මුර බෝට්ටු

විකිපීඩියා වෙතින්
වෙරළාරක්ෂක කටයුතු සඳහා සැලසුම්කළ නාවුක යාත්‍රා වර්ගයකි.

මුර බෝට්ටු සඳහා සැලසුම් බොහොමයක් පවතී. රටේ නාවුක හමුදාව, වෙරළාරක්ෂක බලකාය හෝ පොලිස් බලකාය මගින් හසුරවනු ලැබේ. දියඹේ (නිල් ජලයේ) හෝ මෝය අසබඩ ගංගා ( දුඹුරු ජලයේ) ආදී පරිසරවල භාවිතා වේ. සීමා ආරක්ෂක කටයුතුවල සාමාන්‍යයෙන් යෙදී සිටිනු දැක ගත හැකිය. සොර බඩු ජාවාරම් කරුවන්ට, කොල්ල කරුවන්ට එරෙහිව, ධීවර කටයුතු සඳහා විගමන නීති බලාත්මක කිරීම සඳහා යොදා ගැනේ. මේවා මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ද භාවිතා වේ.

වෙරළබඩ මුර යාත්‍රා හා දියඹ මුර යාත්‍රා ලෙස වර්ග කළ හැකිය.

මේවායේ වේග ප්‍රහාරක යාත්‍රා සබ්මැරීන් ප්‍රහාරක යාත්‍රාවලට වඩා කුඩාය. ඒවා සදහා ට්‍රොපිඩෝ බෝට්ටු හා මිසයිල බෝට්ටුද අඩංගු වේ. නමුත් ඇතැම් ඒවා ආරක්ෂක නෞකාවත් තරමටම විශාල වේ. දියඹ මුර බෝට්ටු, නාවික බල ඝනයක කුඩාම නෞකා, විවෘත මුහුදේදීද උපයෝගී වේ.එක්සත් ජනපද හමුදාව වැනි විශාල හමුදාවල දියඹ යාත්‍රා හා වෙරළාරක්ෂක කටයුතු සඳහා මේවා යොදා ගැනේ. නමුත් කුඩා නාවික හමුදාවන් මේ යාත්‍රා යුද මෙහෙයුම් කටයුතු සඳහාද යොදා ගනී.

ලෝක යුද්ධ දෙකෙහිදීම සංඛ්‍යාත්මක වර්ධනය සඳහා දෙපාර්ශවයම ටෝමාර් බෝට්ටු සන්නද්ධ කොට මුර බෝට්ටු බවට පත් කෙරිණි. තවද සමුද්‍ර ධීවර බෝට්ටුවලටද, මැෂින් තුවක්කු හා යල්පැනගිය නාවුක උපාංග සවිකර මුර බෝට්ටු බවට පත් කෙරිණි. ඇතැම් නූතන බෝට්ටු අදටත් ධීවර බෝට්ටු හා විවේක බෝට්ටු මත පදනම් වේ.

සමුද්‍ර මුර බෝට්ටු සාමාන්‍යයෙන් 30 m (අඩි 100 ) දිගකින් යුතුය. එක් මධ්‍යම කැලිබර් කාලතුවක්කුවක් ප්‍රධාන යුධ උපකරණ ලෙස විවිධ සැහැල්ලු ආයුධ රාශියක් යොදා ගනී. උදා: මැෂින් තුවක්කු , ආසන්න ආයුධ පද්ධතියේ ක්‍රියාකාරිත්වය මත මෙම වර්ගයටද වඩාත් දියුණු සංවේදක හා ප්‍රහාර පාලන පද්ධති අඩංගුවිය හැකිය. එමගින් ට්‍රොහිඩෝ , ප්‍රතිනාවුක හා භූමි - ගුවන් මිසයිල පරිවහනයට ඉඩ ලබා දේ. බොහෝ නූතන සැලසුම් ගෑස් ටර්බයින පද්ධති මගින් බලගැන්වෙන අතර (CODAG වැනි ) නාවුක සැතපුම් 25-30 පරාසයක් දරයි. ඒවා ප්‍රාථමිකව රටේ අනන්‍ය ආර්ථික කලාපයේ මුර කටයුතු සඳහා යොදා ගනී. පොදු කටයුතු වන්නේ ධීවර කටයුතු අධීක්ෂණය , ප්‍රති හොරබඩු ජාවාරම් කටයුතු, නීති විරෝධී විගමන මුර බෝට්ටු , මංකොල්ල කරුවන්ට එරෙහි කටයුතු සෙවීමේ හා මුදා හැරීම ( නීතිය බලාත්මක කිරීමේ ) ආදි කටයුතුය. විශාලතම දියඹ මුර යාත්‍රාවල ගුවන් යානා හා හෙලිකොප්ටර අංගනයක්ද ඇත. කුරුස යුධ සමයේදී මේවා නාවික හමුදාවේ විශාල නැව්වලට ආධාරක ලෙස භාවිතා කළ බව කියවේ.

ප්‍රමාණයෙන් කුඩා වීම හා අඩු වියදම මේවා ලෝකයේ සුලභතම යුධ යාත්‍රා බවට පත් ‍කොට ඇත. “ කොල ජල” හැකියාවන් පමණක් ඇති යාත්‍රා ඒ අතර විශේෂ වේ. ඒවා උතුරු මුහුද වැනි කුඩා මුහුදුවල යාත්‍රා කටයුතු සඳහා ද ප්‍රයෝජනවත් වේ.

මෙවැනි යුධ මූලික රාජකාරි සඳහා යෙදවෙන සමාන යාත්‍රා අතරට ට්‍රොපිඩෝ බෝට්ටු හා මිසයිල බෝට්ටු අයත් වේ. එක්සත් ජනපද නාවුක හමුදාව Pegasus වර්ගයේ සන්නද්ධ ජල යාත්‍රා වසර ගණනාවක් තිස්සේ යුධ බෝට්ටුවල රාජකාරිය සඳහා යොදා ගනී. “ ගංගාමය මුර බෝට්ටු” විශාල ගංගාවල මුර සේවය සඳහා එක්සත් ජනපදය සැලසුම් කළ මුර බෝට්ටු වර්ගයකි.

"https://si.wikipedia.org/w/index.php?title=මුර_බෝට්ටු&oldid=515815" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි