සජිවන ක්‍රමෝපායන් - Stop motion

විකිපීඩියා වෙතින්

සජිවන ක්‍රමෝපායන් - Stop motion

Stop motion සජිවනය ලෙස හැදින්වෙන්නේ චලිතයක් හැගවීමට සැබෑ වස්තුන් භෞතිකමය වශයෙන් මානනය කොට එක් විටකදී එක් රාමුවක් පමණක් වන පරිදි ඡායාරැප ගත කොට නිර්මාණය කිරිමට දරන උත්සාහයයි. Stop motion සජීවිකරණයේ විවිධ ආකාර කිහිපයක්ම ඇත. සාමාන්‍යයෙන් ඒවා නම් කර ඇත්තේ සජිවිකරණයේදී යොදා ගන්නා ලද මාධ්‍ය අනුවය.

[-clay animation යොදා ගත් clay animation දැන්වීමක්}

• clay animation බොහෝ විටි කෙටියෙන් හදුන්වන්නේ claymation ලෙසය. stop motion සජිවිකරණය සදහා මෙම ක්‍රමයේදි භාවිතා කරනුයේ මැටි හෝ සමාන රෑපි අාහන්‍ය ද්‍රව්‍යයකි. මැටි‍යෙන් සාදා ගන්නා පිළිරැව ඇතුලත ආමේචරයක් හෝ වයර් රාමුවක් තිබිය හැක. ඉදිරියට විස්තර ඉදිරිපත් වන puppel- animation හි මෙන්ම මෙහිදිද ආමේචරයෙන් පිළිරැවේ විවිධ ඉරියව් පාලනය කරයි. මෙම පිලිරෑ Bruce Bick ford චිත්‍රපටයේ පරිදි සම්පුර්ණයෙන්ම මැටියෙන් වුවද සාදා ගත හැකි. මෙසේ clay animation යොදා ගත් චිත්‍රපට වලට උදාහරණ ලෙස The Gumby Show (us, 1957-1967), Morph shorts (එංගලන්තය-1977-2000) , Wallace and Gromu't shorts(එංගලන්තය- 1989-1995 සහ 2000?) , Jan Svankmejer's Dimensions of Dialogue (චෙකලොවේකියාව, 1982), The amation Mr. Bickford (එක්සත් ජනපදය, 1987) සහ The trap door (එංගලන්තය 1984) • Cutout animation යනු ද්විමාන හෝ දෙි කැබලි වැනි ද්විමාන ද්‍රව්‍ය චලනය කිරිමෙනි. උදාහරණයක් වන්නේ Terry gilliam ගේ Monty Pytheon's flying crrus (එංගලන්තය, 1969-1974) La planete sauvage (fantastic planet) (ප්‍රංශ, චෙකොලොවේකියාව, 1973) Skazka Skazok (Tale of tales) (රැසියාව, 1979) South park (එක්සත් ජනපදය, 1997) හි නියමු වැඩසටහන • Silhouette animation යනු outout animation හි එක් ප්‍රබේදයකි. මෙහි චරිත දිස්වන්නේ කලු පැහැති අදුරැ සේයාවක් ලෙසය. උදාහරණ වන්නේ The advanture of Prince Achmed (Weber Republic,1926) සහ Princes of princesses (ප්‍රංශය, 2000) • Graphic animation හි යොදාගනුයේ අදිනා නොලද තුනි දෘෂ්‍ය චිත්‍රපට ද්‍රව්‍යයයන්. (ඡායාරෑප, ප්‍රවෘත්ති පත්‍ර, සගරා ආදි) මේවා රාමුවෙන් රාමුවට මානනය කරන්නේ චලිතය ඇති කිරිමටය. වෙනත් අවස්ථා වලදි චිත්‍රක නිශ්චලව පිහිටන අතර stop-motion කැමරා චලනය කිරිමෙන් තිරයේ දිස්වෙන ක්‍රියා නිර්මාණය කර ගත හැක. • model animation හෙවත් ආකෘති සජීවනය ලෙස හැදින්වෙන්නේ සජිවි ලෝකයේ අභිනයන් සමග අන්තර්ක්‍රියා ඇති කර ගනිමින් හා ‍එහි කොටසක් වශයෙන් සැලකිය හැකි stop-motion සජිවන නිර්මාණයන්ය. සජීවි රංගන ශිල්පින්. දර්ශන පසුතල ආදිය සමග stop motion චරිත සහ වස්තුන් හොදින් මුසු කිරිම සදහා intercutting, matle ආවරණ, විභින්න තිරය යොදා ගනි උදාහරණ ලෙස ray harryhausen ගේ Jason and the Argonauts (1961) සහ Willis O'Brien ගේ King kong (1933) චිත්‍රපට සැලකිය හැක. • Go motion යනු model animation හි එක්තරා ප්‍රබේදයකි. මෙහිදි සාම්ප්‍රදායික stop- motion සජිවනයේ අන්තර්ගත නොවන චිත්‍රපට රාමු අතර motion blur ඇති කිරිමට විවිධ ක්‍රම යොදා ගනි. මෙම ක්‍රමවේදය සොයාගන්නා ලද්දේ Industrial light and magic සහ phil tippett විසින් The Wmpire strikes Back (1980) චිත්‍රපටයේ විශේෂ ආචරණ දර්ශන නිර්මාණයේදිය. • object animation හෙවත් වස්තු සජිවනය යනු stop motion animal සදහා විශේෂයෙන්ම සදාගත් වස්තුන් භාවිතා නොකොට සාමාන්‍ය අජීවි වස්තුන් භාවිතයයි. උදාහරණයක් ලෙස ගත හැකි brickfilm චිත්‍රපටයේ යොදා ගනු ලැබුවේ LEGO වැනි ප්ලාස්ටික් සෙල්ලම් බේලොක්ය. • Pixilation හි සැබැ මිනිසුන් stop-motion චරිත ලෙස යොදා ගැනේ. මෙමගින් බොහෝ විස්මයාකාර ආචරණ ඇති කල හැක. එනම් අතුරැදහන් විම්, නැවත මතුවිම්, පොලොව හරහා ලිස්සා යා‍ම් ආදිය, Norman mclarenගේ Veignbours (canada, 1952) මේ සදහා එක් උදාහරණයකි. • Puppet සජිවිනයේදී mode සජිවනයට වඩා වෙනස් වන්නේ මෙහි stop-motion රෑකඩ (puppets) යොදා ගන්නා බැවිනි. මෙම රෑකඩ තුල ආමේචරයක් ඇති අතර එමගින් ඔවුන් නිශ්චලව තබා ගැනීම සහ යම් යම් සන්ධි වල චලනයන් සිමා කරයි. උදාහරණයක් ලෙස කිව හැක්කේ LeRoman de Ronard (The tale of the fox) (ප්‍රංශය 1937) Jiri Trnka ගේ The night more before christmas (එක්සත් ජනපදය, 1993) සහ Robot chicken (එක්සත් ජනපදය 2005 – present) • pupation යනු George pal විසින් වැඩි දියුණු කරන ලද ක්‍රමවේදයන් යොදා ගනිමසින් නිර්මාණය කරන ලද puppet-animated (රෑකඩ සජීවිකරණ) චිත්‍රපට පෙළකි. මෙහිදි, එක් රෑකඩයක් සියලු රාමු තුල වෙනස් කරමින් හැසිරවීම වෙනුවට වෙනස් රෑකඩ එක් එක් රාමු සදහා යොදා ගනි.