නාගරික ඝන අපද්‍රව්‍ය

විකිපීඩියා වෙතින්

නගර ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය, පොදුවේ එක්සත් ජනපදය තුළ සුන්බුන් හෝ කුණු ලෙසද, බ්‍ර්තාන්‍යය තුල කසල හෝ කුණු ලෙසද හඳුන්වනු ලැබේ. ඝන අපද්‍රව්‍ය යනු මහජනතාව විසින් එදිනෙදා ඉවතලන භාණ්ඩ වලින්  සමන්විත අපද්‍රව්‍ය වර්ගයකි. "කුණු" ප්‍රධාන වශයෙන් අහාරාමය අපද්‍රව්‍ය සහ බැහැර කරන අපද්‍රව්‍ය ලෙස නම් කරනු ලබන අතර මේවා වෙන වෙනම එකතු කරනු ලැබේ.

සංයුතිය[සංස්කරණය]

නගර ආශ්‍රිත ඝණ අපද්‍රව්‍ය  සංයුතිය නගරසභාවෙන්  නගර සභාවට කාලය සමග සැලකිය යුතු ලෙස විශාල වශයෙන් වෙනස් වේ. හොඳින් දියුණු අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණ පද්ධතිය සහිත නගර සභා වල අපද්‍රවය ප්‍රවාහය, දිරා නොයන ප්ලාස්ටික් සහ ප්‍රතිචක්‍රීකරණය  කළ නොහැකි ඇසුරුම් ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් සමන්විත වේ. 20 වැනි සියවසේ ආරම්භයේ දී, එක්සත් රාජධානියේ ගෘහ අපද්‍රව්‍ය අතරින් බහුතරය (53%) විවෘත ගිනි ගැනීම් වලින් හට ගන්නා ගල් අඟුරු අළු වලින්  සමන්විත විණි.[1] සැලකිය යුතු ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාකාරකම් තොර සංවර්ධිත ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් ආහාරමය අපද්‍රව්‍යය, වෙළෙඳපොළ අපද්‍රව්‍ය, අංගන අපද්රව්ය, ප්ලාස්ටික් භාජන,   නිෂ්පාදන ඇසුරුම් ද්‍රව්‍ය සහ අනෙකුත් විවද නේවාසික, වාණිජ, ආයතනික, සහ කර්මාන්ත මූලාශ්ර වලින් නිකුත් කරනු ලබන අපද්‍රව්‍ය  වලින් සමන්විත වේ.[2] නගර ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය අර්ථකථනයේදී කර්මාන්ත ආශ්‍රිත  අපද්‍රව්‍ය, කෘෂිකාර්මික අපද්‍රව්‍ය, සෞඛ්‍ය සේවය ආශ්‍රිත අපද්‍රව්‍ය, විකිරණශීලි අපද්‍රව්‍ය හෝ මලබොර අන්තර්ගත නොවේ.[3] අදාල ප්‍රදේශ වල අපද්‍රවය එකතුකිරිම සිදුකරනු ලබන්නේ මහනගර සභා මගිනි. අවශේෂ අපද්‍රව්‍ය යන පදය අර්ථකතනයේදී එයට අදල වන්නේ ගෘහ ආශ්‍රිත ප්‍රදේශ වලින් ඉවත දමන වෙන්කිරීමට නොහැකි හෝ නැවත සකස් කිරීමට නොහැකි අපද්‍රවයි. [4] අපද්‍රව්‍ය ක්‍රම කිහිපයක් යටතේ වර්ගීකරනය කල හැක නමුත් පහත ලය්ස්තුව මගින් සාමාන්‍ය වර්ගීකරණය දැක්වේ:

ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේ සංරචක[සංස්කරණය]

විදුරු,කඩදාසි,ඇලුමිනියම්,PETබෝතල් සහ පිළිස්සුනු අපද්‍රව්‍ය  එකතු කරනු ලබන බාජන. 

නගර ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කර්මාන්ත වල ප්‍රධාන සංරචක හතරකි:  ප්‍රතිචක්‍රිකරණය, කොම්පොස්ට්කරණය, බැහැර කිරීම, සහ පිළිස්සීම මගින් අපද්‍රව්‍ය ශක්තිය බවට පත්කිරීම. [6] සියලු අපද්‍රව්‍ය  ධාරා කළමනාකරණයට  යෙදිය හැකි එක් ප්‍රවේශයක් නොමැත, එමනිසා පරිසර ආරක්ෂණ ආයතනය, ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් ආයතනය, නාගරික ඝණ අපද්‍රව්‍ය  සඳහා ශ්‍රේණිගත කිරීම සදහා  ධුරාවලියක් සංවර්ධනය කර ඇත[7]. මෙම අපද්‍රව්‍ය කළමනකරණ ධුරාවලිය ගොඩනගනු ලැබුවේ පාරිසරික ශක්තිමත් බව, මුලාශ්‍ර අඩුවශයෙන් භාවිතය සහ නැවත භාවිතය , ප්‍රතිචක්‍රීකරණය හෝ කොම්පොස්ට්කරණය , ශක්ති යථා තත්වයට පත්කිරීම, ප්‍රතිකාරය සහ බැහැර කරීම මත පදනම් වූ කැමැත්ත වැඩි තැන සිට අඩු තැන  දක්වා පෙළගැස්වූ අදියර 4ක් අනුසාරයෙනි. [8]

එකතු කිරීම[සංස්කරණය]

ඝන අපද්‍රව්‍ය එකතු කිරීමේ ක්‍රියාකාරී අංගයක් ලෙස ඝන අපද්‍රව්‍ය සහ ප්‍රතිචක්‍රීකරණය කල හැකි ද්‍රව්‍ය එකතු කිරීම පමණක් නොව මෙම ද්‍රව්‍ය එකතු කිරීමෙන් පසු අපද්‍රව්‍ය බැහැර කරන  ස්ථාන දක්වා ප්‍රවාහනය කිරීමද අයත්ය. මෙම බැහැර කරන ස්ථාන ද්‍රව්‍ය සැකසුම් ස්ථානයක්, හුවමාරු ස්ථානයක් හෝ ගොඩකළ බිමක් විය හැක.

මුලාශ්‍ර තුල අපද්‍රව්‍ය පාලනය කිරීම, වෙන්කිරීම, ගබඩා කිරීම සහ සැකසුම් කිරීම.[සංස්කරණය]

අපද්‍රව්‍ය පාලනය කිරීම සහ වෙන්කිරීම අපද්‍රව්‍ය කළමනාකරණයට අයත් ක්‍රියාකාරකම් වන අතර මෙය අපද්‍රව්‍ය ගබඩා කරන භාජන තුල ගබඩා කිරීමෙන් පසු සිදුවන ක්‍රියාවකි. පාලන ක්‍රියාවලිය ප්‍රධාන ලෙස ආවරණය වන්නේ පටවනු ලැබූ අපද්‍රව්‍ය භාජන පිහිටි ස්ථාන අනුවයි. එකිනෙකට වෙනස්  ඝන අපද්‍රව්‍ය  වෙන්කිරීම ඝන අපද්‍රව්‍ය සහිත මුලාශ්‍ර පාලනයේ සහ ගබඩා කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන අංගයක් වේ.

ඝන අපද්‍රව්‍ය වෙන්කිරීම සහ සැකසීම සහ පරිවර්තනය[සංස්කරණය]

මුලශ්‍රයේදී වෙන් කරන ලද අපද්‍රව්‍ය ආපසු ලබා ගැනීම සඳහා අද පාවිච්චි කරනු ලබන උපක්‍රම හා පහසුකම් යටතේ බැම්මවල් අසල එකතුව (එක්සත් රාජධානියේ 'ක්‍රබ්ස්ය්ඩ්'), අතහැර දැමීම, මිලදී ගන්න ආපසු මධ්යස්ථාන ඇතුළත් වේ. මුලශ්‍රයේදී වෙන් කරන ලද අපද්‍රව්‍ය අපද්‍රව්‍ය වෙන් කිරීම හා සැකසුම් කිරීම හා සමමිශ්‍රිත අපද්‍රව්‍ය වල වෙන්කිරීම සාමාන්යෙන් සිදුවන්නේ ද්‍රව්‍ය යථා තත්වයට ගැනීමේ පහසුකම, මාරු කිරීම ස්ථාන, දහන පහසුකම් හා බැහැර වන අඩවිවලය.

