වන වගාව

විකිපීඩියා වෙතින්
එංගලන්තයේ වන වගාවක්.

වන වගාව යනු කෘෂි-වන විද්‍යාත්මක ක්‍රියාවලියක් වන අතර එය වනයේ සෞඛ්‍ය පිළිබඳව ප්‍රධාන ලෙස සලකන වනන්තර පරිසර පද්ධතියක ජාත්‍යන්තර, සමොඅධානිත, බලවත් සහ අනෝන්‍ය කළමණාකරණය ලෙස විස්තර කල හැක එය ගතානුගතිකව දන්නා වන විද්‍යාව හෝ ගොවිතැන නොවේ. වන වගා කළමණාකරණ ප්‍රතිපත්ති වන කළමණාකරණයට, වනාන්තරයේ ප්‍රාදේශීය ජෛව විවිධත්වය හා වනසතුන්ගේ වාස භූමි සංරක්ෂනය හා සීමාසහිතව නීත්‍යානුකූල ලෙස වනයේ විවිධ සම්පත් ප්‍රයෝජනයට ගැනීම අතර තුලනයක් පවත්වා ගැනීම සඳහා පරිසර විද්‍යත්මක ප්‍රවේශයක් ස්ථාපිත කරයි. එය ප්‍රමණයට වඩා වැඩියෙන් භාවිතා කරන ලද ද්විතීයකව වර්ධනය වූ වනාන්තර සහ පරිසර පද්ධතිය දැඩිලෙස කැබලි වලට කැඩී ගොස් පරිසර පද්ධතිය අස්මතුලිතවූ අවස්ථා වල කාලයත් සමඟ ප්‍රවේශම් සහිතව අවධානත්මක ලෙස ක්‍රියාකිරීමෙන් විශේෂවල සමතුලිත බව පෙර තිබූ පරිදිම ඇතිකිරීමට වෑයම් කරයි. කළමණාකරණ ක්‍රම වලට බලවත් එහෙත් පරීක්ෂාකාරී ලෙස ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයට අතු සහිත , වැඩීම බාලවූ ගස් වර්ග තුනීකිරීම සිදුකරන නිසා කිසිම ශාකයක් විනාශ නොවන අතර ඉහල වියන කිසිදා වනයේ පොළොවට වැඩිපුර හිරු එළිය ,වර්ෂාව හා ඛාදනය වීමට ඉඩනොදේ.තුනීකිරීම සඳහා විවිධ සමාධෝනිත පිවිසුම් භාවිතාකරන බැවින් ක්‍රමවත් කම්පනය එතරම් විශාල නොවන අතර දැව ලබාගන්නා විශේෂයක තනි වගාවක් පවත්වා ගන්නවාට වඩා විවිධත්වයෙන් යුතු සෑම වයසකම සෞඛ්‍ය සම්පන්න ගස් පඳුරු ආදිය පවත්වාගෙන යාමට කළමණාකරණය කටයුතු කරයි. වන වගා කළමණාකරණය එක්තරා අන්දමකට සදාචාරාත්මක කළමණාකරීත්වයකි.දර්ශන විද්‍යාවේදී "තිරසාර" යනු පෘථිවිය සඳහා තිරසාර ලෙස මිස මිනිසාගේ අවශ්‍යතාවලට තිරසාර ලෙස නොවේ.එහි අරමුණ වන්නේ වනාන්තර වල විවිධත්වයකින් යුත් බොහෝ පරිසර පද්ධති වල සෞඛ්‍ය පවත්වා ගැනීම හා නැවත ඇතිකිරීමයි.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Forest_gardening

"https://si.wikipedia.org/w/index.php?title=වන_වගාව&oldid=472433" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි