හොම්බ

විකිපීඩියා වෙතින්
ඉව ඇල්ලීම පෙන්නුම් කරන සොඬ ඌරාගේ (ටේපිරුස් ටෙරෙස්ට්‍රිස්) හොම්බ

හොම්බ යනු, සතෙකුගේ මුහුණෙහි ඉදිරියට නෙරා සිටින කොටස වන අතර, නාසය, මුව සහ, හනුව වෙතින් සමන්විත වෙයි. බොහෝ සතුන් විෂයයෙහි මෙම ව්‍යුහය, හොස්ස, තුණ්ඩය, හොම්බ, හෝ සොඬ ලෙසින් හැඳින්වෙයි. සමහරක් සතුන්ගේ නාසයෙහි නාස් පුඬු අසබඩ පිහිටන මෙම තෙත් ලොම් විරහිත පෘෂ්ඨය හැඳින්වෙන්නේ රයිනේරියම (කථා ව්‍යවහාරයෙන් මෙහි අර්ථය සමහර සතුන්ගේ "සිසිල් තෙත් හොම්බ" යන්නයි) ලෙසිනි. රයිනේරියම වෙත බොහෝවිට තියුණු ආඝ්‍රාණ හැකියාවක් සතු වෙයි. බොහෝ සතුන්ගේ හොම්බ දුර්වල ස්ථානයක් ලෙසින් සැලකෙන්නේ, එහි ව්‍යුහය අනුව, එය වෙත පහර දීමෙන් සතෙක් පහසුවෙන් තෝන්තු කිරීම හෝ අඩපණ කිරීම කල හැකි වන අතර, සැලකිය යුතු බලයක් යෙදවීමෙන් උන්ගේ හොම්බ කඩාගැනීම හෝ ඩැහැගැනීම හෝ සිදු කල හැකි වන නිසාවෙනි.[1]

  1. ද සයික්ලොෆීඩියා ඔෆ් ඇනටමි ඇන්ඩ් ෆිසියොලොජි, රොබට් බෙන්ට්ලි ටොඩ්, ලෝංමන්, බ්‍රවුන්, ග්‍රීන්, ලෝංමන්ස් ඇන්ඩ් රොබට්ස්, 1852, ... this is especially the case with those which have the lips or nostrils prolonged into a snout or proboscis, as in the pig, the rhinoceros, the tapir, and the elephant ...
"https://si.wikipedia.org/w/index.php?title=හොම්බ&oldid=461283" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි