Perfect 10 (ජිම්නාස්ටික්)

විකිපීඩියා වෙතින්
නාඩියා කොමනසි ඇගේ Perfect 10 ලකුණු ප්‍රමාණය ලකුණු 1.00 ලෙස දැක්වෙන ලකුණු පුවරුව අසල. (ඊට පෙර කිසිවෙකුත් පරිපූර්ණ ලකුණු 10 ලබාගෙන නොතිබූ බැවින් ලකුණු 10 ක් දැක්විය හැකි ලෙස ලකුණු පුවරුවේ දෘඩාංග සකස්කර නොතිබුණි.)

Perfect 10 යනු Artistic (කලාත්මක) ජිම්නාස්ටික් ක්‍රීඩාවේ කේවල ඉසව්වක් සඳහා පිරිනැමුණු ඉහළතම ලකුණයි. එය ලකුණු 10.00 ක් ලෙස දැක්වේ. කලකදී එම ලකුණු ප්‍රමාණය ලබා ගැනීම කළ නොහැක්කක් ලෙසට සලකන ලදී. අන්තර්ජාතික ජිම්නාස්ටික් ෆෙඩරේෂණයේ (FIG) ලකුණු ලබා දීමේ කේතය අනුව, විශේෂයෙන්ම ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී එය කිසිසේත්ම කළ නොහැකි වනු ඇතැයි විශ්වාසයක් විය. ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී Perfect 10 ලකුණ ලබාගත් ප්‍රථමයා බවට පත් වූයේ රුමේනියාවේ නාඩියා කොමනසි (Nadia Comăneci) ය. ඒ 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් තරගාවලියේ දී ය. ඔලිම්පික් තරගාවලි වලදී එම පරිපූර්ණ ලකුණු 10 ක අගය ලබා ගත් අනෙකුත් ක්‍රීඩිකාවන් වූයේ 1984 දී එක්සත් ජනපදයේ මාරි ලව් රෙට්න් (Mary Lou Retton), 1988 දී රුමේනියාවේ ඩැනියෙලා සිල්වාස් සහ රුසියාවේයෙලේනා ෂුශුනොවා (Yelena Shushunova) යන අයයි. පරිපූර්ණ ලකුණු 10 ලබාගත් ප්‍රථම ක්‍රීඩකයා වූයේ රුසියාවේ ඇලෙක්සැන්ඩර් ඩිටියටින් ය. ඒ 1980 මොස්කව් ඔලිම්පික් තරගාවලියේදී ය.

FIG විසින් ලකුණු ලබා දීමේ කේතය 2006 වසරේදී වෙනස් කරන ලදී. දැන් පරිපූර්ණ ලකුණු ප්‍රමාණයක් නැත. ඒ වෙනුවට එකිනෙකට වෙනස් ඉසව් සඳහා විවිධ ඉහළ ලකුණු ප්‍රමාණ පවතී. ඒ සියල්ලම 10 ට වඩා වැඩි අගයකින් යුතු වෙයි. එම ලකුණු ලබාදීම සිදු වන්නේ දුෂ්කරතාව සහ කලාත්මක කුසලතාව යන ඒවා පදනම් කොටගෙනයි.

"https://si.wikipedia.org/w/index.php?title=Perfect_10_(ජිම්නාස්ටික්)&oldid=371876" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි