ආසියාවේ සත්ව ප්‍රජාව

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ආසියාවේ විශාලතම ක්ෂීරපායියා වනුයේ ව්‍යාඝ්‍රයාය.

ආසියාවේ සත්ත්ව සංහතිය යන්නෙන් අදහස් වන්නේ ආසියාවෙහි සහ එය වටා ඇති මුහුදු සහ දිවයින් වල ජීවත් වන සියළු සත්ත්වයෝ වෙති. යුරෝපය සහ ආසියාව අතර බටහිර දෙසින් ස්වභාවික ජෛවභූගෝලීය මායිම් නොමැති හෙයින්, "ආසියාවේ සත්ත්ව සංහතිය" යන පදය තරමක් මුළාකරවන සුළු වෙයි. ආසියාව යනු, ( පූර්ණාක්තික කලාපයෙහි කොටසක් වන) පුරාක්තික පරිසර කලාපයේ නැගෙනහිර කොටස වන අතර, ආසියාවෙහි අග්නිදිග කොටස අයත් වන්නේ (පෙරදී පෙරදිග ප්‍රදේශය ලෙසින් හැඳින්වුනු) ඉන්දුමලයා පරිසර කලාපයටය. ආසියාව තුල, වර්ෂාපතනය, උන්නතාංශය, භුලක්ෂණ, උෂ්ණත්වය සහ භූවිද්‍යාත්මක ඉතිහාසය යන දේවල සැලකිය යුතු විචලනයක් සහිතව වාසභූමීන්ගේ සංගණ්‍ය විවිධත්වයක් පෙන්නුම් කරන අතර, සත්ත්ව ජීවීන්ගේ සාරතාව වෙතින් එය හුවා දැක්වෙයි.

ආසියානු සත්ව උපත[සංස්කරණය]

Laurasia-Gondwana.png

ආසියාවේ සත්ව ගොඩනැගීම දෙවැනි භූගෝල යුගයට අයත් (Mesozoic) සිට ලෟරසියන් (Laurasian) මහද්වීපය දක්වා බෙදී යාමත් සමග ආරම්භ විය. ආසියාවේ ලෟරසිය( Laurasia) හා ගොන්ඩ්වානා (Gondwana) හි පැරණි අංග මුසුවි ඈත. වඩාත් ම මෑත අයිස් ග් ග්ලැසියර ඛාදනය සහ මනුෂ්‍යය ආගමන තුළ ආසියානු සත්ව ප්‍රජාව පීඩාවට පත්ව ඈත.

යුරේසියාවේ(Eurasia) හා උතුරු ඈමරිකාව බොහො විට බෙරින්ග් ලෑන්ඩ් බ්‍රිඩ්( Bering land bridge) හරහා සම්බන්ධතා පවති. එහි එකිනෙකට සමාන පක්ෂීන්, ක්ෂීරපායී සතුන් න් හා ශාක විශේෂ වාසය කරති. යුරේසියාවේ (Eurasia) හි වෙසෙන විශේෂ බොහො ප්‍රමාණයක් උතුරු ඈමරිකවට සංක්‍රමණය වී අති අතර ඉතා සුඵ ප්‍රමනයක් උතුරු ඈමරිකාවෙන් යුරේසියාව ට සංක්‍රමණය වි ඈත.[1] ආසියාවේ වඳවී ගිය සත්ත්වයන් ලැයිස්තුවද බලන්න.

සත්ත්වභූගෝලීය ප්‍රදේශ[සංස්කරණය]

ආසියාවේ චන්ද්රිකා දසුන .

මධ්‍යධරණී ද්‍රෝණිය[සංස්කරණය]

නිරිත දිග ආසියාවේ මධ්‍යධරණී මුහුදු මායිම් සාමාන්‍යයෙන් මෘදු, වැසිබර ශීත සෘතුවකින් හා උණුසුම්, වියලි සෘතුවකින් සමන් විත වන අතර, ලෝකයේ ලොව විශාලතම හා මධ්‍යස්ථ දේශගුණික කලාපය නියෝජනය කරන පරිසර කලාප යක් වේ. මධ්‍යධරණී ප්‍රදේශයේ වනාන්තර වල ආවේණික ශාක විශේෂ 13,000 පමණ පවති. මධ්‍යධරණී ප්‍රදේශය ද ලෝකයේ වඩාත් තර්ජනයට ලක්ව ඇති ජෛවභූගෝලීය ප්‍රදේශ වලින් එකකි.උලාකෑම්, වන විනාශය, කෘෂිකාර්මික, හෝ නාගරීකරණය සඳහා ඉඩම් පරිවර්තනය ඇතුළු මානව ක්‍රියාකාරකම් නිසා කලාපයේ මුල් වෘක්ෂලතා වලින් 4% පමණක් කලාපය තුල දැනට ඉතිරිව ඇත. ලෝකයේ ජෛව විවිධත්වයෙන් ඉහළම රටක් ලෙස මධ්‍යධරණී ප්‍රදේශය නම් කර ඇත.

මැදපෙරදිග කාන්තාර(Middle-East deserts)[සංස්කරණය]

විශාල අරාබි කාන්තාර තීරය, පැලෙයාක්ටික් (Palearctic), අප්‍රිකානු(Afrotropic) සහ සමහර ආසියානු පරිසර කලාප මෙ යටතට අයත් වේ. මුව වර්ගයේ සතෙක් (Gazelles), වැලි පූසන් (sand cats) සහ කටු සහිත කටුස්සන් (spiny-tailed lizards) මෙම කාන්තාර- පරිසරයක් තුළ ජීවත් වන අතර මොවුන් එයට අනුවර්තනය වු ජිවින් සමහරකි. මෙම ප්‍රදේශයේ දඩයම් කිරීම, මානව අල්ලා ගැනීම හා වාසස්ථාන නිසා ඉරි සහිත හයිනා( hyena), සිවලා( jackal) හා සමහර ශාක විනාශ වි ඇත.

බස්නාහිර සහ මධ්‍යම ආසියාව(Western and Central Asia)[සංස්කරණය]

ගෝබි කාන්තාරයේ Bactrian ඔටුවන්

කළු මුහුද සහ කැස්පියන් මුහුද අතර ඈති වන කොකේසස්(Caucasus) කඳු, කේතුධර, මිශ්‍ර වනාන්තර වලින් පොහොසත් වන අතර, පතනශීල, සෞම්යය වැසි වනාන්තර ද ඇතුළත් වේ. මධ්‍යම ආසියාවේ හා ඉරාන සානුවේ කඳුකර වනාන්තර සහ කලාපයේ උස් කඳු හා සානු(plateau) තුල ශීත සමඟ, වියළි ස්ටෙප් තෘණබිම් දක්නට ඇත . දකුණු ආසියාවේ පැලෙයාක්ටික් (Palearctic) සීමාව විශාල වශයෙන් උස වේ. පැලෙයාක්ටික් (Palearctic) හා ඉන්දු මැලේ (Indomalaya )පරිසර කලාපය අතර මායිම, මීටර් 2000-2500 පමණ උස හිමාල කඳු මගින් සාදයි.


නැගෙනහිර ආසියාව (East Asia)[සංස්කරණය]

ජපන් macaques

ජනාකීර්න පහත් බිම් හා ගංගා ඈති චීනය, ජපානය, සයිබීරියාවේ හා මධ්‍යම ආසියාව ට වඩා තෙතමනය සහ මධ්‍යස්ථ දේශගුණික වන අතර වර්තමනයෙ කඳුකර ප්‍රදේශවල ප්‍රධානවශයෙන් දැඩි කෘෂිකාර්මික හා නාගරික භාවිතය සදහා යොමු වි ඈත. නැගෙනහිර ආසියාවේ අයිස් ග්ලැසියර බොහෝ පීඩාවට නැත. චීනය හා ජපානය යන උපනිවර්තන දකුණු දිග ප්‍රදේශ තුළ, සෞම්‍ය වනාන්තර විවිධ ශාක හා සත්ව විශේෂ නිර්මාණය කරමින් ඉන්දු මැලේ( Indomalaya) වන උපනිවර්තන සහ නිවර්තන වනාන්තර බවට සංක්‍රමණය වේ.

නිරිත දිග චීනයේ කඳු ද ජෛව විවිධත්වය අතින් වැදගත් ස්ථාන ක් ගනි.උදාහරණයක් ලෙස ලෝකයේ කුරුළු විශේෂ වලින් 8% ක් පමණ හිමාලය හි සිටින බව සොයා ගෙන ඈත. ගිණිකොණ දිග ආසියාවේ, ඉහළ කඳු වැටි, උතුරු මියන්මාරය සහ දකුණු චීනයේ ද විවිධ ශාක හා සත්ව විශේෂ දක්නට ඇත . මියන්මාරය, උතුරු දිශා වෙන් වියට්නාමය හා තායිවානය හි උස් කඳු පන්තිද දක්නට ඇත.

ඉන්දියානු උප මහාද්වීපය(Indian subcontinent)[සංස්කරණය]

කේරල නිල් සමනළ

ඉන්දීය උපමහද්වීපයේ ජෛවභූගෝලය ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, භූතානය, ශ්රී ලංකාවේ බොහෝ ආවරණය කරයි. හින්දු කුශ්(Hindu Kush), ඛරකොරම්( Karakoram), හිමාල, සහ Patkai ආදී වයඹ දෙසින් , උතුරු, ඊසාන දිගින් දක්නට ඇත. ආසියාවේ වසර මිලියන 45 කට පෙර පටන් සමග උතුරු ඉන්දියානු උප මහාද්වීපය අතර ගැටුම් මගින් මෙම වැටි ස්ථාපිත කරන ලදී.


හින්දු කුශ් (Hindu Kush), Karakoram, සහ හිමාල ඉන්දියානු උප මහාද්වීප යේ සෞම්‍ය දේශගුණික Palearctic පරිසර කලාපය සහ නිවර්තන සත්ව කලාපය අතර ප්රධාන ජෛවභූගෝලීය සීමාව වේ. බටහිර ඝාට්ස් හා ශ්රී ලංකාව ජෛව විවිධත්වය අතින් වැදගත් ස්ථාන වේ.

ඉන්දු චීනය(Indochina)[සංස්කරණය]

මෙම ඉන්දු චීනය මියන්මාරය, තායිලන්තය, ලාඕසය, වියට්නාමය, සහ කාම්බෝජය, මෙන්ම දකුණු චීනයේ උපනිවර්තන වනාන්තර ඇතුළු අර්ධද්වීපයෙන් අග්නිදිග ආසියාවේ බොහෝ ප්‍රමාණයක් ඇතුළත් වේ. එය නිවර්තන හා උපනිවර්තන තෙත් වනාන්තර ජෛව විවිධත්වය අනුන හා වියළි වනාන්තර සමග, ඉන්දු මලයපරිසර කලාපය විශාල කොටසක් ආවරණය කරයි. නව ශාක සහ බොහෝ විට ලාඕස් මී (Laotian rock rat) එහි දක්නට ලැබේ .දේශීය ක්ෂීරපායි සත්ව විශේෂ 500 ක් පමණ දෑකගත හෑකිය.කුරුළු සත්ව 1300 විශේෂ ද උරග 500 කට වැඩි ප්‍රමාණයක් හා උභය ජීවී විශේෂ 300 ක් පමණ දක්නට ඇත.

ලෙෂර් පක්ෂි නිව් ගිනියාවට ආවේණික වේ

මිරිදිය(Freshwater)[සංස්කරණය]

ආසියාවේ ද වැදගත් මිරිදිය ජෛවභූගෝලීය කලාප කිහිපයක්ම ඇත. ආක්ටික්, කලු සහ කැස්පියන් මුහුද අතර, රුසියාවේ ගංගා , සයිබීරියාව බයිකල් විල, මෙම ග්‍රහ ලෝකයේ ඇති පැරණිතම සහ ගැඹුරුම විල මෙ අතර වේ. ඛ්හන්ක (Khanka) වැව, හා ජපානයේ Biwa වැව, Dongting වැව, සහ චීනයේ Poyang වැවද ඇත.සේලයින් හෝ කිවුල් ජලය සමග සුවිශේෂ සත්ත්ව යෝ දෑකිය හෑක.කැස්පියන් මුහුද, Balkhash වැව, Aral මුහුද, Issyk Kul, Qinghai වැව සමග ආසියානු විල් කිහිපයක් ද පවතී. ලෝකයේ මාලුන් ගෙන් 10% (විශේෂ 2000 කට අධික) සිටින දකුණු ආසියා වේ මිරිදිය ජීවිතය අතිශය හාස්යජනක ය.

Redtail butterflyfish

සාගර සත්ව(Marine fauna)[සංස්කරණය]

මධ්‍යධරණී හා අත්ලාන්තික් සත්ව ප්‍රජාව අතර ශක්තිමත් සබඳතා පවතී. මධ්‍යධරණී මුහුදේ ගැඹුරු ජලජ සතුන්ගෙ සුවිශේෂී ලක්ෂණ සාපේක්ෂව අඩු වේ . ඉන්දු-පැසිෆික් පොහොසත් ජෛවභූගෝලීය කලාපයක් වන අතර ඉන්දියන් සාගරයේ නිවර්තන ජල සමන්විත ආසියානු මුහුදු බොහෝ කොටසක්, බටහිර හා මධ්‍යම පැසිපික් සාගරය, සහ ඉන්දුනීසියාවේ ප් ප්‍රදේශය දෙක සම්බන්ධ කරන මුහුදු මෙයට ඇතුළුත් වේ. (එයට ඉන්දියානු හා ශාන්තිකර සාගර සෞම්‍ය හා ධ‍්‍රැවය ප්‍රදේශය ඇතුලත් නැත).

උරගයින්(Reptiles)[සංස්කරණය]

ඉන්දීය නාගයා

ආසියාවේ පොහොසත් උරග සත්ව විශේෂ ඇත. කටුස්සන්, නාග පවුල් Uropeltidae, Acrochordidae හා Xenopeltidae හා gavials ක සර්පයන් ආසියාවට ආවේණික වේ.

මෙ හි කිඹුලන් වර්ග කිහිපයක්ද සිටි. mugger crocodile, gharial,false gharial, saltwater crocodile.නොයෙකුත් සර්පයන් වර්ග කිහිපයක්ද දෑකගත හෑකිය. නල සර්පයන්-pipe snakes (Melanophidium, Plectrurus,   Rhinophis, Uropeltis)

මුහුදු සර්පයන්- Elapids (king cobra, Bungarus, Calliophis, Naja, Walterinnesia)

පොළඟා-vipers (Azemiops, Daboia, Dendrelaphis, Echis, Hypnale, Protobothrops, Trimeresurus)

අන්ධ සර්පයන්-blind snakes

කටුස්සන්

geckos (Agamura, Alsophylax, Asaccus, Calodactylodes, Cyrtodactylus) ද දෑකගත හෑකිය.

කැස්බෑවන් සහ ඉබ්බන් විශේෂ 100 ක් පමණ වෙසෙති. රුසියානු ඉබ්බා- Russian tortoise

කොටුව කැස්බෑ- keeled box turtle

Batagur, Aspideretes, Chinemys, Cisto Clemmys, Cura, Geochelone, Heosemys, Indotestudo, Mauremys, Ocadia, Pangshura, Pelochelys, Rafetus, Sacalia )ආදිය ද වෙසෙති.

පක්ෂීන්(Birds)[සංස්කරණය]

magpie

එක් කුරුලු විශේෂක් accentor (Prun ella) නමින් හදුන්වන කුරුලු විශේෂය  Palaearctic කලාපයට ආවේණික වේ. මෙම Holarctic විශේෂයට අනෙකුත් ආවේණික පක්ෂි පවුල් හතරක් ඇත.

divers or loons (Gaviidae) grouse (Tetraoninae) auks (Alcidae) waxwings (Bombycillidae)

මෙම ඉන්දු මලයා ආවේණික පක්ෂි පවුල් තුනක් ඇත. සුරංගනා bluebirds (Irenidae), Megalaimidae හා (Rhabdoviridae).

ආසියානු හෝ ප්‍රධාන වශයෙන් ආසියානු පවුල් Acrocephalidae, Aegithalidae, Certhiidae, Cettiidae, Chloropseidae, Dromadidae, Eupetidae, Eurylaimidae, Hemiprocnidae, Hypocoliidae, Ibidorhynchidae, Muscicapidae, Phasianidae, Pityriaseidae, Podargidae, Tichodromadidae හා Turdidae ඇතුළත් වේ. මෙයට අමතරව ඉන්දියානු උප මහාද්වීපයේ ආවේණික කුරුල්ලන්, බෝර්නියෝ ආවේණික කුරුල්ලන්, පිලිපීනයේ ආවේණික පක්ෂි වාසය කරති. 

ක්ෂීරපායී සතුන්(Mammals)[සංස්කරණය]

යෝධ පැන්ඩා

ක්ෂීරපායී සතුන් පවුලෙ ක්ෂීරපායී විශේෂ දෙකක් පවති.

  colugos (විශේෂ 2)


  treeshrews (විශේෂ 19 )


ඉන්දු මලයානු ලාක්ෂණික විශාල ක්ෂීරපායී සතුන් ලෙස, කොටින්ව, වල් මී හරක්, ආසියානු අලි, ඉන්දීය රයිනෝසිරස්, ජාවාන් රයිනෝසිරස්, දකුණු ඇමරිකා ඌරු ජාතියක් ටපිරා( tapir) ඇතුළත් වේ. අනෙක් ආවේණික ආසියානු පවුලට Ursidae (යෝධ පැන්ඩා), Calomyscus ( hamsters) සහ Ailuridae (රතු pandas) ඇතුළත් වේ. එලෙසම ආසියානු කූර සහිත සත්තු (ungulates), muntjac, Bubalus වෑනි විශේෂ සහ වෙනත් අය කිහිපයක් පවති.Bharal, gaur, blackbuck,ගොනා-බැටළුවන් (Ovis Bovini) ද ඇතුළත් වේ. ආසියාවේ නිවර්තන කලාපීය වනාන්තර වල ලොරිස්( lorises), උණහපුළු, බෝර්නියෝ සහ සුමාත්රා ඔරංඔටන් ඇතුළු විශේෂ 45 ක් පමණ වාසය කරති.

මානව බලපෑම(Human impact)[සංස්කරණය]

 ආසියානු වල් අලි ගහණය ආහාර මුලාශ්රයන්ගෙන් ක්ෂයවීම හා වාසස්ථාන විනාශ වීම හේතුවෙන්  විනාශ වේ.

ආසියාවේ වනජීවී ජනගහනය ,වාසස්ථාන, යටිතල පහසුකම් සංවර්ධනය (වේලි, මංමාවත් හා සංචාරක පහසුකම් ඉදිකිරීම) විසින් ද එලෙසම දැව සොරකම් කිරීම නීති විරෝධී ක්‍රියා, දුර්වල ලෙස පාලනය, කාර්මික හා කෘෂිකාර්මික සූරාකෑම විසින් ද විනාශ කර ඇත.එහි ප්‍රතිඑලය ලෙස ජෛව විවිධත්වය සහ ජීවනෝපාය විනාශ විම විශාල පාඩුවකි. සංස්කෘතිය දුප්පත්කම, ජනගහන වර්ධනය හා වේගවත් ආර්ථික සංවර්ධනයක් සමග ස්වාභාවික පරිසර පද්ධති මත පීඩනය රැල්ලක් නිර්මාණය කර ඇත. චීනයේ දර්ශනීය ආර්ථික වර්ධනය, විශේෂයෙන්ම, කලාපය පුරා ඇති ස්වාභාවික සම්පත් සැපයීම වික්‍රියනය කරදමා ඇත. ගිනිකොන දිග ආසියාවේ ප්‍රධාන නිවර්තන කලාපයේ වනාන්තර විනාශය කිරීමේ ඉහළම සාපේක්ෂ අනුපාතය, එහි මුල් වනාන්තර හතරෙන් තුනක් අහිමි විම දක්වා හා එහි ජෛව විවිධත්වය 42% ක් දක්වා ද අඩු වි ඇත.

මෙයද බලන්න[සංස්කරණය]

ඉන්දු-මලක්කා පාරිසරික කලාපය

References[සංස්කරණය]

  1. සී.බී.කොක්ස්, පී.ඩී.මුවර්, බයෝජියෝග්‍රෆි: ඇන් ඊකොලජිකල් ඇන්ඩ් ඉවොලූෂනරි ඇප්‍රෝච්. විලී-බ්ලැක්වෙල්, 2005
"https://si.wikipedia.org/w/index.php?title=ආසියාවේ_සත්ව_ප්‍රජාව&oldid=419903" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි