අමෙරිකා එක්සත් ජනපදයේ ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(එක්සත් ජනපදයේ ඉතිහාසය වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න

අමෙරිකා එක්සත් ජනපදය උතුරු අමෙරිකා මහාද්වීපයේ මධ්‍යයට වන්නට උතුරු දෙසින් කැනඩාවට හා දකුණින් එක්සත් මෙක්සිකානු රාජ්‍යයට ද මායිම්ව පිහිටා ඇත. එය නැගෙනහිරින් අත්ලාන්තික් සාගරයෙන්ද බටහිර දෙසට පැසිපික් නොහොත් ශාන්තිකර සාගරයෙන්ද මායිම් වී ඇත. ඒ හැරුණු විට පැසිෆික් සාගරයේ පිහිටි හවායි ඇතුලු දූපත් රාශියක් ද මහාද්වීපයේ වයඹ දිග පෙදෙස් යුකොන් වලට ඉහලින් ඇලස්කාවද ඇතුලු තවත් බොහෝ ප්‍රදේශ ඊට ඇතුළත් වන්නේය.

එක්සත් ජනපදය නමින් දැන් ව්‍යවහාර කරන මේ රාජ්‍යයෙහි පළමු පදිංචි කරුවෝ අවුරුදු 15000 කට පෙර සිට අවුරුදු දහස් ගණනක් තිස්සේ බීරිං ගොඩබිම් තීරුව හරහා ඇලස්කාවට පැමිණ ඇත්තාහ. එක්සත් ජනපදයේ මේ වර්ගයේ ජනාවාස ඇතිවීමේ ඉතිහාසය අවුරුදු 14000 කටත් වඩා පැරණි බවට ප්‍රබල සාක්ෂි තිබේ.

ස්පාඤ්ඤය වෙනුවෙන් 1492 දී නාවික ගමනා ගමන කටයුතු කළ නාවිකයෙකු වූ ක්‍රිස්ටෝපර් කොළම්බස්ගේ ප්‍රථම මුහුදු ගමණින් පසුව. මෙම ප්‍රදේශ වල ජනපද බිහි කළ යුරෝපීයන් හා සැසඳීමේදි පෙර කී ආදී කාලීන මුල් ජනාවාස ගැන තොරතුරු ලැබෙන්නේ ඉතා අල්ප වශයෙනි. එක්සත් ජනපද භූමියට නැගෙනහිර පෙදෙසින් පැමිණි මුල් තැනැත්තන් ලෙස දැනට ලිඛිත සාක්ෂි වලින් පෙන්නුම් කරන්නේ කොළම්බස් හා ඔහුගේ පිරිසයි. ඒ 1493 දී සිදු වූ ඔවුන්ගේ දෙවැනි මුහුදු ගමනේදි පුවර්ටොරිකෝ වෙත ගොඩබැසීමත් සමගිනි. ඇතැම් සාක්ෂි වලින් එක්සත් ජනපද හැටියට මුලින් පැමිනි තැනැත්තා ලෙස 1497 දී නව එංගලන්තයට (New England) පැමිනි ජෝන් කැබොට් (John Cabot) ගේ නම සඳහන් වන නමුදු 1513 දී ෆ්ලොරිඩාවට පැමිනි ජුවාන් පොන්සෙ ඩි ලියොන් (Juan Ponce de Leon) නැමැත්තා වර්තමාන එක්සත් ජනපදය යයි හැඳින්වෙන භූමියට පැමිණි පළමු යුරෝපීය ජාතිකයා ලෙස ප්‍රසිද්ධියට පත් වී තිබේ.

නිදහස් ප්‍රකාශය (Declaration of independence) නිකුත් කරමින් එක්සත් ජනපදය 1770 වර්ෂ වලදි අමරිකානු විප්ලවීය යුද්ධයෙන් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් පන්නා දැමූහ. 1783 පැරිස් ප්‍රඥප්තිය මගින් එය නිදහස් රාජ්‍යයක් ලෙස පිළින්නා ලදි. ආරම්භයේදි එක්සත් ජනපදය, ජනපද 13 කින් සමන්විත වූ අතර බ්‍රිතාන්‍ය ජනපද යටතේ තිබුණු භූමි ප්‍රදේශ ඒ අයුරින්ම ඒවාට අයිති වුනේය. 19 වන ශත වර්ෂයේදි එක්සත් ජනපදය නැගෙනහිර සිට බටහිර නැතහොත් අත්ලාන්තික් සාගරයේ සිට පැසිෆික් සාගරය දක්වා භූමීය අත්පත් කර ගන්නේය යන "මැනිෆෙස්ට් නියමයේ" විශ්වාසය මත එක්සත් ජනපද භූමියේ බටහිර ව්‍යාප්තිය පටන් ගැනුනේය. 1912 වන විට ඇරිසෝනා ප්‍රාන්තය එකතු වීමත් සමග එහි ඉලක්කය මුදුන්පත් විය. පිටත පිහිටි ඇලස්කාව සහ හවායි දිවයින් එකතු කරන ලද්දේ 1959 දීය.

මෙම කාලය තුලදි එක්සත් ජනපද ව්‍යවස්ථාවේ දහතුන් වෙනි සංශෝධන මගින් 1865 දී වහල් සේවය අවලංගු කිරීම සහ 1864 (1964) සිවිල් අයිතිවාසිකම් පනත් මගින් ප්‍රසිද්ධ ස්ථාන වල වර්ණය අනුව වෙනස් කම් දැක්වීම නතර කිරීම වැනි සමාජ ප්‍රගමන ක්‍රියාකාරිත්වයන් සිදු විය.

එක්සත් ජනපදය සඳහා ආර්ථික වර්ධන කාලයක් ප්‍රගතිශිලි යුගයේදී ආරම්භ විය. කෙසේ වුවද කලු අඟහරුවාදා (1929 ඔක්තෝබර් 29) මහා අවපාතයකට මග පෑදුවේය. එහි ප්‍රථිපලය වූයේ ආර්ථිකය පසු බැසීම සහ විරැකියාව ඉහල යෑමයි. අනතුරුව එක්සත් ජනපද රජය අවපාතය නිසා පීඩාවට පත් ජන කොටස් ඉලක්ක කර ගනිමින් ප්‍රතිසංස්කරණ වැඩ සටහන් කීපයක් නිව් ඩීල් (New Deal) නමින් පිහිටු විය. සීතල යුද්ධය ආරම්භ වන විට එක්සත් ජනපද ආර්ථිකය වර්ධනය කෙතරම් වීද යත් එය ලෝකයේ සුපිරි බල‍වතෙකු බවට පත් විය. රොනල්ඩ් රේගන් ගේ පාලනය යටතේ 1980 දශකයේ වැඩි කොටසක් සැපයුම් - පැති ආර්ථිකයන් ක්‍රියාත්මක කරන ලදි. (Supply - side economics) බදු අඩු කිරීම මගින් රජයේ ආදායම වැඩි කර ගැනීම එහි අරමුණ විය. විශේෂයෙන් 2001 සැප්තැම්බර් 11 දින ප්‍රහාරයෙන් පසුව ආර්ථිකයේ විශාල පසු බැසීමක් ඇති විය. ත්‍රස්ථවාදි ක්‍රියා වලට ප්‍රතිචාර දැක්වීම වශයෙන් ජනාධිපති ජෝර්ජ්.ඩබ්.බුෂ් ඇෆ්ගනිස්ථානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේය. මෙයින් සැප්තැම්බර් 11 ප්‍රහාරයට වගකිව යුතු අල්කයිඩා ත්‍රස්ථවාදි ජාලය හඳුනා ගන්නා ලදි. පසුව ජෝර්ජ්.ඩබ්.බුෂ් ඉරාකයට එරෙහිවද යුද්ධයක් ඇරඹුවේය. අනාගතයේ එක්සත් ජනපදය සහ මිත්‍ර රටවල් වල මහා විනාශයක් කිරීමේ අදහසින් එක් රැස් කල ආයුධ ඉරාකයේ තිබේ යැයි අනුමාන කිරිම ඊට හේතුව විය.


