ඊශ්‍රායල-පලස්තීන ගැටුම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

බටහිර ඉවුර නොමැතිව ඊශ්‍රායලයේ පටුම ස්ථානයට දුර සැතපුම් 9 ක් පමණ වෙයි. මෙම තත්වය අරාබි සන්ධානයට ඉදිරියේදි පහසුවෙන් ප්‍රහාර එල්ල කළ හැකි තත්වයකැයි බොහෝ අය බිය වූහ. ඊටත් වඩා එවැනි හමුදාවක් සටන් කරතොත් එසේ කරන්නේ බටහිර ඉවුරේ උස් බිම්වල සිටය. ජෝර්දාන් ඟග තරණය කිරීමට සිදු නොවන හෙයින් ආක්‍රමණයද පහසු වනු ඇත.

පලස්තීන භූමීයේ සිට ඊශ්‍රායලයට කසම් රොකට් ප්‍රහාර එල්ල කිරීමද සැළකිල්ලට ගත යුතු බරපතල කරුණක් විය. 2006 වර්ෂයේදි එනම් ඊශ්‍රායලය ගාසා තීරයෙන් ඉවත් වීමෙන් පසු එළැඹි වර්ෂයේ එවැනි ප්‍රහාර එල්ල කිරීම් 1726 ක් සිදු වුනු බව ඊශ්‍රායල රජය වාර්තා කළේය. මෙම ප්‍රමාණය 2005 දී එල්ල කළ රොකට් ප්‍රහාර සියල්ලේම එකතුවට වඩා සිව් ගුණයක වැඩි වීමකි.

ඊශ්‍රායලය පිළිගැනීමෙන් ඊශ්‍රායලය හා පලස්තීනය අතර ඝට්ටනයන් අඩු වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළහ. මෙහි ප්‍රථිපලයක් ලෙස ප්‍රචණ්ඩ ක්‍රියා ද අඩු වනු ඇත.

පටුන

[සංස්කරණය] දේශ සීමා සහ අන්තර්ජාතික තත්වය

අතීතයේදි පලස්තීන භූමි ප්‍රදේශය සහ ජෝර්දාන් සහ ඊජීප්තුව අතරේ දේශ සීමා පාලනයද ආනයන හා අපනයන පාලන අයිතියද ඊශ්‍රායලය විසින් ඉල්ලා තිබුනේය. ඊශ්‍රායලය සහ පලස්තීනය එකම ආර්ථික ප්‍රදේශයක් බව ස්ථිර ලෙස ප්‍රකාශ කරමිනි. ඊශ්‍රායලයේ දැනට තිබෙන යාබද ඊශ්‍රායල් භූමිය වෙන් වන යාබද භූමී ප්‍රදේශයක අවශ්‍යතාවය පලස්තීනුවන් අවධාරණය කර සිටියහ. ඔස්ලෝ සම්මුතියට අනුව ළඟා වුනු තාවකාලික එකඟතාවය තුල පලස්තීන අධිකාරියට ඒරියා ඒ (Area A) ප්‍රදේශයේ නගර වල පාලනය ලැබුණු අරත රට අවට අනෙක් ප්‍රදේශ ඊශ්‍රායලය ආරක්ෂාව යටතේ පලස්තීන සිවිල් පාලනයට ඒරියා බී (Area B) යටත් කර ඒරියා සි (Area C) කොටස සම්පූර්ණ ඊශ්‍රායල් පරිපාලනයට යටත් කරන ලදී. පලස්තීන නගර වලට ඇතුළු නොවී ඒවා මග හැර යාමට හැකි වන අයුරින් ඊශ්‍රායලය අතිරේක මහා මාර්ග (High Way) තැනුවේය. පලස්තීන අධිකාරියේ පාලනය යටතේ තිබුනු මුල් ප්‍රදේශ නොයෙක් නොයෙක් ආකාරයන් ගෙන් යුත් නොවූවා සේම යාබදවද පිහිටි ඒවා නොවීය. ඔස්ලො ii සම්මුතියද වයි රිවර් සහ ෂාර්ම් එල් - ෂෙයික් සහ ඊට පසුව කෙරුනු නොයෙකුත් සාකච්ඡාද හේතුවෙන් කාලය ගත වන විට එම ප්‍රදේශ වෙනස් වීමට භාජනය විය. පලස්තීනුවන්ගේ මතයට අනුව වෙන් කරන ලද ප්‍රදේශ ජීවත් වීමට හැකි ජාතියක් නිර්මාණය කිරීමට සුදුසු නොවීය. එමෙන්ම පලස්තීන ආරක්ෂක අවශ්‍යතා පිරිමැසීමට ප්‍රමාණවත් නොවීය. ඊශ්‍රායලය සමහර ඒරියා බී ‍ෙපදෙස වලින් ඉවත් වීම ගැන එකඟතාවයක් ප්‍රකාශ නොකළහ. එහි ප්‍රතිඵලය වූයේ පලස්තීනුවන්ගේ ප්‍රදේශවල අඩුවක් සිදු නොවීම සහ ඊශ්‍රායල් මුර පොලවල් නැති මෙම ප්‍රදේශය තුල ආරක්ෂිතව පිටවීමේ ආයතන ඇති වීමයි. මෙම සැලසුම අයිතිකර ගැනීමට පලස්තීන් ප්‍රචණ්ඩ ක්‍රියා උග්‍රවීම හේතුවෙන් අත් හැර දැමුනි. මුර පොළ සංඛ්‍යාව ඉහළ ගියේය. මෙහි ප්‍රථිපලය වූයේ 2003 ග්‍රීෂ්ම ඍතුවේ සිට වැඩි පුර මිනිස් බෝම්බ ප්‍රහාර එල්ල වීමයි. අවසාන සිතියම සඳහා එකද පාර්ශවයක් හෝ යෝජනාවක් ප්‍රකාශ කළේ නැත. (ඇතැම් සිතියම් රහසෙන් එළි දැක්විනි)


[සංස්කරණය] පලස්තීන ආණ්ඩුව

පලස්තීන අධිකාරිය (Palastinian Authority) විවිධාකාර වූ අංශයන්, ඇතැම් විට පලස්තීනුවන්ද හවුල් වීමෙන් දූෂිත වන්නට ඇතැයි සැළකේ එය ඔවුන් හමාස් සහ වෙනත් ඉස්ලාමීය ත්රිස්තවාදි සංවිධාන සමග පවත්වාගෙන යනු ලබන සම්බන්ධතා උපයෝගී කර ගෙන අන්තවාදීන්ට රහසෙන් උදව් කරයි. ඊශ්රානයලය පැත්තෙන් බැලූ විට (විශේෂයෙන් ඊශ්රාතයලයේ දක්ෂිණාංශික කණ්ඩායමට අනුව) මෙම තත්වය සුදුසු නොවීය. මේ නිසා කලින් ඊශ්රාහයලය පාලනය කළ ලිකුද් පක්ෂය ඇතුලු බොහෝ සංවිධාන ගණනාවක් වර්තමාන පලස්තීන අධිකාරිය පදනම් කර ගත් පලස්තීන රාජ්ය යක් පිළිනොගන්නා බව ප්රතකාශ කළහ. කලින් ලිකුද් පක්ෂයේ නායකයෙකුව සිටි ඒරියල් ෂැරෝන්ද ප්ර්සිද්ධියේ ප්රවකාශ කරමින් මෙම තත්වය වඩාත් රැඩිකල්වාදි බව කියමින් ප්රයතික්ෂේප කළේය.

පලස්තීන අධිකාරියේ කැබිනට් ඇමතිවරයෙකු වූ සඑබ් එරෙකට් කීවේ ඊශ්රාඩයලය බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ ඔවුන්ගේ බලය පවත්වාගෙන යාමට බලා පොරොත්තුවෙන් සිටින බවයි. ඊශ්රාසයලය පලස්තීන රාජ්යවයක් පිළිගෙන නැත. එසේම ගාසා තීරය සහ බටහිර ඉවුරේ නඩු විමසීමකින් තොරව සැකකරුවන් ඝතණය කරමින් පැවතුනේය. ඇතැම් අන්තර්ජාතික නිරීක්ෂකයින් උපදෙස් දුන්නේ සාකච්ඡා වල ප්රකගතියක් පෙන්වන්නේ නම් අභ්යතන්තර පලස්තීන ප්රීතිසංස්කරණ ක්රිබයාත්මක කළ හැකිය යනුවෙනි.

[සංස්කරණය] ගුවන් කලාපය

බටහිර ඉවුරේ සහ ඊශ්‍රායලයේ කි.මි.80 ක් පළලට පමණක් ගුවන් කලාපයක් පිහිටෙව්වේය. ඊශ්‍රායලය බටහිර ඉවුර සහ ගාසා තීරයට ඉහළ අහසේ මෙන්ම ඊශ්‍රායලයේද ගුවන් සීමාවන් පාලනය කිරීමේ අයිතිය ඉල්ලා සිටියේය. මෙම ඒකාබද්ධ ගුවන් කලාපය දෙපාර්ශවයම හවුලේ ගුවන් සීමාවේ පාලනය පිළිබඳ පලස්තීන යෝජනාව ඊශ්‍රායලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිනි.

[සංස්කරණය] පලස්තීන හමුදාව

යුද්ධයක් කිරීමට තරම් ප්රිමාණවත් හමුදාවක් පලස්තීනයට නොතිබිය යුතු යයිද එවැනි හමුදාවක් තිබිය යුත්තේ ඊශ්රා යලයට පමණක් යැයිද ඊශ්රා යල් කැබිනට්ටුව ප්රකකාශයක් කළේය. එහෙත් පලස්තීන පොලිස් හමුදාවක් පිහිටුවීම සම්බන්ධයෙන් ඊශ්රාුයලය එකඟතාවය පළ කළේය. එවැනි පොලිස් හමුදාවක් සාමාන්යි පොලිස් රාජකාරි වලට අමතරව සීමාසහිත ප්රකමාණයක යුද කටයුතු කිරීමේ හැකියාව තිබීම ගැනද ඊශ්රා්යලය එකඟත්වය පල කළේය. IDF හමුදාවක් යනු ඉදිරියේදී බිහිවන පලස්තීන රාජ්ය යකට තර්ජනයක් මෙන්ම ස්වාධීනත්වයට බාධාවක් බව පලස්තීනුවෝ තර්ක කරමින් කියා සිටියේ පලස්තීන රාජ්යායකට තමන්ගේ ආරක්ෂක හමුදාවක් තිබිය යුතු බවයි. මෙයට ඊශ්රානයලයේ ප්ර තිචාරය වූයේ හමුදාවක් ගොඩනංවමින් තිබියදි ගිවිසුමක් අත්සන් කිරීම යනු අයහපත් අදහස් විදහා පෑමක් යනුවෙනි.

[සංස්කරණය] ගාසා තීරය

ගාසා තීරය සහ බටහිර ඉවුරේ සිතියමක්. මෙහි නිල් පලස්තීන අධිකාරී ප්‍රදේශ තද කොළ පැහැයෙන් ද ඊශ්‍රායල් අධිකාරී ප්‍රදේශ ළා කොළ පැ‍හැයෙන් ද දක්වා ඇත.

West Bank & Gaza Map 2007 (Settlements).png

[සංස්කරණය] 2000 ඩේව්ඩ් කඳවුරු සමුළුව

2000 ඩේව්ඩ් කඳවුරු සමුළුව 2000 වසරේ බිල් ක්ලින්ටන් ජවාධිපතිවරයා පලස්තීන ජනාධිපති යසර් අර්ෆත් හා ඊශ්‍රායල් අගමැති ඊහුඩ් බැරක් අතර සාම සාකච්ඡා කැඳවීය. වාර්තාවන අන්දමට බැරක් පලස්තීන නායකයාට බටහිර ඉවුරෙන් හා ගාසා තීරයෙන් දළ වශයෙන් 95% ක් නැගෙනහිර ජෙරු සෙලමේ පලස්තීන ස්වෛරීත්වය ද යුදෙව් ජනාවාස 69 ක් (එය බටහිර ඉවුරේ යුදෙව් ජනාවාසවලින් 85 % ක් අයත් කර ගනී) ඊශ්‍රායලයට පවරා ගැනීම ද යෝජනා කළේය. මේ අතර මොහු බටහිර ඉවුරේ ප්‍රදේශවල 10% ක ප්‍රදේශයක තාවකාලික ඊශ්‍රායල පාලනයක් යෝජනා කළ අතර එම ප්‍රදේශයේ යුදෙව් ජනාවාස රැසක් පැවතිණි. පලස්තීන මූලාශ්‍රයන්ට අනුව ඉතිරි ප්‍රදේශය පලස්තීන පාලනය යටතේ පවතිනු ඇත. තවදුරටත් ඇතැම් ප්‍රදේශ ඊශ්‍රායල කෙටි මාර්ග හා මුර කුටිවලින් භේදනය වනු ඇති. ආරක්ෂක මාර්ග ඇති වන්නේ කෙසේද යන්න මත පදනම්ව මෙම ඊශ්‍රායල මාර්ග ඔවුන්ගේ යෝජිත රාජ්‍යය පුරා නිදහසේ සැරිසැරීම අවහිර කරන අතර පලස්තීන සරණාගතයන් අවශෝෂණයට ඇති හැකියාව අවම කරනු ඇත.

ජනාධිපති අර්ෆත් මෙම පිළිගැන්වීම ප්‍රතික්ෂේප කළේය. වාර්තාවන අන්දමට ජනාධිපති ක්ලින්ටන් අර්ෆත්ට සාධාරණ ප්‍රධානයක් යෝජනා කරන ලෙස ඉල්ලා සිටියද ඔහු කිසිවක් යෝජනා කර නැත. ඊශ්‍රායලය හා පලස්තීන ඉල්ලීම් සංසිඳවන ස්ථාවර විසඳුමක් එක්සත් ජනපද පීඩනයේ තීව්‍රතාව වැඩිවන අතරදීවත් යෝජනා නොවීය. ඩේවිඩ් කඳවුරු සමුළුවේ අසාර්ථකත්වය සම්බන්ධයෙන් ජනාධිපති ක්ලින්ටන් ජනාධිපති අර්ෆත්ට බැන වැදිණි. සමුළුවේන් පසු මාසවලදී ක්ලින්ටන් හිටපු සෙනෙට් සභික ජෝජ්ජ් මිචෙල්ව කරුණූ සොයාබැලීමේ ‍කොමිටුවක නායකත්වයට පත්වන අතර ඔවුන් පසුව මිචෙල් වාර්තාව ඉදිරිපත් කරන ලදී. පසුව තාබා සමුළුවේදී 2001 ජනවාරි මාසයේදී ඊශ්‍රායල් සාකච්ඡා කණ්ඩායම නව සිතියමක් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනාවේදී තාවකාලික ඊශ්‍රායල් පාලන ප්‍රදේශ ඉවත් කළ අතර පලස්තීන පාර්ශවය මෙම යෝජනාව තව දුරටත් සලකා බැලිය හැකි එකක් බව පිළිගත්තේය. මේ වකවානුවේදී අගමැති බැරක් තව දුරටත් සලකා බැලීම සිදු නොකළ අතර සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් විය. ඊළඟ මාසයේදී එනම් 2001 පෙබරවාරිවලදී දක්ෂිණාංශික ලිකුඩ් පක්ෂයේ අපේක්ෂක ඒරියල් ෂැරොන්ව ඊශ්‍රායල අගමැතිවරයා ලෙස තෝරා ගන්නා ලදී.

[සංස්කරණය] සම්පත් සහ ජලය බෙදීම

තමන්ගේ ප්‍රධාන අවශ්‍යතාවයන්ගෙන් එකක් ලෙස පලස්තීනුවන් සැලකුවේ යහපත් පරිසරයක ජීවත් වීමට තරම් අවශ්‍ය ඉඩම් හා වෙනත් සම්පත්ය. එබැවින් ඊශ්‍රායලය වෙනුවෙන් බොහෝ සම්පත් අත හැරීමට ඔවුනට බල නොකළ යුතු යයි ඔවුන් අදහස් කළේ ඒ මගින් ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටීමට ලක් විය හැකි හෙයිනි.

මැද පෙර දිග කලාපයේ ජලය යනු දේශපාලනික වශයෙන් ඉතා වැදගත් සාධකයකි. ඊශ්‍රායලය ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා ග්‍රීන් ලයින් නම් ප්‍රදේශය පුරා විහිදි තිබුනු විශාල ජල නිධි වලින් ජලය ලබා ගැනීම ඊශ්‍රායලය - පලස්තීන ගැටුම් වලට හේතුවක් වී පැවතුනි. පලස්තීන බලප්‍රදේශයට අයත් බිමෙහි තැන්පත් වී තිබෙන ජලය ලිං කිහිපයක් මගින් ඊශ්‍රායල්වරුන්ගේ ප්‍රයෝජනය පිණිස ඇද ගැනීම ගැන බොහෝ දෙනෙකු ප්‍රශ්න කළේ “ඊශ්‍රායලයේ ප්‍රයෝජනය පිණිස ඔවුන්ගේ ජලය පාවිච්චි කිරීමේ නීත්‍යානූකූල භාවය කුමක්දැ?"යි අසමිනි.

එහෙත් මෙම තර්ක ඉදිරිපත් කළ විවේචකයින් විසින් ඊශ්‍රායලය මෙම ප්‍රදේශයෙන් ජලය ලබා ගත් නමුත් පරිභෝජන ප්‍රමාණයෙන් 77% ක් බටහිර ඉවුර ප්‍රදේශයට සපයන බවද පෙන්වා දෙන ලදි. ඊශ්‍රායලය බටහිර ඉවුරේ අයිතිය ලබා ගත් තැන සිට ජලය ප්‍රයෝජනයට ගැනීම අඩුවෙමින් තිබුනද ඒ වන විටත් ජල පරිභෝජනය වැඩි වශයෙන් කරන ලද්දේ ඊශ්‍රායලයයි. 1950 දී ඊශ්‍රායලය බටහිර ජල නිධියේ නිෂ්පාදන වලින් 95% ක ජල පරිභෝජනයක්ද ඊසාන ජල නිධියෙන් 82% ක ප්‍රමාණයක්ද ප්‍රයෝජනයට ගත්තේය. මෙම ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ගන්නා ලද්දේ 1967 ට පෙර තිබු දේශ සීමාවන්ට අනුව ඊශ්‍රායලය පැත්තෙනි. 1999 වන විට මෙම සංඛ්‍යාවන් පිළිවෙලින් 82% සහ 80% ප්‍රමාණයක් දක්වා පහත වැටුනේය.

අවසානයේ ඊශ්‍රායලය ඔස්ලෝ 11 සම්මුතිය ගෙන හැර දක්වයි. මෙම සම්මුතියෙන් දැනට පවත්නා සම්පත් වලින් ප්‍රයෝජනයට ගැනීමේ ප්‍රමාණය පාලනය කරගෙන පවත්වාගෙන යාමට දෙපාර්ශවයම එකඟ වූහ. මෙහිදි බටහිර ඉවුරේ ඊශ්‍රායල් ජල නිෂ්පාදනයේ නීත්‍යානූකූල භාවය පලස්තීන අධිකාරිය විසින් පැහැදිලිව තහවුරු කරන ලදි. වැඩිමනක් වශයෙන් පලස්තීනය නිෂ්පාදනය කරන ජල ප්‍රමාණයට මදි පාඩුවක් වුවහොත් එම ප්‍රමාණය සැපයීමටත් නැගෙනහිර ජල නිධි (ජලය නිෂ්පාදනය සඳහා) කැනීමට පලස්තීනයට ඉඩ දීමටත් ඊශ්‍රායලය එකඟ විය. ඔස්ලො සම්මුතියේ අරමුණ තාවකාලික විසඳුමක් බවත් දශකයට වඩා කාලයක් එය සාර්ථකව නොපවතින බවත් කියමින් බොහෝ පලස්තීනුවන් විරෝධය පෑහ. ඇත්තෙන්ම එම ගිවිසුමේ නම වූයේද “ඊශ්‍රායල් - පලස්තීන අන්තර්වාර් ගිවිසුම” යන්නයි.

මෙම ගිවිසුමෙන් රට තුල හා මුහුදු සීමාවේ ස්වභාවික ගෑස් ඉන්ධන සහ පෙට්රෝලියම් සඳහා කැනීම් කිරීමට හා පරීක්ෂණ පැවැත්වීමට පලස්තීන බලාධිකාරියට ඇති අයිතිය තහවුරු කරන ලදී.


[සංස්කරණය] සමූහ දඬුවම්

ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව විසින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් කළ ඇතැම් ඉල්ලීම් සත්‍ය වශයෙන්ම අයුතු සමූහ දඬුවම් නියම කිරීමක් බව මානව හිමිකම් සංවිධාන සහ පලස්තීනුවෝ කියා සිටියහ. මේවාට ආක්‍රමණික යුද ක්‍රියා මාර්ග ද ඇතුලත් විය. ඊශ්‍රායලය තරයේ කියා සිටියේ මෙම යුද මෙහෙයුම් වල ඉලක්කයන් වන්නේ ත්‍රස්තවාදි පුද්ගලයින් ඔවුන්ගේ පහසුකම් සහ ගාසා තීරයට විදුලිය සැපයීම බොහෝ දුරට අඩු කිරීම බවයි.

මෑත ඉතිහාසයේ පලස්තීනයේ ආධාර කරුවෝ මෙම යෙදුම පාවිච්චි කළේ ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ ඇතැම් ඊශ්‍රායල් හමුදා ක්‍රියා කාරකම් හැඳින්වීමට සහ ඊශ්‍රායල් මරණ වලට වගකීව යුතු මිනිස් බෝම්බ කරුවන් විනාශ කිරීමේ ඊශ්‍රායල ප්‍රතිපත්තිය හැඳින්වීමටයි. බ්‍රිතාන්‍ය ආඥා පත්‍රය (British Mandate) නිකුත් කල කාලයේ පටන් කෙරි ගෙන ආ මෙම ක්‍රියාව 2005 පෙබරවාරි මස ඊශ්‍රායලය විසින් නතර කරන ලදි. සමූහ දඬුවම් (Collective punishment) සඳහා වූ මෙම ඉල්ලීම තව දුරටත් දිගු කරන ලැබුයේ ඊශ්‍රායලයේ අභ්‍යන්තර මාර්ග බාධක හා මුර පොලවල් පලස්තිනය තුල පිහිටුවීම සඳහාය. ත්‍රස්තවාදි ක්‍රියා කාරකම් නතර කිරීමට මේවා කළ යුතු බව ඊශ්‍රායලය අවධාරණය කර කියා සිටියේය.

බොහෝ මානව හිතවාදී සංවිධාන විසින් ගාසා තීරයට බාධා අවහිර කිරීම විවේචනයට ලක් කරන ලදි. 2008 වසරේදි සමූහ දඬුවම් ස්වරූපයෙන් කරන ලද මෙම බාධා කිරීම් ඊශ්‍රායලයද සාමාජිකයෙකු වූ ජීනිවා සම්මුතියට අනුව නීත්‍යානුකූල නොවීය. මෙම සංවිධානවලට ඇම්නෙස්ට් ජාත්‍යන්තරය ද, සේව් ද චිල්ඩ්රන්, කැෆොඩ්, කෙයා ඉන්ටර් නැෂනල් සහ ක්‍රිස්ටියන් ඒඩ් ද ඇතුළත් විය. කෙසේ වෙතත් ඇතැමෙක් තර්ක කරන්නේ සමූහ දඬුවම් යන වචනය අන්තර් ජාතික නීතියේ භාෂාව මෙහෙයවීමක් පමණක් බවයි. එහෙත් මෙය නීති විශාරදයින් විසින් සහ විචාරකයින් ප්‍රතික්ෂේප කර ඇත.

[සංස්කරණය] ගාසා අවහිර කිරීම පිළිබඳ විවාදය

ඊශ්‍රායල් රජය විසින් ගාසා තීරයට ඉන්ධන සහ විදුලිය සැපයීම කපා හැරීමද සිවිල් ජනතාව සඳහා වූ සමූහ දඬුවමක් ලෙස හඳුන්වනු ලැබීය. යුද නීතිය යටතේ මෙය ඊශ්‍රායල් වලකීම ඉටු කිරීම පැහැර හැරීමක් විය. 2008 පෙබරවාරි 7 දා සිට ඊශ්‍රායල් රජය ගාසා තීරයට කෙලින්ම විකුණමින් සිටි විදුලිය අඩු කළේය. මෙයින් පසු ඊශ්‍රායල් මහාධිකරණයේ නියෝගයක් නිකුත් විය. එයින් ගාසා තීරයට සපයන තෙල් ප්‍රමාණය තහුවරු කළේය. එම නියෝගයෙන් “ගාසා තීරයට සපයන ලද තෙල් ප්‍රමාණය සම්බන්ධයෙන් අපගේ පැහැදිලි කිරීම වන්නේ පසුගිය වසරේ ශීත ඍතුවේදී එම පෙදෙසට සපයන ලද ඩීසල් ඉන්ධන ප්‍රමාණය හා සැස‍ඳෙන ඉන්ධන ප්‍රමාණයක් වගඋත්තර කරුවන් මේ වසරේ ගාසා තීරයට සැපයීම භාර ගෙන සිටින බවයි. මෙම කාරණයේදී පෙන්ණුම් කරන ලද්දේ ගාසා තීරයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලැබෙන බවත් එය සාධාරණ ප්‍රමාණයක් බවත්ය. මෙම තෙල් බෙදා හැරීමේ ක්‍රියාවලියේදි පලස්තීනුවන් විසින් ඊශ්‍රායල් ජාතිකයින් දෙදෙනෙකු මරු මුවට පත් කළ බවත් ජෙරුසලම් පෝස්ට් පුවත් පත ප්‍රකාශ කළේය.



[සංස්කරණය] පලස්තීන සමාජයේ ප්‍රචණ්ඩ ක්‍රියාවන් වලට පෙළඹවීම සහ සමාජයම ආකල්ප

ඊශ්‍රායල් ජාතිකයින්ට තිබුනු ප්‍රධාන ප්‍රශ්නයක් නම් ප්‍රධාන පලස්තීන නායකයින් ඊශ්‍රායලය පිලි ගැනීමට එරෙහිව ප්‍රචණ්ඩක්‍රියා ප්‍රවර්ධනය කිරීමයි. ඊශ්‍රායලය නොපිළිගන්නා ලෙසට පලස්තීනුවන් සහ ප්‍රජා සංවිධාන විසින් මාධ්‍යයන් මගින් කරන ලද ප්‍රධාන ප්‍රකාශ ඊශ්‍රායල්වරුන් විසින් පෙන්වා දෙන ලදී.

[සංස්කරණය] අල්ලා ගත් භූමි ප්‍රදේශවල තත්වය

“අත්පත් කර ගත් පලස්තීන් භූමිය” යනු බටහිර ඉවුර සහ ගාසා තීරය හැඳින්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පාවිච්චි කරන ලද යෙදුමකි. මෙම ප්රදේශය 1967 දී පැවති සය දින යුද්ධයේදි ඊශ්රායලය විසින් ඊජීප්තුව සහ ජෝර්දානයෙන් අත්පත් කර ගත් කොටසකි. ඊශ්රායල් රජය මෙහි තත්වය දැක්වීම පිණිස යොදන්නේ “අර්බුද සහිත ප්රදේශය” (Disputed Territories) යන්නයි. ඇතැම් ප්රදේශ අත්පත් කර ගත්තා යයි හැඳින්විය නොහැක්කේ කිසිදු ජාතියකට ඒවාට පැහැදිලි අයිතියක් නොමැති බැවිනි. එසේම 1967 දී ඊශ්රායලය එම ප්රදේශ අල්ලා ගන්නා විට ක්රියා කාරි රාජ්ය ත්රාන්ත්රික ක්රියාදාමයක් නොතිබුනි. මෙම ප්රදේශ තවමත් “ජුදෙයා සහ සමාරියා” යනුවෙන් ඇතැම් ඊශ්රායල් කණ්ඩායම් විසින් හඳුන්වනු ලබන්නේ පුරාණ කාලයේ සිට පැවත එන ඓතිහාසික ප්රාදේශික නාම පදනම් කර ගෙනයි.

1980 දී ඊශ්රායලය නැගෙනහිර ජෙරුසලම අත්පත් කර ගත්තේය. එම වසරේම අගෝස්තුවේදි එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ඇඳා ගැනීම ප්රතික්ෂේප කළේය. ඊශ්රායලය කෙදිනක හෝ බටහිර ඉවුර හෝ ගාසා තීරය යා කර නොගත්තේය. කලාපය තුල පිහිටි සියලුම රාජ්යයන්හි දේශපාලන නිදහස, භූමියේ අයිතිය, ස්වාධීනත්වය පිළිගැනීම සියලු ප්රශ්න නැතහොත් ආරවුල් ඇති විය හැකි අවස්ථා ඉවත් කිරීම සියලු රාජ්යයන්හි ජනතාව බියෙන් සැකෙන් තොරව සාමකාමීව ජීවත් වීමට ඇති අවස්ථාව සහ මෑතදි ඊශ්රායලය අල්ලා ගත් ප්රදේශ වලින් ඊශ්රායල් හමුදා ඉවත් වීම ආදි කාරණා ඉටු විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර ගෙන සිටියේය. අන්තිමට සඳහන් ඉල්ලීමේ අදහස සහ අභිප්රාය අවුල් සහිත විය.

ඊශ්රායලයේ අදහස වී තිබුනේ බටහිර ඉවුරේ අරාබි ජාතීන් බොහෝමයක් සිටි ප්රදේශ (ප්රධාන යුදෙව් ජනාවාස හැර) සහ සම්පූර්ණ ගාසා තීරය පසු කලෙක ස්වාධින පලස්තීන රජයක කොටසක් විය යුතුය යන්නයි. කෙසේ වුවද මෙම රාජ්යයේ නිශ්චිත මායිම් ප්රශ්නකාරි විය. උදාහරණයක් වශයෙන් 2000 වර්ෂයේදි බටහිර ඉවුරේ 92% ක ප්රමාණයක් ද සම්පූර්ණ ගාසා තීරයද ඇතුලත් නිදහස් පලස්තීන රාජ්යයක් ස්ථාපිත කිරීමට අවස්ථාවක් එහුඩ් බරක් විසින් යසර් අර්ෆත්ට ප්රදානය කළේය. එහෙත් ආරක්ෂක වැඩ පිළිවෙල වල බලපෑම් සහ වෙනත් හේතුන් නිසා අරෆත් එම යෝජනාව ප්රතික්ෂේප කළේය.

ඇතැම් පලස්තීනුවෝ ඔවුනට සම්පූර්ණ බටහිර ඉවුරද ගාසා තීරයද සහ නැගෙනහිර ජෙරුසලමද අයිති යයි කියති. මෙම ප්රමාණය අඩු කිරීමට කෙරෙන ඕනෑම ක්රියාවක් ඔවුන්ගේ අයිතීන් තදබල ලෙස අහිමි කිරීමක් යැයි පලස්තීනුවෝ කියති. මේ සම්බන්ධව අදහස් හුවමාරු කර ගැනීමේදි ඔවුන් කියා සිටියේ මෙම භූමි ප්රදේශයේ සීමාවන් අඩු කිරීමට ගන්නා ඕනෑම ක්රියා මාර්ගයක් තමන්ගේ මූලික අවශ්යතාවයන් අහිමි කිරීමේ සතුරු ක්රියාවක් වන බවයි.

‘හමාස්’ වැනි වෙනත් පලස්තීන කණ්ඩායම් අවධාරණය කර කියා සිටියේ බටහිර ඉවුරේ, ගාසා තීරය, නැගෙනහිර ජෙරුසලම පමණක් නොව මුලු ඊශ්රායලයම පලස්තීනය විසින් පාලනය කළ යුතු යයි යනුවෙනි. මෙම කාරණය සඳහා හමාස් සංවිධානයට සාම ක්රියාවලිය පෙනුනේ “ආගමික වශයෙන් තහනම් යන දේශපාලනික වශයෙන් සිදු විය නොහැකි එකක්” ලෙසිනි.


[සංස්කරණය] පලස්තීන අනාථයින්ගේ ගැටලුව

ඊශ්‍රායලය නිර්මාණය කිරීමෙන් පසු නෙරපා දැමුනු හෝ පලා ගිය පලස්තීනුවන් සංඛ්‍යාව සහ ඔවුන්ගෙන් පැවතෙන්නන්ගේ සංඛ්‍යාව මේ වන විට මිලියන 4 ක් පමණ වේ.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සහ එක්සත් ජාතීන්ගේ මහ සමුලුවේ යෝජනා සම්මතයන් සාක්ෂි වශයෙන් පෙන්වා දෙමින් 1948 සහ 1967 යුද්ධය නිසා අනාථ වූ අය සහ ඔවුන්ගේ පැවතෙන්නන්ට එම යුද්ධවලට කලින් ඔවුන් සිටි ප්‍රදේශවලට යාමට ඔවුන්ට අයිතියක් තිබෙන බව පලස්තීනය වෙනුවෙන් කථා කළ මැදිහත්කරුවෝ අවධාරණය කර සිටියහ. මෙම අනාථ පිරිසට 1949 සටන් විරාම සමයේ තාවකාලික වාසස්ථානවල සිටි අයද ඇතුළත් වෙයි.

2002 අරාබි සාම ඇරඹුම, අනාථ ගැටලුවට සාධාරණ විසඳුමක් අපේක්ෂාවෙන් සමථයක් යෝජනා කළ බව ප්‍රකාශ කරන ලදී. පලස්තීන ජාතිකයින් සහ අන්තර්ජාතික ප්‍රධානින් කාරණා කීපයක් මත පලස්තීන අනාථයින්ට ආපසු පැමිනීම පිළිබඳ තිබෙන අයිතිය සාධාරණීකරණය කළහ.

  • මූලිකයින් කීප දෙනෙක් හැගන්, ලෙගි සහ ඉර්ගුන් ක්‍රියා හේතුවෙන් පලස්තීනුවන්ට පිටමං වීමට සිදු වුණු බව ප්‍රකාශ කළහ. “1947/12/1 - 1948/6/1 කාලය තුළ පලස්තීන අරාබිවරුන්ගේ විගමනය” නමැති හැගනොන් බුද්ධි තොරතුරු වාර්තාවකින් පහත කරුණු තහවුරු කරයි.

පිටමං වූවන්ගෙන් අඩු ගණනේ 55% ක ප්‍රමාණයකට එසේ පිටමං වීමට සිදු වූයේ අපගේ (හැගනාහ්/DF) ක්‍රියා කාරකම් හේතුවෙනි. ලෙහි සහ ඉර්ගුන් ක්‍රියාකාරකම් මෙම විගමනයන්ගෙන් 15% කට කෙළින්ම හේතු වූ බව වාර්තාවේ සම්පාදකවරු කියා සිටියහ. තවත් 2% ක් ඊශ්‍රායල් හමුදා විසින් නිකුත් කරන ලද නෙරපීම් නියෝග නිසාද 1% ක් ඔවුන්ගේ මානසිකව කළ යුද්ධය නිසාද සිදු විය. මෙම සංඛ්‍යා ලේඛණවලින් පෙනි යන්නේ මෙම විගමනයන්ගෙන් 73% ක් කෙලින්ම ඊශ්‍රායල්වරුන් ගේ ක්‍රියාවන් නිසා සිදු වූ බවකි. මෙයට අමතරව 22% ක ප්‍රමාණයක් වෙන්වීමට හේතු වූයේ පලස්තීන ජනතාව පෙලුණු බිය සහ අවිශ්වාසය නිසා බැව් එම වාර්තාව පෙන්වා දෙයි.

  • අරාබි නායකයන් පලස්තීන අරාබීන්ට පලා යාමට උදව් කළා යැයි කියන ඊශ්‍රායල් මතය අලුත් ඉතිහාසඥයින් (New Historians) විසින් විවාදයට ලක් කරන ලදි.
  • ලෝකයේ ඕනෑම ප්‍රදේශයක ඕනෑම යුදෙව්වෙකුට ආපසු පැමිනීමට හැකි වූ ඊශ්‍රායල් නීතිය යුදෙව් නොවන අයට වෙනස් ලෙස සැළකීමක් යැයි ඇතැම් අයට පෙනී ගියේය. එය යුදෙව් නොවන අය මෙන්ම තමන් කලින් සිටි ප්‍රදේශයට ආපසු ඒමට නොහැකි වූද ඉහත කී පරිදි පුරවැසි භාවය සඳහා ඉල්ලීම් කිරීමට නොහැකි වූද පලස්තීනූවන්ට විශේෂයෙන් බල පෑවේය.
  • ප්‍රශ්නයේ ශක්තිමත් නීතිමය පදනම වන්නේ 1948 දී ක්‍රියාත්මක කළ එක්සත් ජාතීන්ගේ 194 වැනි යෝජනාවයි. එහි මෙසේ විස්තර කර ඇත. ආපසු පැමිණ තම අසල්වාසීන් සමග වාසය කිරීමට කැමති අනාථයින්ට එසේ කිරීමට හැකි මුල්ම දිනයේදි අවසර ලැබිය යුතුය. නොපැමිණෙන අයට ඔවුන්ගේ දේපල සඳහා වන්දි ගෙවිය යුතුය. මේ සඳහා අන්තර් ජාතික නීති හෝ ඊට සමාන ක්‍රමයක් අනුගමනය කළ යුතුය. රජය හෝ බලයලත් ආයතන විසින් මෙම කාර්යයන් ඉටු කළ යුතුය.එක්සත් ජාතීන්ගේ 3236 වැනි යෝජනාවෙන් පලස්තීනූවන්ට ඔවුන්ගේ අයිතීන් අහිමි කළ ගෙවල් දොරවල්, දේපලවල පරම අයිතිය ලබා ගැනීමට තිබෙන හිමිකම් තහවුරු කරන අතර එසේ පැමිණීමට දන්වා සිටියි. එක්සත් ජාතීන්ගේ 242 වැනි යෝජනාව මගින් අනාථ ප්‍රශ්නයේ සාධාරණ විසඳුමක් ලබා ගැනීම සඳහා අවශ්‍යතාවය තහවුරු කරයි.

2000 වර්ෂයේ පැවති කෑම්ප් ඩේවිඩ් සමුලුවේදී එහුඩ් බරක් විසින් දෙන ලද අවස්ථාවෙන්, පවුල් නැවත එක් කිරීමේ උත්සාහය සහ මූල්‍ය වන්දි වැනි මාර්ග වලින් ප්‍රශ්නය බේරුම් කර ගැනීමට බොහෝ ඊශ්‍රායල් වරුනට ඉඩකඩ විවෘත විය. අනිත් කරුණු විරෝධතාවන්ට භාජනය විය. මෙම විරුද්ධතාවයන් සඳහා ඉදිරිපත් කළ පොදු තර්ක වූයේ,

  • ජෝර්දානය හැර සියලු අරාබි රටවල් ඔවුන්ගේ රට තුල සිටින පලස්තීන අරාබි ජාතිකයින්ට පුරවැසි භාවය ප්‍රදානය කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා අරාබි අනාථ ප්‍රශ්නය වැඩි වුනු බව ඊශ්‍රායලය කියා සිටීම. මෙම තත්වය නිසා දුගී භාවය සහ ආර්ථික ගැටලු පැන නැගී ඇති බව MFA ලේඛණ පෙන්වා දෙයි. පසුව විසඳන ලද නමුත් ලෝක යුද්ධයෙන් පසු අනාථයින් සම්බන්ධ විශාල ගැටලු මතු වී තිබුනි. මෙම ප්‍රශ්නය තවමත් පවතින්නේය.
  • 1948 යුද්ධය කාලයේ අරාබි ඉහළ පෙළේ කමිටුව සහ අරාබි රාජ්‍යයක් පලස්තීනුවන්ට පලා යාමට උදව් කළ බවත් එසේ කරන ලද්දේ යුදෙව් රාජ්‍යය පරාජය කිරීම පහසු වීම සඳහා බවත් පලස්තීන අනාථ ප්‍රශ්නයේ මුල පිළිබඳ සැලකිල්ල දැක්වූ ඊශ්‍රායලය ප්‍රකාශ කළේය. යුද්ධයටත් පෙර තිබූ සැලැස්මක් ක්‍රියාත්මක කරමින් ඊශ්‍රායල් සටන් කණ්ඩායම් සහ ඊශ්‍රායල් හමුදාව විසින් පලස්තීනුවන්ගේ දේපල අහිමි කොට ඔවුන් බලහත්කාරයෙන් අනාථයන් ලෙස පිටමං කළ බව පලස්තීනයේ ප්‍රකාශය විය. එහෙත් මේ දක්වා එම ගැටලුව ඉතිහාසඥයින් විසඳා නැත. තවමත් 1948 දී පලස්තීනුවන් පිටමං කිරීමේ කාරණය විවාදයට බඳුන් වෙමින් පවතී.
  • අරාබි ලෝකය තුළ යුදෙව් වි‍රෝධි ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ගැලවීම පිණිස පලා ගිය යුදෙව් අනාථයින් 900,000 න් කිසිවෙකුට ඔවුන් කලින් සිටි රටවල් වලින් කිසිදු වන්දියක් හෝ ඔවුන්ගේ රටවල්වලට ආපසු කැඳවීමක් කර නැත. To no objection on the part of Arab leaders – a precedent has been set whereby it is the responsibility of the nation which accepts the refugees to assimilate them.
  • දසලක්ෂ ගණනක් අසරණ දුප්පත් අනාථයින් රට තුළට ගලා ඒමෙන් කලාපයේ ක්ෂය වෙමින් පවතින සම්පත් අවසාන වන්නේය යන අදහස බොහෝ ඊශ්‍රායල්වරු දරති. (මෙම අනාථයින්ගෙන් කිසි කෙනෙකු අවට පිහිටි අරාබි රටවල් විසින් ඔවුන්ගේ රටවල්වලට හරියාකාරව එකතු කර ගෙන නැත)
  • ඊශ්‍රායලය, පලස්තීනුවන් නව පලස්තීන රාජ්‍යයකට පිවිසීමේ අයිතිය පිළිගත්තේ වී නමුත් ඔවුන් ඊශ්‍රායලයට පැමිණීම යුදෙව් රාජ්‍යයේ යහපත් පැවැත්මට බලවත් අනතුරක් විය හැකියයිද, පලස්තීන අනාතයින් රට තුළට ගලා ඒම ඊශ්‍රායල් රාජ්‍යයේ විනාශය මුල පිරිමක් විය හැකියයි ද ඔව්හු කල්පනා කළහ. මන්ද කියතොත් එම කාරණය නිසා ඊශ්‍රායලය තුළ අරාබි ජාතිය මහජාතිය බවට පත් වන හෙයිනි. මෙය අනිවාර්‍යයෙන්ම යුදෙව් රාජ්‍යයේ ඉරණම තීන්දු කරගන්නක් වනු ඇත.


[සංස්කරණය] ආශ්‍රිත

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්