එම මෝඩකම යළිත් කරන මෝඩයා, උගේ වමනයට හැරී යන බල්ලෙකු වැනිය

විකිපීඩියා වෙතින්

"එම මෝඩකම යළිත් කරන මෝඩයා, උගේ වමනයට හැරී යන බල්ලෙකු වැනිය" යනු, ශුද්ධවූ බයිබලයෙහි හිතෝපදේශය පොතෙහි (හිතෝපදේශය 26:11) සඳහන් ආප්ත පදයක් වන අතර නව ගිවිසුමෙහි, 2 පේදුරු 2:22 හී පාර්ශවික වශයෙන් සඳහන් වෙයි (“බල්ලා උගේම වමනයට හැරී එයි;සේදූ පසුත් ඊරි මඩ වගුරෙහි පෙරළෙයි”). එහි අර්ථය වන්නේ මෝඩයන් හිතුමතයේ අනම්‍ය වන අතර, එය විස සහගත විය හැකි වුවද උගේ වමනය යළිත් අනුභව කරන බල්ලෙකුගේ ජුගුප්සිත උපමාවක් තුලින් එය සන්නිදර්ශනය වන බවත්ය. එකල මළවුන් මල හරණය කරන්නෙකු වූ බැවින් බයිබලීය සමයෙහිදී බල්ලන් සැලකුණේ අපිරිසිදු ලෙසින් වන අතර, නපුර සංකේතවත් කරන අතිශයින් අප්‍රිය ජීවින් ලෙසින් බයිබලයෙහි සඳහන් වෙති.