ඇරෝ (ටෙලි නාට්‍ය මාලාව)

විකිපීඩියා වෙතින්

Arrow (රූපවාහිනී ටෙලිනාට්‍ය මාලාව)
ප්‍රභේදය
  • සුපිරි වීර ප්‍රබන්ධ
  • නාට්‍ය
  • ක්‍රියාදාම
  • අභිරහස්
ආකෘතියමාලා නාට්‍ය
මත පදනම්වDC Comics හි ඇතුලත් චරිත ඇසුරිණි
ප්‍රවර්ධනය කලේ
  • Greg Berlanti
  • Marc Guggenheim
  • Andrew Kreisber
Composer(s)බ්ලේක් නෙළී
සම්භව රටඑක්සත් ජනපදය
භාෂාව(න්)English
කථාවාර සංඛ්‍යාව7කි
කථාංග ගණන78කි
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)
  • Greg Berlanti
  • Marc Guggenheim
  • Andrew Kreisber
  • David Nutter(pilot)
  • Sarah Schechter
  • Wendy Mericle
නිෂ්පාදක(යෝ)J. P. Finn
ස්ථානය(න්)British Colombia
සිනෙමාරූපණය
  • Glen Winter
  • Gordon Verheul
  • Gregory Middleton
  • C. Kim Miles
  • Corey Robson
කැමරා සැලැස්මතනි කැමරාව
ධාවන කාලයමිනිත්තු 40-43
නිෂ්පාදන සමාගම
  • Bonanza Productions
  • Berlanti Productions
  • DC Entertainment
  • Warner Bros. Television
බෙදාහරින්නාWarner Bros. Television Distributors
ප්‍රචාරණය
මුල් නාලිකාවCW නාලිකාව
රූප ආකෘතියHDTV 1080i
ශබ්ද ආකෘතියDolby Digital 5.1
මුල් ධාවනය2012 ඔක්තෝබර් 10 (2012 ඔක්තෝබර් 10) – මේ දක්වා
කාලානුක්‍රමය
සබැඳි දර්ශනThe Flash (2014 TV series)
බාහිර සබැඳි
නිල වෙබ් අඩවිය
නිෂ්පාදන වෙබ් අඩවිය

Arrow යනු ලේඛකයා/ නිෂ්පාදකයන් Greg Berlanti, Marc Guggenheim සහ Andrew Kreisber විසින් නිර්මාණය කරන ලද ඇමරිකානු රුපවාහිනී නාට්‍ය මාලාවකි. එය DC COMICSහි Mort Weisinger සහ George Papp විසින් නිර්මාණය කරන ලද "ග්‍රීන් ඇරෝ" නම් චරිතය පාදක කරගෙන තැනුවකි. එය උතුරු ඇමෙරිකාවේ CW නාලිකාවේ 2012 ඔක්තෝබර් 10 දින සිටද, ජාත්‍යන්තර වශයෙන් 2012 අවසාන බාගය‍ේදී ද විකාශනය ආරම්භ කෙරිණි. මූලික වශයෙන් Vancouver, British Colombia, Canada හිදී රූගත කරන ලද, සතුරු දූපතක පස් වසරක් අතරමං වී සිට නැවත නිවසට පැමිණ, දුන්න සහ ඊතලය ආයුධ ලෙස ය‍ොදා ගනිමින් අපරාධ සහ දූෂණ වලට එරහෙිව රහසිගත පුද්ගලයෙකු ලෙස සටන් කරන Stephen Amell රංගනයෙන් දායක වන Oliver Queen නැමැති බිලියනපති සෙල්ලක්කාර තරුණයෙකු වටා කතා මාලාව ගලා යයි. සිව්වන දිගහැරුම ත‍ෙක්, comic books වල සඳහන් වන "Green Arrow" නමැති අන්වර්ථ නාමයෙන් Queen ප‍ෙනී න‍ොසිටියි.

Green Arrow චරිතය ම‍ෙන්ම අන‍ෙකුත් DC Comics Universe චරිත ද නව මුහුණුවරකින් මෙම කතා මාලාව තුළ දක්නට ලැබේ. Oliver Queen/ Green Arrow චරිතය මීට ප්‍රථමයෙන් වර්ෂ 2006 සිට 2011 දක්වා විකාශය කෙරුණු Smallville රූපවාහිනී නාට්‍ය මාලාවට ඇතුළත් කර තිබුණත්, චරිතය නිරූපණය කිරීම සඳහා නව රංගන ශිල්පියකු (Amell) යොදා ගැනීමට නිෂ්පාදකයන් තීරණය කරන ලදී. Oliver Queen ගේ මානුෂිකත්වය සහ ඔහු මුහුදුබත් වී දූපතක සිර වී සිටි කාලයේදී ඔහු තුළ ඇති වූ වෙනස්කම් පිලිබඳව අවධානය යොමු කර ඇත. බොහෝ කොටස්වල Oliver වසර පහක් අතුරුදහන් වී සිටි කාලයේ් සිදු වූ සිද්ධීන් අතීතාවර්ජනයන් ලෙස පෙන්වයි.

Arrow, CW නාලිකාවෙහි පසුගිය වසර පහ තුළ විකාශය වූ වැඩසටහන් අතුරින් ජනප්‍රියම වූ වැඩසටහන වන අතර, විචාරකයන්ගෙන් ධනාත්මක ප්‍රතිචාර හිමිවිය. මෙහි පළමුවන දිගහැරුම අවසානයේදී පමණක් මිලියන 3.68 කට අාසන්න ප්‍රේක්ෂකයන් පිරිසක් නැරඹූ අතර, සම්මාන 3කින් සහ බහුවිධ නාමයෝජනා වලින් පිදුම් ලැබිණි. මෙහි දෙවන වාරයෙහි මංගල දර්ශනය 2013 ඔක්තෝබර් මස 13 දින විකාශය කෙරිණි.ඇරෝහි 3වන වාරය 2014 පෙබරවාරි මස 13 දින ඉදිරිපත් කෙරිණි.

දළ පෙළගැස්ම[සංස්කරණය]

ස්ටර්ලින් නගරයේ වෙසෙන ඔලිවර් ක්වීන්(ස්ටීෆන් ඇමෙල්) නම් බිලියනපති තරුණයෙකු, වසර 5ක් තිස්සේ දුපතක සිරවී සිවීමට සිදුවේ. ඒ ඔවුන් ගමන් කල බෝට්ටුව මුහුදුබත් වීම නිසාවෙනි. බෝට්ටු අනතුරින් රොබට් ක්වීන්(ජෙමී ෂෙරිඩ්න්), එනම් ඔහුගේ පියා ඇතුළු අනෙක් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව‍ෙති. ඇත්ත වශයෙන්ම රොබට් දිවිගලවාගෙන පසුව සියදිවි හානි කරගනී. නගරයට ඔහුගේ නැවත පැමිණීමත් සමග ඔහුට ඔහුගේ පවුලේ සාමාජිකයන් දක්නට ලැබේ. ඒ අතර ඔහුගේ නව සුළු පියාද වේ. ඔහු නමින් වෝල්ටර් ස්ටීල්(කොලින් සල්මන්) ය.තවද ඔලිවර්ගේ මව ම‍ොයිරා(සුසෑනා තොම්සන්), සහෝදරිය තිය ක්වීන් (විලා හොලන්ඩ්) , ඔහුගේ හොඳම මිතුරාවන, බිලියනපතියෙකු වන මැල්කම් මර්ලින් (ජෝන් බරෝමන්) ගේ පුතු, ටොමී මර්ලින් (කොලින් ඩොනල්) මෙන්ම ඔහුගේ පෙම්වතිය වන ලොරල් ලාන්ස් (කැතී කැසිඩි) ද වේ. මේ පෙළගැස්ම පුරාවට, විවිධ DC Comics චරිත එක්වේ. ඒ ස්ටාර්ලින් නගරය පාලනය කිරීමට තරංග කරන්නන් වශයෙනි.

මෙහි පළමු වාරය , ඔලිවර්ගේ ආගමනය සහ ඔහුගේ අරමුණු ඉටුකරගනීම් ගැන අවධානය යොමුකරයි. ඔහුගේ අරමුණ වන්නේ, ස්ටාර්ලින් නගරය විනාශ කරන භයානක දුෂිතයන්ය. ඔහු එය ඉතාමත් නිර්භයව සිදුකරයි. ඔහුට, නගරය විනාශ කිරීමට සැලසුම් කරන රහස් සංගමයකට විරුද්ධව සටන්කිරීමට සිදුවේ. ජෝන් ඩිග්ල්(ඩේවිඩ් රැම්සී), එනම් ඔලිවර්ගේ ආරක්ෂකයා සහ ෆලෙිසිටි ස්මෝක්(එමිලි බෙට් රිකර්ඩ්ස්), එනම් කුවීන් සමාගමේ තොරතුරු තාක්ෂණ විශේෂඥ තරුණිය ඔලිවර් හට ඔහුගේ මේ සටනේදී නොමද සහයක් ලබාදෙති. ඔලිවර් දුපතෙහි ගතකල කාලය සහ එහිදී ඔහු වෙනස් වූ අයුරු පළමු වරය‍ේ ඇතුළත් වේ. එතැන් පටන් 2 වන වාරය ආරම්භ වේ.

දෙවැනි වාරයේදී, ඔලිවර් අපරාධකරුවන් නොමරා අපරාධ නැවත්වීමට යොමුවේ. ඒ, ඔහුගේ මිතුරු ටොමී ගේ මරණයත් සමගයි.එහෙත් ඔහුගේ නව පරමාදර්ශයට ඔහුගේ සතුරන් අභියෝග කරති. විශේෂයෙන්ම ඒ "ඩ‍ෙත්ස්ට්‍රොක්"( මනු බෙනට්) ය. ඩ‍ෙත්ස්ට්‍රොක් ඔලිවර් සමග බද්ධ වෛරයෙන් පෙලෙයි.ඔලිවර්ට බාහිර බලවේග සමගද සටන් කිරීමට සිදුවේ, ඒ කුවීන් සමගම පවත්වාගෙන යාම සඳහායි.

  • ස්ටීෆන් ඇමෙල් ඔලිවර් ක්වීන් නම් බිලියනපති තරුණයාගේ චටිතය රඟපායි. එය DC comics හි ග්‍රීන් ඇරෝ චරිතය මත පාදක වී ඇති චරිතයකි. නැව් අනතුරින් ජීවිතය බේරාගෙන වසර 5කට පසුව නැවත පැමිණ , සිය පියාගෙන් සිදුවූ වැරදි නිවැරිදි කිරීමේ මෙහෙයුම අරඹයි. ඒ තම නගරය අපරාධකරුවන්ගෙන් ගලවගනීමටය. ඇරෝ කථා මාලාවේ රඟපෑම සඳහා ඇමෙල් හට විශේෂ දුනු පුහුණුවක් පවා ලබා දී තිබේ.මෙම කථා මාලාවේ ඔලිවර්ට කාර්ය කිහිපයක නිරතවීමට සිදුවේ, ඒ එකම චරිතයෙන් වීම විශේෂත්වයකි.
  • කැතී කසිඩ් ඩයනා ලෝරල් ලාන්ස් නම් චරිතයට පන පොවයි. එයද DC comics මත පදනම් වූ චරිතයකි.
  • 'කොලින් ඩොනල්, ටොමී මර්ලින්, එනම් ඔලිවර්ගේ ලඟම මිතුරාගේ චරිතය රංග දක්වයි. ටොමී අවසානයේදී ඔලිවර්ගේ රහස් ජීවිතය පිලිබඳ දැනගැනී. ටොමීගේ පියා, මැල්කම් මර්ලින් ඇරෝ ටෙලි නාට්‍ය මාලාවේ පලවන වාරයේ එදිරිවාදියගේ චරිතයයි. පළමු වාරය අවසානයේදී ටොමී, ලෝරල්ගේ ජීවිතය රැකගැනීම සඳහා මියයයි, ඒ ඔලිවර් සහ ලෝරල් බේරමිණි.
  • ඩේවිඩ් රැම්සී, ජෝන් ඩිග්ල් නම් ඔලිවර්ගේ සහකරුවා, විශ්වසවන්තයා සහ ආරක්ෂකයා වේ. ඔහු හමුදාවෙන් විශ්‍රාමගෙන ඔලිවර් සමග සේවයට එක්වේ.
  • විලා හොලන්ඩ්, තියා කුවීන් , එනම් ඔලිවර්ගේ නැගණියගේ චරිතයට පණපොවයි. ඇය පළමු වාරයේදී මත්ද්‍රව්‍ය පිලිබඳ ගැටලුවකට මුහුණ පායි. පසුව ඇය ඒ සියල්ලෙන් මිදීමට සමත්වේ.
  • සුසෑනා තොම්සන් මොයිරා ක්වීන්, එනම් ඔලිවර්ගේ මවගේ චරිතය රඟන නිළියයි. ඇයද, රොබට් කුවීන්, එනම් අගේ සැමියාගේ රහස් සංවිධානයේ කොටස්කාරියකි. ඇයද ඔවුන් සමඟ ස්ටාර්ලින් නගරය විනාශ කර නැවත පිහිටුවීමේ සැලැස්මක් සාදයි. ඇය ස්ලෙඩ් විල්සන් අතින් මරමුවට පත්වේ.
  • පෝල් බ්ලැක්ත්රෝන් පරීක්ෂක කුවින්ටන් ලාන්ස්, එනම් ලෝරල්ගේ පියාගේ චරිතය රඟ දක්වන්නායි. ඔහු ස්ටාර්ලින් නගරයේ පොලිසියේ පරීක්ෂකවරයෙකි. එහෙත් DC කොමික්ස් චරිතවල ඔහු ලැරී ලාන්ස් නම් වේ.ආරම්භයේදී ඔහු ඔලිවර් හට සාරාගේ, එනම් ඔහුගේ දියණියගේ මරණය නිසා බැනවැදී. සාරා මියයන්නේ ද යථොක්ත බෝට්ටු අනතුරිනි.
  • එමිලි බෙට් රිකඩ්ස් ෆෙලිසිටි ස්මෝක් චරිතයට රංගනයෙන් දායකවේ. ඇය කුවීන්ස් කොන්සොලිඩේටඩ් හි තොරතුරු තාක්ෂණ විශේෂඥවරියක ලෙස සේවය කරන්නීය. ඒ අතරම ඔලිවර්ගේ රහස් සාමාජිකාවක් ලෙසද අයව හැඳින්විය හැක. ඇයද ඩිග්ල් මෙන් ඔලිවර්ට උදව් කරයි.
  • මනු බෙනට් ස්ලේඩ් විල්සන් චරිතයට රංගනයෙන් දායකත්වය ලබාදේ. එය "ඩෙත්ස්ට්‍රොක්" නම් DC comics චරිතය පාදක කොටගෙන තැනුවකි. ස්ලේඩ් , ඕස්ට්‍රේලියානු රහස් ඔත්තු සේවයේ නියෝජිතයෙකු වන අතර, ඔලිවර්ට දුපතෙදී උදවු කරනු ලබයි. කෙසේවෙතත් ස්ලේඩ් දෙවෙනි වාරයේදී ස්ටර්ලින් නගරයට පැමිණේ; ඒ දුපතේදී වූ සිද්ධියකට ඔලිවර්ගෙන් පලිගැනීමටය.
  • කෝල්ටන් හේනස්' යනු රෝයි හාපර්ග‍ේ චරිතය රඟන රංගන ශිල්පියායි. එයද DC Comics චරිතයක් මත පාදක වූ චරිතයකි. ඔහු'Teen wolf' කතාමාලාවේ රඟපෑමෙන් පසුව ඇරෝ කථා මාලාවේ රඟපෑමට එක්විය. රෝයි හාපර් යනු එක්තරා ආකාරයක 'අමාරුකරයෙකි', එසේම තියා කුවීන් ගේ පෙම්වතාද වේ. ඒ අතරම ඔහු, ඇරෝ හට සහය වේ.
  • ජෝන් බරෝමන් මැල්කම් මර්ලින්, එනම් ටෝමීගේ පියාගේ චරිතයට පණ පොවයි. මැල්කම් ඔලිවර්ලගේ බෝට්ටුව ගිල්වීමටද මුලික වී ක්‍රියාකර ඇත. එමනිසා ඔහු රොබට් ක්වීන්ගේ මරණයට සහ සාරාගේ හා ඔලිවර්ගේ රහස් ජීවිතවලට වගකිවයුතු වේ. මැල්කම් පළමු වාරයේ අවසාන කථාංගයෙදී ඔලිවර් අතින් මරමුවට පත්වේ; එහෙත් ඔහුගේ ග්ලේඩ්ස් නගරය විනාශකිරීමේ සිහිනය යථාර්තයක් කිරීමට ඔහු සමත් වේ.

එක්සත් ජනපද නීල්සන් තක්සේරුකිරීම[සංස්කරණය]

ඇරෝ කථාංග පෙළ

ඇරෝ හි මංගල දර්ශනය නරඹන්නන් මිලියන 4.14ක් පමණ එක් කරගැනීමට සමත් විය. එය CW නාලිකාවේ පසුගිය වසර 3 තුල විකාශය වූ වැඩසටහන් අතුරින් ජනප්‍රියම වූ වැඩසටහනයි. එයට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ " ද වැම්පයර් ඩයරීස්"වැඩසටහන වේ; ඒ 2009දී ය.

අත්‍යන්ත වර්ණනාව[සංස්කරණය]

IGN සම්මානය හොඳම රුපවාහිනී වීර චරිතය ස්ටීෆන් ඇමෙල්/ඇරෝ
වර්ෂය සම්මානය වර්ගය ලැබූ අය/නිර්දේශ වූ අය ප්‍රතිඵලය
2012

සැටලයිට් සම්මානය[1] හොඳම රුපවාහිනී මාලා නාට්‍යය සඳහා වූ සම්මානය

නිර්දේශිත
නිර්දේශිත
2013

පීපල්ස් චොයිස් සම්මානය ඇරෝ

නිර්දේශිත
ලියෝ සම්මානය

වැඩසටහන

ජෝසප් පැට්‍රික් ෆින්, ග්‍රෙග් බර්ලන්ටි, මාක් ගුගෙන්හයිම්, ඇන්ද්‍රිව් ක්රෙයිස්බර්ග්, මෙලිස්ස කෙල්නර් බර්මන්, ද්‍රිව් ග්‍රීන්බර්ග්, ජෙනිෆර් ලෙන්ස්, වෙන්ඩි මෙරිකල්, කාල් ඔගාවා නිර්දේශිත
සිනමාශිල්පය ගලෙන් වින්ටර් ( ප්‍රථම කතාංගය) දිනාගති
ගෝර්ඩන් වර්හුවෙල් (ලෝන් ගන්මන්) නිර්දේශිත
හොඳම දෘශ්‍ය රංග ප්‍රයෝග ජීන් ලුක් ඩින්ස්ඩේල්, පවුලින් බම්ස්, ඇන්ද්‍රිව් ඕලොෆ්, ඩේව් ගයිතර් (බර්න්ඩ්) දිනාගති
හොඳම නිෂ්පාදන නිර්මාණය රිචඩ් හඩොලින් (ප්‍රථම කතාංගය) දිනාගති
හොඳම නළු වරණය කොරීන් මේය'ස්, හෙයික් බ්‍රන්ඩ්ස්ටටර් ("ඇන් ඉනර්සන්ට් මෑන්") නිර්දේශිත
හොඳම සුත්‍ර සම්බන්ධීකරණය ජේ.ජේ. මකාරෝ (ප්‍රථම කතාංගය) දිනාගති
ජේ.ජේ. මකාරෝ ("වර්ටිගෝ") නිර්දේශිත
නිව්නැව්නෙක්ස්ට් සම්මාන[2] හොඳම නව අනුශේදය ඇරෝ නිර්දේශිත
කෝස් යූ'රා හොට් ස්ටීෆන් ඇමෙල් නිර්දේශිත
39වන සැටර්න් සම්මාන[3] හොඳම යෞවන-දිශානත ටෙලිනාට්‍ය මාලාව ඇරෝ නිර්දේශිත
ටීන් චොයිස් සම්මාන[4] චොයිස් ටෙලිනාට්‍ය: මනඃකල්පිත/විද්‍යා ප්‍රබන්ධ නිර්දේශිත
චොයිස් ටීවී නැගී එන වැඩසටහන නිර්දේශිත
චොයිස් ටීවී රංගන ශිල්පියා: මනඃකල්පිත/විද්‍යා ප්‍රබන්ධ ස්ටීෆන් ඇමෙල් නිර්දේශිත
චොයිස් ටීවී නැගී එන තරුව නිර්දේශිත
චොයිස් ටීවී රංගන ශිල්පිනිය: මනඃකල්පිත/විද්‍යා ප්‍රබන්ධ කැතී කසිඩි නිර්දේශිත
කැනේඩියන් සොසෛටි ඔෆ් සිනේමොග්‍රෆි සම්මාන ගලෙන් වින්ටර් csc, ඇරෝ ("ප්‍රථම කතාංගය") දිනාගති
බ්‍රෝඩ්කාස්ට් මියුසික් ඉන්කොපරේෂන් BMI රුපවාහිනී සංගීත සම්මාන බ්ලේක් නීලි දිනාගති
TV ගයිඩ් සම්මානය ප්‍රියතම නව වැඩසටහන් මාලාව ඇරෝ දිනාගති
2014 IGN සම්මාන හොඳම රුපවාහිනී වීරයා ස්ටීෆන් ඇමෙල්/ඇරෝ 2වන ස්ථානය
පීපල්ස් චොයිස් සම්මාන[5] ප්‍රියතම විද්‍යා ප්‍රබන්ධ/මනඃකල්පිත රුපවාහිනී රංගන ශිල්පියා ස්ටීෆන් ඇමෙල් නිර්දේශිත
සැටලයිට් සම්මාන[6] හොඳම මාලා නාට්‍ය වර්ගය සඳහා වන සම්මානය ඇරෝ නිර්දේශිත
සැටර්න් සම්මාන[7] හොඳම යෞවන-දිශානත ටෙලිනාට්‍ය මාලාව ඇරෝ නිර්දේශිත
ලියෝ සම්මාන[8] වැඩසටහන ග්‍රෙග් බර්ලන්ටි, ජෝසප් පී. ෆින්, මාක් ගුගෙන්හයිම්, අන්ද්‍රිව් ක්‍රිස්බර්ග්, වෙන්ඩි මෙරික්ල්[9] නිර්දේශිත
සිනෙමාරූපණය ගෝඩන් ව'හුවෙල්("සක්රිෆයිස්") නිර්දේශිත
හැඩගැන්වීම ඩැනියෙල් ෆව්ල' ("කීප් යුවර් එනමීස් ක්ලෝස්ර්") නිර්දේශිත
සජීවීකරණය ජේ.ජේ. මාකෝ ("ද සයන්ටිස්ට්") නිර්දේශිත
ප්‍රධාන ඉදිරිපත්කිරීම - පිරිමි ස්ටීෆන් ඇමෙල් ("කෘසිබල්") නිර්දේශිත
ප්‍රධාන ඉදිරිපත්කිරීම - ගැහැණු එමිලි බෙට් රිකර්ඩ්ස් ("ත්‍රී ගොස්ට්ස්") නිර්දේශිත
කන්ස්ටලේෂන් සම්මාන[10] 2013 රුපවාහිනී කතාංගයක විද්‍යා ප්‍රබන්ධ ප්‍රධාන පිරිමි ඉදිරිපත්කිරීම ස්ටීෆන් ඇමෙල් ("ද ඔඩිසි") නිර්දේශිත
2013 විද්‍යා ප්‍රබන්ධ රුපවාහිනී කතා මාලාව ඇරෝ නිර්දේශිත
ටීන් චොයිස් සම්මාන[11] චොයිස් රුපවාහිනී ප්‍රදර්ශනය: විද්‍යා ප්‍රබන්ධ/මනඃකල්පිත ඇරෝ තීරණය වෙමින්..
චොයිස් රුපවාහිනී නැගී එන කාන්තා තරුව[12] එමිලි බෙට් රිකර්ඩ්ස් තීරණය වෙමින්..
යන්ග් හොලිවුඩ් සම්මාන[13] සුපිරි සුපිරි වීරයා ස්ටීෆන් ඇමෙල් නිර්දේශිත

සිංහල භාෂාව අනුවාදය[සංස්කරණය]

මෙම කතා මාලාවේ සිංහල හඬකැවූ පිටපත 2014 ජුනි සහ නොවැම්බර් අතර (පළමු වාර දෙක) හිරු ටීවී ඔස්සේ විකාශය විය. කථාංග සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8.30 ට විකාශය විය.

චරිතයේ නම ඉංග්‍රීසි භාෂාව අනුවාදය ශ්‍රී ලංකාව සිංහල භාෂාව අනුවාදය
ඔලිවර් ක්වීන් ස්ටීෆන් ඇමෙල් බුද්ධික බන්දුජීව
ලෝරල් ලාන්ස් කැතී කැසිඩි මධුභාෂිනී කිරිඇල්ල
ජෝන් ඩිගල් ඩේවිඩ් රැම්සී සංජය ඈපා සෙනෙවිරත්න
ටොමී මර්ලින් කොලින් ඩොනල් ඒ. හර්ෂණ
තියා ක්වීන් විලා හොලන්ඩ් තනාකා තාරකී
මොයිරා ක්වීන් සුසෑනා තොම්සන් සන්ධ්‍යා රඹුක්කනගේ
මැල්කම් මර්ලින් ජෝන් බැරෝමන් ප්‍රසන්න ෆොන්සේකා
ෆෙලිසිටි ස්මෝක් එමිලි බෙට් රිකර්ඩ්ස් සිතාරා පවිත්‍රානි
ක්වෙන්ටින් ලාන්ස් පෝල් බ්ලැක්තෝර්න් හර්ෂ ආරියසිංහ
රෝයි හාපර් කෝල්ටන් හේනස් නිපුන වික්‍රමගේ
සේරා ලාන්ස් කේතී ලොට්ස් අයන්ති කළුආරච්චි
ස්ලේඩ් විල්සන් මානු බෙනට් ජයනාත් බණ්ඩාර
සෙබෙස්තියන් බ්ලඩ් කෙවින් ඇලෙක්සැන්ඩර් කස්සප සෙනරත්
ඉසබෙල් රොෂව් සමර් ග්ලෝ ගයත්‍රි සුබෝදිනී
ෂැඩෝ සිලීනා ජේඩ් ඉරේෂා ලක්මාලි
ලයිලා මයිකල්ස් ඔඩ්‍රී මැරී ඇන්ඩර්සන් වසන්ති රංවල
ෆ්ලොයිඩ් ලෝටන් (ඩෙඩ්ෂට්) මයිකල් රෝ අනුර ජයන්ත
ඩයිනා ලාන්ස් ඇලෙක්ස් කිංස්ටන් නිලන්ති ගුණවර්ධන
ඇමන්ඩා වොලර් සින්තියා ඇඩයි-රොබින්සන් උදානි රත්නායක
සින්ඩි බෙක්ස් ටේලර්-ක්ලෝස් ජයනි සේනානායක

වෙනත් මාධ්‍ය[සංස්කරණය]

ඩිජිටල් කොමික්ස්[සංස්කරණය]

කතාමාලාව ජනප්‍රිය කිරීම සඳහා DC කොමික්ස් විසින් පිටු 10යෙ සන්දර්ශකයක් 2012 දී නිපදවනලදී.ඒ ක්‍රිස්බර්ග්ගේ රචනයෙන්, ඕමාර් ෆ්රන්සියාගේ චිත්‍ර වලින් සහ මයික් ග්‍රේල් ගේ කවර නිර්මාණයෙන් ය. The comic was regarded by the production crew as sharing the same canon as the series, with Kreisberg commenting, "[For] anyone who grabs a copy: Hold onto it and as the series progresses, you'll appreciate it more and more."[14] It was later released free online.[15] On October 10, 2012, DC Comics debuted a weekly digital comic tie-in written by Kreisberg and Guggenheim and drawn by various artists, including Mike Grell, which remained in continuity with the television series.[16] The series lasted for 36 chapters, running until June 2013. These were collected, together with the initial preview comic, into Arrow: Volume 1, released in October 2013.[17][18] Titan Magazines published the comics in a physical format in the UK. The first issue was published on October 17, 2013 and contained the first four chapters of the series, with the complete series lasting 6 issues.[17][19]

A follow up to the original digital title, Arrow: Season 2.5, will be written by Guggenheim and Keto Shimizu, a staff writer for the show, with art by Joe Bennett and Jack Jadson. Arrow 2.5 is intended to tell one continuous story across two arcs, that fits within the television narrative. Guggenheim stated, "We've tried to put in all the elements that people like about the show... We're going to see what's happened to Detective Lance after he collapsed in the season [two] finale. A good chunk of the burning questions left over will get answered in the tie-in comic. Particularly towards the latter half of the series, we're going to start introducing characters [in the comic] who you'll see in Season 3... before they show up on TV." The comic is scheduled to launch digitally biweekly on September 1, 2014, with its first physical release featuring a collection of the digital releases, on October 8.[20]

බ්ලඩ් රශ්[සංස්කරණය]

2013 නොවැම්බර් 6 දින කතාංග 6කින් යුත් කෙටි ටෙලි නාට්‍ය මාලාවක් ඇරෝත් සමගම විකාශය කෙරිණි; ඒ බ්ලඩ් රශ් යන නමිනි.එය බොස් කෝපරේෂන් ඉදිරිපත්කිරීමකි.එයද ප්‍රධාන කතාවත් සමගම වැන්කුවර් හි රුගත කර ඇත.මෙය එමිලි බෙට් රිකර්ඩ්ස්, කෝල්ටන් හෙනස් සහ පෝල් බ්ලැක්ත්රෝන් යනන්ගේ රංගනයෙන් හැඩගැන්වී ඇත.ඔවුන් එහිදීද ,පිළිවලින්, ෆෙලිසිටි ස්මෝක්, රෝයි හාප' සහ කුවීන්ටන් ලාන්ස් චරිත වලට රංගනයෙන් දායක වෙති.[21]

රෝයි කුවීන්ස් ඒකාබද්දය වෙත පැමිණ ඔලිවර්ව හමුවීම මෙහි කතාංග වලින් පෙන්වයි.ඒ මොහොතේ ඔලිවර් එහි නොමැති නිසා ෆෙලිසිට්ය ඔහුට ප්‍රවේශ ශාලාවට වී සිටීමට උපදෙස් දේ.[22] රෝයි යනවාත් සමගම නිලධාරී ලාන්ස් පැමිණ ෆෙලිසිටි විසින් විනාශ කල තැනැත්තාගේ ලේ සාම්පලයක් පොලිසිය සොයාගත් බව පවසයි.එත් සමගම ඇය ඔලිවර්ගේ කටහඬ සංකේතය මගින් රොයිට ඇමතුමක් ලබා දේ.[23] ෆෙලිසිටි ඔහුව පරීක්ෂණාගාරය තුල මෙහෙයවමින් ලේ සාම්පලය සොයා ගනී.එහෙත් රෝයි පිටවීමට යාමේදී මහාචාර්යවරුන් අතට පත්වේ.[24] එහිදී ෆෙලිසිටි එම ගොඩනැගිල්ලේ PA පද්දතිය හැක් කර රොයිට පැනයාමට අවස්ථාවක් සලසදෙනු ලබයි.[25] රෝයි , ෆෙලිසිටි ගේ උදවු ඇතිව එතනින් පිටවීමට සමත්වේ.[26] රෝයි නැවතත් කුවීන්ස් ඒකාබද්දයට පැමිණි පසුව රෝයි අතේ ලේ සාම්පලය ඔලිවර් වෙත යවනු ලබයි.[27]

වීඩියෝ ක්‍රීඩා[සංස්කරණය]

ග්‍රීන් ඇරෝ මූලික කරගත් ඔලිවර් කුවීන්ගේ පෙනුමින් යුතු "ඇරෝ" 2013 "ඉන්ජස්ටිස්: ගෝඩ්ස් අමන්ග් අස්" වීඩියෝ ක්‍රීඩාව බාගත කල හැකි අන්තර්ගතයක් ලෙස පවතී. මේය පසුව නොමිලේ බාගත කිරීම සඳහා නිකුත් කෙරිණි.ස්ටීෆන් ඇමෙල් චරිතයට කටහඬින් දායක වේ. [28]

සහසම්බන්ධතා[සංස්කරණය]

2013 ජුල්ය් මසදී බර්ලන්ටි සහ ක්‍රිස්බර්ග් , නටර් සමගින් ජෙඔෆ් ජෝන්ස් , ඔවුන්ගේ නව ටෙලිනාට්‍ය මාලාව පිළිබඳව ප්‍රථම වරට නිවේදනය කළහ.ඒ ද ෆ්ලෑෂ් ගැනයි.[29] ග්‍රාන්ට් ගස්ටින්විසින් පණපොවන චරිතය, ඇරෝහි 2වන කතාංග මාලාවේ කතාංග 3ක දිස්වේ.[30] කෙසේ වෙතත්, එය 2013 නොවැම්බර් මස නිවේදනය කල පරිදි, පරණ සැලැස්ම වන ඇරෝ තුලින්ම මෙහි ආරම්භක කතාංගය තැනීම නවත්වා නව ආරම්භක කතාංගයක් තැනීමට සැලසුම් කල බව හෙළි කෙරිණි.මෙම තීරණය CWහි විධයකයන්ගේ බව හෙළිවේ.මෙ වන විට , චරිතය 2වන කතාංග මාලාවේ 3වන කතාංගය තෙක් රැගෙන යනවද යන්න තීරණය වෙමින් පවතුනී.[31] එහෙත් මෙ චරිතයේ සුපිරි වීර ස්වභාවය ඇරෝහි ප්‍රදර්ශනය නොකිරීමට ඔවුන් තීරණය කර තිබිනි.[32] 2014 ජනවාරියේදී "ද ෆ්ලෑෂ්" හි ප්‍රථම කතාංගය සඳහා වඩා ඇරඹිණි.[33] 2014 මාර්තු මාසයේදී අනාවරණය වන්නේ ගස්ටින් තුන්වන කතන්ගයේ රඟනොපාන බවයි.කෙසේ වෙතත් ඩැනියල් පාකර් සහ කාලෝස් වැල්ඩේස් යන්නවුන් ඒ වෙනුවට "මෑන් අන්ඩ හුඩ්" කතන්ගයේ රඟපාන බවයි.[34] 2014 මැයි මාසයේදී හෙළිදරව් වුවේ, "ද ෆ්ලෑෂ්" හීද ඔලිවර් කුවීන්/ඇරෝ චරිතයට ස්ටීෆන් ඇමෙල් විසින්ම කතා මාලාවේ පළමු කතාංගයට රංගන දායකත්වය සපයන බවකි. [35] 2014 ජුනි මාසයේදී ක්‍රිස්බර්ග් විසින් අනාවරණය කල තොරතුරු වලට අනුව රිකර්ඩ්ස් "ද ෆ්ලෑෂ්"හි 4 වන කතාංගයෙදී ස්මොක්ගේ චරිතයට රඟපාන බවත් ,අදාල මාරුවීමේ අවස්ථාව කතා මල දෙකේම 3වන කතාංග මාලාවේ ඩී සිදුකරන බවයි.[36]

වෙළඳපොළට නිකුත්කිරීම[සංස්කරණය]

සම්පූර්ණ වාරය නිකුත්කළ දිනය අමතර තොරතුරු
කලාපය 1 කලාපය 2 කලාපය 4
1 2013 සැප්තැම්බර් 17 [37] 2013 සැප්තැම්බර් 23[38] 2013 ඔක්තෝබර් 02[39] DVD/Blu-ray කට්ටල වල අමතර ලක්ෂණ, මකාදැමුණු කොටස් මෙන්ම විශේෂ අවස්ථා ද ඇතුලත් වේ.
2 2014 සැප්තැම්බර් 16[40] 2014 සැප්තැම්බර් 15[41]

බාහිර සබැඳි[සංස්කරණය]

