ශ්‍රී ලංකාව් වී ගොවිතැනේ වල් පැලෑටි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ශ්‍රී ලංකාවේ වගාකර තිඛෙන බිම් ප්‍රමාණයෙන් වැඩි කොටසක ඇත්තේ වී ය. එය අප රට ප්‍රධාන ආහාර භෝගයද වේ ජලාශ්‍රිත තැනිතලා බිමි හා දියළු පසක් ද පැළ වැඩෙන කාලයේ අඟල් 60ක පමණ වාර්ෂික වර්ෂාපතනයක් ද කරල් පැසෙන කාලයේ පැරන්හයිට් 80ක සාමාන්‍ය උෂ්ණත්වයක් ද තිබිම වී වගාවට අවශ්‍ය ප්‍රධාන භූගෝලීය සාධක ෙවි. මෙයින් ද වී පැළයේ වැඩිමට අවශ්‍ය ප්‍රධාන සාධකය වන්නේ හොදින් පැතුරුණු වර්ෂාපතනයයි. වර්ෂාපතනය අඩු ඇතැමි ප්‍රදේශයන්හි වී වගාව සඳහා නෙයෙක් ජල සම්පාදන ක්‍රම උපයෝගි කරගෙන ඇත්තේ මේ නිසාම වේ.

ශ්‍රී ලංකාවේ වී වගාවට බලපාන වල් පැලැටි[සංස්කරණය]

වී වගාවට අවශ්‍ය ඉහත කී භූගෝලිය සාධකයන් අඩු වැඩි වී පැවතුන ද මෙරට ප්‍රධාන ආහාරමය භෝගය වන බැවින් අප රට සෑම දිස්ත්‍රික්කයකම වාගේ වී වගාව පැතිරී ඇත. මෙයින්ද වැඩිම අක්කර ප්‍රමාණයක් වී වගාවට යෙදවී ඇත්තේ කුරුණැගල, පොළොන්නරුව, හම්බන්තොට හා මාතර දිස්ත්‍රික්කයන්හිය. නුවර එළිය හා මෙණරාගල දිස්ත්‍රික්කයන්හි වී වගාවට යොදවා ඇති බිම් ප්‍රමාණය මෙයට වඩා ඛෙහෙවින් අඩුය. දේශගුණය අනුව සළකා බලන කල ලංකාෙවි වී වගාව යෝග්‍ය ප්‍රධාන ප්‍රදේශය වියළි කලාපයයි. වර්ෂාපතනය මඳකම මෙහි වී වගාව කෙරෙහි බලපා ඇති ප්‍රධාන බාදකයන් වේ. මෙහි මහ කන්නයේ වී වාගව කෙරෙන්නේ ඊසාන දිග මෝසම් සුළගින් ලැඛෙන වැසි ජලයෙනි. යල කන්නයේ වී වගාව වැවි හාඇල මාර්ගවලින් සපයන ජලයේ ආධාරයෙන් කරගෙන යයි. මේ නිසා මෙම කන්නයේ වී වගාවෙන් එතරම් අධික අස්වැන්නක් ලබාගැනිමට වියළි කලාපයේ ගොවියාට නුපුළුවන් වේ. එහෙත් මෑතක සිට මෙයට පිළියම් වශයෙන් රජය විසින් ලංකාෙවි වියැළි කලාපය පුරා පිහිටි පැරණි වැවි හා වාරි මාර්ග ප්‍රතිසංස්කරණය කොට නව වාරිමාර්ග ව්‍යාපාර රාශියක් ම ආරම්භ කර ඇත.

වරින්වර ඇතිවන ගංවතුර, කෘමි රෝග හා කෘමි වසංගත යනාදිය තෙත් කලාපයේ වී ගොවිතැන කෙරෙහි බලපා ඇති ප්‍රධාන බාධකය වේ. එහෙත් අවුරුද්ද මුළුල්ලේ අධික වර්ෂාපතනයක් ලැඛෙන හෙයින් මෙහි ඉහත කී කන්න දෙකම වැඩ කරන්නේ වැසි ජලයෙනි. කෙසේ වුවද දේශගුණික අයෝග්‍යතාවන් නිසා මෙහි වී ගොවිතැනින් ලැඛෙන අස්වැන්න වියළි කලාපයේ වී අස්වැන්නට වඩා සාපේක්ෂ වශයෙන් අඩුව ඇත.

ශ්‍රී ලංකාවේ පහත රට තෙත් කලාපය හා වියළි කලාපය හැරුණු විට මහත් පරිශ්‍රමයක් යොදා වී වගාව කරගෙන යනු ලබන අනෙක් ප්‍රදේශය නම් මෙරට කදු රටයි. මෙහි වී වගාව කරගෙන යනුයේ කදු බෑවුම් කපා සාදාගන්නා ලද හෙල්මලූ නැතහෙත් පඩි පෙළක ආකාරයේ ලියදිවලය. ජල හිගය පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් ඇතිනොවන මෙහි වී වගාෙවි සාර්ථකත්වය කරා වර්ෂා ජලය හා උල්පත් ජලය මහත්පිටුවහලක්ව පවති.

මේ සමග ශ්‍රී ලංකාවේ වී වගාකරන ප්‍රදේශ දැක්වෙන සිතියමක් දක්වා ඇත. ගංගා පිටාර තැනි හා වැවි ආශ්‍රීත ප්‍රදේශ වී ගොවි තැන සඳහා වැඩියෙන් යොදා ගෙන ඇති බව ඉන් පැහැදිලි වේ. එයට හේතුව අවුරුදුපතා ගංගා පිටාර ගැලීමෙන් පස සාරවත් වීමත් ජල පහසුව සැලසීමත්ය.

වී වගාව කෙරෙහි බලපෑම් ඇති කරන වල් පැළෑටි[සංස්කරණය]

වී වගාවේ දී ගොයම් පැළයට අමතරව කුඹුරෙහි දක්නට ලැඛෙන ඕනෑම පැළෑටියක් වල් පැළෑටියක් ලෙස හඳුන්වනු ලැබේ . වල් පැළ පාලනය සිදු කිරීම පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ වී වගාව ආරම්භක අවස්ථාවේ සිටමය. එබැවින් වගා ආරම්භයට පෙර සිටම සාර්ථක වල් පැළ පාලනයක් සිදු කර ගැනීමට නම් කුඹුරෙහි ඇති විවිධ වල් වර්ග කුමන ප්‍රමාණයකින් තිබේද යන්න පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුය.

  • වී වගාවේ බලපෑම් ඇති කරන වල් පැළෑටි ද ප්‍රධාන කාණ්ඩ 03 ක් හඳුනා ගත හැක. එනම් ,
  1. තෘණ වර්ගයේ වල් පැළෑටි
  2. පන් වර්ගයේ වල් පැළෑටි
  3. පළල් පත්‍ර වර්ගයේ වල් පැළෑටි

තෘණ වර්ගයේ වල් පැළෑටි[සංස්කරණය]



1. අශ්ව වලිග (Red sprangletop)


  • විද්‍යාත්මක නම : Leptochloa chinensis
  • කුලය : Gramineae
  • ලක්‍ෂණ  : මෙය වාර්ෂික පඳුරු සහිත තෘණ ශාකයකි. සෙ.මී. 30-100 උසට ශක්තිමත් පඳුරක් ලෙස වැඩෙන ජලජ හෝ අර්ධ ජලජ ශාකයකි . ශාකනය වන පාදයෙන් සිහින් දිග කඳන් හට ගනී. මෙහි මි.මී. 0.8 ක් පමණ දිග ඉලිප්සාකාර හැඩයෙන් යුතු ධාන්‍යයකි. මේවා බීජ මඟින් ප්‍රචාරණය වේ. මෙම වල් පැළෑටිය තෙත් කලාපයේ කුඹුරුවල බහුලව දැකිය හැක.


2. ඇටවරා / ඇටෝරා (Torpedo grass)


  • විද්‍යාත්මක නම : Panicum repens linn
  • කුලය : Gramineae
  • ලක්‍ෂණ : මෙය බහු වාර්ෂික තෘණ ශාකයකි. මෙහි පත්‍ර තලය සුළු වශයෙන් කෙඳි ඇති අතර පාදස්ථයේ සිනිඳු ශල්ක පත්‍ර ඇත. භූගත කඳන් ලෙස පවතින රයිසෝම මඟින් මේවා ප්‍රචාරණය වේ. මෙම වල් පැළෑටි ජල හිඟ කුඹුරුවල බහුලව දැකිය හැක.


3. බැල තණ (Goose grass)


  • විද්‍යාත්මක නම : Eleusine indica
  • කුලය : Gramineae
  • ලක්‍ෂණ : සෙ.මී. 30-60 දක්වා උසට වැඩෙන පඳුරු සහිත පාදස්ථයෙන් අධික ලෙස ශාකනය වන්නා වූ වාර්ෂික තෘණ ශාකයක් ලෙස මෙය හැඳින්විය හැක . මේවා බීජ මඟින් ප්‍රචාරණය වේ .


4. බටදැල්ල


මූලාශ්‍රය : ක්‍ෂේත්‍ර සමීක්‍ෂණයේදී ඡායා රූපගත කරන ලදී . (2008)

  • විද්‍යාත්මක නම : Isachne globoa okuntze
  • කුලය : Gramineae
  • ලක්‍ෂණ : මෙය බහු වාර්ෂික තෘණ ශාකයකි. මෙයට බිම දිගේ පැතිර වැඩෙන ධාවක කඳක් සහිතය. මේවා බීජ සහ ධාවක කොටස් මඟින් ප්‍රචාරණය වේ. ජලය හොඳින් බැස නොයන අධික මඩ සහිත කුඹුරුවල මේවා දැකිය හැක.


5. මාරුක් / බජිරි (Water grass)


මූලාශ්‍රය : ක්‍ෂේත්‍ර සමීක්‍ෂණයේදී ඡායා රූපගත කරන ලදී . (2008)


  • විද්‍යාත්මක නම : Echinochloa glabrescens munro
  • කුලය : Gramineae
  • ලක්‍ෂණ : මෙය වාර්ෂික තෘණ ශාකයකි. සෙ.මී. 50-100 අතර උසට ඍජු සවිවර පඳුරක් ලෙස වැඩේ. මේවා කුඹුරුවල පඳුරක් ලෙසින් වැඩේ. මෙය බීජ මඟින් ප්‍රචාරණය වේ. මේවා මඩ සහිත කුඹුරුවල බහුලය.


6. ගොජරවාලූ / ගොම තණ / කුඩු කේඩු (Wrinkle duck beak)


  • විද්‍යාත්මක නම : Ischaemum rugosum saisb
  • කුලය : Gramineae
  • ලක්‍ෂණ : මෙහි කඳ කොළ පැහැයක් ගන්නා අතර ගැටවල රෝම පිහිටයි. මේවා බීජ මඟින් ප්‍රචාරණය වේ. මෙය ජලය අඩු වීමත් සමඟ කුඹුරුවල බහුලව දක්නට ලැඛෙන වල් පැළෑටියකි.

7. හීන් මාරුක් (Jungle rice / Bird rice)


  • විද්‍යාත්මක නම : Echinochloa colonum
  • කුලය : Gramineae
  • ලක්‍ෂණ : මෙය වාර්ෂික තෘණ ශාකයකි. පැතලි වී ගිය කඳේ පාදය කොටස දම් පැහැයක් ගනී. මෙහි පත්‍ර තලය සිහින්ය. මෙය ලාබාල අවධියේ දි ගොයම් පැළයට සමානය. මෙනිසා හඳුනා ගැනීමට අපහසුය. මෙම වල් පැළෑටිය බීජ මඟින් ප්‍රචාරණය වේ. මේවා ජලය හොඳින් බැස යන කුඹුරුවල දක්නට ලැබේ.


පන් වර්ගයේ වල් පැළෑටි හඳුනා ගැනීම[සංස්කරණය]



1. මහ කුඩමැට්ට (Tall fringe rush)


  • විද්‍යාත්මක නම : Fimbristylis dichotoma
  • කුලය : Cyperaceae
  • ලක්‍ෂණ : මෙය වාර්ෂික පන් ශාකයක් ලෙස හැඳින්වේ. ඍජු පඳුරු සෙ.මී. 30-50 පමණ උසට වැඩෙන පැළෑටියකි. මෙහි පත්‍ර රේඛීය භාවයේ සිට පත්‍රාකාර විය හැක. තවද මෙහි පුෂ්ප මංජරිය විවෘත හෝ ලඟින් ඇසිරුණු එකකි. මෙම වල් පැළෑටිය බීජ මඟින් ප්‍රචාරණය වේ. මෙය තෙත් පරිසරය සහිත ගොඩබිම් සහ කුඹුරුවල බහුලව දක්නට ලැබේ.


2. හීන් කුඩමැට්ට (Tall fringe rush)


  • විද්‍යාත්මක නම : Fimbristylis miliacea
  • කුලය : Cyperaceae
  • ලක්‍ෂණ : මෙය වාර්ෂික පන් ශාකයකි. සෙ.මී. 20-70 පමණ උසට ඍජුව මෙම පැළෑටිය පඳුරක් ලෙස වැඩේ. මෙහි කඳ දුර්වලය අතර පාදස්ථයේ හට ගන්නා පත්‍ර සෙ.මී. 3.5 ක් දක්වා දිග වන අතර මි.මී 1-2.5 ක් පළලය. තවද මෙහි පත්‍ර කොපු එකිනෙකට පුළුල් ලෙස වසාලමින් පිහිටයි. කෙඳන් හට ගන්නා පත්‍රතල ඉතා කෙටිය. මේවා බීජ මඟින් ප්‍රචාරණය වේ. කුඹුරෙහි වැඩෙන ප්‍රධාන ඝනයේ වල් පැළෑටියකි.


3. කුඩමැට්ට (Finge rush)


  • විද්‍යාත්මක නම : Scirps supinus L. Nar
  • කුලය : Cyperaceae
  • ලක්‍ෂණ : මෙය වාර්ෂික පන් ශාකයකි. ඍජුව සෙ.මී. 10-30 ක් උසට වැඩෙන ශාකයකි. කඳ සිලින්ඩරාකාරය. මෙහි පත්‍ර සියල්ලම පාදස්ථයෙන් පටන් ගනී. මේවා බීජ මඟින් ප්‍රචාරණය වේ. මේවා කුඹුරු ආශ්‍රිතව ඉතා බහුලව වැඩේ. මෙම වල් පැළෑටිය වී අස්වැන්න අඩු වීම අධික ලෙස බලපායි. මෙය වියළි සහ තෙත් කලාපවල දක්නට ඇත.


4. කලාදුරු (Purple nutsedge)


මූලාශ්‍රය : ක්‍ෂේත්‍ර සමීක්‍ෂණයේදී ඡායා රූපගත කරන ලදී . (2008)

  • විද්‍යාත්මක නම : Cyperus rotundus L.
  • කුලය : Cyperaceae
  • ලක්‍ෂණ : මෙය බහු වාර්ෂික පන් ශාකයකි . සෙ.මී. 15-20 පමණ උසට වැඩේ . කඳ ඍජුය . අතු ඛෙදී නොමැත . කඳ ත්‍රිකෝණාකාර හැඩයක් ගනී . මෙහි පත්‍ර තද කොළ පැහැයක් ඇති රේඛීය පත්‍ර වේ . ප්‍රධාන වශයෙන් මේවා ආකන්ධ මඟින් ප්‍රචාරණය සිදු කරයි. බීජ මඟින් ද කලාතුරකින් ප්‍රචාරණය සිදු වේ . ගොඩබිම සහ ජල හිඟ කුඹුරුවල බහුලව දක්නට ලැබේ .


5. තුණැස්ස (Umabella sedge)


මූලාශ්‍රය : ක්‍ෂේත්‍ර සමීක්‍ෂණයේදී ඡායා රූපගත කරන ලදී . (2008)

  • විද්‍යාත්මක නම : Cyperus iria Linn
  • කුලය : Cyperaceae
  • ලක්‍ෂණ : මෙය වාර්ෂක පන් ශාකයකි . පඳුරක් ලෙස වැඩෙන මෙම වල් පැළෑටිය තන්තුමය , රතු පැහැයට හුරු මූල පද්ධතියක් ඇත . මෙහි කඳ පැහැඳිලි පැතලි ත්‍රිකෝණාකාර හැඩයක් ගනී . බීජ මඟින් ප්‍රචාරණය සිදු වේ . මඩ සහිත කුඹුරුවල බහුලව දක්නට ලැබේ .


5. මොට්ලූ (Small flower umbrella plant)


  • විද්‍යාත්මක නම : Cyperus difformis Linn
  • කුලය : Cyperaceae
  • ලක්‍ෂණ : මෙය වාර්ෂක පන් ශාකයකි. මි.මී. 1-4 ක් පමණ මෙහි කඳ මහත්වන අතර මෘදුය. බීජ මඟින් ප්‍රචාරණය සිදු වේ. මඩ සහිත කුඹුරුවල බහුලව දක්නට ලැබේ.


පළල් පත්‍ර වර්ගයේ වල් පැළෑටි හඳුනා ගැනීම[සංස්කරණය]



1. දිය හබරල (Monochoria pickerel weed)


මූලාශ්‍රය : ක්‍ෂේත්‍ර සමීක්‍ෂණයේදී ඡායා රූපගත කරන ලදී . (2008)

  • විද්‍යාත්මක නම : Monochoria vaginalis
  • කුලය : Pontederiaceae
  • ලක්‍ෂණ : මෙය මාංශල, අර්ධ ජලජ, පළල් පත්‍ර සහිත ඒක බීජ පත්‍රි වාර්ෂික හෝ ඇතැම් විට බහුවාර්ෂික ශාකයකි. කඳ ඍජුය. සිනිඳුය. ඇතැම් විට ෙරෙසෝමය සහිතය. මෙහි ඇත්තේ කෙටි මාංශලමය කඳකි. එමෙන්ම වෘන්තයේ පාදස්ථ කොටස පුෂ්ප මංජරිය ශාකයකි. මෙය නිල් පැහැති පුෂ්ප දරයි. මෙහි ප්‍රචාරණය සිදු වන්නේ බීජ මඟිනි. තවද ඇල දොල ගංගා ආශ්‍රිතව නිශ්චල ජලයේ සහ මඩ අධික කුඹුරුවල දක්නට ලැබේ.


2. දිය ගෝවා (Yillow water littuce)


  • විද්‍යාත්මක නම : Limnocharis foava busheanau
  • කුලය : Limnocharieacae
  • ලක්‍ෂණ : වාර්ෂික / බහුවාර්ෂික ජලජ පළල් පත්‍ර ශාකයකි. ෙරෙසෝමය සහිතය. ධාවක කෙඳන් මුල් ඇති වී අළුත් පැළ ඇත වේ. මෙම වල් පැළෑටිය මීටර 0.5-1 පමණ උසට වැඩේ. මෙහි පත්‍ර පළල්, අණ්ඩාකාර, තරංගී නාරටි වින්‍යාසයක් සහ දිග ත්‍රිකෝණාකාර වෘන්තයක් සහිතය. එමෙන්ම පාදස්ථයේ පත්‍ර කොපු ඇත. මෙහි ප්‍රචාරණය සිදු වන්නේ ධාවක කෙඳන් සහ බීජ මඟිනි. තවද තෙත පරිසරයක් ඇති කුඹුරුවල, නොගැඹුරු ඇල දොල, වගුරු බිම් ආශ්‍රිතව දැකිය හැක.


3. දිය සියඹලා (Joint vetch)


  • විද්‍යාත්මක නම : Aeshynomene indica Linn
  • කුලය : Leguminosae
  • ලක්‍ෂණ  : වාර්ෂික ඇතැම් විට බහුවාර්ෂික පළල් පත්‍ර ගණයෙහි ගැනෙන පඳුරක ආකාරයට බොහෝ සෙයින් අතු ඛෙදී වැඩෙන පැළයක් ලෙස මෙය හඳුනාගත හැක. මෙහි කඳ බොහෝ දුරට සිලින්ඩරාකාර හැඩයකින් යුතු වේ. මෙහි පත්‍ර ආයත හැඩයෙන් යුතුවන අතර පත්‍ර සෙ.මී. 3-10 දිගකින් යුතු වේ. මෙම පත්‍රිකා යුගල් ලෙස පිහිටයි.


4. මහ ගිරාපලා (Preading dayflower)

මූලාශ්‍රය : ක්‍ෂේත්‍ර සමීක්‍ෂණයේදී ඡායා රූපගත කරන ලදී . (2008)


  • විද්‍යාත්මක නම : Commelina diffusa Burm. f
  • කුලය : Commelinaceae
  • ලක්‍ෂණ : මෙය බිම දිගේ පැතිරී වැඩෙන වාර්ෂික සහ බහුවාර්ෂික යන දෙකොටසම අයත් මාංෂල පළල් පත්‍ර ශාකයකි. මෙහි පුෂ්ප මංජරිය නිල් පැහැති පුෂ්ප හට ගනී. මෙහි ප්‍රචාරණය සිදු වන්නේ කඳේ ගැටවලින් හට ගන්නා මුල් සහ බීජ මඟිනි. ජල මාර්ග අසල ජලය එකතු වී පවතින කුඹුරුවල නියරවල් වල දක්නට ලැබේ.


5. හීන් ගිරාපලා (Murdannia nudiflora)


  • කුලය : Commelinaceae
  • ලක්‍ෂණ : මෙය සිනිඳු අතු ඛෙදුනු බිම දිගේ පැතිරී පඳුරක් ලෙස වාර්ෂික සහ බහුවාර්ෂික යන දෙකොටසම ගැනෙන පළල් පත්‍ර ශාකයක් ලෙස හැඳින්විය හැක. මෙහි කඳ නැවෙන සුළුය. අතු ඛෙද පවතින අතර කඳේ ගැටවලින් මුල් හට ගනී. පත්‍ර තරමකA ඝනය. මෙහි ප්‍රචාරණය සිදු වන්නේ කඳේ ගැටවලින් හට ගන්නා මුල් සහ බීජ මඟිනි. මේවා ජලය රදා පවතින කුඹුරුවල නියරවල ඇල මාර්ගවල බහුලව දක්නට ලැබේ.


6. ජපන් ජබර (Water orchid)


  • විද්‍යාත්මක නම : Eichhomia crassipes
  • කුලය : Pontenderiaceae
  • ලක්‍ෂණ : මෙය බහුවාර්ෂික ජලජ පත්‍ර ශාකයකි. මේවායේ පාවෙන පඳුරු සහිත වන අතර දිගට වැඩෙන මූල පද්ධතියක් ඇත. මේවා මඩ සහිත කුඹුරුවල මඩට සවි වී පවතී. පත්‍ර සම්පූර්ණ,අණ්ඩාකාර හෘදයාකාර සහ වෘත්තාකාර හැඩයක් ගනී.


7. වෙල් කරාඹු

මුලාශ්‍රය : ක්‍ෂේත්‍ර සමීක්‍ෂණයේදී ඡායා රූපගත කරන ලදී . (2008)


  • විද්‍යාත්මක නම : Ludwigia octovalis
  • කුලය : Onagraceae
  • ලක්‍ෂණ : මෙය ඍජුව පඳුරක් ලෙස වැඩෙන වාර්ෂික ජලජ පළල් පත්‍ර ශාකයකි මෙය සෙ.මී. 10-30 පමණ උසට බොහෝ විට දම් පැහැයකට හුරු අධික ලෙස අතු ඛෙදෙමින් කාෂ්ටීයව වැඩෙන කඳකින් යුතුය . පත්‍ර සරල සහ හැඩය ලාන්සාකාර වේ . මෙහි පුෂුප මංජරිය කහ පැහැතිය . මෙහි ප්‍රචාරණය සිදු වන්නේ බීජ මඟිනි . මේවා ජලය සහිත කුඹුරුවල බහුලව දක්නට ඇත .

වල් පැළෑටි මඟින් ගොයමට සිදුවන හානියේ ස්වරූපය හඳුනා ගැනීම[සංස්කරණය]

බිම් සකස් කරන අවස්ථාවේ දී ඇති වන අපහසුව නිසා අධික වියදමක් දැරීමට සිදුවීම . කුඹුරට යොදන පොහොර , ජලය , ලැඛෙන ආලෝකය වැඩි තරඟකාරීත්වයකින් වල් පැළ ලබා ගැනීම නිසාත් ගොයම් ගසේ වර්ධනය බාල වීම . වී වගාවට හානි කරන කෘමීන් , දිලීර , රෝගකාරකයන් සහ නෙමටෙඩාවන්ට ධාරක ශාකයක් ලෙස ක්‍රියා කිරීමෙන් අස්වැන්නට සිදු කරන හානිය වඩාත් වැඩි කිරීම . කුඹුරේ වැඩෙන වල් පැළවල බීජ සහ වර්ධක කොටස් ජලය මඟින් අවට ඇති ඇල , දොල සහ ගංගාවලට එකතු වී වාරි මාර්ගවලට අවහිර වීම . වී අස්වැන්නට හානි කරන මීයන් බෝවීමට හොඳ පරිසරයක් ලබා දීම . වල් පැළෑටි බීජ සමඟ මිශ්‍ර වීම නිසා වීවල ගුණාත්මක අගය අඩු වීම . ඉහත කරුණු සියල්ලම හේතු කොට ගෙන අස්වැන්න සහ එහි ගුණාත්මක සහ ආර්ථික අගය අඩු වීම.

අඩවියෙන් පිටත පිටු[සංස්කරණය]

Department of Agriculture

මේ අඩවියත් බලන්න[සංස්කරණය]

මුලාශ්‍ර[සංස්කරණය]