යටත් විජිත අමෙරිකාව[සංස්කරණය]

Governor George Wallace stands defiant at the University of Alabama.jpg

ගවේෂණය කිරීම සඳහා මුලදී කාලයක් වැය කොට පසුව විවිධ යුරෝපීය රටවල් එනම්, ඕලන්ද, ස්පාඤ්ඤ, ඉංග්‍රිසි, ප්‍රංශ, ස්විඩ්න් සහ පෘතුගිසි ජාතීහු ජනාවාස පිහිටවනු ලැබූහ. 1493 වර්ෂයේ කොළෙම්බස් පුවටොරිකෝ වෙත පැමිනියේය. මතු යම් දිනක අමෙරිකාව බවට පත් වන ඒ භූමියට පළමුවෙන් පය තැබූ තැනැත්තා වශයෙන් සඳහන් වන්නේ ඔහුගේ නමයි. 15 වන ශත වර්ෂයේදි යුරෝපීයන් අශ්වයින්, ගවයින් සහ ඌරන් ඇමෙරිකාවට ගෙන ආ අතර ධාන්‍ය වර්ග, අල, දුම් කොළ, මාෂ බෝග සහ ස්කොෂ් (එළවලු වර්ගයක්) යනාදිය ආපසු යුරෝපයට ගෙන ගියහ.

ස්පාඤ්ඤ ගවේශණ සහ ජනපද (1492 - සිට නොයෙක් වකවානු)

එක්සත් ජනපදයට අයිති පෙදෙස් සහ ස්පාඤ්ඤ අධිරාජ්‍යයට අයත් අනෙකුත් පෙදෙස් පෙන්වන අවුරුදු 400 කට වඩා පැරනි කාලයක සිතියමකි.

අද එක්සත් ජනපදය යයි සැළකෙන ප්‍රදේශයට පැමිණි පළමු යුරෝපීයන් ගෙන් කොටසක් වූයේ ස්පාඤ්ඤ දේශ ගවේෂකයින්ය. මෙය 1493 නොවැම්බර් 19 දින ක්‍රිස්ටොපර් කොළම්බස් පුවර්වොරිකෝ වෙත ළඟා වීමෙන් ආරම්භ විය. මහාද්වීපික එක්සත් ජනපදයට පළමුවෙන් ගොඩබැස්ස තැනැත්තා ලෙසට ස්ථිරව සඳහන් වී තිබෙන්නේ ජුආන් පොන්සේ ඩි ලියෝන් නම් ස්පාඤ්ඤ ජාතිකයෙකි. ඔහු 1513 දි එහි සරුසාර වෙරළ තීරයකට ගොඩබැස එම පෙදෙස ලා ෆ්ලොරිඩා යනුවෙන් නම් කළේය.

පොන්සේ ඩි ලියෝන් එසේ පැමිණිමෙන් අනතුරුව ගත වූ දශක තුනක කාලය තුල ඇපලේචියන් කඳු, මිසිසිපි නදිය, මහා අගාධය (Great Canyon) සහ මහා තැනිතලාව යනාදී ස්ථාන වලට පිවිසි පළමු යුරෝපීයන් වූයේ මෙම ස්පාඤ්ඤ ජාතිකයන්ය. 1540 දි ඩි සොටෝ වර්තමාන එක්සත් ජනපදයේ විශාල ගවේශණයක් ආරම්භ කළේය. එම වසරේම ෆ්‍රැන්සිස්කෝ ද කොරනාඩෝ 2000 ක ස්පාඤ්ඤ ජාතිකයින් සහ මෙක්සිකානු ඉන්දියන්වරු පිරිසක්ද කැටුව වර්තමාන ඇරිසෝනා මෙක්සිකෝ දේශ සීමා ප්‍රදේශය හරහා “කැන්සාස්” පෙදෙස තරම් ඈතට ගමන් කළේය. තවත් ස්පාඤ්ඤ ගවේශකයින් නම් ලූකස් වස්කේ දි අයිලෝන්, පැන්ෆිලෝ ඩි නර්වේස්, සෙබස්තියන් විස්කයිනෝ, ජුවාන් රොද්රිගුඑස් කැබ්රිලෝ, ගැස්පාර් ඩි පොර්ටෝලා, පෙද්රො මෙනෙන්ඩෙස් ඩි ඇවිලෙයි, අල්වාර් නුනෙස් කැබේසා ඩි වාසා, ට්‍රිස්ටෙන් ඩි ලුනා අරෙල්ලනෝ සහ ජුආන් ඩි ඔනේට් (Lucas Vasquez de Ayllon, Panfilo de Narváez, SebastianVizcaino, Juan Roddriguez Cabrillo, Gaspar de Portolá, Pedro Menéndez de Aviles, Alvar Núñez Cabeza de Vaca, Tristán de de Luna y Arellano and Juan de Oñate) යනාදි අයයි.

565 දී මහාද්වීපික එක්සත් ජනපදයේ ෆ්ලෝරිඩාවේ සෙනෙට් ඔගස්ටින්හි පළමු ස්ථිර යූරෝපීය ජනාවාසය බිහි කරමින් ස්පාඤ්ඤ ජාතිකයෝ පදිංචිකරුවන් පිරිසක් යැවූහ. පසුව සන්ටා ෆෙ, සැන් ඇන්ටෝනියෝ, ටක්සන්, සැන් ඩියෙගෝ, ලොස් ඇන්ජලිස් සහ සැන්ෆ්‍රැන්සිස්කෝ වැනි ජනාවාස ද ඊට ඇතුළත් විය. බොහෝ ස්පාඤ්ඤ ජනපද කැලිෆොර්නියා වෙරළ තීරයේ නැතහොත් නව මෙක්සිකෝවේ සන්ටා ෆෙ නදිය අශ්‍රිතව විය.

සිවිල් යුද්ධය පැවති යුගය (1849 – 1865)[සංස්කරණය]

ගෙටිස්බර්ග් සටන - ඇමෙරිකානු සිවිල් යුද්ධයෙහි අති දරුණුම යුද්ධය සහ කඩ ඉම. ප්‍රධාන ලිපිය: එක්සත් ජනපද ඉතිහාසය. (1849 – 1865)

19 වෙනි ශත වර්ෂයේ මැද භාගයේ, රජය, ආර්ථිකය, සමාජය සහ අප්‍රිකානු ඇමෙරිකානු වහල් සේවය සම්බන්ධ කටයුතු වලදි මූලික වෙනස්කම් ගැන එකඟතාවයකට පැමිණීමට උතුරේ සහ දකුණේ සුදු ඇමෙරිකානුවන් අපොහොසත් වූහ. නව ප්‍රදේශ වල වහල් සේවය පිළිබඳ ගැටලුව 1850 දි විසඳුනේ සමථයක‍ට පත් වීමෙනි. මේ සඳහා මැදිහත් වී කටයුතු කළේ ලිබරල් පාක්ෂික හෙන්රි ක්ලේ සහ ඩිමොක්‍රටික් පාක්ෂික ස්ටීවන් ඩග්ලස් විසිනි. මෙම සමථයට කැලිෆොර්නියාව නිදහස් ජන පදයක් ලෙස පිළිගැනීමට සහ පලායන වහලුන් පිළිබඳ පනතින් වහල් හිමියන්ට පැන යන වහලුන් නැවත ලබා ගැනීම පහසු කිරීමද ඇතුළත් විය. 1854 දී සංගමයේ සෑම අලුත් ජනපදයක්ම වහල් සේවය ගැන ඔවුන්ගේ ස්ථාවරය ඔවුන්ටම තීරණය කිරීමට ඉඩ කඩ සළසා දෙමින් යෝජිත කැන්සාස් - නෙබ්රස්කා පනතින් මිසූරි සමථය අවලංගු කරන ලදි. ඒබ්රනහම් ලින්කන් 1860 දි මැතිවරණය දිනීමෙන් පසු 1860 අවසානයේ සහ 1861 අතර කාලයේ දකුණේ ජනපද එකොළහක් සංගමයෙන් ඉවත් වූයේ 1861 පෙබරවාරි 8 වෙනි දින (කොන්ෆෙඩරේට් ස්ටේට්ස් ඔෆ් ඇමෙරිකා) ඇමෙරිකා ජනපද සන්ධානය නම් කැරළිකාර රජයක් පිහිටුවා ගනිමිනි.

1860 වන විට මිලියන 4 කට ආසන්න වහලුන් සංඛාවක් එක්සත් ජනපදය තුල වාසය කළහ. එම ප්‍රමාණය 1790 සිට 8 ගුණයකින් වැඩි වීමකි. මෙම කාල සීමාව තුල එක්සත් ජනපදයේ කපු නිෂ්පාදනය එක් දහසේ සිට මිලියනයකට ආසන්න ප්‍රමාණයකට විශාල දියුණුවක් ලැබීය. වහල් කැරළි කීපයක්ද හටගත් අතර ඒවා මෙහෙයවන ලද්දේ ප්රෝලබ්රිවයෙල් ප්රො යර් (1800) ඩෙන්මාර්ක් වෙසෙයි (1822) සහ නැට් ටර්නර් (1831) යනාදින් විසිනි. එහෙත් මෙම කැරළි සියල්ලම අසාර්ථක වූ අතර දකුණේ වහල් පාලනය ඉන් පසු දැඩි විය. නීති අවලංගු කිරීමට ප්‍රයත්න දැරූ සුදු ජාතිකයෙකු වූ ජෝන් බ්ර වුන් විසින් වර්ජිනියාවේ හාර්පස් ෆෙරි හි රඳවා සිටි කලු වහලුන් පිරිසක් නිදහස් කර ගැනීමට උත්සාහ කරනු ලැබූවේය. එහෙත් ඔහු අසමත් විය. මෙම ක්‍රියාවෙහි ප්‍රථිපලයක් ලෙස ඔහු ඝාතණය කරනු ලැබීය. අමාත්යෙ ලීමන් බීචර්ගේ දියණිය වූ හැරිසට් බීචර් ස්වොච් 1852 දී අංකල් ටොම්ස් කැබින් (Uncle toms Cabin) නම් නව කථාව ප්‍රසිද්ධියට පත් කළාය. මෙය ලියන ලද්දේ පලායන වහලුන් සම්බන්ධ පනතේ (Fugitive slave Act) වගන්තියට ප්‍රතික්‍රියා දැක්වීමක් වශයෙනි. මෙම ග්‍රන්ථය පල කිරීමෙන් ඇගේ අභිප්‍රාය වූයේ වහල් භාවයේ කෲර බව පිළිබඳ ඇගේ මතය එළි දැක්වීමයි. එම ග්‍රන්ථය ප්‍රකාශිත මුල් වසරේදීම පිටපත් 300,000 ක් අලෙවි විය. බොහෝ වහල්ලු ඔවුන්ගේ ස්වාමිවරුන්ගෙන් මිදි “පොළව යට රේල් පාර” (Undergruond Railroad) උපයෝගි කර ගනිමින් පලා ගියහ. මෙම වචනය එම මාර්ගය හැඳින්වීමට ඔවුන් යොදා ගත් යෙදුමකි. මෙහිදි පෙර කී නීති අවලංගු කිරීමට ප්‍රයත්න දැරු කණ්ඩායම් විසින් එම වහල්ලුද (Free State) නිදහස් ජනපද යයි හඳුන්වන ලැබු පෙදෙස් කරා රහසින් ගෙන යනු ලැබූහ. මෙහි ඉතා ප්‍රසිද්ධ නායකයා වූයේ හැරියට් ටබ්මන්ය

සංගමය නිල්, කහ, අලු, සන්ධානය, ගුරු[සංස්කරණය]

සන්ධානයේ හමුදා නායක පියරේ බියුරේ ගාඩ් විසින් සන්ධාන ජනපදයක් වූ දකුණු කැරොලිනා වේ සම්ටර් කොටුවට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් සිවිල් යුද්ධය ආරම්භ විය. වර්ජිනියාවේ වයඹ කොටස සමග වඩාත් උතුරේ පිහිටි වහල් ජනපද පහෙන් හතරක් වෙන් නොවුනු අතර ඒවා මායිම් ජනපද ලෙස හැඳින්වීමට පටන් ගැනින. ජෙනරාල් රොබට් ඊ ලී උතුරු වර්ජිනියා හමුදාවේ 55000 ක මිනිසුන් පොටොමැක් ගඟ හරහා මේරිලන්ඩ් වෙත යැවූ අවස්ථාවේ (Second bull run මගින් ) ධෛර්ය ලැබූ සන්ධානය ඔවුන්ගේ ප්‍රථම උතුරු ආක්‍රමණය සිදු කළහ. මේරිලන්ඩ් හි ෂාප්ස්බර්ග් අසළ 1862 සැප්තැම්බර් මස 17 වෙනි දින සිදු වූ ඇන්ටියටම් සටන (Battle of Antietam) ඇමෙරිකන් ඉතිහාසයේ සඳහන් වන්නේ අති දරුණු කෲර දිනයක් වශයෙනි.

1864 වර්ෂය ආරම්භයේ ලින්කන් විසින් සමස්ථ සමූහාණ්ඩුවේ (Union) අණ දෙන නිලධාරියා ලෙස ජෙනරල් යුලිසස් එස්.ග්‍රාන්ට් පත් කළේය. ජෙනරල් ටෙකුම්සේ ෂර්මන් ටෙනසිහි චත්තනුගා සිට ජොර්ජියාවේ ඇට්ලන්ටා වෙල ගමන් කළේ සන්ධානයේ ජෙනරාල්වරුන් වන ජෝෂප් ඊ ජොන්ස්ටන් සහ ජොන් බෙල් හුඩ් පරාජය කරමිනි. ෂර්මන්ගේ හමුදාව (March to Sea නම්) මුහුද කරා කළ මෙහෙයුමේදි ජොර්ජියාවේ ගොවිපල වලින් 20% ක ප්‍රමාණයක් විනාශ කරන ලදි. පසුව ඔහු 1864 දෙසැම්බරයේදි සැවනා හිදි අත්ලාන්තික් සාගරයට ළඟා විය. ලී ඔහුගේ උතුරු වර්ජිනියා හමුදාව 1865 අප්‍රේල් 9 දින යටත් කළේය.


ජෙනරල් කස්ටර්ගේ ලිට්ල් බිග් සටනේ අන්තිම නැවතීම.

නැවත ගොඩනැගීම සහ කාර්මිකකරණයේ නැගීම[සංස්කරණය]

(1865-1918)

සිවිල් යුද්ධය නිමවීමෙන් පසු ගත වූ දශකය පුරාම පාහේ ප්‍රතිසංස්කරණයන් (Reconstructions) සිදු විය. මෙම කාලය තුලදි කලු ඇමෙරිකන් වරුන්ගේ සිවිල් අයිතිවාසිකම් පුළුල් කිරීම සඳහා 'ප්‍රතිසංස්කරණ සංශෙ‍ාධනයන්' අනුමත කරන ලදි. මෙම සංශෝධනයන්ට වහල් සේවය තහනම් කිරීම නීතිගත කළ දහතුන්වෙනි සංශෝදනය ද, විදේශිකයින්ට රට වැසි භාවය ප්‍රදානය කිරිම සහ එක්සත් ජනපදය තුල උපත ලත් සියලු ජනතාවට රට වැසි භාවය ප්‍රදානය කිරීම ඇතුලත් දාහතරවෙනි සංශෝධනයද, ජාතිය නොසලකා ඡන්ද බලය ප්‍රදානය කිරීම ඇතුළත් පහලොස්වෙනි සංශෝධනයද ඇතුලත් විය. 1875 සිවිල් අයිතිවාසිකම් පනතෙන් මහජන පහසුකම් සේවා සැපයීමේදි වෙනස්කම් දැක්වීම තහනම් කළ අතර බ්ලැක් කෝඩ් (Black codes) මගින් සුදුජාතිකයින්ට සිතුසේ භුක්ති විඳිමට හැකියාව තිබුණ වරප්‍රසාද කලු ජාතිකයින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම වළක්වන ලදි. නැවත ගොඩනැංවීමේ ක්‍රියාවලියට ප්‍රතිචාර දැක්වීම සඳහා කූ - ක්ලක්ස් - ක්ලෑන් නම් සංවිධානය 1860 ගණන් වලදි මතු වී අවේය. එය කලු ජාතිකයින්ගේ සිවිල් අයිතිවාසිකම් වලට එරෙහි සුදු ජාතික ආධිපත්‍යය ඇති සංවිධානයක් විය. ක්ලෑන් වැනි සුදු ජාතිවාදීන්ගේ ප්‍රචණ්ඩක්‍රියා උත්සන්න වීම නිසා 1883 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් මගින් 1875 සිවිල් අයිතිවාසිකම් පනත අවලංගු කරන ලදි. අධිකරණය දාහතරවෙනි සංශෝධනය අර්ථ කථනය කළේ එය සිවිල් අයිතිවාසිකම් සම්බන්ධයෙන් රජයේ තීරණයන් ක්‍රමවත් කිරීම පමණක්ය යනුවෙනි.

නැවත ගොඩනැගීමේ යුගයට පසුව ජෝන් ඩි ‍ෙරාකෆෙලර් සහ ඇන්ඩ්‍රෑ කානගි වැනි බලසම්පන්න පුද්ගලයින් ඇතුලත් වූ 'රන් ආලේපිත' යුගය පැමිණුනේය. නව නිපැයුම් වලින් නිෂ්පාදන කටයුතු වැඩි වූ නමුදු වේතනය අඩු විය. මෙය මුලු ඇමෙරිකාව පුරා කැරළි ඇති වීමට හේතුවක් විය. ජේම්ස් මොන්රෝගේ පාලනයේ සිට එක්සත් ජනපදයේ ප්‍රතිපත්තිය වූයේ ස්වදේශික ජනතාව සුදු ජාතිකයින්ගේ ප්‍රදේශයන් ඉවත ඉන්දියානුවන් සඳහා වෙන් කළ ප්‍රදේශ කීපයකට යැවීමයි. කොකේසියන් ගොවීන් සහ ගවපට්ටි හිමි කරුවන් ගෝත්‍රිකයන්ගේ ඉඩම් අත්පත් කර ගැනීම නිසා ගෝත්‍රිකයින්ට වෙන් කරන ලද ඉඩම් කරා ඔවුනට අනිවාර්යෙන්ම යාමට සිදු විය. 1876 දී අන්තිම වරට සියොක්ස් (Sioux) යුද්ධය පැන නැගුනේ බ්ලැක් හිල්ස් ගොල්ඩ් රශ් කණ්ඩායම ඔවුන්ගේ ඉඩම් තුලට කඩා පැනීම හේතුවෙනි.



එලිස් දිවයින 1902 දී - 19 ශත වර්ෂයේ අවසානයේ සහ 20 වෙනි ශත වර්ෂයේ මුල් භාගයේදී එක්සත් ජනපදයට ඇතුලු වූ සංක්‍රමණිකයන් සඳහා වූ ප්‍රධාන සංක්‍රමණික වරාය

පෙර නොවූ විරු ලෙස සංක්‍රමණිකයන් විශාල සංඛ්‍යාවක් එක්සත් ජනපදයට පැමිණීමෙන් ඇමෙරිකන් කර්මාන්ත වලට ශ්‍රම හමුදාවක් සහ කලින් සංවර්ධනය නොවූ පෙදෙස් වල ප්‍රජා විවිධත්වයන් නිර්මාණය වීම යන කරුණු දෙකම ඉටු විය. එක්සත් ජනපදයේ කම්කරු ව්‍යාපාරයෙහි ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන් ඇති වීමට බොහෝ විට හේතු වූයේ ව්‍යාපාර තුල ඇති වූ දූෂණ හා නොමනා ක්‍රියාවන්ය.

ප්‍රමාණවත් ජනගහනයක් සිටීමත් අභ්‍යන්තර වශයෙන් ඇති වූ කාර්මික වර්ධනය සහ විදේශයන්හි බොහෝ සංග්‍රාම ක්‍රියාකාරකම් සමග අන්තර්ජාතික බලවතෙකු ලෙස එක්සත් ජනපදයේ නැගී සිටීම ආරම්භ විය. මෙයට ස්පාඤ්ඤ ඇමෙරිකා යුද්ධයද ඇතුළත් විය. ඇමෙරිකානු නැවක් ගිල්වීම පිළිබඳව ප්‍රමාණවත් හේතු නොමැතිව ඇමෙරිකාව ස්පාඤ්ඤයට දොස් පැවරිම එම යුද්ධය ආරම්භ වීමට හේතුවක් විය.

දෙවැනි ලෝක යුද්ධය[සංස්කරණය]

පළමු වැනි ලෝක සංග්‍රාමයේදී මෙන් නොව අනිකුත් ක්‍රියාකාරී මිත්‍ර රටවල් යුද්ධයට සම්බන්ධ වීමෙන් පසුව පමණක් එක්සත් ජනපදය දෙවෙනි ලෝක සංග්‍රාමයට සම්බන්ධ විය. 1941 දෙසැම්බර් 7 වැනි දින ජපානය විසින් පර්ල් වරායෙහි තිබිණු එක්සත් ජනපද නාවික හමුදාවේ නැව්වලට හදිසි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව එක්සත් ජනපදය යුද ප්‍රකාශ කිරීමේ තීරණයට එළඹුනේය. ඒ වන තෙක් එක්සත් ජනපදයේ හුදෙකලා තත්වය එරටේ මධ්‍යස්ථව සිටීමට බලපා තිබුණි. එක්සත් ජනපදය යුද්ධයට ක්‍රියාකාරිව සහභාගි වීමේ හැකියාව සීමා වන්නට ඇත්තේ ඒ වන විට එරට එවැනි පරිමාණ යුද්ධයකට සූදානම් නොවී සිටීම විය හැකිය. ඇමෙරිකානු යුධ ශක්තිය, ප්‍රංශයේ, ජර්මනියේ, බ්‍රිතාන්‍යයේ, සෝවියට් සංගමයේ සහ ජපානය යන රටවල හමුදා ශක්තිය සමග සැසඳුන විට සැළකිය යුතු තරමින් කුඩා විය.

එක්සත් ජනපදයේ යුද්ධයට පළමු දායකත්වය සැපයුවේ මැන්චුරියාවට පහර දීම් කර ගෙන යාම සඳහා ජපානයට ඉතා තදින් අවශ්‍යව තිබුණු ඉන්ධන සහ අමු ද්‍රව්‍ය සැපයීම නවතා දැමීම සහ චීනයට යුධ සහ මූල්‍ය ආධාර සැපයීම වැඩි කිරීම යන කරුණු දෙකම එකවිටම සිදු කිරීමෙනි. එක්සත් ජනපදය මිත්‍ර හමුදාවන්ට පළමු සහයෝගය දැක්වූයේ 1940 සැප්තැම්බරයේ දී එම රාජ්‍යය විසින් බ්‍රිතාන්‍යයට පැරණි ඩිස්ට්‍රෝයර් නෞකා 50 ක් දී ඒ වෙනුවට කැරිබියන් දූපත්වල හමුදා කඳවුරු හුවමාරු කර ගැනීමෙනි. ඉන් පසුව 1940 දී බ්‍රිතාන්‍යය සමග කුලි - බදු පදනමක් යටතේ අත්‍යාවශ්‍ය යුද උපකරණ දීම ද සිදු විය.

පර්ල් වරායට පහර දීමේ දිනයට වඩා මාස දෙකකට පමණ පෙර 1941 ඔක්තෝබර් මස 31 දින අත්ලාන්තික් සාගරයේ බඩු නැව් සමූහයකට ආරක්ෂාව සපයමින් ගමන් ගත් ඇමෙරිකානු ඩිස්ට්‍රෝයර් නෞකාවට ජර්මන් යු බෝට්ටුවක් මගින් පහර දී ගිල්වා දමන ලදී. කෙසේ වෙතත් ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් නොවීය. 1941 දෙසැම්බර් 7 වෙනි දින ඇමෙරිකානු නාවික කඳවුරක් වූ පර්ල් වරායට ජපානය හදිසි ප්‍රහාරයක් එල්ල කළේ ඒ දිනවල ඇමෙරිකාව පැනවූ වෙළඳ තහනම සැළකිල්ලට ගනිමින් පළිගැනීමක් වශයෙනි. පසු දින ෆ්‍රෑන්ක්ලින් ඩි.රූස්වෙල්ට් කොංග්‍රසයේ ඒකාබද්ධ සැසියක් කැඳවා ජපානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමට පොළඹවා ගත්තේය. 1941 දෙසැම්බර් 7 දිනය හඳුන්වන ලද්දේ "අප කීර්තියෙහි ජීවත් වන දිනයක්" වශයෙනි. පර්ල් වරායට පහර දී දින 4 කට පසු දෙසැම්බර් 11 දින නට්සි ජර්මනිය එක්සත් ජනපදයට එරෙහිව යුධ ප්‍රකාශ කළේය.

අමරිචාවේ නාවික මූලස්ථානයක්ව පවතී "පුර්ල්" වරයට ජපාන ගුවන් හමුදා බෝම්බ හෙලීම

ජපානයට එරෙහිව යුද්ධය[සංස්කරණය]

යුරෝපයේදි හිට්ලර් පරාජය කිරීමට කළ කාර්ය භාරය හේතු කොට ගෙන ජපානයට එරෙහිව කෙරුණු යුද්ධයේ පළමු වසර හුදෙක් ආරක්ෂාව පමණක් අරමුණු කර ගත් යුද්ධයක් විය. එහෙයින් ඇමෙරිකන් නාවික හමුදාව පැසිෆික් කලාපයේ ජපානය බලවත් වීම වැළැක්වීමට උත්සාහ දරමින් සිටියේය. මුලදි ඉතා කෙටි කාලයක් තුල ජපානය බොහෝ සටන් ජයග්‍රහණය කරමින් සිටියේය. ඔවුන් ගුආම්, තායිලන්ත, මලයාව, හොං කොං, පැපුවා නිව් ගිනියා, ඉන්දුනිසියා සහ බුරුමය පරාජය කරමින් එම රටවල් වල හමුදා කඳවුරු ඉදි කළේය. මේවා මෙසේ කෙරුණේ හරියට කිසිවෙකුගෙන් විරුද්ධත්වයක් නොවුනු පරිද්දෙනි. යුද්ධයේ මුල්කාලයේ ජර්මනියේ බ්ලිට්ස්ක්‍රෙග් (Blitzkrieg) සටන් (ඉතා ඉක්මන් ජයග්‍රහණ කරන යුද්ධය) ක්‍රම පරිද්දෙන් සහ ඊටත් වඩා වේගයෙන් සිදු කෙරුනි. මෙය ජපානයට ඉතා වැදගත් වූවකි. එහි දේශීය කාර්මික නිෂ්පාදන ප්‍රමාණය අමෙරිකාවේ මෙන් සියයට 10 ක් පමණ ප්‍රතිශතයක් විය.

යුද්ධය තවත් තීරණාත්මක සිද්ධියක් වූයේ 1942 ජුනි මාසයේ මිඩ් වේ යුද්ධයයි. එක්සත් ජනපද නාවික හමුදාව විසින් ජපානයේ සන්නිවේදන කේත (Codes) කඩා දැමුවේ එක්සත් ජනපද නැව් සංග්‍රාමෝපක්‍රම අතින් වාසිදායක ස්ථාන වල රැඳවීමට ඉඩ ලබා ගනු සඳහාය. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ ඒ මගින් ජපාන නාවික හමුදාවට සම්පූර්ණ පරාජයක් අත් කර දීමයි. මෙයින් පසු ඇමෙරිකාව චීනය දෙසට යුද්ධය තල්ලු කළේ එහි ගුවන් හමුදා කඳවුරක් ඉදි කර ඔවුන්ගේ B – 29 යුධ ගුවන් යානා වලින් ජපාන ප්‍රධාන භූමියට බෝම්බ හෙළිම ආරම්භ කිරීමේ අරමුණෙනි. ජපානයේ ප්‍රධාන යුධ මර්මස්ථාන වලට පහර එල්ල කිරීමට බධාවක් වේ යයි සිතුනු කුඩා එමෙන්ම ආරක්ෂාව අතින් අඩු දූපත් ඉලක්කයන් ලෙස තෝරා ගැනීමෙන් ඇමෙරිකාව මුල් පියවර තැබුවේය. මෙම කාලය තුල ඔවුන් මුලු යුද්ධයෙන්ම වඩා පුලුල් ජයග්‍රහණයක් අත් වේ යයි සිතමින් බොහෝ නොසැලකිලිමත් ලෙස ක්‍රියාත්මක වූහ.

ජපාන හමුදා පරාජය කොට මරියානා දූපත් වලට ගොඩ බැසීමෙන් පසු ජපානය අහස් යානා 340 ක් රැගත් ගුවන් යානා ප්‍රවාහන නෞකා හයක් ප්‍රති ප්‍රහාර එල්ල කිරීම සඳහා යෙදවූයේ එකට එක කිරීමක් වශයෙනි. ඉන් පසු 1944 ජුනි 19 දින හට ගත් යුද්ධය හඳුන්වනු ලැබුවේ “මරියානා ටර්කි ෂුට්” යන නමිනි. ඇමෙරිකන් නාවික හමුදාව ජපාන බෝම්බ ප්‍රහාරක යානා 430 කින් 369 ක් වෙඩි තබා බිම හෙලීය. ඉතිරි ඒවායින් සෑහෙන ප්‍රමාණයකට හානි කළේය.මෙම සටනින් පසු ජපාන ගුවන් යානා වලින් ක්‍රියාත්මක තත්වයෙන් ඉතිරි වූයේ ගුවන් යානා 36 ක් හෙවත් සියයට 8 ක ප්‍රමාණයක් පමණි.

මෙම පැසිෆික් යුද්ධය ඉතිහාසයේ මහා නාවික යුද්ධයක් ලෙස වාර්තාවේ. ජපාන නාවික හමුදාව සම්පූර්ණයෙන්ම වාගේ විනාශ කිරීම දක්වා කටයුතු කිරීමෙන් ඇමෙරිකානු නාවික හමුදාව ජයග්‍රාහි ලෙස ඉස්මතු විය. කොන්දේසි විරහිතව යටත් වීමට ජපානයට බල කිරීමට ඇමෙරිකානු හමුදා ජපානයට භූමියට ආක්‍රමණයක් එල්ල කිරීමට සූදානම් විය. 1945 අප්‍රේල් 12 ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩෙලානෝ රූස්වෙල්ට් මිය ගිය අතර උප ජනාධිපති හැරි එස් ටෲමන් ඇමෙරිකාවේ 33 වෙනි ජනාධිපති ලෙස දිව්රුම් දුන්නේය. ඔහුට මැන්හැටන් ව්‍යපෘතිය ගැන දැනීමක් නොතිබුනි. ඔහු ජපානයට එරෙහිව න්‍යෂ්ඨික අවි පාවිච්චි කරන්නේද යන්න පිළිබඳ තීරණයට මුහුණ දෙමින් සිටියේය. යුද්ධය අවසාන කිරීම සඳහා න්‍යෂ්ඨික අවි පාවිච්චි කිරීමේ තීරනය යුද්ධයේ බොහෝ විවාදිත තීරණයක් විය. බෝම්බය පාවිච්චි කිරීමට පක්ෂව අදහස් දැක්වූ අය කියා සිටියේ ආක්‍රමණයකින් බොහෝ ජීවිත වලට හානි සිදු වීමට ඉඩ ඇති බවයි. ඔවුහු උදාහරණ වශයෙන් ඔකිනාවා යුද්ධය පෙන්වා දුන්නේය. එහිදි පරමාණු බෝම්බ දෙකෙන් වූ ජීවිත හානි වලට වඩා මරණ සංඛ්‍යාවක් සිදු වී ඇත. ටෝකියෝ බෝම්බ ප්‍රහාරයෙන් සිදු වූවාක් මෙන් සම්ප්‍රදායික ගිණි බෝම්බ වලින්ද සිවිල් ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වන බවද ඔවුහු පෙන්වා දුන්හ. අනිත් අය තර්ක කළේ හමුදා ආක්‍රමණයක් සිදු විය යුතු බවයි. නැතහොත් යටත් වන ලෙස දන්වා ලිපියක් සමග ලොස් ඇලමොස් පරීක්ෂණ බෝම්බයේ ප්‍රමාණය පිළිබඳ සටහනක් ජපනුන්ට යැවිය යුතු බවයි. ජපනුන් නොසිතු අයුරින් පළමු බෝම්බය 1945 අගෝස්තු 6 දින හිරෝෂිමාවට හෙලන ලදි. දෙවැන්න අගෝස්තු 9 දින නාගසාකි වෙත හෙලන ලදි. තමන් ලඟ තවත් එබඳුම පරමාණු බෝම්බ තිබෙන බව කියමින් ඇමෙරිකාව ජපානයට ව්‍යාජ තර්ජනයක් කළේය. 1945 අගෝස්තු 15 දින ජපානය කොන්දේසි විරහිතව යටත් විය. යුද්ධය අවසාන විය. ලේ වැගිරෙන ආක්‍රමණයක් නතර විය.