මාරු කිරීම හා ප්‍රවාහනය[සංස්කරණය]

මෙම අනාගය අවස්ථා දෙකකින් සමන්විතය. පළමුව, අපද්‍රව්‍ය විශාල ප්‍රවාහන උපකරණ සඳහා කුඩා එකතුව වාහනයේ සිට මාරු කර ඇත. ඉන්පසු අපද්‍රව්‍ය සැකසීම හෝ බැහැරලන අඩවිය වෙත, සාමාන්යයෙන් දිගු දුර ප්‍රමාණයක්, ප්‍රවාහනය කරයි.

බැහැර කිරීම[සංස්කරණය]

මිශ්‍ර වූ නාගරික අපද්‍රව්‍ය

අද, ඉඩම් පිරවීම හෝ ඉඩම් පුර පැතිරවීම මගින් අපද්‍රව්‍ය බැහැර කිරීම සියලු ඝණ අපදව්ය වල අවසාන ඉරනම වී ඇති අතර මෙම අපද්‍රව්‍ය වන්නේ බිම් පිරවුම් අඩවිය වෙත සෘජු ප්රවාහනය කල නේවාසිකව එකතු වූ අපද්‍රව්‍ය, ද්‍රව්‍ය යථා තත්වයට පත් කිරීම මගින් අවශේෂ වූ ද්‍රව්‍ය (MRFs), දහනය මගිනි ඉතිරි වී තිබෙන ඝන අපද්‍රව්‍ය, කොම්පෝස්ට්, හෝ විවිධ ඝන අපද්‍රව්‍ය සැකසීමේ පහසුකම් මගින් ලබා ගත් අනෙකුත් ද්‍රව්‍ය වේ. නවීන සනීපාරක්ෂක බිම් පිරවුම් තවකාලික කුණුගොඩක් නොවේ; එය කෘමීන් සහ භූගත ජලය අපවිත්‍ර වීමෙන් සිදුවන ප්‍රශ්න වැනි මහජන සෞඛ්‍ය හෝ ආරක්ෂාවට අනවශ්‍ය උවදුරු නිර්මාණය නොකර ඉඩම් ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීම, සඳහා යොදා ගන්නා ඉංජිනේරු පහසුකම් වේ.

නැවත භාවිතා කිරීම[සංස්කරණය]

පසුගිය වසර කිහිපය තුල Freegal හෝ Freecycle Network වැනි පාරිසරික සංවිධාන ඔවුන්ගේ සජිවී නැවත භාවිතා කරනු ලබන ජාල සදහා විශාල ජනප්‍රියත්වයක් ලබාගෙන ඇත. මෙම ජාල මගින් ලෝකය පුරා ඇති මිනිසුන් විසින් ඉවත දමන නැවත භාවිතා කිරීමට හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් ප්‍රතිඵලයක් ගත නොහැකි ද්‍රවයන්ගේ සජීවී ලේඛනයක් සපයනු ලබයි. එම නිසා මෙම අන්තර්ජාලය පදනම් කරගත් සේවාවන් බිම් ගොඩකිරීමෙන් ඇතිවෙන දුෂණය අවම කරන අතර ආර්ථික දීමනාවන් ප්‍රවර්ධනය කරනු ලබයි.

බිම් ගොඩ කිරීම[සංස්කරණය]

බිම් ගොඩ වීම සිදුවන්නේ ඉඩම් තුල කුණු ගොඩගැසීම තුලිනි. කුණු දැමීමේ ක්‍රම එකිනෙකට වෙනස්ය. බොහෝ විට එය නම්කරන ලද විශාල ප්‍රදේශයක, සාමාන්‍යයෙන් වලක හෝ කුණු කන්දක විය හැක. කුණු දැමීමෙන් පසු විශාල යන්ත්‍ර මගින් කුණු සම්පිණ්ඩනය කරනු ලබයි. කුණු දමන වලවල් පිරුණු පසු එම වලවල් ප්ලාස්ටික් තහඩුවක් යොදාගෙන "මුද්‍රා" කරනු ලැබීම සහ  කුණු වල අඩි කිහිපයක් ආවරණය කරනු ලැබිම සිදුකරනු ලබයි. මෙම ක්‍රමය එක්සත් ජනපදය තුල පවතින ප්‍රාථමික කුණු දැමීමේ ක්‍රමයක් වන අතර එයට හේතුව වනුයේ අවම පිරිවැය සහ උතුරු ඇමෙරිකාව තුල භාවිතයට නොගත් ඉඩම් ප්‍රමාණය අධික විමය. බිම් ගොඩකිරීම දුෂණයේ ඇති භයානකතවය මතුකර දක්වන අතර භූ ජලය ආධුලනය කිරිමටද හැක. දුෂණයේ ලකුණු විනාශකිරීමේ සමාගම් මගින් අවරනය කරනු ලබන අතර බොහෝවිට සාක්ෂියක් දැකීමට අපහසුය. සුන් බුන් ගොඩවල් සැගවීම සදහා මෙම බිම්ගොඩ කිරීමේ ප්‍රදේශ විශාල තාප්ප වලින් හෝ වැටවල් වලින් වට කිරීම සිදු කරනු ලබයි. විශාල වශයෙන් තිබෙන දුගඳ රසායනික ද්‍රවය ඉවත් කරනු ලබන පුද්ගලයන් විසින් බිම් ගොඩ කිරීමේ ස්ථාන අසල වාතයට ඉසිම් සිදු කිරම සිදු කරනු ලබන අතර  එමගින් ශාක තුල තිබෙන අපද්‍රව්‍ය වල සාක්ෂි සැගවීම් සිදුවේ.

ශක්ති උත්පාදනය[සංස්කරණය]

ශක්ති උත්පාදනය සදහා නගර ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය යොදාගනු ලැබේ.කලින් ගොඩනගන ලද තාක්ෂණයන් කිහිපයක් ඝන අපද්‍රව්‍ය ශක්ති උත්පාදනය සදහා සකස් කිරීම පිරිසිදුව සහ බොහෝ ආර්ථික අතින් වාසි ගෙන දෙන ලෙස සකස් කරනු  ලබන අතර,  ගොඩ කල බිම් වල අන්තර්ගත ගෑස් ග්‍රහණය, දහනය, තාපවිච්චේදනය ,වාෂ්පීකරණය සහ ප්ලැස්මා චාප වාෂ්පීකරණය.අපද්‍රව්‍ය පුළුස්සනු ලබන යන්ත්‍රෝපකරණ මගින් විශාල දුෂක විමෝචනය කරන අතරතුර, මෑත කාලින නියාමන වෙනස්කම් සහ නව තාක්ෂණික ක්‍රමෝපායන් සැලකිය යුතු ලෙස මෙම උත්සුකය අවම කරනු ලබයි. පරිසර ආරක්ෂණ ආයතනය (EPA) මගින් 1995 දී සහ 2000 වසර වලදී පිරිසිදු වාතය පිළිබද පනත යටතේ පනවන ලද නීති රෙගුලාසි මගින් සාර්ථක ලෙස අපද්‍රව්‍ය ශක්තිය බවට පත්කිරීමේදී dioxine නිකුත් කිරීම 99% ක ප්‍රතිශතයකට වඩා අවම කරනු ලැබූ අතර රසදිය නිකුත් කිරිම 90% අඩු කරන ලදී. මෙම වර්ධනයන් EPA මගින් 2013 වසරේදී සදහන් කරනු ලැබූ අතර, අපද්‍රව්‍ය ශක්තිය බවට පත්කිරීම ක්‍රියාවලිය විදුලි මුලාශ්‍ර වලට වඩා පාරිසරික බලපෑම් වලින් තොර හොද ශක්ති මුලාශ්‍රයක් වන බව සදහන් කිරීමද සිදු කර ඇත.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Centenary history of waste and waste managers in London and south east England- Page 7
  2. Non-hazardous Waste U.S. Environmental Protection Agency, Municipal Solid Waste
  3. Municipal Solid Waste U.S. Energy Information Administration
  4. Mechanical Biological Treatment සංරක්ෂණය කළ පිටපත 2007-09-27 at archive.today Welsh Assembly (2005) Mechanical Biological Treatment, Environment Countryside and Planning Website, Welsh Assembly
  5. "Organics -Green Bin". Christchurch City Council. සම්ප්‍රවේශය 19 March 2016.
  6. Nonhazardous waste U.S. Energy Information Administration
  7. System Overview
  8. Advancing Sustainable Materials Management: Facts and Figures
"https://si.wikipedia.org/w/index.php?title=නාගරික_ඝන_අපද්‍රව්‍ය&oldid=592391" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි