ කරන ලද්දේ අප්‍රිකානු වහලුන්ය. 1750 දී දකුණේ ජණගහනය වූ (650,000) හය ලක්ෂ පනස් දාහෙන් 250000 ක් නැතහොත් සියයට 40 ක් වහල්ලු වූහ. වැවිලිකරුවෝ සාමාන්‍ය සුළු ඉඩම් හිමි ගොවීන් සහ කුලීකරුවන් අතර ඉහලින් වැජඹීම සඳහා ඔවුන්ගේ ධනය පාවිච්චි කළහ. ඡන්ද කාලවලදී ඔවුහු ගොවීන්ට රම් තෑගි කළ අතර ජනපද නීති වල පාලනය සඳහා බදු පහත හෙළන බවට පොරොන්දු වූහ.

වැවිලි[සංස්කරණය]

1720 දශකයේ බොහෝ දුෂ්කරතා විඳිමින් ඇතැම් විට අහාර හිඟයෙන් පෙළෙමින් ආරම්භ කරන ලද වතු වගාවේ දෙවැනි පරම්පරාව ජෝර්ජියන් පන්නයට විශාල මන්දිර තැනීම ආරම්භ කළහ. අසුන් පිට නැගී මුවන් දඩයමේ ගියහ. දකුණු ජනපදවල ධනවත් ස්ත්‍රීහු බ්‍රිතාන්‍ය සංස්කෘතිය හා මුසු වූහ. ඔවුන් බ්‍රිතාන්‍ය සඟරා කියවූහ. බ්‍රිතාන්‍ය මෝස්තරයේ ඇඳුම් ඇන්දාහ. අලංකාර සැන්දෑ තේ පැන් සාදයන් පැවැත් වූහ.

විවාහ වීමෙන් පසු ගැහැණුන් කළ යුතු ප්‍රධාන කරුණ වූයේ දරුවන් බිහි කිරීම සහ පවුල් වෙනුවෙන් කැපවීමයි. කාර්ය බහුල නැව් තොටු නගරයක් වූ චාර්ල්ස්ටන් හි "ටවුන් හවුස් " නම් නිවාස වල ජීවත් වූ ධනවත් වී වගාකරුවන් ගෙන් යුක්ත දකුණු කැරොලිනාව මෙම කාර්යයන්හිදී ඉතා සාර්ථක විය. වර්ජිනියාවේ ජේම්ස් නදිය ඉවුර දිගේ දුම් කොළ වගා බිම්වල සහ මේරිලන්ඩ් හි ඇනාපොලිස් වැනි නගරවල ක්‍රියාකාරී සමාජ උත්සව පැවැත්වීම ද නොකඩවා සිදු විය.

වහල්ලු[සංස්කරණය]

දකුණේ ඉන්ඩිගෝ, දුම් කොළ ආදී කර්මාන්තයන්හි සහ කුඹුරුවල වැඩ කළ අප්‍රිකානු වහල්ලු ගෙන එන ලද්දේ බටහිර සහ මධ්‍යම අප්‍රිකාවෙනි. මොවුන් අන්තිම දිළින්දන් වූ අතර යාන්තමට දිවි ගැට ගසා ගැනීමට තරම් ආදායමක් ලද්දෝ වූහ. මෙම අඩු ආදායම් තත්වය එක්සත් ජනපදයේ දකුණු පෙදෙස්වල තවමත් පවතී. යටත් විජිත යුගය තුළ පරම්පරාවෙන් පරම්පරාවට පැවත ආ වහල් සේවය අතිශයින් අමානුෂික හා දුෂ්ඨ විය. ඔවුන්ට නීතිමය අයිතියක් නොතිබුණි. 1700 දී 9600 ක් පමණ වහල්ලු චෙසපීක් කලාපයේද සිය ගණනක් කැරොලිනාවේද සිටියහ. ඊළඟ දශක පහ තුළ තවත් අප්‍රිකානුවන් 170,000 ක් පමණ පැමිණියහ. 1750 වන විට බ්‍රිතාන්‍ය ඇමෙරිකාවේ සහ කැරොලිනාවේ 250,000 කට වඩා වහල්ලු සිටියහ. ඔවුන් මුලු ජන ගහණයෙන් සියයට 60 ක් පමණ විය. පූර්ව කොළණි යුගයේ ප්‍රථම ජන සංඝණනයේදී 697,681 ක් වහලුන් හා 59,527 ක් නිදහස් කලු ජාතිකයින් සිටි බව වාර්තාවේ. මොවුන් එකතුව ගත් කළ මුළු රටේ ජණගහනයෙන් 20% ක් පමණ විය. දකුණු කැරොලිනාවේ බොහෝ වහල්ලු අප්‍රිකාවේ උපන් අය වූහ. වර්ජිනියාවේ සහ මෙරිලන්ඩ් හි භාගයක් එම ජනපදවල උපත ලබා ඇත.


මුල් කාලීන ජනපදවල දුර්වලතා[සංස්කරණය]

දැන් එක්සත් ජනපදය නම් ප්‍රදේශයේ ස්පාඤ්ඤය විසින් ජනපද කිහිපයක් ආරම්භ කරන ලදී. මෙම මුල් උත්සාහයන් කීපයක් අසාර්ථක විය. 1526 දී ලූකස් වස්කේ ඩි අයිලෝන් (Lucas vazquez de Ayllon) විසින් වර්තමානයේ ජොර්ජියා නැතහොත් දකුණු කැරොලිනා නම් ප්‍රදේශයෙහි මිගුවෙල් ඩි ගුවාඩලුප් නම් ජනපදය ආරම්භ කරන ලදී. එය පැවතුණේ සුලු කාලයක් පමණි. සමහර විට මෙම සිද්ධිය වැදගත් ලෙස පෙනී යන්නේ එක්සත් ජනපදයේ වර්තමාන සීමාවන් තුළ අප්‍රිකානු වහලුන් ප්‍රථම වතාවට සේවයේ යෙදවු අවස්ථාව ලෙසයි. පැන්ෆිලෝ ඩි නර්වාඑස් 1528 දී ෆ්ලොරිඩාවෙහි ජනපදයක් ආරම්භ කිරීමට උත්සාහ කළේය. නර්වාඑස් ගවේෂණ චාරිකාව ව්‍යසනයකින් කෙළවර වූ අතර හතර දෙනෙකු පමණක් 1536 දී මෙක්සිකෝවට ගියහ. බටහිර ෆ්ලොරිඩාවෙහි පෙන්සකෝලා නම් ස්පාඤ්ඤ කොළණිය 1561 දී සුළි සුළඟකින් විනාශ විය. 1570 දී ආරම්භ කරන ලද ඇජසන් (Ajacan) මීසම ඊළඟ වසරේ අසාර්ථක විය.

ප්‍රංශය විසින් ජනපද කීපයක් ඇති කරන ලද නමුත් කාළගුණික හේතු, ලෙඩ රෝග හෝ අනිකුත් යුරෝපීය බලවතුන් සමග සිදු වූ සටන් නිසා ඒවා අසාර්ථක විය. ප්‍රංශ භට කණ්ඩායම් වලින් සැදුණු කුඩා කණ්ඩායම් 1562 දී චාර්ලිස් ෆොර්ට් ගොඩනැංවීම පිණිස දකුණු කැරොලිනාවෙහි පැරිස් දූපතේ රඳවනු ලැබූහ. ප්‍රංශයෙන් නැවතත් අවශ්‍ය පහසුකම් නොලැබුණි. අවුරුද්දකට පසු එය අතහැර දමන ලදී. වර්තමාන ෆ්ලොරිඩාවේ ජැක්සන් විල් නමින් වර්තමානයේ හැඳින්වෙන ප්‍රදේශයේ 1564 දී කැරොලින් කොටුව ස්ථාපිත කළ නමුත් එය පැවතියේ අවුරුද්දක් පමණි. ශාන්ත ඔගස්ටින් වෙතින් පැමිණි ස්පාඤ්ඤවරුන් එය විනාශ කරන ලදී. 1604 දී මේන් හි ශාන්ත ක්‍රොයික්ස් දූපත කෙටි කලක් පැවතුනු ප්‍රංශ කොලණියක් විය. එය නිතර නිතර ලෙඩ රෝග වසංගතවලට ගොදුරු විය. සමහර විට එය ශීතාද රෝගය විය හැක. 1685 දී ශාන්ත ලුවි බලකොටුව ටෙක්සාස්හි ආරම්භ කළ නමුත් 1688 වන විට එයද නැතිවී ගියේය.

ඉංග්‍රිසින් වඩාත් අසමත් වූ අවස්ථා ලෙස සටහන් වන්නේ "Lost colony of roanoke" (1587 - 90) නම් වූ මේන් හි කැරොලිනා සහ පොප්හැම් ජනපදවල සිද්ධියයි. ඇමෙරිකාවේ බිහිවුණු පළමු ඉංග්‍රිසි දරුවා වූ වර්ජිනියා ඩෙයා බිහිවී ඇත්තේ ඉහත කී රොනොක් ජනපදයෙහිය - ඇගේ ඉරණම ද අප්‍රකටය


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Colonial_America