ඓතිහාසික සායම් විශ්ලේෂණය

විකිපීඩියා වෙතින්

ඓතිහාසික සායම් විශ්ලේෂණය යනු සායම් පමණක් නොව ඓතිහාසික ගොඩනැගිලි වලදී භාවිතා කරන ලද ලෝහමය නිමාවල් හා පැහැදිලි හා විනිවිද යන නිමාවන් ඇතුළත් වාස්තු විද්‍යාත්මක නිමැවුම් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයයි. එවැනි අධ්‍යයනයක මූලික අභිමතාර්ථය වන්නේ ගොඩනැගිල්ලේ ඉතිහාසයේ යම් කාලයකදී එහි නිමැවුමේ වර්ණය තීරණය කිරීමයි. (බොහෝ විට මුල්ම නිමැවුමේ නමුත් සැමවිටම එසේ නොවේ) දෙවැනි අභිමතාර්ථයට ඇතුළත් වන්නේ මාද්‍යයට (ජලය, තෙල්, දැලිස්, ආදිය) වැනි අවශ්‍ය ද්‍රව්‍ය හා වර්ණක (කාබනික වර්ණක, අකාබනික වර්ණක, සායම් ආදිය) තීර්ණය කිරීමයි. සායම් විශ්ලේෂණය සමහරක් විට විවිධ ගොඩනැගුම් අවයව සදහා දින ගණනය කිරීමේ තාක්ෂණික ක්‍රමයක් ලෙස යොදා ගනු ලැබේ.

ඓතිහාසික සායම් විශ්ලේෂණය හා සම්බන්ධ සාමාන්‍ය ගැටලු වලට සායම් නැතිවීම, මතුපිට කඩතොලු වීම, නව ද්‍රව්‍යන, උපස්තර හා මාධ්යම හා වර්ණක විඛාදනය ඇතුළත් වේ.

ඉතිහාසය[සංස්කරණය]

ඓතිහාසික පින්තාරු කිරීමේ විශ්ලේෂණයේ මූල අපට හමුවන්නේ එක්සත් ජනපදයේ දී 20වන ශතවර්ෂයේ මුල්භාගයේ දීය. ජෝර්ජ් වොෂින්ටන්ගේ නිවස වූ මවුන්ට්වර්නන් සංරක්ෂණයත් සමඟ 1849 දී ඓතිහාසික සංරක්ෂණ ව්‍යාපාරය ආරම්භ වූ අතර එහිදී ඔවුන්ට තේරුම්ගියේ ඉතිරි වී තිබූ පින්තාරු කිරීම් හා නිමාවන් නියම හෝ ඉතිහාසික නිමාවන් නොවිය හැකි බවයි.

මුල්ම උනන්දු කිරීම් අතරින් එකක් වූයේ 1920 දශ‍කයේ දී ජෝන් ඩ් ඔග්ෆෙලර් විසින් වර්ජිනියා හි විලියම්ස්බර්ග් ප්‍රතිස්ථාපනය කිරීමත් සමඟමය. ඉතිරි වී ඇති මුල් ගොඩනැඟිලිවල නිමාවල් විශ්ලේෂණය තුළින් විලියම්ස් බර්ග් වර්ණ ලෙස ජනප්‍රියව දන්නා වර්ණ පලකයක් බිහි විය. ඒවා වාණිජමය වශයෙන් නිපදවූ අතර යටත් විජිත පුනර්ජීවනය රටාවේ ගොඩනැඟිලි බොහෝමයක 1930 දශකයේ සිට භාවිතා විය. කෙසේ නමුත් 1970 දශකය වන විට පින්තාරු විශ්ලේෂණ විද්‍යාවේ දියුණුවීම් පෙන්වා දුන්නේ මුලින්ම වර්ණ ගලපන ලද්දේ අවපැහැගැන්වුණු හා පැරනි නිමාවන්වලින් බවයි. එමනිසා ඒවා නියම ‍ෛඑතිහාසික වර්ණ නිරූපණය නොකරයි. සමහරක් අවස්ථාවල දී එම වෙනස් වීම් අතිශයින්ම විශේෂිත විය.

1976 ඇමරිකානු ද්වී ශතවර්ෂ කාලයේ දී ජාතික පාර්ක් සේවාව හා නව එංගලන්ත කෞතුක ද්‍රව්‍ය සුරක්ෂා කිරීම සඳහා වූ සංගමය වැනි කණ්ඩායම් විසින් පින්තාරු විශ්ලේෂණ ක්ෂේත්‍රයෙහි සංකීර්ණ උත්සාහයන් සිදු කරන ලදී. චිකාගෝහි වෝල්ටර් මැක්‍රෝන් ක්ෂේත්‍රයෙහි වූ ප්‍රවීණයන්ගෙන් අයෙක් වූ අතර 1956 දී අන්වීක්ෂණය සඳහා සම්පූර්ණයෙන්ම යොමු වන ලදී. ඔහුගේ උත්සාහයන් වාස්තු විද්‍යාත්මක නිමාවන්වලින් ඔබ්බට විහිදුණු නමුත් වර්තමානයේ දී අන්වීක්ෂණ ක්ෂේත්‍රය තුළ නියම ස්ථානයක් ලබා ගැනීමට ඉලිනොයිස්, වෙස්ට් මවුන්ට්හි මැක්‍රෝන් ගෲප් සමත් විය. ජාතික පාර්ක් සේවාව තුළ වූ නිරිත දිග ප්‍රාදේශීය ‍ෛඑතිහාසික වාස්තු විද්‍යාඥයෙකු වූ E. බ්ලේන් ක්ලිවර් විසින් පැරණි බොස්ටන් නාවික යාත්‍රාංගනයේ 28 ගොඩනැඟිල්ලේ විද්‍යාගාරයක් තුළ පින්තාරු විශ්ලේෂණය තවදුරටත් දියුණු කරන ලදී. SPNEA හි මෝර්ගන් පිලිප්ස් එම සංවිධානය තුළ වැදගත් භූමිකාවක් රඟ දැක්වීය. සංරක්ෂණ තාක්ෂණය සඳහා වූ සංගමය ජාත්‍යන්තරව, ඔවුන්ගේ භාගික බුලටිනයේ අධ්‍යපනික ලිපි ප්‍රකාශනය සඳහා මූලික ප්‍රභවය ලෙස සේවය කරයි. විද්‍යාත්මක පින්තාරු විශ්ලේෂණයේ උනන්දුව බොස්ටන් විශ්ව විද්‍යාලය, කොලොම්බියා විශ්ව විද්‍යාලය වැනි අධ්‍යාපනික ආයතනවලට ඉක්මනින් පැතිරුණු අතර එහි දී ඓතිහාසික සංරක්ෂණ වැඩසටහනේ අධ්‍යක්ෂකවරයා වූ ෆ්‍රෑන්ක් මටෙරෝ තාක්ෂණික වාස්තු විද්‍යාත්මක සංරක්ෂණයේ අධ්‍යාපනික දර්ශනය මෙහෙයවීම අඛණ්ඩව සිදු කරන ලදී.

වර්තමානයේ පෞද්ගලික අංශය තුළ මැක්‍රෝන් ගෲප් ආයතනයට අමතරව විද්‍යාත්මක පින්තාරු විශ්ලේෂණය සිදු කරන තවත් ආයතන බොහෝමයක් ඇත. වර්තමානයේ දී විශ්ලේෂණය සිදු කරන පුද්ගලයන් දෙදෙනෙක් වන්නේ අයෝවා, ඩෙවන්පොර්ට්හි වාස්තු විද්‍යාත්මක සංරක්ෂකයකු වන ඩේවිඩ් ආබොගස්ට් හා පෙන්සිල්වේනියාවේ ‍ෆ්‍රෑන්ක්වෙල්ෂ්ය. ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ සේවා වෙබ් අඩවි හරහා විස්තර කරනු ලබයි.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Historic_paint_analysis