දේශපාලනය තුළ කාන්තා නියෝජනය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
Srilankan paliment.jpg

පෙරවදන[සංස්කරණය]

ලාංකීය දේශපාලන ක්ෂේත‍්‍රයේ කාන්තා නියෝජනය යන මාතෘකාව යටතේ මාගේ ස්වාධීන නිබන්ධනය සකස්කිරීමට අවශ්‍ය තොරතුරු රැස් කිරීමට හේතු වූ කරුණු කිහිපයකි. එනම් පළමු කරුණ ලෙස ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ බෙහෙවින් උනන්දුවක් දක්වන මේ අවධියේ ඒ පිළිබඳ දැනුම පුළුල් කර ගැනීමටත් දෙවැනි කරුණ ලෙස දකුණු ආසියාතික අනෙක් රටවලට සාපේක්ෂව ලංකාවේ කාන්තාවන්ට වැඩි නිදහසක් තිබුණ ද සකි‍්‍රය දේශපාලනයට සහභාගී නොවීම කුතුහලය දනවන්නක් නිසා ඒ පිළිබඳ සොයා බැලීමයි. ශී‍්‍ර ලංකාවේ කෘෂි ආර්ථික ක‍්‍රමය යටතේ පවුල නැමති සමාජ සංස්ථාව සැකසී තිබුණේද කෘෂි ආර්ථිකයක අවශ්‍යතා ඉටුවන ආකාරයටයි ඒ තුළ ස්ත‍්‍රියගේ යුතුකම්, වගකීම් හා අයිතිවාසිකම් පිළිබඳ ආකල්පද කෘෂි ආර්ථිකයේ අවශ්‍යතා ඉටුවන ආකාරයට සැකසී ඇත. පසු කාලයකදී මෙම ආර්ථික ක‍්‍රමය බිඳවැටී කර්මාන්ත මත පදනම් වූ වෙළෙඳපොළ ආර්ථිකයක් බවට පත්විය. මේ නිසා නිවසේ කටයටුතු වලට පමණක් සීමාවී සිටි කාන්තාව නිවසින් බැහැරව ආදායම් ඉපයීමේ කි‍්‍රයාවලියට සහභාගී විය. නමුත් ඇය සම්බන්ධව පැවති කාර්යන් හා වගකීම් ප‍්‍රමාණය වැඩි වුවත් ඇය සම්බන්ධව පැවති යුතුකම්, වගකීම් හා අයිතිවාසිකම් පිළිබඳව පැවති ආකල්පවල කිසිඳු වෙනසක් සිදු නොවිණි. පවුලේ කටයුතු සඳහා වැඩි කාලයක් හිර කිරීම මගින් ඇයට ස්වාධීන නිදහස් පුද්ගලයෙක් ලෙස සමාජයට පිවිසීමට අවස්ථාවන් අවහිර වී ඇත. නමුත් සමාජ, ආර්ථික, දේශපාලන, සස්කෘතික ආදී සෑම ක්ෂේත‍්‍රයක් තුළ ම අධිපතියා පිරිමියා බවට පත් විය. මේ තත්වය තුළ ස්ත‍්‍රියට වඩාත් පීඩාකාරී තත්වයකට පත්කිරීමක් ඒ තුළ ඇය දෙවන ගණයේ පුරවැසියෙකු ලෙස සලකා කටයුතු කිරීමක් සිදුවිය. ඕනෑම රටක පුරවැසියා ස්ත‍්‍රී පුරුෂ දෙපක්ෂයෙන්ම සංයුත්ත වේ. සමාජ පැවැත්ම හා සංවර්ධනය උදෙසා මේ දෙපිරිසම එකහා සමාන වැදගත් කමකින් දායක වේ. නමුත් ප‍්‍රායෝගික ක‍්‍රියා කාරිත්වයේ දී පුරුෂයා හා සමාන ක‍්‍රියාකාරී නියෝජනයක් තිබිය යුතුය. ශී‍්‍ර ලංකාවේ දේශපාලන ඉතිහාසය පිළිබඳ විමසීමක් කර ඉැලීමේ දී ඉතිහාසය පුරාම දේශපාලනය තුළ ස්තී‍්‍රන් ට හිමි වූයේ අඩු වැදගත් කමකි. 1931 දී ප‍්‍රථම වරට ඡන්ද අයිතිය ලබාගත්තේද ස්තී‍්‍රන් විශාල සටනක් කිරීමෙන් පසුවය. විශාල අරගලයක් තුළ ඡන්ද අයිතිය ලබා ගත්ත ද එදා සිට මේ දක්වා වූ වසර 78 ක කාලය තුළ ස්තී‍්‍රන් ගේ දෙශපාලන ක‍්‍රියාකාරිත්වය පිළිබඳව සැහීමකට පත්වීම අපහසුය.

නමුත් අදවන විට පහළ මට්ටමේ දේශපාලන කි‍්‍රයාවලිය තුළ එතරම් මැතිවරණ කටයුතු, මැතිවරණ උද්ගෝෂණ, පක්ෂ සාමාජිකත්වය කාන්තා බලමණ්ඩල තුළ කැපී පෙණෙන ලෙස ස්තී‍්‍ර සහභාගීත්වයේ ක‍්‍රියා කාරී දායකත්වයක් දක්නට ලැබේ. නමුත් එම පක්ෂ තුළම තීන්දු ගන්නා ව්‍යුහයන් තුළ ස්තී‍්‍ර නියෝජනය ඉතාමත් අල්පය. එමෙන්ම රටේ ප‍්‍රතිපත්ති සකස්කරන ඒ පිළිබඳ තීන්දු ගන්නා ප‍්‍රධානම ව්‍යුහයන් වන දේශපාලන ආයතන තුළ ස්තී‍්‍ර නියෝජනය ඉතාමත් අඩුය. ස්ත‍්‍රී පුරුෂ භාවය පදනම් කරගෙන සමාජ සංස්කෘතිය විසින් ස්ත‍්‍රියට වෙනස් කොට සැලකීම හේතු කොට ගෙන එම අයිතිය ත‍්‍රීන්ට අහිමි කර ඇත.

කෙසේ වෙතත් පවතින යථාර්ථය වන්නේ වසර 78 පුරාම ස්තී‍්‍ර දේශපාලන සහභාගීත්වයේ වර්ධනයක් සිදුනොවී ඇති බවයි. මෙය හරවත් සමාජ සංවර්ධන කි‍්‍රයාවලියකට විශාල බාධාවක් වේ. ඕනෑම රටක දේශපාලන ක‍්‍රමය වඩාත් සාර්ථක වීමට නම් මේ සියළු දෙනාගේ නියෝජනයක් ඒ තුළ අනිවාර්යෙන්ම තිබිය යුතුය. නමුත් එය එසේ සිදුනොවේ. එසේ නොවීමට සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලනමය ආදී වශයෙන් හේතු ගණනාවක් බලපා ඇත.

ලාංකීය දේශපාලනය තුළ කාන්තා නියෝජනයේ ඓතිහාසික වර්ධනය[සංස්කරණය]

1931 දී කාන්තාවෝ නීත්‍යානුකූල දේශපාලන ක‍්‍රියාවලියට ඇතුල් වූහ. ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ඇතිවීමත් සමගම ව්‍යවස්ථාවක් මගින් සර්වජන වැඩිහිටි ඡන්දය මත විවෘත අවුරුදු 21 ට ඉහළ සෑම අයෙකුගේම ඡන්දය සහිතව තේරීපත් වීම් සිදුවිය. මුලදී ව්‍යවස්ථාදායක සභාවෙන් අවම කරමින් තේරී පත් වූ නියෝජිතයින් කීප දෙනෙකු ද සහිතව 1912 තෙක් පැවැත්වුණි. නමුත් සර්වජන ඡන්ද බලය පදනම් වූයේ වෘතීය සහ ඉහළ ආදායම් සහ අධ්‍යාපන සුදුසුකම් සහ ධනය මතය. කාන්තාවන් සම්පූර්ණයෙන්ම වාගේ ඡන්දයට ඇතුලත් නොවීය. 1924 එය කොතරම් දුරට සීමා කළේද? මුල් ජනගහනයෙන් අයත් වූයේ 4% ප‍්‍රතිශතයකි. වැඩිහිටියන් 118000 පමණි.

කාන්තාවන් ඡන්ද බලය පාවිච්චි කිරීමේ අයිතිය දිනාගනු ලැබුවේ බාධක අතරිනි. සාම්ප‍්‍රදායික බලමුලූ 1912 සීමාන්තික ඡන්ද අයිතිය සමග සෑහීමකට පත්විය. වෙනත් අන්තවාදී වෘතීය සමිත නායකයින් ඒ.ඊ. ගුණසිංහ වැන්නන් වැඩ කරන පංතියට ඇතුලූව සියලූ පංතිවල ගැහැණුන් සහ පිරිමින් සඳහා සර්වජන ඡන්ද බලය ඉල්ලා ව්‍යාපාර ආරම්භ කළහ. 1920 දී ඔහු මෙම ප‍්‍රකාශනය ලංකා ජාතික කොන්ග‍්‍රසයේදී හුවා දක්වන ලදී. නමුත් වැඩි ඡන්ද බලයක් නොලැබුණි. කාන්තා සංවිධානයක්ද, ජාතික කොන්ග‍්‍රසයට කාන්තාවන් සඳහා ඡන්ද බලය ඉල්ලූම් කරන ලදී. 1925 හේ සැසිවාරයකදී මල්ලිකා කුලඟන සමිතිය සීමාන්තික ඡන්ද බලය මුළු රටේම කාන්තාවන් සඳහා දීර්ඝ කල යුතු යැයි යෝජනා කළේය. මෙම ව්‍යාපාරය අසාර්ථක විය. මධ්‍යම පාන්තික දේශපාලඥයින්ට කාන්තා හෝ දිළිඳු පංතියේ අයට ඡන්ද බලය ලබාදීම ගැන කිසිදු කැමැත්තක් තිබුණේ නැත. මොවුන්ගේ ව්‍යාපාරයන්ට දිගටම උදවු ලැබුණු අතර, සමහරක් මැද පංතියේ කාන්තාවන් ප‍්‍රධාන වශයෙන්ම වෘත්තීන්හි නියැලිවුවන් සහ ප‍්‍රධාන පිරිමි දේශපාලඥයින්ගේ භාර්යාවන් සහ වෙනත් නෑදෑ කාන්තාවන් 1927 දී කාන්තා සමජන සංගමය පිහිටුවීය. මෙයට නොයෙකුත් විරෝධතාවයක් මතුවිය. 1928 දී මෙම සංවිධානය ඩොනමෝර් කොමිසම අභිමුඛයට ගොස් ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ පදනම් කරගෙන සියලූම කාන්තාවන්ට ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ඉල්ලා සිටියාය. ඉන් එක නියෝජිතවරියක වන (ඇග්නස්ද සිල්වා) පසුව වාර්තා කළ පරිදි "අපි ගියේ ආගම සඳහා ගෙන යන යුද්ධයකට සැරසුන ලෙසය. ඩොනමෝර් සාමිවරයා අපගෙන් ප‍්‍රශ්න කරමින් වතුවල වැඩකරන ඉන්දියානු කම්කරුවන්ට ඡන්ද බලය ලබාදීමට කැමැතිදැයි ඇසීය. මම උත්තර දෙමින් ඇත්තෙන්ම ඔවුන් කාන්තාවන් නෙවේද? යි පිළිතුරු දුනිමි". අපට අවශයයි සියලූම කාන්තාවන්ට ඡන්ද ලබා ගැනීමටයි. (ජේන් රසල්ගේ අපගේ ජෝර්ජ්, කොළඹ, 1982)

මෙම ඡන්ද බලය පිළිබඳ අරගලයේදී කාන්තාවන් ඡන්ද සටනට ඇතුල්වීමට සූදානම් වී තිබුණි. ප‍්‍රථම මැතිවරණය වැඩිහිටි සර්වඡන්දය පදනම් කරගෙන පැවැත්වීය. කාන්තාවන් තිදෙනෙක් තරඟ කළහ. 1931 දී දෙදෙනෙකු රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට ඇතුලූ විය. තේසුම් සරවනමුත්තු ද්‍රවිඩ වෛද්‍යවරියකි. ඇය කොළඹ කොට්ටාශයට තේරී පත්වූවාය. ඇඞ්ලින් මොලමුරේ සිංහල වැඩවසම් රදළ පවුලකින් පැවැත එන්නියකි. ඈ සිය පියාගේ අභාවයෙන් පසු පැවැත්වූ අතුරු මැතිවරණයකින් ජය ගත්තාය.

ශ‍්‍රී ලංකාවේ කාන්තාවන්ට මැති සබයට එන්නට වරම් ලැබුණේ 1931 දී ලංකාවට ප‍්‍රධානය කළ ඩොනමෝර් ආණ්ඩු ක‍්‍රමයත් සමඟ සර්වජන ඡන්ද බලය ලැබීම නිසාය.

දෙවන රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට මන්ත‍්‍රීන් තේරීම සඳහා 1936 පැවති මැතිවරණයට කාන්තාවෝ තිදෙනෙක් තරඟ කළහ. ඉන් උතුරු කොළඹ අසුනට තරඟ කළ තේසම් සරවනමුත්තු මහත්මිය පමණක් ජයගත්තේය. ඇය මැතිරවණයකදී තරඟ කොට ජයගෙන මන්ත‍්‍රී මණ්ඩලයට පිවිසි ප‍්‍රථම කාන්තාව වූවාය. රාජ්‍ය මන්ත‍්‍රණ සභා ක‍්‍රමයෙන් අනතුරුව 1947 දී නියෝජ්‍ය මන්ත‍්‍රී මණ්ඩලයට කාන්තාවෝ තිදෙනෙක් තරඟ වැදුනහ. මැද කොළඹට අයේෂා රවුප් මැතිනියත්, කිරිඇල්ලට ප්ලෝරන්ස් සේනානායක මැතිනියත්, බලපිටියට ශ‍්‍රීමති අබයගුණවර්ධන මැතිණියත් තරඟ කළහ. එයින්ද තම ආසනය දිනා පාර්ලිමේන්තුවට ඒමට හැකිවූයේ ප්ලෝරන්ස් සේනානායක මැතිණියට පමණකි. එබැවින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රථම කාන්තාව වශයෙන් ප්ලෝරන්ස් සේනානායක මැතිණිය ඉතිහාසයට එක්වේ. ප‍්‍රථම පාර්ලිමේන්තු කාලය අවසන් වීමට පෙර තවත් කාන්තාවන් දෙදෙනෙක් පාර්ලිමේන්තුවට එක් වූහ. අවිස්සාවේල්ල අසුන අහිමි වූ පිලිප් ගුණවර්ධන මහතා වෙනුවෙන් එම ආසනයෙන් කුසුමා ගුවර්ධන මහත්මිය නිතරඟයෙන් පත් වූ අතර, මහනුවර අසුන අහිමි වු ටී.බී. ඉලංගරත්න මහතා වෙනුවෙන් අතුරු මැතිවරණයේදී තරඟ කළ තමරා කුමාරි ඉලංගරත්න මැතිණිය ජයග‍්‍රහණය කළෙන් එම දෙපොල පාර්ලිමේන්තුවට පත්ව ආහ.

1952 මහ මැතිවරණයට කාන්තාවන් දොළොස් දෙනෙකු ඉදිරිපත් වුවත් අවිස්සාවේල්ල අසුනට තරඟ කළ කුසුමා ගුණවර්ධන මහත්මියත්, අකුරැස්ස අසුනට තරඟ කළ ඩොරීන් වික‍්‍රමසිංහ මහත්මියත් පමණක් ජයග‍්‍රහණය කළහ. කුසුමා ගුණවර්ධන මහත්මිය පිලිප් ගුණවර්ධන මහතාගේ බිරිඳ වූ අතර, ඩොරීන් වික‍්‍රමසිංහ නම් සුදු කාන්තාව දොස්තර එස්.ඒ. වික‍්‍රමසිංහ මහතාගේ බිරිඳය.

කුසුමා සමග ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කොට පරාජය වූයේ ක්ලෝඩා ජයසූරිය මහත්මියයි. පසුව ඇය උත්තර මන්ත‍්‍රීවරියක් වූවාය.

1956 මැතිවරණත්‍ය්දී කාන්තාවෝ පස් දෙනෙක් තරඟ බිමේ වූහ. ඉන් සිවු දෙනෙක්ම ජයගත්හ. කාන්තාවක් ප‍්‍රථම වරට ඇමති පදවියකට පත්වූයේ මෙම මැතිවරණයෙන් පසුවය. මින් මීරිගම අසුනට තරඟ කොට ජයගත් විමලා විජයවර්ධන මහත්මිය ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමතිවරිය ද වූවාය.එම තරඟ වාරයේදී උතරු කොළඹින් විවියන් ගුණවරධන, අවිස්සාවේල්ල ආසනයෙන් ක්ලෝඩා ජයසූරිය, මීරිගමින් විමලා විජයවර්ධන හා කිරිඇල්ලෙන් කුසුමා ගුණවර්ධන යන කාන්තාවෝ ජයග‍්‍රහණය කළහ.

තෙවන පාර්ලිමේන්තු වාරයේ වූ තවත් විශේෂ සිද්ධියක් නම් තම සැමියාත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වශයෙන් සිටීමේදී භාර්යාවරු දෙදෙනෙක් ද තරඟයෙන් මැති සබයට තේරී පත්වීමයි.

පිලිප් ගුණවර්ධන - කුසුමා ගුණවර්ධන

ලෙස්ලි ගුණවර්ධන - විවියන් ගුණවර්ධන එම මන්ත‍්‍රී ජෝඩු දෙකයි.

1956 මැතිවරණයෙන් වැලිමඩ ආසනයට තේරී පත් වූ කේ.එම්.පී. රාජරත්න මහතාගේ අසුන ඡන්ද පෙත්සමකින් අහිමි වූයෙන් ඒ සඳහා පැවති අතුරු මැතිවරණයෙන් ඒ මහතාගේ බිරිඳ වන කුසුමා රාජරත්න මහත්මිය තේරී පත්වූවා ය.

1956 සැප්තැම්බර් 25 වැනිදා අගමැති බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමෙන් පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පත්කළ මන්ත‍්‍රීවරියක වීමේ වරම ලැබුණි. අනතුරුව ඇය ශ‍්‍රී ලංකාවේ අගමැතිකම හෙබවූ ප‍්‍රථම කාන්තාව වශයෙන්ද ඉතිහාසගත වූවාය. උත්තර මන්ත‍්‍රී මණ්ඩලයේ සාමාජිකාවක ට ශ‍්‍රී ලංකාවේ අගමැතිකම හිමි වූ ප‍්‍රථම අවස්ථාව ද මෙයයි. එම අවස්ථාවේ උත්තර මන්ත‍්‍රී මණ්ඩලයේ උප සභාපති තනතුර දැරුවේද ඇඞ්ලින් මොලමුරේ මැතිනියයි. ඒ වන විට උත්තර මන්ත‍්‍රී මණ්ඩලයේ එම්ලින්ද සොයිසා මහත්මියද මන්ත‍්‍රීවරියක් වූවාය.

1960 මාර්තු මැතිවරණයෙන් කාන්තාවෝ තිදෙනෙක් ජයග‍්‍රහණය කළේය.

01. සෝමා වික‍්‍රමනායක මිය (දෙහි ඕවිට)

02. විමලා කන්නන්ගර මිය (ගලිගමුව)

03. කුසුමා රාජරත්න (ඌව පරණගම-කලින් වැලිමඩ මන්ත‍්‍රී)

ඩඞ්ලි සේනානායක මහතාගේ සිව්වන පාර්ලිමේන්තුව දින තිස්තුනකට සීමා විය. නැවත 1960 ජූලි මාසයේ මැතිවරණයක් විය. එම මැතිවරණය සඳහා කාන්තාවෝ සිවු දෙනෙක් ඉදිරිපත් වූහ.

01. කුසුමා රාජාරත්න

02. විමලා කන්නන්ගර

03. සෝමා කන්නන්ගර

04. විවියන් ගුණවර්දන එම සිවු දෙනාය.


1960 ජූලි මැතිවරණය මෙහෙයවූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. ඒ වන විට ඇය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායිකාව ලෙස තෝරාගෙන තිබුණි.

එහෙත් එය මේ මැතිවරණයේදී ආසනයක් තරඟ නොකළාය. මේ මැතිවරණයේදී දෙහි ඕවිට සෝමා වික‍්‍රමනායක ඌව පරණගම කුසුමා රාජරත්න යන මහත්මීහු පමණක් ජයග‍්‍රහණය කළහ.

මේ අතර බොරැල්ල මන්ත‍්‍රීවරයාව සිටි ඩබ්.ඒ. ද සිල්වා මහතා අභාවප‍්‍රාප්ත වූයෙන් එම අතුරු මැතිවරණයට විවියන් ගුණවර්ධන මහත්මිය ඉදිරිපත්ව ජයග‍්‍රහණය කළාය. පසුව ඇයට පළාත් පාලන හා ස්වදේශකටයුතු පිළිබඳ උප ඇමති තනතුරද හිමි විය.

මීලඟ මහ මැතිවරණය 1965 දී සිදුවිය. මෙහිදී කාන්තාවෝ සිව් දෙනෙක් තේරී පත්වී හයවන පාර්ලිමේන්තුවට සම්බන්ධ වූහ.

බණ්ඩාරනායක මැතිනිය ප‍්‍රථම වරට අත්තනගල්ල ආසනයට තරඟ කොට වාර්තාගත වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා පාර්ලිමේන්තුවට පැමිණියාය. මීරිගමින් ශිවා ඔබේසේකර මැතිනියත්, පාර්ලිමේන්තුවට පිවිසි අතර, පාර්ලිමේන්තු කාලය ඉකුත් වීමට මැතිවරණවලින් තවත් මන්ත‍්‍රීවරයන් දෙදෙනෙක් එයට එක්වූහ. බලන්ගොඩින් මල්ලිකා රත්වත්ත මැතිනියත්, දොඩම්ගස්ලන්දෙන් ලැටීෂියා රාජපක්‍ෂ මැතිනියත් ඒ දෙපොළය.

1970 ඇරඹුන හත්වන පාර්ලිමේන්තුවට ද කාන්තාවෝ හය දෙනෙක් තේරී පත්ව ඇත.

01. අත්තනගල්ල - සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය

02. මීරිගම - ශිවා ඔබේසේකර ඉලංගරත්න මැතිනිය

03. ගලගෙදර - තමරා කුමාරි ඉලංගරත්න මැතිනිය

04. බොරැල්ල - කුසලා අබේවර්ධන මැතිනිය

අත්තනගල්ලෙන් ජයගත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දෙවන වරටද ශ‍්‍රී ලංකාවේ අගමැතිනිය වූවාය. 1977 මැතිවරණයේදී කාන්තාවෝ සිව්දෙනෙක් ජයග‍්‍රහණය කළහ.

01. අත්තනගල්ල - සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය

02. වලපනේ - රේණුකා හේරත් මැතිනිය

03. වාරියපොල - අමරා පියසීලි රත්නායක මැතිනිය

04. ගලිගමුව - විමලා තන්නන්ගර මැතිනිය එම ජයග‍්‍රාහිකාවෝය.

1989 මැතිවරණයෙන් සමානුපාතික නියෝජනය අනුව එක්සත් ජාතික පක්‍ෂයෙන් මන්ත‍්‍රීවරියන් හය දෙනෙකු හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් හතර දෙනෙකු පත්ව පාර්ලිමේන්තුවේ අසුන් ගත්හ.

එක්සත් ජාතික පාක්‍ෂිකාවන්

01. සුනේත‍්‍රා රණසිංහ

02. රේණුකා හේරත්

03. අමරා පියසීලි රත්නායක

04. රසෝ මනෝහරි පුලේන්ද්‍රම්

05. චන්ද්‍ර කරුණාරත්න

06. සුජාතා ධර්මවර්ධන

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාක්‍ෂිකාවන්

01. සිරිමාවෝ බණ්ඩාරනායක

02. සුමිත‍්‍රා ප‍්‍රියංගනී අබේවීර

03. ගුණවතී දිසානායක

04.හේමා රත්නායක

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වැඩිම කාන්තා නියෝජනයක් වූයේ නමවැනි පාර්ලිමේන්තුවේය. ඊළඟ මැතිවරණය 1994 වර්ෂයේ පැවැත්විණ. එය දසවැනි පාර්ලිමේන්තුවයි. ඒ මැතිවරණයෙන් අපේ රටේ දෙවැනි අගමැතිනියද බිහිවූවාය. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. එසේම ඇය මෙම රටේ පමණක් නොව ලෝකයේම අගමැතිවරුන් දෙදෙනෙකුගේ දියණිය වශයෙන් ඉතිහාසයට එක්වේ. ඇය ශ‍්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ අගමැතිනිය වූ අතර, ඇගේ මව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මේ රටේ පස්වැනි පාර්ලිමේන්තුවේ අගමැතිනියද වූවාය.

ශ‍්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුව සඳහා විවිධ පක්‍ෂවලින් තරඟ කොට ජයග‍්‍රහණය කළ කාන්තාවෝ මෙසේය.

01. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (අත්තනගල්ල)

02. ශ‍්‍රීමනී ඇතුලත්මුදලි (රත්මලාන)

03. සුමේධා ජයසේන (මොනරාගල)

04. සුමිත‍්‍රා ප‍්‍රියංගනී අබේවීර (කළුතර)

05. හේමා රත්නායක (බදුල්ල)

06. නිරුපමා රාජපක්‍ෂ (මුල්කිරිගල)

07. රේණුකා හේරත් (වළපනේ)

08. සිරිමාවෝ බණ්ඩාරනායක (අත්තනගල්ල)

09ත පවිත‍්‍රා වන්නිආරච්චි (කලවාන)

දසවැනි පාර්ලිමේන්තුවට පළමු වරට තේරී පත්වුන මන්ත‍්‍රීවරියන් සිව් දෙනෙක් වූහ.

01. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (අත්තනගල්ල)

02. ශ‍්‍රීමතී ඇතුලත්මුදලි (රත්මලාන)

03. පවිත‍්‍රා වන්නිආරච්චි (කලවාන)

04. නිරූපමා රාජපක්‍ෂ (මුල්කිරිගල)

ජනප‍්‍රිය දේශපාලඥයෙකුව සිටි ලලිත් ඇතුලත්මුදලි මහතාගේ බිරිඳ ශ‍්‍රීමනී ඇතුලත්මුදලි මහත්මිය මුල්වරට දේශපාලනයට පිවිස මනාප ඡන්ද ලක්‍ෂ එකහමාරක් පමණ ගෙන ඇමතිවරියක වශයෙන් පත්වූවාය. ඇය ප‍්‍රවාහන, මහාමාර්ග, පාරිසරික හා වනිතා කටයුතු ඇමතිවරිය වශයෙන් ඇමති මණ්ඩලයට පත්වූවාය. නොකඩවා පාර්ලිමේන්තු තුනක මන්ත‍්‍රීවරියක වූ මන්ත‍්‍රීන් දෙදෙනෙකුද දසවැනි පාර්ලිමේන්තුවේ වූහ. රේණුකා හේරත් හා අමරා පියසීලි රත්නායක යන මන්ත‍්‍රීවරියෝය. 1994 මැතිවරණයේදී ශ‍්‍රී ලංකාවේ මෙතෙක් වැඩිම මනාප ඡන්ද ලබා ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියයි. ඇය ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 464588 කි.

ලාංකීය දේශපාලන ක්ෂේත‍්‍රයේ ඉතා ඉහළින් මහජන ප‍්‍රසාදය දිනා ගනිමින් පාලන බලය ඉසිලූ අතිශයින් කැපී පෙනෙන කාන්තාවන් දෙදෙනෙකි. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය සහ ඇගේ මෑණියන් වන අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. විධිමත් දේශපාලන ක්ෂේත‍්‍රයේ වසර දෙකකටත් අඩු කාලයක් තුළදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය බස්නාහිර පළාත් සභාවේ ප‍්‍රධාන ඇමති පදවියටත් රටේ අගමැති පදවියටත් පෙර නොවූ විරූ ඡන්ද සංඛ්‍යාවක් ලබමින් විධායක ජනාධිපතිනිය ලෙසටත් බලයට පත්වූවාය. ප‍්‍රථම අගමැතිනිය වශයෙන් ලෝකයේ අභිමානවත් වාර්තාවක් දිනාගත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තුන්වන වරටත් අගමැතිනිය බවට පත්වූවාය. ඕ දෙවරක් විපක්‍ෂ නායිකාව ලෙසත් ඇය කටයුතු කළාය. මෙම කාන්තාවන් දෙදෙනාගේ කාර්යභාරය කොතරම් වැදග් වුවත් සාමාන්‍ය වශයෙන් සලකා බලන විට දේශපාලන පිටියේ කාන්තා සහභාගීත්වය පිළීබඳ නියම තත්වය මින් පිළිබිඹු නොවන්නේය.

ව්‍යවස්ථාදායකයෙහි කාන්තා නියෝජනය[සංස්කරණය]

1931 දී කාන්තාවෝ දෙදෙනෙක් ව්‍යවස්ථාදායකයට තේරී පත්වූහ. (ඇඞ්ලින් මොලමුරේ නැවතත් 1936 දී ඇයගේ අසුනට තරඟ කළ නමුත් ඇය පරාජයට පත්විය. ඒ අතර තේසම් සර්වනමුත්තු සිය අසුන රැකගත්තාය). මෙතැන් සිට සෑම ව්‍යවස්ථාදායකයකම කාන්තාවෝ කීපදෙනෙක් සිටියෝය. ප‍්‍රතිශතය 1%-4% දක්වා විය. 1947 සිට 1977 දක්වා කාන්තාවන් තරඟ කළ අවස්ථා 78 කි. අවස්ථා 25 කදී ජයග‍්‍රහණය කර තිබේ. මුළු ඡුන්ද ප‍්‍රමාණයෙන් භාගයක් පමණ කාන්තාවන්ට හිමි වුවද ඔවුන්ගේ තරඟකාරී මට්ටම ඉතාමත් මදය. මෙම අඩුකිරීමට තවත් හේතුවක් තිබේ. බොහෝ වාරයක් තරඟකළ කාන්තා දේශපාලඥවරියන් ගණනක් සිටිති. ඔවුන් මැතිවරණයක් තරඟ කොට ව්‍යවස්ථාදායකයට වැඩි වාර ගණනක් තේරී පත්වූහ. (වවියන් ගූණවර්ධන සහ කුසුමා ගුණවර්ධන අටවාරය බැගින් විමලා කක්නන්ගර හය වරයක්, තමරා ඉලංගරත්න පස්වාරයක්, කුසුමා රාජරත්න හතරවාරයක්, සිරිමා බණ්ඩාරනායක තුන්වාරයක් සහ කුසලා අභයගුණවර්ධන දෙවාරයක් බැගිනි). 1994 දක්වා ව්‍යවස්ථා දාසයකයට තරඟ කළ කාන්තාවන් මුළු සංඛ්‍යාව 49 කි. ශ‍්‍රී ලංකා ව්‍යවස්ථාදායකයම උභය මණ්ඩලයක් 1948 සිට 1977 දක්වා පැවති නමුත් පසුව එය ඉවත් කර දමන ලදී. එහි නියෝජිත සංඛ්‍යෘව 30 කි. මින් 15 දෙනෙකු පහළ මන්ත‍්‍රී මණ්ඩලය විසිනුත් අනෙක් 15 දෙනා ආණ්ඩුව විසිනුත් තෝරනු ලැබේ. 1947 දී ඇඞ්ලින් මොලමුරේ උභය මන්ත‍්‍රී මණ්ඩලයට තෝරාපත් කළ අතර, ක්ලෝඩා කිචීලාන් 1955 දී තෝරා පත්කරනු ලැබුවාය. කාන්තාවන් තිදෙනෙක් පමණක් සෙනෙට් සභාවට පත් කරනු ලැබුවාය. සිරිමා බණ්ඩාරනායක ඉන් එක් අයෙකි. ඒ 1960 දීය.

ව්‍යවස්ථාදායකයෙහි කාන්තාවන්ගේ සුළු ප‍්‍රමාණයෙහි නොවැළැක්විය හැකි ප‍්‍රතිඵලය වූයේ කැබිනට් මණ්ඩලයෙහි ඔවුන්‍‍ගේ සාමාන්‍ය අඩු නියෝජනයයි. 1947, 1952 සහ 1965 මහ මැතිවරණ වලින් පසුව කැබිනට් මණ්ඩලයෙහි කාන්තාවන් නොවීය. 1956 කැබිනට් මණ්ඩලයේ විමලා විජයවර්ධන සෞඛ්‍ය අමාත්‍යවරියලෙස තේරී පත් වීමෙන් ප‍්‍රථම කැබිනට් ඇමතිවරිය බවට පත්වී 1959 දී ඉල්ලා අස්වූවාය. ඇය ප‍්‍රථම කාන්තා ශ‍්‍රී ලංකා ඇමතිවරියයි. 1960 සිට 1965-1977 දක්වා සිරිමා බණ්ඩාරනායක කැබිනට් නියෝජිතවරියක මෙන්ම අග‍්‍රාමාතන්‍යරියද වූවාය. ෂිවා ඔබේසේකර 1976-177 දක්වා සුළු කාලයක් සෞඛ්‍ය ඇමතිවරිය ලෙස කටයුතු කළාය. විමලා කන්නන්ගර 1977 සිට කැබිනට් ඇමතිවරියකි. ප‍්‍රථම නාවික ගුවන් ගුවන් ගමන් හා සංචාරක කටයුතු ඇමතිවරියයි. ඊට පසු ග‍්‍රාමීය සංවර්ධන ඇමතිවරිය බවට ප්තවූවාය. සුනේත‍්‍රා රණසිංහ 1983 සිට කාන්තා කටයුතු සහි චිකිත්සාගාර ඇමතිනී ලෙස කටයුතු කළාය. දිස්ත‍්‍රික් අමාත්‍යධූර සැලැස්ම ආරම්භ කිරීමෙන් සමඟ 1978 දී කාන්තාවන් දෙදෙනෙක් ද දිස්ත‍්‍රික් අමාත්‍ය ධූරයන් දෙකකට තේරී පත්වූහ.

ශ‍්‍රී ලංකාවෙහි කාන්තාවන් දේශාපලන තීරණයන් ගැනීම පිළිබඳ ක‍්‍රියාවලියේදී ඉතා සුළු ස්ථානයක් දරයි. සිරිමා බණ්ඩාරනායක 1960 දී අග‍්‍රාමාත්‍ය ධූරයට පත්වී නැවතත් 1970 දීත් පත්වීම නිසා මෙය වසඟ වේ. ඇය 1960 දී ශ‍්‍රී ලංකාවෙහි පමණක් නොව මුළු ලෝකයේම ප‍්‍රථම කාන්තා අගමැතිවරිය වූවාය. මෙම විශේෂාංගයන් කවර අයුරකින්වත් කාන්තාවන් දේශපාලන ක‍්‍රියාවලියෙහි නිරතවීම සම්බන්ධයෙන් ඵලදායී නොකරයි.

කාන්තා අපේක්‍ෂිකාවන් සහ පාර්ලිමේන්තුවට තේරී පත් වූ කාන්තාවන් 1947 සිට 1977 දක්වා මහ මැතිවරණයන් ඇසුරිනි.

2.1 වගුව

Stat.JPG


1947 වර්ෂයට සාපේක්‍ෂව යම් වර්ධනයක් පෙන්නුම් කරයි. නමුත් පුරුෂ අපේක්‍ෂක ප‍්‍රමාණයට සාපේක්‍ෂව ඉතා සුළු ප‍්‍රමාණයකි. ලංකවේ කාන්තා ඇමතිවරියන් ගත් විට දක්නට ලැබෙන්නේ ඔවුන්ට කැබිනට් අමාත්‍යධූර අඩුවෙන් හිමිවන බවයි. 1947 වර්ෂත්‍ය් සිට ගත් විට කාන්තාවන් ආසන වශයෙන් දිනා ඇත්තේ 63 කි. 1947 සිට මේ දක්වා කාන්තාවන් අමාත්‍යධූර 17 ක් දරා ඇත. මෙම අමාත්‍යධූර දෙස බැලීමේදී කාන්තාවන්ට ලැබී ඇති අමාත්‍යධූර වන්නේ කාන්තාවන්ටම ආවේණික අමාත්‍යධූර පමණි. එනම් වනිතා කටයුතු, සමාජසේවා, සෞඛ්‍ය, බුද්ධශාසන වැනි අමාත්‍යධූර වේ.

රාජ්‍ය මන්ත‍්‍රණ සභාව අහෝසි වීමත් සමග 1947 ප‍්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීය. 1947 සිට 2004 දක්වා පාර්ලිමේන්තු මැතිවරණවලට ඉදිරිපත් කරන ලද ඡන්ද අපේක්‍ෂකයින්ගේ සංඛ්‍යාව හා සසඳන විට අපේක්‍ෂිකාවන්ගේ සංඛ්‍යාව ඉතාමත් පහල මට්ටමක පවතී. ශ‍්‍රී ලංකාව නිදහස ලබා ගැනීමෙන් පසුව ප‍්‍රථම මහ මැතිවරණය පැවැත්වූයේ 1952 වසරේදීය. 1952 පාර්ලිමේන්තු මහ මැතිවරණය පැමිණෙන තෙක් පළමු පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරියන් තිදෙනෙක් නියෝජනය කළහ. මෙහි විශේෂත්වය වූයේ තේරී පත් වූ නියෝජිතවරියන් තිදෙනාම වාමාංශික පක්‍ෂ නියෝජනය කළ අය වීමත් කිසියම් වූ දේශපාලන පවුල් පසුබිමක් මත පැමිණි අය වීමත්ය. 1947 සිට 2004 දක්වා පාර්ලිමේන්තුවේ ස්ත‍්‍රී පුරුෂ භාවය අනුව නියෝජනය වූ ආකාරය පහත දැක්වෙන සටහනින් වඩාත් පැහැදිලි වෙයි.

2.2 වගුව

Stat2.JPG

1952 පැවති දෙවන පාර්ලිමේන්තු මැතිවරණයට නියෝජිතයින් 95 ක් පත් වී ඇති අතර ඉන් ස්ත‍්‍රීන් නියේජනය වූයේ දෙදෙනෙක් පමණක් බව ඉහත වගුවෙන් පැහැදිලි වෙයි. පසුගිය පාර්ලිමේන්තුව හා සසඳා බලන විට එය 1% ක අඩුවීමක් පෙන්නුම් කරයි. 1956 පැවති තුන්වන පාර්ලිමේන්තුවේ 95 ක් වූ මන්ත‍්‍රී මණ්ඩලය ස්ත‍්‍රීන් 4 ක් නියෝජනය කළහ. එය පසුගිය පාර්ලිමේන්තුවට වඩා 2.1% ක ඉහළ යාමක් පෙන්නුම් කරයි. 1960 මාර්තු මස පැවති 4 වන පාර්ලිමේන්තුවේ ස්ත‍්‍රීන් නියෝජනය වූයේ තිදෙනෙක් පමණි. පසුගිය පාර්ලිමේන්තුව හා සසඳා බලන විට ස්ත‍්‍රී නියෝජනය 2.3% අඩුවීමක් පෙන්නුම් කරයි. 1960 ජූලි මස පැවති අතුරු මැතිවරණයේදී ස්ත‍්‍රීන් නියෝජනය වූයේ තිදෙනෙක් පමණි. 1965 පැවති මහ මැතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය වැඩිම ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගනිමින් විපක්‍ෂ නායිකාව ලෙස පත්වූවාය. එමෙන්ම මෙම පාර්ලිමේන්තු සමය තුළ උප ඇමතිවරියන් දෙදෙනක් පත්විය. පස්වන පාර්ලිමේන්තුවට වඩා ස්ත‍්‍රීන් තුන්දෙනෙක් වැඩිවීම නිසා ප‍්‍රතිශතය 2% ක් දක්වා වැඩිවිය. 1970 පැවති 7 වන පාර්ලිමේන්තුවේ බණ්ඩාරනායක මහත්මිය ඇතුලූ ස්ත‍්‍රීන් 7 ක් නියෝජනය විය. මෙම පාර්ලිමේන්තු කාලය තුළ අතුරු මැතිවරණ 13 ක් පවත්වා ඇති අතර එකම අතුරු මැතිවරණයකටවත් ස්ත‍්‍රී අපේක්‍ෂිකාවන් ඉදිරිපත් වී නැත. 1977 8 වන පාර්ලිමේන්තුවේ ස්ත‍්‍රී නියෝජනය එතෙක් පැවති පාර්ලිමේන්තු තුළ ස්ත‍්‍රී නියෝජනය හා සසඳා බැලීමේදී වැඩිම නියෝජනයක් දැකිය හැක. 7 වන පාර්ලිමේන්තුවට වඩා 2.6% ක වැඩි වීමත් පෙන්නුම් කරයි. 1989 පැවති 9 වන පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනු ලැබුවේ නව ඡන්ද ක‍්‍රමයක් වන සමානුපාතික ඡන්ද ක‍්‍රමයක් තුළය. 8 වන පාර්ලිමේන්තුව හා සසඳා බලන විට ස්ත‍්‍රී නියෝජනය 0.8% කින් අඩු වී ඇත. 1994 පැවති 10 වන පාර්ලිමේන්තුව පිහිටුවනු බන්නේ ස්ත‍්‍රී නායකත්වයක් තුළය. මෙම පාර්ලිමේන්තුවේ විශේෂත්වය වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය දෙවන අග‍්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත්වීමය. එම කාල සීමාව තුළම ඇය ප‍්‍රථම ජනාධිපතිනිය වශයෙන් ද ජයග‍්‍රහණය කළාය.

ඒ වන විට ජනාධිපති අපේක්‍ෂකයෙකුව සිටි ගාමිණී දිසානායක මහතා ඝාතනයට ලක් වීමෙන් පුසු ඔහුගේ බිරිඳ වූ ශ‍්‍රීමා දිසානායක මහත්මිය ජනාධිපතිවරණ අපේක්‍ෂිකාවක ලෙස ඉදිරිපත් වීම ද ස්ත‍්‍රී දේශපාලනය පිළිබඳව කතා කිරීමේදී මතු කළ යුතු කරුණකි. මෙවැනි තත්වයක් තුළ ස්ත‍්‍රියකගේ නම යෝජනා කරනුයේ දේශපාලනය තුළ ස්ත‍්‍රී නියෝජනයේ ඇති වැදගත්කම තේරුම් ගනිමින් නොව පටු දේශපාලන අපේක්‍ෂාවන් මුදුන්පත් කර ගැනීමට ඇති අපේක්‍ෂාවෙන් ස්ත‍්‍රීන් අනුකම්පාවට ලක් කරමින් ඒ හරහා තම පක්‍ෂයේ බලය රැක ගැනීම සඳහා යොදා ගන්නා උපක‍්‍රමයක් ලෙසටය.

2000 පැවති 11 වන පාර්ලිමේන්තුව තුළ 225 ක් වූ මන්ත‍්‍රී මණ්ඩලයේ ස්ත‍්‍රීන් නියෝජනය වූයේ 9 ක් පමණි. 1994 පාර්ලිමේන්තුවට වඩා 1.3% ක අඩුවීමක් පෙන්නුම් කරයි. මෙම පාර්ලිමේන්තුවේ විශේෂත්වය වූයේ ප‍්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ මුස්ලිම් නියෝජිතවරියක් ලෙස ෆේරියල් අෂ්රොප් මහත්මිය පත්වීමයි. එම කාලයම නියේජනය කරමින් ගම්පහ දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් ඒ.ඞී. අන්ජාන් උම්මා මහත්මිය ජාතික ලැයිස්තුවෙන් පත්වූවාය. ඊට අමතරව නවක මන්ත‍්‍රීවරියන් කිහිප දෙනෙක් පත්වීම ද සතුටු විය හැකි කරුණක් වන්නේය. 2001 පැවති 12 වන පාර්ලිමේන්තු මැතිවරණයේදී ස්ත‍්‍රීන් 10 ක් තේරී පත්විය. ඒ අතර නවක මන්ත‍්‍රීවරියක් ලෙස පත් වූ චිත‍්‍රා මන්තිලක මහත්මිය දේශපාලන පවුල් පසුබිමක් නොමැතිව පැමිණි එකම මන්ත‍්‍රීවරිය වූවාය. 2004 පැවති 13 වන පාර්ලිමේන්තුව ශ‍්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයක් විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පිහිට වූ මෙම පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී මණ්ඩලයේ ස්ත‍්‍රීන් 11 ක් විය. ජාතික ලැයිස්තුවෙන් පත්කළ මේරි ලූසීඩා මහත්මියට තමාගේ ස්වාමි පුරුෂයාට මන්ත‍්‍රීකම දීමට සිදු වූ හෙයින් ඇගේ මන්ත‍්‍රීකම අහෝසි විය. මැතිවරණට පෙර ජාතික ලැයිස්තුව සඳහා අපේක්‍ෂකයන් 29 ක් නම් කළ යුතුව ඇත.ඒ අතර මෙවර ස්ත‍්‍රීන්ගේ නම් 03 ක් ඉදිරිපත් කර තිබුණත් අවසානයේ සිදුවූයේ ජාතික ලැයිස්තුවෙන් පත්කළ එකම මන්ත‍්‍රීවරියටත් ඉවත් වීමට සිදුවීමය. ශ‍්‍රී ලාංකීය දේශපාලනය තුළ වසර ගණනක් පුරාම සිදුවූයේ ජාතික ලැයිස්තුව පිරිමි ලැයිස්තුවකට පමණක් සීමා වීමය.

ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රී දේශපාලනය හා කතා කිරීමේදී අවධානය යොමු කළයුතු විශේෂ කාරණයක් වනුයේ සියලූ ජනවාර්ගිකයන්ගේ සම්මිශ‍්‍රණයක් ස්ත‍්‍රී නියෝජනය තුළ තිබිය යුතුය යන කාරණය 13 වෙනි පාර්ලිමේන්තුව තුළ දෙමළ මුස්ලිම්, සිංහල නියෝජනයක් තිබීම ද තවත් සුවිශේෂී තත්වයකි. 1931 සිට 2009 දක්වා වසර 78 ක පමණ කාලය තුළ ශ‍්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස විමසීමක් කර බැලීමේදී පෙනී යන විශේෂ කාරණයක් වන්නේ ශ‍්‍රී ලංකාවේ ජාතික දේශපාලනය මෙතෙක් ස්ත‍්‍රීන්ගේ සහභාගීත්වය සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවයි. මෙතෙක් පාර්ලිමේන්තුවට තේරී පත් වූ කාන්තාවන්ගෙන් බොහොමයක් දෙනා නාගරික, ප‍්‍රභූ පන්තික පවුල්වලට අයත් සාමාන්‍ය උගත් කාන්තාවෝ වූහ. විශේෂයෙන්ම 1970 ගණන් දක්වා මෙම ලක්‍ෂණය දැකිය හැකි වන අතර නිදහස ලැබූ මුල් කාලයේ ජාතික දේශපාලනයට පිවිසි කාන්තාවෝ බොහෝමයක් දෙනා වෘත්තීය සමිති හෝ පළාත් පාලන දේශපාලනයට සම්බන්ධ වූ තරමක් හෝ දේශපාලන අත්දැකීම් ඇති අය වූහ. ලාංකික පාර්ලිමේන්තු කාන්තාවන්ට පොදු වූ කරුණක් වන්නේ ඉන් වැඩි දෙනා දේශපාලන පවුලක සාමාජිකාවක වීම හා සිය පියා, සොහොයුරා හෝ ස්වාමියාගේ ඇවෑමෙන් දේශපාලනයට පිවිසීමයි. ස්වාධීනව තමන්ගේම නායකත්වයක් ඔස්සේ දේශපාලනයට පිවිස ඇත්තේ ඉතාමත් සුළු පිරිසකි.

ශ‍්‍රී ලංකාවේ මුල්කාලීන මැතිවරණ පිළිබඳ විමසීමක් කර බැලීමේදී පෙනීයන කරුණක් වන්නේ කොමියුනිස්ට් පක්‍ෂය, ලංකා සම සමාජ පක්‍ෂය වැනි වාමාංශික පක්‍ෂ හරහා දේශපාලනන ක‍්‍රියාවලියට වැඩි ස්ත‍්‍රින් පිරිසක් ඉදිරිපත්ව ඇති බවයි. නමුත් 1970 න් පසු මෙම තත්වය වෙනස් වී දක්ෂිණාංශික පක්‍ෂ තුළ වැඩි ස්ත‍්‍රී නැඹුරුවක් දක්නට ලැබෙයි. පවතින දේශපාලනය තුළ දැකිය හැකි දෙයක් වන්නේ ඉදිරිපත් වන අපේක්‍ෂකයින් හා සමානව ස්ත‍්‍රී අපේක්‍ෂිකාවන්ගේ ප‍්‍රමාණය කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බවත් ඉදිරිපත් වන අපේක්‍ෂිකාවන්ට සමානව ජයග‍්‍රහණය කරන නියෝජිතවරියන්ද ප‍්‍රමාණවත් නොවන බවත්ය. අපේක්‍ෂිකාවන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඉතාමත් අඩු අවධානයක් යොමු කර ඇති නිසා එය නියෝජනය කෙරෙහි ද සෘජුවම බලපායි. 1947-1994 දක්වා කාලය තුළ එක් මැතිවරණයකදී එක් දේශපාලන පක්‍ෂයකින් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ස්ත‍්‍රීන් 10 ට වඩා වැඩි අපේක්‍ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇත්තේ ඉතා සීමිත අවස්ථා කිහිපයකදී පමණි. 1994 මැතිවරණයේදී අපේක්‍ෂකයින් වැඩිම සංඛ්‍යාවක් එනම් 17 ක් ඉදිරිපත් කර ඇති එකම පක්‍ෂය වන්නේ ශ‍්‍රී ලංකා ප‍්‍රගතිශීලී පෙරමුණයි. මෙය මැතිවරණ ඉතිහාසයේ 2004 මැතිවරණය පැවැත්වීමට පෙර එක් පක්‍ෂයකින් ප‍්‍රථමයෙන්ම වැඩිම අපේක්‍ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් කළ අවස්ථාවක් ලෙස දැක්විය හැකිය.

2004 වසර වැඩිම අපේක්‍ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වූ මැතිවරණය මෙන්ම ස්ත‍්‍රීන් වැඩිම සංඛයාවක් ඉදිරිපත් වූ වසර ද වෙයි. එහිදී මුළු අපේක්‍ෂකයන් 5685 ක් ඉදිරිපත්ව ඇති අතර ස්ත‍්‍රීන් 375 ක් ඉදිරිපත්ව ඇත. 1994 වසරට වඩා එය 3% ක වැඩිවීමක් පෙන්නුම් කරයි. නමුත් ස්ත‍්‍රීන්ගේ නියෝජනය ඒ හා සාපේක්‍ෂව වැඩිවීමක් නොපෙන්වයි. ශ‍්‍රී ලාංකික කාන්තාවගේ සමාජ, ආර්ථීක හා අධ්‍යාපන මට්ටමේ වර්ධනයක් සීඝ‍්‍රයෙන් පැවතියද ඇය ඡුන්දදායකයෙකු ලෙස ඉතා ක‍්‍රියාශීලී වුව ද ජාතික දේශපාලනයේදී විශේෂයෙන්ම පාර්ලිමේන්තු දේශපාලනයේදී ඇය දක්වන සහභාගීත්වය ප‍්‍රමාණවත් බව නොපෙනේ. ලාංකීය ස්ත‍්‍රිය ඡන්ද දායකයෙකු, මැතිවරණ ප‍්‍රචාරකයෙකු හා පක්‍ෂයේ ක‍්‍රියාශීලී සාමාජිකාවක ලෙස පිරිමින් හා සම සමව හෝ සමහර අවස්ථාවලදී ඊටත් වඩා උනන්දුවෙන් දේශපාලන කටයුතු වලට සම්බන්ධ වේ. ඇයගේ අඩු සහභාගීත්වයක් ඇත්තේ දේශපාලන ක්ෂේත‍්‍රයේ ඉහළ මට්ටම්වලදී මේ තත්වය වෙනස් කර තීරණ ගන්නා මට්ටමේදී සක‍්‍රීය සහභාගීත්වයකින් කටයුතු කිරීමට නම් ඇයට නීත්‍යානුකූලව දේශපාලන අයිතිවාසිකම් ලබාදීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. ස්ත‍්‍රියට සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමට අවශ්‍ය පරිසරයක් ගොඩනැගීමට උපකාරී වන ආකාරයෙන් අනෙක් අංශ වලින්ද අවශ්‍ය නීතිරීති මෙන්ම පහසුකම් ද සපයා දීම ඉතා වැදගත් වේ. ලාංකික කාන්තාවට දේශපානනයට පිවිසීමට විශේෂයෙන්ම නාම යෝජනා ලැබීම, මැතිවරණ සටන සාර්ථකව කරගෙන යාමට පිරිමියෙකුට වඩා වැඩි කැපවීමක් කිරීමට සිදුවේ. එසේම ඇයට පාර්ලිමේන්තුවට තේරී පත්වීමේදීත් පිරිමියෙකුට වඩා විවිධ බාධකවලට මුහුණ පෑමට සිදුවේ. කාන්තාවට සක‍්‍රීය දේශපාලන සහභාගීත්වයේ විවිධ සීමාවන් වලට මුහුණ පෑමට සිදුවන බව සමීක්‍ෂණයට සහභාගී වූ කාන්තාවෝ ද ප‍්‍රකාශ කළාය.

පළාත් සභා තුළ කාන්තා නියෝජනය[සංස්කරණය]

1987 පළාත් සභා පනත යටතේ පිහිටවනු ලැබූ පළාත් සභාවල ප‍්‍රථම පළාත් සභා මැතිවරණය පවත්වනු ලැබූවේ 1989 දීය. විවිධාකාරයෙන් රටතුළ සිදුවෙමින් තිබූ මිනීමැරුම් සහ අතුරුදහන්වීම් මධ්‍යයේ ඉතාමත් භීෂණකාරී සමයක එම මැතිවරණය පැවැත්විණි. එවකට සටන්කාමී කණ්ඩායමක් ලෙස කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ විසින් "ඡන්දය පාවිච්චි කරන්නවුන්ට මරණීය දණ්ඩනය" වැනි තර්ජන පවා පණවමින් තිබූ තත්වයක් තුළ සමහර පුද්ගලයන් ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටියත් මරණීය තර්ජන හමුවේ පවා තමන්ගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කළ බොහෝ පිරිස් ද වුහ. මෙවැනි තත්වයක් තුළ එම පළාත් සභා මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුනේ භීෂණය තදින්ම පැවති පළාත්වල බොහෝ දෙනා අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් වීමට බියක් දැක්විය. මේ නිසා ස්ත‍්‍රීන්ගේ සහභාගීත්වය තවත් අඩුවිය. ඉදිරිපත් වූ අපේක්‍ෂිකාවන්ගේ ප‍්‍රමාණය 2.8% ක් විය. 1993 මැතිවරණයේදී එම ප‍්‍රමාණය 3.7%ක සුළු වශයෙන් වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම පළාත් සභා මැතිවරණයේ විශේෂත්වය වූයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට පළාත් සභාවක් සඳහා මහ ඇමතිවරියක් පත්විමයි. එම අවස්ථාව උදාකර ගන්නේ බස්නාහිර පළාත් සබාවෙන් තේරී පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි.

1993 පැවති පළාත් සභා මැතිවරණයේදී ස්ත‍්‍රී නියෝජනය 18 ක් වූ අතර එය 1999 වසර තුළ 12 දක්වා අඩු වී ඇත. 1993 වසරේ වැඩිම මන්ත‍්‍රීවරියන් පිරිසක් නියෝජනය වන්නේ බස්නාහිර පළාතෙනි. 104 ක් වූ මුළු නියෝජනයෙන් ස්ත‍්‍රීන් පත්වූයේ 7 ක් පමණි. එය 6.7% ක් විය. 1999 දී එම සංඛ්‍යාව 2 දක්වා අඩු වී ඇත. එනම් 1.9% ක් විය. එම වසරේ වැඩිම නියෝජනයක් වයඹ සහ මධ්‍යම පළාත්වලින් තේරී පත්විණි. එක් පළාතකින් තිදෙනෙක් පත්ව ඇත. 2004 පළාත් සභා මැතිවරණයේදී කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් 475 ක් මුළු අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත්ව ඇති අතර ඉන් ස්ත‍්‍රීන් ඉදිරිපත්ව ඇත්තේ 41 ක් පමණි. පුත්තලම් දිස්ත‍්‍රික්කයෙන් 286 ක් මුළු අපේක්‍ෂකයන් අතර ස්ත‍්‍රීන් වූයේ 10 ක් පමණි ඒ අනුව වයඹ පළාත් සභාවේ මුළු අපේක්‍ෂක සංඛ්‍යාව 761 ක් විය. ඒ අතර අපේක්‍ෂිකාවන් වූයේ 51 ක් පමණි. 50 ක් වූ පළාත් සභාවේ මන්ත‍්‍රී මණ්ඩලයේ මන්ත‍්‍රීවරියන් වූයේ 4 ක් පමණි. ඒ අතර එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් කුමාරි ඒකනායක මහත්මියත් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් මැණීක් ගුණසේකර මහත්මියත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් පත්මා වෑත්තාව සහ උපුලාංගනී මසාලගමුව මහත්මියත් වූහ.

පළාත් පාලනයෙහි කාන්තා නියෝජනය[සංස්කරණය]

ජාතික දේශපාලනය සඳහා ඉදිරිපත් වූ අපේක්‍ෂිකාවන්ගේ සංඛ්‍යාව අඩු වගේම පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් වන අපේක්‍ෂිකාවන්ගේ ප‍්‍රමාණයද ඉතාමත් අඩුය. නගර සභා සඳහා වැඩිම අපේක්‍ෂිකාවන් ප‍්‍රමාණයක් ඉදිරිපත් කර ඇත්තේ මුස්ලිම් කොන්ග‍්‍රසයයි. එය 11 කි. ඉදිරිපත්ව ඇති අපේක්‍ෂිකාවන් සංඛ්‍යාව 179 කි. සමස්තය ගත්විට මහ නගර සභා සඳහා සෑම පක්‍ෂයකින්ම 1152 ක් ඉදිඑරිපත්ව ඇතත් එයින් ස්ත‍්‍රීන් ඉදිරිපත්ව ඇත්තේ 42 කි. එය 3.69% ක් වේ. නගර සබා සඳහා 1453 ක් ඉදිරිපත්ව ඇති අතර ඉන් ස්ත‍්‍රී අපේක්‍ෂිකාවන් සිටින්නේ 35 ක් පමණි. එය 2.75% ක් වෙයි. ප‍්‍රාදේශීය සභා සඳහා මුළු අපේක්‍ෂකයින් 12685 ක් ඉදිරිප්තව ඇති අතර, ස්ත‍්‍රීන් ඉදිරිප.ත්ව ඇත්තේ 325 ක් පමණි. එය 2.53% ක් වේ.

2002 වසරේ පැවති කොළඹ මහනගර සභා මැතිවරණය සඳහා නීතීඥ නිමල්කා ප‍්‍රනාන්දු මහත්මියගේ නායකත්වයෙන් ස්වාධීන ස්ත‍්‍රී කණ්ඩායමක් ඉදිරිපත් වීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයකි. එය ශ‍්‍රී ලාංකීය ස්ත‍්‍රී දේශපාලනයේ සන්ධිස්ථානයක් වශයෙන් දැක්විය හැකිය. පවතින තත්වය තුළ කණ්ඩායමේ කිසිදු අපේක්‍ෂිකාවකට ජයග‍්‍රහණය කළ නොහැකි වුවත් සක‍්‍රීය සවුවත් සක‍්‍රීය සහභාගීත්වය අගය කළයුතු කාරණයක් වේ. මේ අනුව පෙනී යන්නේ සෑම පළාත් පාලන ආයතනයක් සඳහාම ඉදිිරිපත් වන අපේක්‍ෂකයන්ගේ ප‍්‍රමාණයට සාපේක්‍ෂව ස්ත‍්‍රී අපේක්‍ෂිකාවන්ගේ ප‍්‍රමාණය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවයි. එයිනුත් ප‍්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් වන සංඛ්‍යාව ඊටත් වඩා අඩුය. එසේම පළාත් පාලන ආයතන තුළ ස්ත‍්‍රී සහභාගීත්වය පිළිබඳ විමසීමක් කර බැලීමේදී ද පෙනී ය්නනේ එවැනිම තත්වයක් පවතින බවයි. පහත දැක්වෙන සටහනින් පළාත් පාලන ආයතනවල 1993 1991 මහ නගර සභා සඳහා ඉදිරිපත් වූ 142 න් මන්ත‍්‍රීවරුයන් ලෙස පත්ව ඇත්තේ 6 ක් පමණි. පිරිමි 201 ක් ජයග‍්‍රහණය කර ඇත. ප‍්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් වූ 325 ක් වූ අපේක්‍ෂිකාවන්ගෙන් ජයග‍්‍රහණය කර ඇත්තේ 42 ක් පමණි. එහි මන්ත‍්‍රීවරුයන් 2632 ක් වේ. ඒ අනුව ස්ත‍්‍රී සහභාගීත්වය 1.5 ක් පමණි. ජාතික සහ පළාත් පාලන දේශපාලන තල දෙක තුළම මෙවැනි තත්වයක් පවතින නිසා එම ගැටලූව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇත.

3576 ක් වූ මුළු මන්ත‍්‍රී සංඛ්‍යාවෙන් මන්ත‍්‍රීවරියන් සිටින්නේ 61 ක් පමණි. එය 1.7% කි.මෙයිනුත් ඒ ඒ දේශපාලන ආයතනවල නායකත්වය පිළිබඳ විමසීමක් කර බැලීමේදී පෙනීයන කරුණක් වන්නේ ස්ත‍්‍රී නායකත්වය දරණ දේශපාලන ආයතන ඉතාමත් අඩු බවය. නගර සභා 225 න් නගරාධිපතිවරියන් සිටින්නේ 2 ක් පමණි. ප‍්‍රදේශීය සභා 3137 න් ප‍්‍රාදේශීය සභා සභාපතිවරියන් සිටින්නේ 4 ක් පමණි. මහ නගර සභා සභාපතිවරියන් කිසිවෙකුත් නොමැත.

1865 කොළඹ මහනගර සභාව පිහිටු වුවත් 1937 වන තෙක් කිසිදු ස්ත‍්‍රී නියෝජනයක් නොතිබිණි. ප‍්‍රථම මහ නගර සභා මන්ත‍්‍රීවරිය වූයේ කොළඹ මහ නගර සාවට තේරී පත් වූ වෛද්‍ය වේරී රත්නම් (1937) මහත්මියයි.නමුත් එම මැතිවරණයේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ප‍්‍රශ්නයක් මතු වී මාස කිහිපයකින් ඇයගේ මන්ත‍්‍රීධූරය අහෝසි විය.

පර්යේෂණ ක්ෂේත‍්‍රයේ සොයාගත් කරුණුවලට අනුව පලාත් පාලන දේශපාලනයට සහභාගී වන කාන්තාවන් සෑහෙන අධ්‍යාපනයක් ලබා ඇති අතර දේශපාලනයට පිවිසීමට පෙර සමාජ සේවා කටයුතුවල නිරත වී විවිධ අත්දැකීම් ලබා ඇති බව පෙනිණි. එසේම විවිධ වෘත්තීන්හි නියැළුණු කාන්තාවන් ද වැඩිපුර සංඛ්‍යාවක් විය. මේ අනුව පැහැදිලි වන්නේ කාන්තාවන්ට ප‍්‍රාදේශීය ක්ෂේත‍්‍රය තුළ දේශපාලන කටයුතු වල නිරත වීම ජාතික ක්ෂේත‍්‍රයට වඩා තරමක් හෝ පහසු දෙයක් ලෙස සාමාන්‍යයෙන් කල්පනා කළත් බාධක හා ගැටලූ හමුවේ ඇය එම සහභාගීත්වයට ද පසුබට වන බවය.

ප‍්‍රාදේශීය පක්‍ෂ දේශපාලනය හා ග‍්‍රාමීය දේශපාලනය තුළ කාන්තා සහභාගීත්වය[සංස්කරණය]

දේශපාලන ක‍්‍රියාකාරීත්වය දෙසට ජනතාව තල්ලූ කරන මූලික බලවේගයක් ලෙස දේශපාලන පක්‍ෂ හැඳින්විය හැකිය. ජනතාවට දේශපාලන අවබෝධයක් ලබා දීමේදීත්, ජනතාව දේශපාලන කටයුතු කෙරේ උනන්දු කරවීමේදිත්, ජනතාවගේ සිතුම්, පැතුම් හා අවශයතා පොදුවේ ප‍්‍රතිපත්ති මාලාවක් ලෙස සකසා ආණ්ඩුවට ඉදිරිපත් කිරීමේදීත්, ආණ්ඩු පක්‍ෂය විසින් කරණු ලබන වැරදි ක‍්‍රියා පෙන්වා දීමේත් දේශපාලන පක්‍ෂවලින් විශාල සේවයක් සිදුවේ. එමනිසා කාන්තාවගේ දේශපාලන සහභාගීත්වය පිළිබඳව අධ්‍යයනය කරද්දී දේශපාලන පක්‍ෂ තුළ ඔවුන්ගේ සහභාගීත්වය පිළිබඳව විමසා බැලීම අවශ්‍ය වේ. දළ වශයෙන් දේශපාලන පක්ෂයක් යනුවෙන් හැඳින්විය හැක්කේ කිසියම් මතයක් පිළිබඳව එකඟත්වයක් ඇති මිනිස් කණ්ඩායමක් මැතිවරණ මගින් හෝ විප්ලවීය ක‍්‍රියා මාර්ගයක් මගින් දේශපාලන බලය ලබාගෙන ආණ්ඩුවේ ක‍්‍රියාකාරකම් පාලනය කිරීම හෝ ඒවාට බලපෑම් කිරීම සඳහා පිහිටුවාගනු ලැබූ සංවිධානයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෝ සමාජවාදී ආණ්ඩුක‍්‍රමවල සෘජුව හෝ වක‍්‍රව දේශපාලනයට සහභාගී වීමේ ප‍්‍රධානම මාර්ගය බවට නූතන දේශපාලන පක්‍ෂ පත් වී ඇත.

1935 දී පිහිටුවන ලද ලංකා සම සමාජ පක්‍ෂය මෙරට පැරණිම දේශපාලන පක්‍ෂය වේ. මෙම පක්‍ෂය විසින් ලාංකික දේශපාලන ඉතිහාසයේ මුල් වරට කාන්තාවට සර්ව සාධාරණය පිළබඳ අදහස ප‍්‍රකාශයට පත් කරන ලදී. පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව එහි එක අරමුණක් වූයේ ලිංගභේදය මත ඇතිවන පීඩාවන් හා අසමානතාවන් දුරු කිරීමයි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පක්‍ෂ දෙක මෙන්ම ඊට පහළ මට්ටමේ පවතින පක්‍ෂත් විශේෂයෙන් මෑතක සිට කාන්තා කටයුතු හා ඇයට අදාල ප‍්‍රශ්න කෛර් අවධානය යොමු කරන බව පෙනේ. එමෙන්ම ජාතන්තර කාන්තා දශකයෙන් පසුව ලංකවේ ප‍්‍රධාන පක්‍ෂ දෙක කාන්තාවගේ තත්වය වැඩිදියුණු කිරීම සඳහාත් ඇය බලමුලූ ගැන්වීම සඳහාත් අවශ්‍ය කටයුතු ඉටු කිරීමට පෙළඹී ඇති බව ද පෙනේ. නමුත් මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවලින් බොහෝමයක් අරමුණු කර ඇත්තේ කාන්තාවගේ සමාජ ශුභසාධනය වර්ධනය කිරීමට හා පුරුෂාධිපත්‍ය සහිත සමාජය තුළ ඇයව ආරක්‍ෂා කිරීමටත්ය.

ස්ත‍්‍රී පුරුෂයන් අතර සමාජීය, ආර්ථික, දේශපාලන හා අනෙකුත් සෑම අංශයකින්ම සත්‍ය සමානාත්මතාවයක් ගොඩ නැගීමට කිසිදු පක්‍ෂයක් අරමුණු කරගෙන ඇති බවක් හෝ ප‍්‍රතිඥා දි ඇති බවක් නොපෙනේ. ද්‍රවිඩ එක්සත් පෙරමුණ හැරුණු විට කිසිම පක්‍ෂයක් සීඩෝ (SEDAW) සම්මුතිය පිළිබඳව සඳහන් කර නොමැත. එසේම ආණ්ඩු බලය දැරූ කිසිම පක්‍ෂයක් කාන්තා බලමුළු ගැන්වීමේ අරමුණින් රාජ්‍ය සේවයට, ජාතික හා පලාත් පාලනආයතනවලට වැඩිපුර කාන්තාවන් ඇතූලත් කර ගැනීමට අනුපාත ක‍්‍රමයක් හෝ වෙනත් නිශ්චිත ක‍්‍රමයක් හඳුන්වා දී නැත. අඩුම තරමින් දේශපාලන පක්‍ෂවල ලියාපදිංචි වී ඇති කාන්තා සාමාජිකයින්ගේ අනුපාතයට සමාන අනුපාතයකට සෑම මැතිවරණයකදීම කාන්තා ඡුන්ද අපේක්‍ෂකයින් ඉදිරිපත් කිරීමටත් මෙතෙක් කිසිදු දේශපාලන පක්‍ෂයක් උත්සාහ ගෙන නොමැත. සමාජයේ ස්ත‍්‍රී පුරුෂයන් අතර ඇති පරතරය අඩු කොට සත්‍ය සමානාත්මතාවයක් ඇති කිරීමට ලාංකික දේශපාලන පක්‍ෂ දැඩි උත්සාහයක යෙදී ඇති බවක් නොපෙනේ.

ඡන්ද එකතු කිරීමේ හා ආධාර රැස් කිරීමේ කාර්යයේදී විශේෂයෙන්ම මැතිවරණ සමයේදී ලංකාවේ දේශපාලන පක්‍ෂ සතුව ඉතාමත් සංවිධානාත්මක ව්‍යූහයක් පවතී. සාමාන්‍යයෙන් පක්‍ෂ නායකයා හෝ සභාපති ඉතාමත් ඉහළ මට්ටමේ සිටින අතර ඉන්පසුව පක්‍ෂයේ මහ ලේකම්, භාණ්ඩාගාරික, පක්‍ෂ විධායක කාරක සභාව හෝ මධ්‍යම කාරක සභාව, සමස්ත ලංකා විධායක කාරක සභාව, දිස්ත‍්‍රික් සංවිධාන, ඡන්ද කොට්ඨාශ වල සංවිධාන, තරුණ කාන්තා හා ශිෂ්‍ය සංවිධාන අවසාන වශයෙන් ගම් මට්ටමේ පක්‍ෂ ශාඛා සංවිධාන යනාදී වශයෙන් පහළට ගලා එන අන්දමේ සංවිධානයක් පක්‍ෂවලට ඇත. පක්‍ෂ නායක මට්ටමින් බලන විට කාන්තා සහභාගීත්වය අගය කළ යුත්තකි. නමුත් මධ්‍යම කාරක සභා මට්ටමේ කාන්තා සහභාගීත්වය ඉතාමත් අල්ප වි ඇත. එක්සත් ජාතික පක්‍ෂයේ විධායක කාරක සභාවේ කාන්තා සහභාගීත්වය 5% කි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 10% කි. දිස්ත‍්‍රික් හා ඡන්ද කොට්ඨාශ මට්ටමේ නායකත්වයේදී විශේෂයෙන්ම පක්‍ෂ සංවිධායක මට්ටමේදී සෑම පක්‍ෂයකම පාහේ කාන්තාවන් වූයේ 3-4% ප‍්‍රමාණයකි.

නමුත් ග‍්‍රාමීය මට්ටමේදී මීට වඩා කාන්තා සහභාගීත්වයක් දැකිය හැකිය. විශේෂයෙන්ම ග‍්‍රාමීය කාන්තා සංවිධානවල කාන්තාව බෙහෙවින් ක‍්‍රියාශීලී බවක් පෙනුණි. එහෙත් එම මට්ටමේ සංවිධානවලට පක්‍ෂයේ තීරණ ගන්නා ක්ෂේත‍්‍රවලට කළ හැකි බලපෑම ඉතා අල්ප බව පැහැදිලිය. බොහෝ විට එබඳු සංවිධානවලට පක්‍ෂයේ ඉහළ හෝ මධ්‍යම මට්ටමේ නායකත්වයෙන් පැවරූ කිසියම් කාර්යයක් ඉටු කිරීම පැවරී ඇති බව ද පැහැදිලි විය. එමෙන්ම එම සංවිධාන ක‍්‍රියාශීලී වන්නේ මැතිවරණ සමයේදී පමණක් වන අතර පක්‍ෂ නායකයින්ගේ උනන්දුව මත බොහෝ විට එම ක‍්‍රියාශීලීත්වය රඳා පවතී. මැතිවරණ අවසන් වීමත් සමඟ මෙම සංවිධාන නැති වී යන අතර මැතිවරණ අතරතුර කාලයේදී ඒවා හා පක්‍ෂයේ තීරණ ගන්නා මට්ටම් අතර පවතින සබඳතාව ඉතා දුර්වල වේ . ජාතික මට්ටමේ හෝ ප‍්‍රාදේශීය මට්ටමේ නායකයින් විසින් පැවරූ කාර්යයක් හෝ වගකීමක් කාන්තාවන් විසින් මූලික වශයෙන් ඉටුකරනු ලබනවා විනා පක්‍ෂයේ පහළ මට්ටමේ සිට ඉහළට ව්‍යාප්ත වන විදි හෝ වගකීමක් ඔවන් සතුව නොමැත. බොහෝමයක් පක්‍ෂවල කාන්තා ක‍්‍රියාකාරීත්වය මැතිවරණ සමයේදී කාන්තාවන් උනන්දු කරවීමේ උපක‍්‍රම ලෙස යොදාගනු ලබයි. දේශපාලන රැස්වීවලට හා රැළිවලට සහභාගී වීම, ගෙයින් ගෙට ගොස් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු කිරීම, ආධාර මුදල් එකතු කිරීම, පත‍්‍රිකා දැන්වීම් බෙදීම, ලිපි ලේඛන හා පත‍්‍රිකා සකස් කිරීම, ඒවා තැපැල් කිරීම, දේශපාලන නායකයින් සහභාගී වන ආගමික උත්සව හා කුඩා රැස්වීම් සංවිධානය කිරිම, ඒවාට සංවිධානය කිරීම, ඒවාට අදාල සැරසිලි හා ආහාරපාන සැපයීම වැනි දෑ මූලික වශයෙන් කාන්තා ක‍්‍රියාකාරීන් හා සාමාජිකයන්ට පැවරීම නූතන පක්‍ෂ විසින් සම්ප‍්‍රදායක් ලෙස කරගෙන යනු ලැබේ. ග‍්‍රාමීය දේශපාලනය තුළ මේවා වැඩි වශයෙන් දැකිය හැකිය. ග‍්‍රාමීය පක්‍ෂ දේශපාලනය තුළ පක්‍ෂ සාමාජිකාවන්ගෙන් වැඩි දෙනෙකුට දේශපාලන පක්‍ෂවල න්‍යායාත්මක පදනම හෝ ප‍්‍රතිපත්ති පිළීබඳ නිවැරදි අවබෝධයක් නැති බව පෙනේ. ලංකාවේ කාන්තාවන් අතුරින් සෑහෙන ප‍්‍රමාණයක් දේශපාලන පක්‍ෂවල ක‍්‍රියාශීලී සාමාජිකයින් ලෙස විශේෂයෙන්ම මැතිවරණ සමයේදී උනන්දුවෙන් කටයතු කළත් පක්‍ෂයේ තීරණ ගන්නා මට්ටම්වල බොහෝ විට ඔවුන්ට බලපෑම් කළ හැක්කේ ඉතා සීමිත අයුරින් හෝ නැතිනම් කිසිම අයුරකින් බලපෑම් කළ නොහැකි තත්වයක් පවතින බව පැහැදිලිය. කාන්තා පෙරමුණ දේශපාලන පක්‍ෂ සංවිධාන ව්‍යූහයේ එක් කොටසකි. ශ‍්‍රී ලංකාවේ සෑම ප‍්‍රධාන මෙන්ම මධ්‍යම ප‍්‍රමාණයේ පක්‍ෂවලත් පක්‍ෂ මූලස්ථාන මට්ටමේදීත් ප‍්‍රාදේශීය හා ගම් මට්ටමේදීත් කාන්තා පෙරමුණ දක්නට ලැබේ. 1930 හා 1940 ගණන්වල ලංකාවේ ප‍්‍රබලතම කාන්තා සංවිධානය වූයේ එක්ස්ත කාන්තා පෙරමුණයි. නමුත් මෙය ක‍්‍රියාශීලී වන්නේ මැතිවරණ සමයේදී පමණි. ලාංකික කාන්තාව දේශපාලන පක්‍ෂවල යම් ක්ෂේත‍්‍රවල ක‍්‍රියාශීලීව සහභාගී වුවත් පොදුවේ පක්‍ෂ සංවිධානවල පවතින දුර්වලතා හා බාධක නිසාත් ප‍්‍රායෝගික වශයෙන් ජාතික ගැටලූ නිසාත් එම සහභාගීත්වය හුදෙක් පක්‍ෂයේ පහළ මට්ටමේ ක‍්‍රියාකාරකම්වලට සීමා වී ඇති බවකි. එසේම ඔවුන් පක්‍ෂවල තීරණ ගන්නා මට්ටමට බලපෑම් කරනවා වෙනුවට පක්‍ෂ නායකයින්ගේ අවශ්‍යතාවලට අනුව තමන්ට පැවරෙන කාර්යයන් හා වගකීම් මෙන්ම තම සේවය ද තීරණය කරන බව ප‍්‍රකට වේ.

ග‍්‍රාමීය කාන්තාවගේ දේශපාලන කටයුතු සලකා බැලීමේදී ඔවුන්ගේ දේශපාලන සහභාගීත්වය මෙන්ම දේශපාලනය පිළිබඳ ඔවුන්ගේ දේශපාලන සහභාගීත්වය මෙන්ම දේශපාලනය පිළිබඳ ඔවුන්ගේ මතකයන් පරම්පරා වෙනස අනුව බෙහෙවින් වෙනස් වෙයි. වයස්ගත පරම්පරාවේ කතුන් ඡන්දය දීම හැරුණු කොට දේශපාලනය කෙරෙහි උනන්දුවක් නොදක්වති. ඔවුහු රටෙහි පැවතුන කිසිදු දේශපාලන අරගලයකට සහභාගී නොවූහ. එබඳු ක‍්‍රියාදාමයන් පිළීබඳ දැනුම ලබාගැනීමේ මගක් හෝ ඒ පිළිබඳ අධ්‍යාපනයක් ඔවුන්ට තිබුණේ නැත. ඔවුන්ගේ දේශපාලන සහභාගීත්වය ඇරඹෙන්නේ නිදහසින් පසුවය. තරුණ කතුන්ගේ දේශපාලන උද්යෝගය තරමක් දුරට පැහැදිලිව දැකිය හැකි අතර දේශපාලන අවබෝධය ද වැඩි මට්ටමක පැවතුණි. සමස්තයක් වශයෙන් ගැමි කතුන් දේශපාලනයෙහි ක‍්‍රියාශීලීව සහභාගී වෙයි. ග‍්‍රාමීය කාන්තාවන්ට දේශපාලන සහභාගීත්වය නිදහස්ව කාලය ගෙවීමේ මාර්ගයක් වේ. මෙම නිරීක්‍ෂණය ග‍්‍රාමීය කාන්තාවගේ දේශපාලන අවබෝධය, විශේෂයෙන් ක‍්‍රියාකාරී සහභාගීත්වය සම්බන්ධයෙන් තවමත් ප‍්‍රමාණවත් මට්ටමක් කරා ළඟ වී නැති බව සහතික කරයි. එසේ වුවත් දේශපාලන සහභාගීත්වය මෙම කාන්තාවන්ට ඉදිරියට ඒමටත් ගෘහස්ථ කාර්ය කොටසින් තාවකාලිකව ඈත් වීමටත් අනෙකුත් කාන්තාවන් හමු වීමටත් තම අපේක්‍ෂකයා වෙනුවෙන් සහයෝගය ලබා ගැනීමත් ගම තුළ සැරි සැරීමටත් අවස්ථාවක් ලබා දෙයි. කුමන හේතුවක් මත දේශපාලනයෙහි සහභාගී වුව ද කාන්තා දේශපාලන සංවිධානවල තනතුරු දරමින් කාන්තාවෝ ගම තුළ පොදු කටයුතුවල ක‍්‍රියාකාරීව සහභාගී වෙති.

ග‍්‍රාමීය කාන්තාවන් කිසිවිටෙකත් ගමේ ප‍්‍රසිද්ධ ජීවිතයෙන් ඈත්කර තැබුණේනැත. සියලූම ග‍්‍රාමීය කටයුතු පෞද්ගලික හා පොදු ජීවිතයක් අතර ඇති පරතරය ඉවත් කරන සුළු විය. ග‍්‍රාමීය ප‍්‍රජාව නාගරීකරණය නොවුන ද ඔවුන්ට සාම්ප‍්‍රදායික සමාජ අගයන් ආරක්‍ෂා කර ගැනීමට ද හැකි නොවීය. විශේෂයෙන් ගැමි කතුන් සාම්ප‍්‍රදායික සමාජ සම්බන්ධතා වලින් ගැමියන් ඈත් වීමත් සමගම ගම තුළ හුදෙකලා වෙති. බටහිර සමාජයේ මෙන් ආයතනික සහයෝගය නොමැති බවින් ඔවුන් තවදුරටත් නව සමාජ ආර්ථික පීඩනයන්ගේ ග‍්‍රහණයට හසුවෙති. ග‍්‍රාමීය කාන්තාවගේ දේශපාලන සහභාගීත්වය නවීන සංවර්ධනය තුළින් ඔවුන්ට අහිමි කරනු ලැබූ සමාජ සම්බන්ධතා සහ විනෝදාංශයක් කෙරෙහි ආදේශකයක් වශයෙන් ක‍්‍රියා කරන බව පෙනී යයි.

නව ආර්ථික ප‍්‍රවණතා මගින් පෞද්ගලිකත්වය අවශයතාවයක් බවට පත්කර ඇති අතර, එමගින් කාන්තාව පූර්ණ වශයෙන් නොවුණත් පොදු ජීවිතයෙන් ඈත් කර තබා ඇත. මේ නිසා දේශපාලන ව්‍යාපාරය මෙම කාන්තාවන්ට නැවත පොදු ජීවිතයට පිවිසීමට අවස්ථාවක් ලබා දී ඇත. එහෙත් දේශපාලන කටයුතු මැතිරවණ කාලයට පමණක් සීමා වේ. මැතිවරණය අවසන් වූ පසු ඒ පිළිබඳ උන්නදුව පහව යයි. මේ නිසා ග‍්‍රාමීය කාන්තාවන්ට ඔවුන් තුළ අති දේශපාලන අවබෝධයෙන් ඵල ලැබිමට හෝ ඵලදායී ලෙස දේශපාලන විඥානයක් ගොඩනගා ගැනීමට හෝ අවස්ථාවක් ලැබෙන්නේ නැත. මේ අනුව "පියට් හාරින්” (1983) දක්වන අන්දමට මෙවැනි දේශපාලන සහභාගීතවයක් කාන්තාවන් තමන්ගේ තත්වය නගා සිටුවීම සඳහා සමූහයක් වශයෙන් ක‍්‍රියාත්මක වීමේ අවස්ථාවක් ජනිත නොකරයි. ග‍්‍රාමීය කාන්තාවන් 75% ක් පමණ දේශපාලන කටයුතුවල නිරත වුව ද එම සහභාගීත්වයේ ස්වභාවය විවිධය. කාන්තා දේශපාලන සමිතියේ නිලධාරීන් ගමේ කාන්තා නායිකාවෝ වෙති. සාමාන්‍ය සාමාජිකත්වයෙන් ඇතැමුන් ඉතා ක‍්‍රියාකාරී වුව ද ඇතැම් සාමාජිකයන් රැුස්වීම්වලට සහභාගී වීම හැරුණු විට වෙනත් ආකාරයක ක‍්‍රියාකාරීත්වයක් නොදක්වකි. කොතරම් දේශපාලන උනන්දුවක් දැක්වුව ද කාන්තාවන්ට දේශපාලන ක්ෂේත‍්‍රය තුළ ලැබී තිබුණ අවස්ථා ඉතා අල්පය. කාන්තාවන්ගෙන් 10% ක් පමණ අවස්ථාව ලැබෙන ආකාරයට ග‍්‍රාමීය මට්ටමේ නායිකාවන් බවට පත්වනු දැකිය හැකි විය. ග‍්‍රාමීය මට්ටමේ කටයුතුවල දී ඇතැම් ග‍්‍රාමීය නායිකාවන් ක‍්‍රියාකාරී කාර්යය කොටස්වල නිරත වී ඇත.

ලාංකීය දේශපාලනයේ නූතන කාන්තා නියෝජනයේ තත්වය[සංස්කරණය]

ලංකාවේ ජනගහනය මේ වන විට 19600000 ක් පමණ වන අතර ජනගහනයෙන් 52% ක් පමණ දෙනා කාන්තාවන්ය. පිරිමින් 48% ක් තරම්ය. පිරිමින්ට වඩා ගැහැණුන් සිටින නමුත් ව්‍යවස්ථාදායකයේ එනම් පාර්ලිමේන්තුවේත් පළාත් සභාවලත් මහ නගර සභාවලත් නගර සභාවල සහ ප‍්‍රාදේශීය සභාවලත් සිටින ජනතා නියෝජිතයින්ගෙන් ඉතා වැඩි කොටසක්, ගැහමැණුන් නොව පිරිමින්ය. පුරුෂාධිපත්‍ය මෙතැනදීත් ඉස්මතුව ඇති වග නොකිවමනාය. සර්වජන ඡන්ද බලය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටතේ කොයිකාටත් එක් හා සමාන අයිතියක් තිබිය යුතු නමුත් එවැන්නක් මෙහිදී දක්නට නොලැබෙන සෙයකි. පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 225 ක් වන නිසා ජනගහනයෙන් හරි අඩකටත් වඩා වැඩි පිරිසක් කාන්තාවන් වන බැවින් එම ආසනවලින් 100 කටත් වඩා වැඩි කොටසක් මන්ත‍්‍රීවරියන් සඳහා වෙන් කළ යුතු නමුත් පාර්ලිමේන්තුවේ සිටින්නේ මන්ත‍්‍රීවරියන් කී දෙනාද? අතලොස්සක් පමණ දෙනෙකි. පළාත් සභාවලත්, මහනගර සභාවලත්, නගර සභා හා ප‍්‍රාදේශිය සභාවලත් තත්වය මෙසේමය. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ කුමක්ද? ව්‍යවස්ථාදායකයේත් පළාත් ආණ්ඩුවලත් නාගරික ආණ්ඩුවල හා ප‍්‍රාදේශීය ආණ්ඩුවලත් කාන්තා නියෝජනය පහත් මට්මක පවතින බවය.

පිරිමින්ට කළ හැකි හැම කාර්යයක්ම වාගේ ගැහැණුන්ට ද කළ හැකි නමුත් කාන්තා පරපුර ගෙයි බිත්ති හතරට කුස්සිය මුල්ලට කෙටු කර සිටි යුගයක් තිබුණු වග අපි දනිමු. අඩසිය වසකට පමණ පෙර වකවානුව එම යුගය විය. කාන්තාවන් අභ්‍යාවකාශයත් තරණය කර ඇත්නම්, හමුදා ජනරාල්වරියන් සිටින එරටවල් පවා ඇත්නම් ඔවුන් කිසිසේත් දෙවැනි කොට සැලකිය නොහැකිය.

දේශපාලන ක්‍ෂේත‍්‍රයේ කාන්තාවන්ට තැනක් ලැබුණේ දශක පහකට පමණ පෙර සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය, ලෝකයේ ප‍්‍රථම අගමැතිනිය බවට පත්වී ගිනස් වාර්තාවකුත් පිහිටුවීමෙන් පසුවය. ලංකාවේ ප‍්‍රථම විපක්‍ෂ නායිකාව වූයේද එතුමියමය. ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි පකිස්තානයේ බෙනාසිර් භූතෝ, බංග්ලාදේශයේ ඛලීඩාෂියා හා ෂිල් හසීනා, එංගලන්තයේ මාග‍්‍රට් තැචර්, ඊශ‍්‍රායලයේ ගෝලාඩා මෙයර්, ඉන්දුනීසියාවේ සුඛර්ණෝ පුත‍්‍රි, ජර්මනියේ ජාදීන් ඒ රටවල රාජ්‍ය නායකත්වයට පත් වූයේ ඊට පසුවය.

දේශපාලන නක්‍ෂ්ත‍්‍රයට ඇතුලූ වීම සඳහා කාන්තා පක්‍ෂයටද අවස්ථාවක් සැලසීමේ අරමුණින්, සමහර රටවල මැතිවරණවලදී ඔවුන් සඳහා කිසියම් ඉඩ ප‍්‍රස්තාවක් වෙන්කර දී ඇත. ඉන්දියාව, ප‍්‍රංශය, දකුණු අප‍්‍රිකාව, ආර්ජන්ටිනාව, ඉන්දුනීසායාව, පාකිස්තානය, බොස්නියාව, උගන්ඩාව ආදී රටවල් ඊට අදාහරණය. දේශපාලන ක්ෂේත‍්‍රයේ කාන්තා නියෝජනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සම්මේලනය පවා නිර්දේශයක් ඉදිරිපත් කොට ඇති අතර ඔවුන් වෙනුවෙන් එක්සත් ජාතීන් කර ඇති නිර්දේශය,අඩුම තරමින් ආසනවලින් 30% කි. ලංකාවේ නාගරික ආණ්ඩු හා ප‍්‍රාදේශීය ආණ්ඩුද හැටියට සැලකිය හැකි මහ නගර සභා නගර සභා හා ප‍්‍රාදේශීය සභාද සඳහා 2006 පැවති පළාත් පාලන මැතිවරණයේදී මන්ත‍්‍රීධූර 4442 ක් වෙනුවෙන් අපේක්‍ෂකයන් 23331 දෙනෙකු තරඟ කළ අතර කාන්තා අපේක්‍ෂකත්වය පැවතියේ ඉතා පහත් මට්ටමකය. අපේක්‍ෂකයන්ගෙන් වැඩි පිරිසක් පුරුෂ පක්‍ෂයේ අය වූහ. ඉන්දියාවේ නම් පළාත් පාලන ආයතනවලට ඇතුලත් කොට්ඨාශවලින් 33% ක් කාන්තාවන් සඳහාම වෙන්කර දී ඇත.

ස්ත‍්‍රී පක්‍ෂයද දැන් පුරුෂ පක්‍ෂය මෙන් හැම වෘත්තියකම නියැලෙන බව නොකිවමනාය. දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල යනාදියේ අධ්‍යක්‍ෂ, සභාපති තනතුරුවල මෙන්ම දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ තනතුරුවල සේවය කරන කාන්තාවෝ සිටිති. තානාපති පදවි පවා ඔවුන්ට හිමිව ඇත. බැංකුවල අධිපතිකමට පත් වූ කාන්තාවන්ද සිටිති. සාමාන්‍ය වෘත්තීය ක්‍ෂේත‍්‍රය ගැන සලකා බැලූවහොත් මැදපෙරදිග සේවය කරන 15 ලක්‍ෂයක ලාංකික ශ‍්‍රම බලකායෙන් හරි අඩකටත් වඩා වැඩි පිරිසක් කාන්තාවන් වීමෙන්ම ඔවුන්ගේ නිපුණතාවයන් ගැන සිතාගත හැකිය. පුරුෂ පක්‍ෂයේ අයිතිවාසිකම්වලට සමාන අයිතිවාසිකම් ස්ත‍්‍රී පක්‍ෂය සතුවද පවතින නිසා දේශපාලන ක්‍ෂේත‍්‍රයේදීද ඔවුන්ට සමතැනක් ලබාදිය යුතුය. පකිස්තානයේත්, බංග්ලාදේශයේ හා නේපාලයේත් ස්ත‍්‍රීන් සඳහා ඡන්ද කොට්ඨාශ වෙන්කර ඇති බව දැකිය හැකිය. ස්ත‍්‍රීන් සඳහා ආසන ප‍්‍රමාණයක් වෙන්කර දීමේ ක‍්‍රමයක් හඳුන්වා දී තිබෙන්නේ දේශපාලන ක්ෂේත‍්‍රයේදී දෙකේ කොළයට වැටීමෙන් ඔවුන් වළක්වා ගැනීමේ අරමුණිනි. රටවල් හත අටක් පමණ මේ වන විට කාන්තාවන් සඳහා මැතිවරණවලදී කිසියම් අපේක්‍ෂකත්ව ඉඩකඩ ප‍්‍රමාණයක් වෙන්කර දී ඇත. අප රටේ දේශපාලන ක්ෂේත‍්‍රයේ කාන්තා නියෝජනය ඉතාමත් අවම මට්ටමක පවතින වග ඔප්පු කර පෙන්විය හැකිය ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 1991, 1997, 2006 වර්ෂවල මහ නගර සභා, නගර සභා හා ප‍්‍රාදේශීය සභාද බල මහජන නියෝජිතයන් වශයෙන් ක‍්‍රියා කළ මන්ත‍්‍රීවරියන් පිළිබඳ විස්තරයක් මෙසේය . මහනගර සභා සඳහා 1991 දී පත්වූ නියෝජිත සංඛ්‍යාව 201 ක් වුවද, මන්ත‍්‍රීවරියන් 06 දෙනෙකි. එනම් 2.98% කි. 1997 දී 252 දෙනෙකුට 09 කි. එනම් 3.57% කි. 2006 දී 330 දෙනෙකුට 10 කි. එනම් 3.ත03% කි. නගර සභාවලට ඒ ඒ වර්ෂවලදී පිළිවෙලින් 235 ක් 331 ක් හා 379 ක් පත්වූ නමුත් නියෝජිතවරියන්ගේ සංඛ්‍යාව පිළිවෙලින් 06 ක්, 09 ක් හා 13 කි. එනම් 2.55% ක්, 2.72% ක් හා 3.43% ක් විය. එම වර්ෂවල ප‍්‍රාදේශීය සභාවලට පත්වූ ජනතා නියෝජිතයින්ගේ සංඛ්‍යාව පිළිවෙලින් 42 ක් 55 ක් හා 51 ක් එනම් 1.59% ක්, 1.75%ක් හා 1.57% ක් ද පමණකි. එකි වර්ෂවල දිවයිනේ පළාත් පාලන ආයතන සියල්ලටම තේරී පත් වූ නියෝජිත සංඛ්‍යාව පිළිවෙලින් 3068 ක් 3720 කද් හා 3952 ක් ද වූ නමුත් කාන්තාවන් සිටියේ පිළිවෙලින් 54 ක් (1.76%) 73 ක් (1.96%) හා 74 (1.87%) වශයෙන්ය. පළාත් සභාවල තත්වයද මෙලෙසමය. පහත දැක්වෙන්නේ ඒ ඒ පළාත් සභාවට 1993, 1999 හා 2004 යන වර්ෂවල කටයුතු කළ මහජන නියෝජිතයින්ගේ මුළු ප‍්‍රමාණයත්, ඔවුන් අතර සිටි මන්ත‍්‍රීවරියන්ගේ ප‍්‍රමාණය හා සියයට ගණන්ය.

බස්නාහිර පළාත

                                                        වයඹ පළාත 

1993-104-07-6.73% 1993-52-3-5.77% 1999-104-02-1.92% 1999-51-3-5.88% 2004-104-06-5.77% 2004-52-4-7.69%

මධ්‍යම පළාත සබරගමුව පළාත 1993-58-01-1.72% 1993-44-01-2.27% 1999-58-03-5.17% 1999-43-01-2.32% 2004-58-05-8.62%

                                                       2004-44-01-2.27%

දකුණු පළාත

				                         උතුරු මැද පළාත 

1993-55-02-3.63% 1993-36-04-11.11% 1999-55-01-1.81% 1999-34-01-2.94% 2004-55-01-1.81% 2004-33-01-3.03%


ඌව පළාත

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                             1993-34-00-0.001%

1999-32-01-3.12%

2004-34-01-2.94%

ඉහත කී පළාත් සභා හතේ එම වර්ෂවල කටයුතු කළ ජනතා නියෝජිතයින්ගේ සංඛ්‍යාවත් ඔවුන්ගෙන් මන්ත‍්‍රිවරියන්ගේ සංඛ්‍යාව හා ප‍්‍රතිශතයක් මෙසේය.

1993-383-18-4.69%

1999-377-12-3.18%

2004-380-19-5.00%

දේපාලන ක්‍ෂේත‍්‍රයේ කාන්තා නියෝජනය ඉහත සඳහන් සංඛ්‍යාලේඛන අනුව පැවතියේ 1.57% ත් 11.11% ත් අතරය. ජනගහනයෙන් අඩකටත් වඩා වැඩියෙන් කාන්තාවන් සිටියත් පැවති තත්වය එසේය.

මුලාශ්‍ර[සංස්කරණය]

කෘති[සංස්කරණය]

1.ජයවර්ධන කුමාරී - ස්තී‍්‍රවාදය හා ජාතික වාදය. සමාජ විද්‍යාඥයින්ගේ සංගමය.

2.ජයසේකර ගුණපාල - මැති සබේ යටගිය තොරතුරු ගොඩගේ ප‍්‍රකාශකයෝ.

3.ද අල්විස් මාලතී සහ ජයවර්ධන කුමාරී - ශී‍්‍ර ලංකාවේ ස්තී‍්‍රන් ඡන්ද බලයට කළ සටන, සමාජ විද්‍යාඥයින්ගේ සංගමය.

4.මනුරත්ත එම්. ජී - ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය හා පවුල (2004) ආරිය ප‍්‍රකාශන, වරකාපොල.

5.ලියනගේ කමලා, වලාකුළුගේ සුමුසු - ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය හා ස්තී‍්‍ර වාදය: (2006) ෆෙඞ්රික් ඊබට් සමාගමේ ප‍්‍රකාශනයක්, කොළඹ 04

6.හාසින් කමිලා - පීතෘ මූලික වාදය. සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ ප‍්‍රකාශනයකි.

English Reference[සංස්කරණය]

1. Arbera J Nelson and, Najma Chowbhuryted (1994) “Women and politics world wide” Oxford University press, Jai Singh road New Delhi, India.

2. De Alvis Malathi, Cat’s Eye-A Feminist Gaze on Current Issues.

3. De Alvis Malathi, and Jayawardana Kumari, Castino Pearls – The Women’s Franchise Movement in Sri Lnka.

4. De Mel Neloufer, Women and the Nation’s Narrative.

5. De Silva Wimala – Political participation and Decision making “in status of women, Sri Lanka, University of Colombo.

6. De Silva Wimala – Women in crisis. CENWOR 1993

7. De Silva Wimala – “Women and Political participation The current Scene” in status of women (Sri Lanka). Ministry of Health and women’s affairs Colombo 1993.

8. Gomez Mariyo and Gomez Shyamala, Gender politics in Sri Lanka- Preferring Women.

9. Jayawardana Kishali Pinto and Kodikara Chulani, Women and Governance in Sri Lanka.

10. Jayawardana Kumari, feminism and Nationalism in the Third World.

11. Jayaweera swarna, Women in post-independence Sri Lanka.

12. Koren Cook, Gary A. Fine, Jams S.house (edit) (1995) “Social Movements and collective behavior Soil psychological Dimension and Consideration, Boston, USA

13. Kottegoda Sepali, Negotiating Household politics.

14. Margerit Rendel with the Assistance of Georgina as north (1981) “Women power and political Systems “ st, martin press, Inc 175, fifth avenue, new york USA

15. Perera Morina and Chandra Sekara Rasika, Women and politics.

16. Yasmin Thambian – Women and Governance in south Asia Re – imaging the State.


Reports[සංස්කරණය]

1. John Money; Hermaphraditism Gender and Precaity in hypera drenocorticism, (1995) psycologic Finding (bulletion of the Johns Hospking hospital.)

2. Sharyn Graham, Sulawes’s Fifth Gender Inside. Indonesia (2001) – April – June.

3. Terry, D. J, Hogg, M. A. “Group norms and the attitude – behavior relation ship. (1996) ( A group Identification personality and Social psychology bulletin )