වන සංරක්ෂණය

විකිපීඩියා වෙතින්
ලිතුවේනියාවේ වන ආරක්ෂක සේවය

වන සංරක්ෂණය යනු තර්ජණයට ලක් වු වනය ආරක්ෂා කිරිමයි. වන සංරක්ෂණ ක්‍රමවල සැලකිය යුතු විවාදාත්මක තත්වයක් ඇත. වනය සුරැකීමට හැකි එක් සරල ක්‍රමයක් වන්නේ ඉඩම් කට්ටි මිළදී ගෙන ආරක්ෂා කිරීම හෝ නැවත ගස් සිටුවා වන වගාවේ යෙදීමයි. එය වන කළමණාකාරීත්වය සේ ද අර්ථවත් වන අතර එම ප්‍රදේශ ස්වාභාවික ජලාශ ආශ්‍රිතව නම් කරන අතර එම ප්‍රදේශ ඔවුනටම අතහැර දැමීමට බලාපොරොත්තු වන ඒවා වේ. ඉඩම් කට්‍ටියක් නිකම්ම මිළ දී ගෙන දැමීමෙන් නීති විරෝධී ගස් කපන්නන්ගෙන් හෝ අයුතු ලෙස අයිති කරගන්නන් ගෙන් ආරක්ෂා කරගත නොහැක. වනය සුරැකුමට වඩාත්ම හොඳ වන්නේ විශේෂයෙන් පැරණි වගාවක් සහිත දුෂ්කර පලාතක් විය යුතු අතර එහිම ජීවත් වෙමින් අධීක්ෂණය කරමින් එම කටයුත්තේ නියැලීමට අවශ්‍ය වේ. ඇමරිකා එක්සත් ජනපදයේ වුවත් මෙම මිනුම සමහර විට ප්‍රමාණවත් නොවන අතර ලැව්ගිනි මඟින් වනාන්තර බිමටම දවා හළු කරන අතර එම ප්‍රදේශ විවිධ ප්‍රයෝජන සඳහා අත්හැර දැමේ. මිළ දී ගත් වනාන්තර සම්බන්ධ නීති රීතිවල සවිමත් බව මදි වන අතර මෙය ලෝකයේ බොහෝ තැන්වල දැකිය හැක. දකුණු ඇමරිකාවේ, ප්‍රධාන වැසි වනාන්තරවලට නිවහන වූ පෙදෙසේ (IBAMA) (බ්‍රසීලියානු පරිසර පිළිබඳ ජාතික ඒජන්සිය) මඟින් මෑත දී ඔවුන්ගේ දිනපතා කාර්යයන් ගේ නියැලීමේ දී වෙඩි තබන ලදී. තවත් පැත්තකින් බලන විට මිළදීගත් වනය සහිත ඉඩම සහිත ප්‍රදේශය සම්මත ආකාරයේ නිවසක් (ඉඩම පිරිසිදු නොකරන ලද) සඳහා හෝ සුදුසු නැති පෙදෙසක්, විය හැකි අතර එය සංරක්ෂණය සදහා විරෝධය දැක්විය හැක. ගොඩනැඟිලි සඳහා දැවමය (ශාක මත පැල) හෝ මැටියෙන් කළ හෝ විය හැක. මෙකල මෙවැනි දේ, ග්‍රාමීය වැසියෝ විසින් දකුණු ඇමරිකාවේ විශාල ජලාශ සුරැකීමට සිදු කරයි. පෙර කළ, උතුරු ඇමරිකාවේ වෙසෙන ස්වදේශීය ඇමරිකානුවන් ඉතා කුඩා ටීප්ස් සහ මැටි ගෙවල් ජීවත් වන්න පුරුදුව සිටි අතර ඒවාට අවශ්‍යවන්නේ ඉතා සීමිත ඉඩ ප්‍රමාණයකි. මෙවැනි ශාක මත ඉදි වූ හෝ දැවවලින් ඉදි වූ නිවාස නවීකරණය හෝ සංවර්ධනය කිරීමට භාරගත් ජර්මන් සමාගම හැඳින්වූයේ “ට්රූ ස්කූල් ට්‍රී හවුසස්” නමිනි. කෘෂිකර්මාන්ත, විශාල ගොවිපලවල් කිරීම, හෝ පරිසරය සුරැකෙන සේ දැව කළමණාකරණය කිරීමට එකඟතාවයකින් යුක්තව කටයුතු කරන අතර මෙය වන බිම්වලට සහ ගොවිබිම්වලට වෙනාස් වෙනස් අගයයන් ආරෝපණය ද කරයි. වඩාත්ම සම්පූර්ණයෙන්ම ගස් කපා ඉවත් කරන ලද ප්‍රදේශවලටය. සහතික කරන ලද දැව වෙළඳාම වැනි අඩුවෙන් සාර්ථක වූ ක්‍රම කිහිපයක් ද වන සංරක්ෂණයේ දී උත්සාහ කර ඇත. වන සංරක්ෂණයේ අපයෝජන ක්‍රම සොයනුයේ,

· ආක්‍රමණශීලී පරිසර විනාශකාරී ගොවිපලවල් සහ ගස් කැපීම
· නඟර සංවර්ධනය පුළුල් කිරිම (ජනගහනයේ සීඝ්‍ර වැඩි වීම සහ නඟරය විහිදුවා හැරීම හේතුවෙන්) යන කරුණුවලින් වැළකීමටයි.

විශාල වනයකින් කුඩා කොටසක් ආරක්ෂා කිරීම මඟින් ද සීමිත අගයන් ඇති විය හැක. උදා- ලෙස නිවර්තන වැසි වනාන්තරයන් ප්‍රමාණයෙන් කුඩා කළ විට එය නැති වී යා හැකි අතර එසේ වන්නේ ඔවුන් එහිම නිපදවෙන් තෙතමනයෙන් ඇති වන ක්ෂුද්‍ර කාළගුණයකින් යැපෙන බැවිනි. යුරෝපීය රටවලට සම්බන්ධව මෑතක දී සොයා ගත් දෙයක් වන්නේ නාගරික කොටස් සතු ඔවුන්ගේම වන ප්‍රදේශ තිබීමයි. බොහෝ නඟරව දස දහස් ගණනින් ශාක වවා වනාන්තර ව්‍යුත්පන් කර ගෙන ස්ථාපිත කර ගෙන ඇත. එහි දී ඊට අමතරව පසු කලෙක දී එම නඟරවල වාතය පවා පිරිසිදු වී ඇති අතර පාසි සහ ලයිකන වැනි ක්ෂුද්‍ර සමඟ ජීවිත සඳහා අවශ්‍ය තත්වයක් ද සෑහෙන දුරට ලබා දී ඇත.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වන_සංරක්ෂණය&oldid=601615" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි