ලංකා ගවරා

විකිපීඩියා වෙතින්

ලංකා ගවරා (CEYLON GAUR) යනු ලංකාවේ වාසය කල වඳවී ගිය ක්ෂීරපායි සත්වයෙකි.

හැදින්වීම. ගවරා යනු විශාල ශරීරයකින් හෙබි කාල වර්ණ සත්වයෙකි.මෙම සත්වයා හරකා බයිසන් ගවයා යැක් මීහරකා අයත් ගව පවුලේ සාමාජිකයෙකි.ඔවුන් ඉතාමත් ශක්තිමත් සත්ව විශේෂයක්ය.දැනට වාසය කරන අලියා රයිනොසිරස් හිපපොටේමස් මෙසේ විශාලව වැඩෙන සතුන්ය.මෙම සත්වයා ඊශාන දිග හා දකුණු අසියානු කලාපයේ පැතිරී සිටී. ලංකාවේ වාසය කල ගවරා ඉන්දියාවේ වාසය කල ගවරාට වඩා කුඩාවූ බව සදහන්වේ.දැරණියගල මහතාගේ හා ඇතැම් බ්‍රිතාන්‍ය ලේඛකයින්ට අනුව මේබව සනාතවේ.

Scientific Classificatioබ
රාජධානිය : සත්ව
වංශය : පෘෂ්ඨවංශී
Class : ක්ෂීරපායි
Order : Artiodactyla
Family : Bovidae
Subfamily : Bovinae
Genus : Bibos
Species : B.sinhaleyus
Binomial name: - Bibos sinhaleyus

ඉතිහාසය[සංස්කරණය]

සිංහල භාෂාව තුල ඇති ගවරමාන,ගවර එළිය,ගවර විල,ගවර කැළේ වැනි ස්ථාන නාම මෙන්ම ගවර මාන නමින් හඳුන්වන තෘණ විශේෂයක්ද පවතී.මෙවන් වචන සිංහල භාෂාවට එක්වී ඇති ආකාරය අනුව ගවරා යන සතෙකු ශ්‍රී ලංකාව තුල ජීවත්වූවා යැයි සිතිය හැකිය.මීට අමතරව රොබට් නොක්ස් විසින් රචිත එදා හෙළදිව ග්‍රන්තයේද ගවරා නමින් හඳුන්වනු ලැබූ සතකු සිටි බව පවසයි.ඔහු සඳහන් කරන ආකාරයට ගවරා ගවයෙකුට සමාන ලක්ෂණ දරයි.කෙසේ වෙතත් ගවරා කිසි දිනෙක ඔහු නොදුටු බවත් නොක්ස් පවසයි රොබට් (නොක්ස් විසින් ලියන ලද  එදා හෙළදිව (පරිවර්තනය=ඩේවිඩ් කරුණාරත්න ) කෘතියෙහි සදන් වන්නෙ රජතුමාගේ සුරතල් සතුන්  අතර නොක්ස් විසින් මෙවන් සතෙකු දුටු බවයි.  {පරිචේදය - 10 / 103 පිටුව / තෙවන ජේදය}).ගවර නමින් සතකු සිටිනබව ගැමියන් කියනු නොක්ස් අසා ඇත.මීට අමතරව ජොන් ඩොයිලිගේ වාර්ථාවලද ගවරා පිළිබද තොරතුරු ඇතුලත්ය.ඩොයිලි ගේ වාර්ථවලට අනුව ගවරා ගවයාට සමාන පෙනුමකින් යුතු සතෙකි.වර්ණයෙන්ද ගවයාට සමානය එහෙත් ගවරාගේ අං තට්ටුව පහතට නැමී පිහිටා ඇත.මෙම සත්වයා ඉතා කලාතුරකින් පමණක් දැකගතහැකිවිය.වරෙක අල්ලාගත් ගවරෙකු මහනුවරට ගෙන ආබව ඩොයිලි අසා ඇතිබව පවසයි.කෙසේ වෙතත් මෙම ගවර ඉතා කෙටි කලකින් මියගොස් ඇත.මේජරි ෆොර්බ් විසින් රචිත ‘Eleven Years in Ceylon (1840:II.159)’ නම් ග්‍රන්තයේද ගවරා පිළිබද කියැවේ.නුවර එළිය හා සමනළකන්ත අතරවූ තැනිතාලා බිම් කඩ එවක ගවර එළිය නමින් හඳුන්වා ඇතිබව ඔහු පෙන්වා දෙයි.ගවරා යනු ඉතා භයන්කර සතෙකු බව මේජර් ෆොර්බ් පවසයි.ජේම්ස් එමර්සන් ටෙනනට් ගේ Ceylon: An account of the island Physical, Historical and Topographical (1859).නම් ග්‍රන්තයේද ගවරා ගැන තොරතුරු ඇතුලත්ය.වරක් ඔහුට මහළු සිංහල පුරුෂයෙකු ගවරා ගැන විස්ථරයක් පවසා ඇත.ගවරා හෝටන් තැන්න ප්‍රදේශයේ වාසය කරඇත.එම සත්වයා ගෝනාට හා මී හරකාට සමාන ලක්ෂණ ඇති තද දුඹුරු පැහැති සතකු බව එම මහල්ලා ටෙනනට්ට පවසා ඇත.ගවරා මධ්‍ය කඳුකරයේ ජීවත්වී ඇත.ජනප්‍රවාදයන්ට අනුව ගවරෙකු සමග සටන් කොට දිනන පුද්ගලයාට රජුගේ ආක්ෂකයා වීමට හැකියාව ලැබිණි.ගවරා ගේ යැයි සක කළහැකි අස්ථි කොටස් 1962 දී රත්නපුර ප්‍රදේශයේදී ආචාර්‍ය P.E.P.දැරණියගලයන්ට හමුවී ඇත.මීට අමතරව මෙවන් ගවේෂණ කිහිපයකින් ගවරා ගේ යැයි සක කළ හැකි ෆොසිල හමුවී ඇත.

මිනිසුන් විසින් දඩයම් කිරීම වසංගත රෝග වැනි හේතු විසා ගවරා වඳවී යන්නට ඇතැයි සළකේ.

මූලාශ්‍ර[සංස්කරණය]

1. http://www.lankalibrary.com/geo/india-lanka.htm සංරක්ෂණය කළ පිටපත 2020-01-06 at the Wayback Machine

2. Ceylon: An Account of the Island Physical, Historical, and Topographical by James Emerson Tennent (pg 152) - http://books.google.lk/books?id=VeeAO6fuGQ8C&pg=PA151&lpg=PA151&dq=ceylon+gaur&source=bl&ots=M4PPpjF5z_&sig=a9OHx08ZiQY6F_MRA_I5HK29Ahs&hl=en&ei=P7z6S-SwC4O5rAe-hbGwCg&sa=X&oi=book_result&ct=result&resnum=2&ved=0CBoQ6AEwAQ#v=onepage&q&f=false

3. http://www.rootsweb.ancestry.com/~lkawgw/muskrat.html

4. http://en.wikipedia.org/wiki/Gaur

5. http://books.google.lk/books?id=GkI2-5QNps4C&pg=PA125&lpg=PA125&dq=ceylon+gaur&source=bl&ots=LrZU6Col0k&sig=iES0jr7hxzzqaJHjO7UNm7_5eU4&hl=en&ei=A9P6S7D-MIzCrAeHz9HPCg&sa=X&oi=book_result&ct=result&resnum=7&ved=0CCoQ6AEwBg#v=onepage&q=ceylon%20gaur&f=false (Catalogue of Mammalia in the Indian Museum, Calcutta by William Lutley Sclater) 6. http://books.google.lk/books?id=9Ad2AicQn_0C&pg=PA49&lpg=PA49&dq=ceylon+gaur&source=bl&ots=reLEtJiuWS&sig=Y3CJVZ_9vMUr6QonZ_GYl83xXtU&hl=en&ei=VdX6S8XkNY7HrAft7q3dCg&sa=X&oi=book_result&ct=result&resnum=4&ved=0CCMQ6AEwAzgK#v=onepage&q=ceylon%20gaur&f=false (Sketches of the natural history of Ceylon with narratives and anecdotes ... by Sir James Emerson Tennent) 7. http://www.pdn.ac.lk/cjsbs/text/text31.7.pdf සංරක්ෂණය කළ පිටපත 2017-07-05 at the Wayback Machine (A MOLAR TOOTH OF HEXAPROTODON (HIPPOPOTAMIDAE) FROM UPPER PLEISTOCENE DEPOSITS OF THE CENTRAL PROVINCE OF SRI LANKA - SR Weerawardhena, AP Russell, R Ratnayaka - pdn.ac.lk) 8. http://repository.kulib.kyoto-u.ac.jp/dspace/bitstream/2433/110021/1/SANSAI4_1.pdf

"https://si.wikipedia.org/w/index.php?title=ලංකා_ගවරා&oldid=631388" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි