මැල්කම් රංජිත් හිමිපාණෝ

විකිපීඩියා වෙතින්


මැල්කම් රංජිත්
කොළඹ අග රදගුරු කාදිනල් තුමා
Provinceකොළඹ
Dioceseකොළඹ
ශ්‍රද්ධාසනයකොළඹ, ශ්‍රී ලංකාව
Appointed16 ජූනි 2009
Installed
  • 5 අගෝස්තු 2009
  • (වර්ෂ &0000000000000014.00000014, දින &0000000000000258.000000258)
පූර්වප්‍රාප්තිකයාඔස්වල්ඩ් ගෝමිස්
Other postsCardinal-Priest of S. Lorenzo in Lucina
Orders
Ordination29 ජූනි 1975
Consecration17 ජූනි 1991
by නිකලස් මාකස් ප්‍රනාන්දු
Created cardinal20 නොවැම්බර් 2010
Rankකාදිනල්-පූජාප්‍රසාදින් වහන්සේ
Personal details
Birth nameඇල්බට් මැල්කම් රංජිත් පටබැඳිගේ දොන්
Born15 නොවැම්බර් 1947 (1947-11-15) (වයස 76)
පොල්ගහවෙල, ශ්‍රී ලංකාව
Nationalityශ්‍රී ලාංකික
Denominationරෝමානු කතෝලික
Parentsදොන් විලියම් සහ මේරි විනිෆ්‍රිඩා
Previous post
Coat of armsමැල්කම් රංජිත්'s coat of arms

බොහෝවිට සරල ලෙසින් මැල්කම් කාදිනල් රංජිත් හෝ මැල්කම් රංජිත් ලෙසින් හැඳින්වෙන, ඇල්බට් මැල්කම් රංජිත් පටබැඳිගේ දොන් (උපත 15 නොවැම්බර් 1947) යනු, කතෝලිත සභාවේ කාදිනල් තුමෙකු වෙයි. එතුමා, කොළඹ අගරදගුරු පදවිය හොබවන අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කතෝලික රදගුරු වසම වන නිසා ශ්‍රී ලංකාවේ කොළඹ පළාතේ පුරවර අගරදගුරු (Metropolitan Archbishop) වෙති.

කාදිනල් රංජිත් කාඩිනල් තුමා, මින් පෙර කොළඹ සහායක රදගුරු ලෙසින් (1991–1995) ද, රත්නපුර රදගුරු ලෙසින් (1995–2001) ද, ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම් ලෙසින් (2001–2004) ද, ඉන්දුනීසියාව සහ නැගෙනහිර තිමෝරය සඳහා අපෝස්තලික තානාපති ලෙසින් (2004–2005) ද, සහ ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනයේ මහලේකම් ලෙසින් (2005–2009) ද සේවය කර ඇත.[1]

දිවියෙහි මුල් අවධිය හා අධ්‍යාපනය[සංස්කරණය]

මැල්කම් රංජිත් කාඩිනල් තුමා, පොල්ගහවෙලදී දොන් විලියම් සහ මේරි විනිෆ්‍රිඩා ට දාව උපන්නේ පවුලේ එකම පිරිමි දරුවා ලෙසිනි. 1956 දී බොරැල්ලෙහි ශාන්ත ඇලෝසියස් දේවධර්මශාස්ත්‍රාලයය ට ඇතුළු වීමට පෙර එතුමා අධ්‍යාපනය ලැබුයේ මෝදර ද ලා සාල් විද්‍යාලයෙහිදීය. 1966 සිට 1970 දක්වා, එතුමා මහනුවර ජාතික දේවධර්මශාස්ත්‍රාලයෙහි දේවධර්මය සහ දර්ශන වාදය පිළිබඳ හැදෑරීය. ඉන්පසුව, එවකට අගරදගුරුතුමාණන් ව සිටි තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් විසින් මෙතුමා ව වැඩිදුර පූජක අධ්‍යාපනය සඳහා රෝමය වෙත යවන ලදුව, එහිදී එතුමාණන් පොන්ටිෆිකල් උර්බානු විශ්වවිද්‍යාලයයෙන් දේවධර්මවේදී (B.TH) උපාධියෙන් පුදනු ලැබීය.

  1. PATABENDIGE DON Card. Albert Malcolm Ranjith (vatican.va)