උග්ගල් අලුත්නුවර
උග්ගල් අලුත්නුවර යනු ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ ඉඹල්පේ ප්‍රාදේශිය ලේකම් කොටිඨාසයට අයත් ගම්මානයකි. එයින් අනාවරනය වන ඓතිහාසික තොරතුරු හා එම උපසංස්කෘතිය තවමත් ලෝකයාගෙන් සැගව පවතී. කොළඹ සිට බදුල්ල බලා දිවෙන ප්‍රධාන පාරේ පැමිණ රත්නපුර පැලමඩුල්ල හා බළන්ගොඩ නගර පසු කර යන විට කිලෝමීටර් 151 කණුව අසළ දී මංසන්ධියක් හමුවේ. එයින් දකුණට දිවෙන අතුරු මාවතකි. එමගින් මීටර 430 ක් පැමිණි විට දකුණු දෙසට හැරෙන දේවාල මාවතේ දුර මීටර 120 ක් පමණි. එසේ පැමිණි විට උග්ගල් අලුත්නුවර ගම්මානයේ එතිහාසික ස්මාරක, එනම් ඓතිහාසික දේවාලය හා රජ මහා විහාර ගොඩනැගිලි සමග දුටුවන් ආකර්ශනය කරගන්නා නිර්මිත පරිශ්‍රය හමුවෙයි. වාර්ෂික ඇසල මහා පෙරහර මග වටා දිග කිලොමීටර් 1/2 කටත් වඩා වැඩිය.(මීටර් 560 කි.) මේ කොටස අලුත්නුවර ග්‍රාම නිළධාරි කොට්ඨාසයට සීමාවී ඇති නමුදු මෙහිදී අදහස් කරන උග්ගල් අලුත්නුවර ලෙස සදහන් ඓතිහාසික ප්‍රදේශය ග්‍රාමනිලධාරී වසම් කිපයකින් සැදුම්ලත් විශාල එකකි. දේවාල සංකීරෟණය හා ඊට අයත් පරිශ්‍රය 1998 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කළයුතු පුරාවස්තුවක් බවට ප්‍රකාශවීමෙන් අනතුරුව ඓතිහාසික නිර්මාණ හා ගොඩනැගිලිවලට ද හානිය අවම වී ඇත. පුරාණ පරම්පරාවලින් පැවත එන ප්‍රවේනි රාජකාරි ශිල්පීහු මහත් භක්තියෙන් පුරාණ සිරිත් අනුවම පෙරහර පැවැත්වීමට කටයුතු කරන හෙයින් අභිමානවත් පුරාණ සම්ප්‍රදායේ අසිරිය තවම දක්නට ලැබේ. ර්‍භගෝලීය පිහිටීම නිරපේක්ෂව දක්වතොත් උත්තර අක්ෂාංශ 6.685 රේඛා සහ නැගෙනහිර දේශාංශ 80. 753 රේඛා අතරට වැටෙන ප්‍රදේශය වෙයි. පුරාණ ලේඛන හා ජනශ්‍රැතිය අනුව ක්‍රි.ව. 1382 දී සූරිය මහ රජු විසින් සකස් කරවා ඇති මැදගම දේවාලයට යුද්ධයක් දිනා ගැනීම සඳහා ක්‍රි.ව.1582 දී යාපා මහරජුරන්පනම් දහසකින් යුත් පඬුරු අසල ඇති කොස් පැළයේ බැඳ භාර වූ බවත් යුද්ධය දිනා ගැනීමෙන් අනතුරුව දැනට විද්‍යාමාන දේවාලය හා පරිශ්‍රය අලුතෙන්ම නිර්මාණය කර මෙතෙක් මැදගම වනාන්තරයේ තිබූ දේවාලය වෙනුවට උග්ගල් අලුත්නුවර නමින් පුරයක් තනවා තමන්ට පිහිට වූ මහත් අනුසස් ඇති කතරතම දෙවියන් වෙනුවෙන් දේවාලය ඉදි කළ බවත් ඒ සමගම දාගැබ හා විහාරය ඉදි කළ බවත් කියවේ. 1582 දී ඉදිකළ මේ අලුත්නුවරට "උග්ගල්" යන්වෙන් විශේෂණ පදයක් එක්වූයේ ඇයිද යන්නට හේතු වූයේ උස්ගල් පර්වත පොඩිකර උස්බිමක් තෝරා ඒමත ඉදි කළ හෙයින්ය යනු ප්‍රචලිත මතයයි.