ජර්මනියට එරෙහිව යුද්ධය[සංස්කරණය]

යුද්ධයට අවතීර්ණ වීමෙන් පසු ජර්මනිය සහ ජපානය යන රටවල් දෙකම සමග යුද්ධ කිරීමට තමනට අපහසු බව එක්සත් ජනපදය තේරුම් ගත්තේය. එම නිසා සියලු දෙනාගේම බලය ඒකරාශි කර හිට්ලර් පරාජය කළ යුතුයයි ද එතෙක් ආරක්ෂිත පියවරක් ලෙස ශාන්තිකර ප්‍රදේශය ආරක්ෂාකාරි ලෙස තබා ගැනීමටද තීරණය විය. බ්‍රිතාන්‍යයේ විශාල ගුවන් හමුදාවක් ඇති කිරීම ඇමෙරිකාවේ පළමු පියවර විය. ජර්මනියට කෙරෙන ගුවන් ආක්‍රමණ වල බලය ඒකරාශී කිරීම එහි අරමුණ විය. ඇමෙරිකාව තම ප්‍රධානතම බෝම්බ දමන ගුවන් යානා ලෙස ඔවුන්ගේ B – 17 (පියාඹන බල‍ෙකාටු) කෙරේ විශ්වාසය තබා තිබුනේය. ජර්මන් ගුවන් හමුදාවෙන් සිදු වුනු හානි හේතුවෙන් බ්‍රිතාන්‍යය ඔවුන්ගේ දිවා කාලයේ කෙරෙන ගුවනින් බෝම්බ දැමීම නවතා දැමුවේය. P – 51 මස්ටැංග් වර්ගයේ දිගු දුර පහර දිය හැකි ආරක්ෂක යුද ගුවන් යානා වල සහය බෝම්බ ප්‍රහාරක ගුවන් යානා වල ආරක්ෂාව පිණිස යොදවන තෙක් ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවටද ඉහත පරිදි විශාල හානි වලට මුහුණ දීමට සිදු විය. මෙම ආරක්ෂාකාරි උපක්‍රමය යෙදීමෙන් දවල් කාලයේ කෙරෙන පහර දීම් නොකඩවා කර ගෙන යා හැකි විය.

ඇමෙරිකන් හමුදාවේ පළමු ගොඩබිම් මෙහෙයුම වූයේ බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියා හමුදා සමග උතුරු අප්‍රිකා භූමියේ සටන් කිරීමයි. මෙම ප්‍රදේශය ඉතා වැදගත් ප්‍රදේශයක් වූයේ එය සූවස් ඇලට ප්‍රවිශ්ඨ වීමේ මාර්ගයක් වූ බැවිනි. යුද්ධය පැවති මුලු කාලය පුරාම අත්ලාන්තික් සාගරය සමග වෙළඳ සබඳතා පැවැත්වූ මධ්‍යස්ථාන දෙකෙන් එකක් “සූවස්” වීම බ්‍රිතතාන්‍යයට එය වැදගත් වීමට හේතුවක් විය. 1943 වන විට බ්‍රිතාන්‍යයේ 8 වෙනි හමුදාව ජර්මන්වරු උතුරු අප්‍රිකාවෙන් පලවා හැර තිබුනි. මිත්‍ර හමුදා යුද්ධය අවසාන වන තෙක් ඉහත වැදගත් ස්ථානය තමන් යටතේ තබා ගෙන සිටියහ. ඉතා වැදගත් ඇමෙරිකානු යුද උපකරණ බ්‍රිතාන්‍යයට ගෙන එන නෞකා වල ආරක්ෂාව සපයමින් නාවික හමුදාවද අත්ලාන්තික් සයුරේ විශාල මෙහෙයක් කරමින් සිටියේය. 1943 වර්ෂයේ මැද භාගය වන විට මිත්‍ර හමුදා බ්‍රිතාන්‍යයෙන් නොකඩවා ලැබුනු සැපයුම් උදව් කර ගනිමින් යුද්ධයෙහි නියැලි සිටියහ. ‍

1944 ආරම්භය වන විට බටහිර යුරෝපය ආක්‍රමණය කිරීමේ සැළසුමක් සකස් වෙමින් තිබුනි. ජර්මනිය මෙවැන්නක් ඉදිරියේදි සිදුවෙතැයි අපේක්ෂාවෙන් සිටි නමුදු මිත්‍ර හමුදාවන්හි අති දක්ෂ යුද්ධ උපක්‍රම සහ ජර්මන් ඔත්තු කරුවන් මගින් ජර්මනියට ගලා ගිය රහස් තොරතුරු බ්‍රිතාන්‍ය ඔත්තු සේවා මගින් නතර කිරීමත් යන කරුණු හේතුවෙන් මෙම පහර දීම බොහෝ දුරට හදිසියේ කෙරුණු පහර දීමක් බවට පත් විය. අනතුරුව 1944 ජුනි 6 වෙනි දින වූ සිදු වීම් ඔපරේෂන් ඕවර් ලෝඩ් නැතහොත් “නියමිත දිනය” ලෙසින් හැඳින්වුනි. (Operation overlord or D-day) එතෙක් සංවිධානය වූ විශාලතම යුද්ධ හමුදාව නොමැන්ඩ් වෙරළට පැමිණ බ‍ටහිර යුරෝපය හරහා රට තුලට කා වැදුනේය. අනතුරුව ඔවුහු හිට්ලර් සහ නාසි ජර්මනිය යටත් කරගත්හ. මිත්‍ර හමුදා ගොඩ බට ස්ථානයට වඩා බොහෝ දුරින් උතුරට වන්නට කැලේස් (Calais) හිදි මිත්‍ර හමුදා ආක්‍රමණයට මුහුණ දීම සඳහා හිට්ලර් ඔහුගේ හමුදාවෙන් විශාල කොටසක් සුදානම් කළේය. සිදු වන්නේ කුමක්දැයි අවබෝධ කරගෙන ආරක්ෂාව සඳහා ජර්මන් හමුදා යවන විට යුද්ධය ආරම්භ වී තිබුනේය. ජර්මනිය ප්‍රමාද වූවා වැඩිය. නැව් 5000 ක්, අහස් යානා 10000 ක් හමුදා පිරිස් 176000 ක් පමණ සති හයක් ගත වූ යුද්ධයට දායක වූහ. මිත්‍ර හමුදාවන්ට තීරණාත්මක ජයග්‍රහණයක් අත් කර දෙමින් සටන නිමාවට පත් විය.

නොමැන්ඩ්ස් වෙරළට ගොඩබැසීමෙන් පසු ඇමෙරිකන් හමුදා යුද්ධයේ ප්‍රථිපල සඳහා මහත් සේ දායක වූහ. ඔවුහු ආර්ඩන්ස් සහ බල්ජ් යුද්ධ වලදි (Battle of the Ardennes and Battle of the Bulge) ජර්මන් වරුන්ට එරෙහිව මිත්‍ර හමුදාවන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයෙන් සටන් කළහ. යුද්ධයෙන් ඇමෙරිකාවට බරපතල හානි සිදු විය.බල්ජ් යුද්ධයේදි පමණක් ඔවුනගේ ජීවිත 19000 ක් අහිමි විය. කලින් නියම කර ගත් දිනයෙන් (D – day) පසු මිත්‍ර හමුදා විසින් ජර්මනියට හෙළන ලද බෝම්බ ප්‍රමාණය පෙර නොවූ විරු ලෙස වැඩි විය. හෙළන ලද බෝම්බ වලින් 70% කට වැඩි ප්‍රමාණයක් එම දිනයෙන් පසුව හෙළන ලද ඒවා විය. ජර්මනිය බිමට සමතල විය. රට ‍ෙභෟතික හා භාවමය අතින් සුනු විසුනු විය. 1945 අප්‍රේල් 30 වැනි දින බර්ලින් නගරය සම්පූර්ණයෙන්ම රුසියන් හමුදා බලයට යටත් විය. හිට්ලර්ගේ රට සම්පූර්ණයෙන්ම විනාශ විය. ඇඩොල්ෆ් හිට්ලර් සිය දිවි හානි කර ගත්තේය. 1945 මැයි 8 වැනි දින කොන්දේසි විරහිතව මිත්‍ර හමුදාවට යටත් වීමෙන් පසු ජර්මනිය සමග යුද්ධය අවසාන විය.

යුද්ධය ආරම්භයේදි යුරෝපයේ හමුදා තුල ප්‍රමාණවත් ලෙස තිබුණු දායකත්වය යුද්ධය අවසාන වන විට බටහිර යුරෝපයේ සියලු මිත්‍ර හමුදා සමග ගත් කල දළ වශයෙන් 66% ක් ඇමෙරිකන්වරු වූහ. .

ශීතල යුද්ධය ආරම්භ වීම සහ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය 1945 – 1964[සංස්කරණය]

ප්‍රධාන ලිපිය : එක්සත් ජනපදයේ ඉතිහාසය (1945 – 1964)

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ඇමෙරිකාව සුපිරි බලවතුන් දෙදෙනාගෙන් එකෙකු ලෙස නැගී සිටියේය. 1945 දෙසැම්බර් 4 වැනි දින එක්සත් ජනපද සෙනෙට් සභාව එක්සත් ජනපදය, එක්සත් ජාතින්ගේ සංවිධානයේ කොටස්කරුවෙකු වීම අනුමත කළේය. මෙයින් එක්සත් ජනපදය හුදෙකලාව සිටීමෙන් ඉවත් වීම හා ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් වැඩි වශයෙන් මැදිහත් වීම බලාපොරොත්තු විය. ශීතල යුද්ධය ආරම්භ වන කාලය වන විට එක්සත් ජනපදයෙහි පශ්චාත් යුද සමය ජාත්‍යන්තර වශයෙන් විග්‍රහයට ලක් වී තිබුනි. මෙම කාලය තුල එක්සත් ජනපදය හා සෝවියට් සංගමය තම තමන්ගේ බලය එකිනෙකා යටපත් කරමින් පැතිරවීමට උත්සාහ ගත්හ. ප්‍රතිඑලය වූයේ අර්බුද කීපයක් මෙම කාලය තුල ඇති වීමයි. ඒවා නම් කොරියන් යුද්ධය සහ කියුබන් මිසයිල අර්බුදයට අදාල න්‍යෂ්ඨික අවි එලිදරව් කිරීමෙන් ඇති වූ අවිනිශ්චිත භාවයයි. කොමියුනිස්ට් බලපෑම ගැන සැළකිල්ල යොමු කිරීමට එක්සත් ජනපදය තුල උනන්දුවක් ඇති විය. මෙයට බලපෑවේ ශිතල යුද්ධයයි. මෙහි ප්‍රතිඑලයක් ලෙස අභ්‍යවකාශය ජය ගැනීම සඳහා උත්සාහ කිරීමට ගණිතය සහ විද්‍යා අංශය ධෛර්මත් කිරීමට රජය පියවර ගත්තේය.

සිවිල් අයිතිවාසිකම් ගැන කෙනඩිගේ දේශනය, 1963 ජුනි 11[සංස්කරණය]

දෙවැනි ලෝක යුද්ධය අවසන් වී ගෙවුණු දශක කිහිපය තුල එක්සත් ජනපදය ආර්ථික, දේශපාලන, සංග්‍රාමික, සංස්කෘතික සහ තාක්ෂණික අංශ වලින් ලෝක බලවතෙකු විය.

ජෝන් එෆ් කෙනඩි 1960 වර්ෂයේ ජනාධිපතිවරයා වශයෙන් තේරි පත් විය. ජනප්‍රියත්වය අතින් ප්‍රසිද්ධියට පත් ඔහු ජනාධිපති පදවියට පත් වූ පළමු කතෝලික ලබ්ධිකයා විය. කෙනඩිවරුන් ධවල මන්දිරයට නව ප්‍රාණයක් හා ජීවයක් දුන්නාහ. ඔහු පදවිය දැරු කාලය තුල 1962 දී කියුබන් මිසයිල අර්බුදය සමග ශීතල යුද්ධය එහි උපරිම තලයට පැමිණියේය. 1963 නොවැම්බර් 22 දින ටෙක්සාස් ජනපදයේ ඩලාස් හීදි ඔහු ඝාතණයට ලක් විය.

මේ අතර ඇමෙරිකන් ජනතාව ගොවිපල වලින් නගරයට පැමිණ ඔවුන්ගේ මහා සංක්‍රමණය සම්පූර්ණ කළ අතර නොකඩවා පැවති ආර්ථික ව්‍යාප්ති යුගයක අත්දැකීම් වින්දෝය. මෙම අවස්ථාවේදිම මුලු ඇමෙරිකාව පුරා විශේෂයෙන් දකුණේ ක්‍රියාත්මක වුනු වර්ණභේද වාදය, සිවිල් අයිතීන් සුරැකීමේ ව්‍යාපාර වල සහ කණිෂ්ඨ මාටින් ලුතර් කිං වැනි ඇමෙරිකානු නායකයින්ගේ ක්‍රියාකාරකම් වල අභියෝගයට ලක් විය. 1960 දශකයේදී සුදු සහ කලු ජාතින් අතර වර්ණ භේද වාදය නීති ගත කළ ජිම් ක්‍රෝ නීති වල අවසානය ළඟා විය.

රැකියා කිරීමේ නිදහස පතා කළ වොෂින්ටන් පා ගමනේදි මාටින් ලුතර් කිං ‘අයි හෑව් අ ඩ්‍රීම්’ (මට සිහිනයක් තිබේ) දේශනය පවත්වද්දි.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/History_of_the_United_States