  1. "2012 Winners". සම්ප්‍රවේශය මැයි 25, 2013.
  2. "2013 Logo NewNowNext Awards: And The Nominees Are…". සම්ප්‍රවේශය මැයි 25, 2013.
  3. "The 39th Saturn Award Nominations". අප්‍රේල් 23, 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය මැයි 25, 2013.
  4. "TC News". ඔක්තෝබර් 7, 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය මැයි 25, 2013.
  5. "The 40th People's Choice Awards". සම්ප්‍රවේශය නොවැම්බර් 12, 2013.
  6. "2014 Winners". සම්ප්‍රවේශය මැයි 12, 2014.
  7. "The 40th Saturn Award Nominations". Variety. සම්ප්‍රවේශය මාර්තු 28, 2014.
  8. "2014 Winners". Leo Awards. ජූනි 7, 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජූනි 11, 2014.
  9. "2014 Nominations". Leo Awards. අප්‍රේල් 26, 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය අප්‍රේල් 26, 2014.
  10. "Nominations". Constellation Awards. පෙබරවාරි 17, 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය මැයි 12, 2014.
  11. "FIRST WAVE OF "TEEN CHOICE 2014" NOMINEES ANNOUNCED". Teen Choice Awards. ජූනි 18, 2014. සම්ප්‍රවේශය ජූනි 18, 2014.
  12. "Second Wave of Nominations for 'Teen Choice 2014' Announced". TVbythenumbers. ජූලි 18, 2014. සැප්තැම්බර් 28, 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජූලි 18, 2014.
  13. "YHA Nominees list". Young Hollywood Awards. ජූනි 28, 2014. සම්ප්‍රවේශය ජූනි 28, 2014.
  14. Spiegel, Danny (July 16, 2012). "Arrow Targets San Diego". TV Guide. Page 10
  15. "Arrow (2012-2013) #1: Special Edition". DC Web Store. සම්ප්‍රවේශය දෙසැම්බර් 12, 2013.
  16. Mahadeo, Kevin (ඔක්තෝබර් 10, 2012). "DC Comics Celebrates Arrow Day". DC Comics. සම්ප්‍රවේශය මාර්තු 30, 2013.
  17. 17.0 17.1 "Arrow (2012-2013) Vol. 1". DC Web Store. සම්ප්‍රවේශය දෙසැම්බර් 12, 2013.
  18. "Arrow (2012-2013) #36". DC Web Store. සම්ප්‍රවේශය දෙසැම්බර් 12, 2013.
  19. "Arrow Issue #1". Titan Magazines. සම්ප්‍රවේශය දෙසැම්බර් 8, 2013.
  20. Sands, Rich (ජූලි 9, 2014). "Exclusive: DC Entertainment Launches New Arrow and The Flash Digital Comics". TV Guide. සම්ප්‍රවේශය ජූලි 9, 2014.
  21. Graser, Marc (නොවැම්බර් 8, 2013). "Bose and 'Arrow:' Sound Company Helps the CW Launch Superhero Spinoff 'Blood Rush'". Variety. සම්ප්‍රවේශය නොවැම්බර් 14, 2013.
  22. "{{{title}}}". Blood Rush. CW.com. No. One, season 1.
  23. "{{{title}}}". Blood Rush. CW.com. No. Two, season 1.
  24. "{{{title}}}". Blood Rush. CW.com. No. Three, season 1.
  25. "{{{title}}}". Blood Rush. CW.com. No. Four, season 1.
  26. "{{{title}}}". Blood Rush. CW.com. No. Five, season 1.
  27. "{{{title}}}". Blood Rush. CW.com. No. Six, season 1.
  28. "Stephen Amell Adds "Arrow" To "Injustice" Roster". Comic Book Resources. සම්ප්‍රවේශය මැයි 10, 2013.
  29. Andreeva, Nellie (ජූලි 30, 2013). "CW Eyes 'Flash' Series With 'Arrow's Greg Berlanti, Andrew Kreisberg & David Nutter". Deadline. සම්ප්‍රවේශය ජූලි 30, 2013.
  30. Goldberg, Lesley (ජූලි 30, 2013). "'Flash' Writers Preview the CW's Newest Superhero". The Hollywood Reporter. සම්ප්‍රවේශය ජූලි 30, 2013.
  31. Andreeva, Nellie (නොවැම්බර් 18, 2013). "CW's 'The Flash' To Do Stand-Alone Pilot Instead Of 'Arrow' Backdoor Pilot Episode". සම්ප්‍රවේශය නොවැම්බර් 18, 2013.
  32. Katie Stanhope (නොවැම්බර් 18, 2013). "Photo: First Look at The Flash's Arrow Debut. Plus: New Details on Flash Pilot". TV Guide. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2013.
  33. Goldberg, Lesley (ජනවාරි 29, 2014). "'Supernatural' Spinoff, Rob Thomas' 'iZombie,' 'Flash' Ordered to Pilot at CW". The Hollywood Reporter. සම්ප්‍රවේශය ජනවාරි 29, 2014.
  34. Abrams, Natalie (මාර්තු 17, 2014). "Arrow Scoop: Which Flash Characters Are Heading to Starling City?". TV Guide. සම්ප්‍රවේශය මාර්තු 17, 2014.
  35. "Exclusive: The Flash's Pilot Features an Arrow Crossover!". TV Guide. මැයි 15, 2014. සම්ප්‍රවේශය මැයි 15, 2014.
  36. Abram, Natalie (ජූලි 18, 2014). "The Flash Casts Wentworth Miller, Plots Arrow Crossovers". TV Guilde. සම්ප්‍රවේශය ජූලි 18, 2014.
  37. "Arrow: The Complete First Season [Blu-ray] (2013)". Amazon. සම්ප්‍රවේශය ජූලි 10, 2013.
  38. "Arrow - Season 1 (Blu-ray)". Amazon UK. සම්ප්‍රවේශය මැයි 16, 2013.
  39. "Arrow - Season 1 (Dvd/ Ultraviolet)". JB Hi-Fi. සම්ප්‍රවේශය අගෝස්තු 2, 2013.
  40. "Arrow - Warner Shot Over an Announcement for 'The Complete 2nd Season' Blu-ray Disc and DVD versions will leap into stores this September". TVShowsOnDVD.com. සම්ප්‍රවේශය ජූනි 11, 2014.
  41. "Arrow - Season 2 (Blu-ray)". Amazon UK. සම්ප්‍රවේශය අප්‍රේල් 17, 2014.
"https://si.wikipedia.org/w/index.php?title=ඇරෝ_(ටෙලි_නාට්‍ය_මාලාව)&oldid=591404" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි