නිව්සියම්

විකිපීඩියා වෙතින්
වොෂිංටනයේ පිහිටා ඇති නිව්සියම්

නිව්සියම් යනු වොෂිංටනයේ පිහිටා ඇති පුවත් හා පත්‍රකලාවේදය පිළිබද අන්තර් ක්‍රියාකාරී කෞතුකාගාරයයි. මෙය ප්‍රථමයෙන් 1997 අප්‍රේල් 18 වර්ජීනියාහි රොස්ලින්හි ඇරඹුණු අතර නැරඹීමට අය කිරීමක් නොකෙරිණි. එහි අරමුණ වන්නේ මහජනයාට සහ පුවත්පත් මාධ්‍යයට එකිනෙකා හඳුනා ගැනීම පහසු කිරීමයි. වසර පහක් තුළ මිලියන 2 - 25 කට වැඩි ප්‍රේක්ෂකයන් ගණනක් මෙයට ආකර්ශණය විය. “ ප්‍රීඩම් ෆෝරම් ” නම් නිදහස් මාධ්‍ය භාෂණය හා හැඟීම සඳහා කැපවුණු අපක්ෂපාතී පදනමක් මේ සඳහා මූල්‍ය දායකත්වය සපයයි.



නිව්සියම්හි ඉතිහාසය[සංස්කරණය]

අහසින් බැලූ විට නිව්සියම් දිස්වෙන අයුරු

2000 වර්ෂයේදී මෙම කෞතුකාගාරය වර්ජීනියාවේ සිට වොශින්ටන්වලට ගෙන එන ලදී. ඊට කලින් පිහිට වූ නිව්සියම් 2002 මාර්තු තුන වසා දැමුනේ කාර්යය මණ්ඩලයට නව ගොඩනැගිල්ලක් වෙත අවදානය යොමු කිරීමට අවශ්‍ය වූ බැවිනි. නව නිව්සියමට ඩොරල් මිලයන 450 ක් වැය වූ අතර 2008 අප්‍රේල් 11 මහජනතාව වෙනුවෙන් විවෘත විය.


නිව්සියම්හි භාර කරුවෙක් වන NBC හි ටිම් රසට් පැවසුවේ එය වර්ජීනියාවේහි හොද ප්‍රතිරූපයක් ගොඩනගා ගෙන ඇති බවත් එය නව පිහිටීමේ දී අතිවිශිෂ්ඨ ප්‍රතිරූපයක් ගොඩ නගා ගනු ඇති බවත්ය.


වොශින්ටන් පෙන්සිල්වේනියා ඇව්නිව්හි මෙය පිහිටා ඇත. මුල් නිව්සියම් නර්මාණය කල රැල්ෆ් ඇලේබෝම් සහ ‘පෘථිවිය සහ අභ්‍යවකාශය සදහා වන රෝස් මධ්‍යස්ථානය නිර්මාණය කල ජේම්ස් ස්ටුවට් පෝල් ශෙක් මෙන්ම නිවියෝක් හි ස්වභාවික ඉතිහාසය සදහා වන කෞතුකාගාරයේ නිර්මාපක ටොඩ් ශ්ලයිමන් යන අය මෙම නිර්මාණය කර ඇත.


නිව්සියම් නිර්මාණ කණ්ඩායමේ අරමුණු[සංස්කරණය]

  • ගෘහ නිර්මාණ ශිල්පයේ මුදුන් මල් කඩක් වශයෙන් ලෝක ජනයාට පහසුවෙන් හදුනා ගත හැකි ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීම.
  • මුල් නිව්සියම් මෙන් තුන් ගුණයක් විශාල, වසරකට ප්‍රේක්ෂකයන් මිලියන දෙකකට නැරඹිය හැකි කෞතුකාගාරයක් බිහි කිරීම.
  • ඇමෙරිකානු ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය භුක්ති විදීම. එනම් මාධ්‍ය හා භාෂනයේ නිදහසයි.


මෙම ගොඩනැගිල්ලේ අනුරුවක් 2002 ඔක්තෝම්බර් මාසයේදී ප්‍රදර්ශනය කෙරුණි. ඇමෙරිකානු ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයෙන් වචන හතලිස් පහක් අඩංගු ශෛල ලේඛණයක් ද මේ ගොඩනැගල්ලට ඇතුලත්ය.


මෙම කෞතුකාගාරයට වෙබ් අඩවියක් ඇති අතර එයට රූප සහ ලොව වටා පුවත්පත්වල මුල් පිටුවල තොරතුරු දිනපතා ඇතුලත් කෙරේ. මුල් කෞතුකාගාරය මෙන් නොව මෙහි ඇතුල් වීමේ ගාස්තුවක් අය කෙරේ.


නිව්සියම්හි ගොඩනැගිලි[සංස්කරණය]

වර්ග අඩි 643,000 ( 60,000 m2 ) වපසරියකින් යුත් අඩි අනූවක් ( 27 m ) උස ආලින්දයක්, ප්‍රදර්ශන මට්ටම් 7 ක්,සිනමා ශාලා 15 ක් , විශාල කලාගාර දුසිමක් කුඩා ප්‍රදර්ශන භාණ්ඩ රැසක්, විකාශන මැදිරි දෙකක් සහ අන්තර් ක්‍රියාකාරී පුවත් කාමරයකින් මෙය සමන්විත වී ඇත.


ආසන 500 ක් සහිත ඕවලාකාර මණ්ඩපයක් ද ඇත. කාර්ය මණ්ඩලය සඳහා ව. අ. 75,000 ( 7000 m2 )ද සාකච්ඡා සදහා වර්ග අඩි 11000 ( 1000 m2) ද ප්‍රදර්ශනය සදහා වර්ග අඩි 145500 ක්ද ( 14,000 ) වෙන් කර ඇත. ලොව උසම ද්‍රාව සෝපාන ඇත්තේ මෙහිය. මෙහි නව චිත්‍රාගාරයේ සිට 2008 අප්‍රේල් 20 වන දා ප්‍රථම වරට ‘දිස් වීක් විත් ජෝප් ස්ටෙෆ්නෝපලෙය වැඩ සටහන විකාශය විය.


නිව්සියම් හා බැඳි විවේචනාත්මක ප්‍රතිචාර[සංස්කරණය]

වර්ෂ 2000 දී “ වන් මාකට් ඇන්ඩ්ර් ගොට් ” කෘතියේ තෝමස් ප්‍රෑන්ක් මෙහි පිහිටීම විවේචනය කළේය. ඔහු පැවසුවේ පත්‍රකලාවේදය මෙහි පැමිණ ඇත්තේ අභාවයට පත්වීමට විය හැකි බවය.

නිව්යෝක් ටයිම්ස් ගෘහ නිර්මාණ විචාරයට අනුව නව නිව්සියම් ගොඩනැගිල්ල වොෂින්ටනයේ ගෘහ නිර්මාණය සම්බන්ධයෙන් වැලපීමට ඇති නවතම හේතුවයි. නිව්සියම් හා අන්තර්ගතය සම්බන්ධයෙන් ටයිම්ස් පුවත්පත පවසන්නේ මෙහි බොහෝ කරුණු කෙරෙහි අවදානය යොමුවී ඇතත් එම ප්‍රශංසාව පිළිබද උඩගු නොවිය යුතු බවය. Usa ටුඩේ පුවත්පත ගෘහ නිර්මාණය පිළිබද මිශ්‍ර අදහස් ප්‍රකාශ කල අතර ප්‍රේක්ෂකයන් ගණන ආශ්‍රයෙන් පැවසුවේ එහි පිහිටීම සාර්ථක බවය.


සටහන්[සංස්කරණය]

Newseum

2000 හේ දී “ වන් මාකට් අැන්ඩ්ර් ගොට් ” කෘතියෙ තෝමස් ප්‍රෑන්ක් මෙහි පිහිටීම විවේචනය කලේය. ඔහු පැවසුවේ පත්‍රකලාවේදය මෙහි පැමිණි ඇත්තේ මිය යෑමට විය හැක බවය.

නිවියෝක් ටයිම්ස් හ ග්‍රහ නිර්මාණ විචාරයට අනුව නව නිව්සියම් ගොඩනැගල්ල වොශින්ටනයේ ගෘහ නිර්මානය සම්බන්දයෙන් වැලපිමට ඇති නවතම හේතුවයි. නිව්සයම් හා අන්තර් ගතය සම්බනදයෙන් ටයිම්ස් පුවත් පත පවසන්නේ මෙහි බොහෝ කරුනු කෙරෙහි අවදානය යොමව ඇතත් එම ප්‍රශංසාව පිළිබද උඩගු නොවිය යුතු බවය. Usa ටුඩේ පුවත් පත ගෘහ නිර්මාණය පිළිබද මිස්ශ්‍ර අදහස් ප්‍රකාශ කල අතර ප්‍රේක්ෂයන් ගණන ආස්ශ්‍රයෙන් පැවසුවේ එහ පහටීම සාර්ථක බවය.

"https://si.wikipedia.org/w/index.php?title=නිව්සියම්&oldid=472184" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි