රැයෙහි බබලන සුද

විකිපීඩියා වෙතින්
රැයෙහි බබලන සුද
唐韓幹照夜白圖卷
ශිල්පියාහන් ගන්
වර්ෂය742–756
වර්ගයකඩදාසි, තීන්ත
මාන30.8 cm × 34 cm (12.1 in × 13 in)

රැයෙහි බබලන සුද හෙවත් රැයෙහි ආලෝකය නැමැති අශ්වයා (සම්ප්‍රදායික චීන: 唐韓幹照夜白圖卷) යනුවෙන් හැඳින්වෙන්නේ චීන චිත්‍ර ශිල්පියකු වන හන් ගන් විසින් නිර්මාණය කරන ලද අත් පිටපත් සිතුවම් ලුලියකි. ක්‍රි.ව. 8වන සියවසේ මැද කාලයේ (750 පමණ) නිර්මිත මෙය ‍වර්තමානයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාර‍යේ ප්‍රදර්ශනයට තබා ඇති අතර, මෙම සිතුවම් 1977දී කෞතුකාගාරය වෙත ප්‍රදානය කෙරුණකි.

සිතුවමෙහි වූ අශ්ව රුවේ සමීප දසුනක්.

මෙම සිතුවම මගින් නිරූපණය කෙරෙන්නේ කුළුණකට තබා ගැටගසන ලද චීනයේ ටෑං රාජවංශයේ ෂුවැන්සෝං අධිරාජයාගේ අශ්වයා කලබල කරන අයුරුයි. එකල චීනයේ විසූ ශ්‍රේෂ්ඨතම චිත්‍ර ශිල්පීන්ගෙන් අයකු වූ හන් ගන් අශ්ව රූ නිරූපණයට සමර්ථකම් දැක්වී ය.[1] මෙහි දී ඔහු පුරාණෝක්තිවල එන ‍භයානක අශ්ව රූ මෙන් නොව, මෙය මනා විශ්වසනීයත්වයකින් යුතුව සිතුවම් කොට තිබේ.[2][3] වරක් අධිරාජයා සමග සාකච්ඡාවක දී හන් ගන් පවසා ඇත්තේ තමන්ට සිතුවම්කරණයේ ආචාර්යවරුන් ලෙස කටයුතු කළේ ඉස්තාලවල වූ අශ්වයන් බවයි[4][2] ෂුවැන්සෝං අධිරාජයාගේ නියෝග අනුව හන් ගන් විසින් ප්‍රකට අශ්වයන්ගේ සිතුවම් මාලාවක්ම නිර්මාණය කොට තිබේ.[5].

යුරෝපීය කලා ඉතිහාසඥයන් නිතරම පාහේ හන් ගන් සහ චීන සිතුවම් කලාවේ අනෙක් සිත්තරුන්ගේ සිතුවම් වඩා ගතානුගතික යැයි සලකනු ලබයි. යුරෝපීය චිත්‍ර ශිල්පීන් විසින් සත්ත්ව රූ නිරූපණය කොට ඇති ආකාරය සමග සැලකීමේ දී මෙය වැදගත් වෙනස්කමක් ලෙස ඔවුහු සලකති. එසේ සරල බවකින් ගතානුගතික ස්වභාවයෙන් යුක්ත වුවත්, රැයෙහි බබලන සුද සිතුවමෙහි ප්‍රකාශනය සහ සජීවීභාවය මැනවින් දක්නට ලැබේ.[3] මධ්‍ය ආසියානු අශ්ව ප්‍රභේදවලට අයත් යතාර්ථවාදී රූ හා සැසඳීමේ දී රැයෙහි බබලන සුද සිතු‍වමෙහි පරිමාණ ලක්ෂණ යතාර්ථවාදී ස්වභාවයෙන් මඳක් දුරස් බැව් පෙනේ: විශේෂයෙන්ම මෙම සිතු‍වමෙහි අශ්වයාට කෙටි සහ ඉතා සිහින් පාද ඇති අතර, ඉතා රවුම් කඳක් සහිතව නිරූපණය කර තිබේ.[6] හන් මෙම අශ්වයාට මානවරූපී ලක්ෂණ ලබාදී ඇති අතර, අශ්වයාගේ පීඩාකාරී ස්වරූපය මගින් නරඹන්නාට හැඟීයන්නේ අශ්වයා අනුකම්පාව සහ උපකාරය බලාපොරොත්තුවෙන් සිටින බවයි.[6] කුළුණකට ගැට ගසා තිබීම සහ අශ්වයාගේ මුහුණේ ඇති හැඟීම්බර ස්වරූපය මගින් අධිරජුගේ මාලිගයේ ඇති වෙනස්, එනම් ශෝකී පසුබිම නිරූපණය කෙරේ.[6]

මෙම ශිල්පියාගේ මුල් සිතුවම් අතරින් බොහෝමයක් වර්තමානයේ දක්නට නොලැබේ. නමුත් පසුකාලීන සියවස්වල චිත්‍ර ශිල්පීන් විසින් ඒවා කිහිප වරක්ම පිටපත් කොට ඇත.[2] මෙම සිතුවමේ අතීත හිමිකරුවන් සහ එකතු කරන්නන්ගේ මුද්‍රා ගණනාවක් මෙම සිතුවමේ දක්ට ලැබීම හේතුවෙන් මෙම සිතුවම හන් ගන්ට අයත් බව සනාථ වේ.[4] එසේවුව ද, මෙම චිත්‍ර ශිල්පියාගේ අත්සනක් හෝ මුද්‍රාවක් මෙහි දක්නට නැත. මෙහි දකුණු ටෑංහි ලි යු අධිරාජයාගේ, ක්වියැන්ලොං අධිරාජයාගේ සහ මි ෆු යන අයගේ මුද්‍රා දැකගත හැක.[4] මෙම සිතුවම මත සහස්‍රකයක පමණ කාලයක් මෙසේ මුද්‍රා සහ අත්සන් තැබීම සිදුකොට තිබේ.[4]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Хань Гань — выдающийсяхудожникдинастииТан". Epoch Times.
  2. 2.0 2.1 2.2 Белозёрова, В. Г. (2016). ТрадиционноеискусствоКитая. Том 1. Неолит – IX век. РоссийскийГосударственныйГуманитарныйУниверситет. p. 546.
  3. 3.0 3.1 "ХаньГань". Синология.Ру.
  4. 4.0 4.1 4.2 4.3 唐韓幹照夜白圖卷 Night-Shining White, Metropolitan Art Museum
  5. Рифтин, Б. Л. Отмифа к роману. Рипол Классик. p. 260.
  6. 6.0 6.1 6.2 "Китайские художники - ХаньГань".

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රැයෙහි_බබලන_සුද&oldid=411153" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි