ජිද්‍රාස්ථිය

විකිපීඩියා වෙතින්
ජිද්‍රාස්ථිය
කපාල අස්ථි
අක්ෂිකූපය තැනීමට සන්ධානය වන අස්ථි සත. (ජිද්‍රාස්ථිය දුඹුරු පැහැයෙන් දැක්වේ. එය රතු සහ දම්පැහැයෙන් නිරූපිත අස්ථි අතර පිහිටා ඇත)
තොරතුරු
ලතින්os ethmoidale
හඳුන්වනයන්
ග්‍රේ ගේp.153
MeSHA02.835.232.781.292
TAA02.1.07.001
FMA52740
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

ජිද්‍රාස්ථිය (/ˈɛθmɔɪd/;[1][2] ග්‍රීක බසින් ethmos යනු, "පෙනේරය" යන්නයි) යනුවෙන් හැඳින්වෙන්නේ හිස්කබලේ පිහිටි යුගලමය නොවූ අස්ථියකි. එමගින් නාසා කුහරය මොළයෙන් වෙන් කෙරේ. මෙය පිහිටියේ නාසයේ පියස්සේ අක්ෂි කූප දෙක අතර ය. මෙහි සවිවර ව්‍යූහයක් ඇති බැවින් මෙම ඝනාකාර අස්ථිය සැහැල්ලු ය. ජිද්‍රාස්ථිය අක්ෂි කූපය තැනීමට දායකවන අස්ථිවලින් ද එකකි.

ව්‍යූහය[සංස්කරණය]

ජිද්‍රාස්ථිය පූර්ව කපාල අස්ථියක් වන අතර, එය ඇස් දෙක අතර පිහිටා ඇත.[3] අක්ෂිකූපයේ මධ්‍ය බිත්තිය, නාසා කුහරය සහ නාසා ආවාරය තැනීමට දායක වේ.[4] ජිද්‍රාස්ථිය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත ය: සකූප තලය, ජිද්‍රාස්ථිමය ගහනය, සහ ලම්බාකාර තලය එම කොටස් වේ. සකූප කලය (cribriform plate) නාසා කුහරයේ පියස්ස සාදයි. ජිද්‍රාස්ථීය ගහනය ලම්බාකාර තලය දෙපස විශාල ප්‍රදේශයක් නියෝජනය කරයි. ලම්බාකාර තලය මගින් නාසා ආවාරයේ ඉහළ තුනෙන් දෙකක කොටස නිර්මාණය කරයි.[5] අක්ෂිකූප තලය සහ නාසා කම්බු අතර ජිද්‍රාස්ථි කෝඨරක හෙවත් ජිද්‍රාස්ථීය වාත සෛල පිහිටයි. මේවා ජිද්‍රාස්ථියේ පාර්ශ්වික පෙදෙස්වල පිහිටි කුඩා අවකාශ වේ.[6][7]

සන්ධානයන්[සංස්කරණය]

ජිද්‍රාස්ථිය අස්ථි දහතුනක් සමග සන්ධානය වේ:

වර්ධනය[සංස්කරණය]

ජිද්‍රාස්ථිය අස්ථිභවනය වන්නේ නාසා ප්‍රාවරයේ කාටිලේජයෙන් ස්ථාන තුනකිනි: ඉන් එකක් ලම්බාකාර තලය සඳහාත්, සෑම ගහනයක් සඳහාම එකක් ද වශයෙන් වේ.

පළමුව ගහනයන් වර්ධනය වන අතර, භ්‍රෑණ දිවියේ සිව්වන සහ පස්වන මාස අතර කාලයේ පත්‍රාකාර තලාව ප්‍රදේශයේ අස්ථිභවන කණිකා මුලින් පෙනෙන්නට පටන් ගනියි. එය සංවලිත අස්ථි තෙක් ව්‍යාප්ත වේ.

උපතේ දී, අස්ථිය ගහන දෙකකින් සමන්විත ය. ඒවා කුඩා අතර සම්පූර්ණයෙන් වර්ධනය වී නැත. උපතින් පසු පළමු වර්ෂය තුළ, ලම්බාකාර තලය සහ crista galli තනි මධ්‍යස්ථානයකින් අස්ථිභවනය වීම ඇරඹේ. දෙවන වර්ෂය ආරම්භයේ දී එය ගහනයන් සමග සම්බන්ධ වේ.

සකූප තලය, ලම්බාකාර තලයෙන් සහ ගහනයන්ගෙන් අර්ධ වශයෙන් අස්ථිභවනය වේ.

ජිද්‍රාස්ථි සෛල වර්ධනය වීම භ්‍රෑණ අවධියේ දීම ඇරඹේ.

කෘත්‍ය්‍ය[සංස්කරණය]

චුම්බක ප්‍රතිග්‍රහණයේ දී කාර්යභාරය[සංස්කරණය]

ඇතැම් පක්ෂීන් සහ වෙනත් පර්යටන සත්ත්වයින්ගේ ජිද්‍රාස්ථි තුළ ජීව විද්‍යාත්මක මැග්නටයිට් සංචිත පවතින අතර, මේ නිසා ඔවුනට පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව සංවේදනය කළ හැක. මිනිසුන් සතුව ද මීට සමාන මැග්නටයිට් සංචිතයක් ඇති අතර, එය අවශිෂ්ට ය.[8]

සායනික වැදගත්කම[සංස්කරණය]

පත්‍රාකාර තලාවේ, එනම් ජිද්‍රාස්ථි ගහන අස්ථියේ පාර්ශ්වික තලයේ බිඳීම් හේතුවෙන් නාසා කුහරය සහ සමපාර්ශ්වීය අක්ෂිකූපය අතර අධරමධ්‍යම අක්ෂිකූප බිත්තිය ඔස්සේ සන්නිවේදනයන් සිදුවන අතර, මේ හේතුවෙන් අක්ෂිකූප එම්ෆිසීමාව ඇතිවිය හැක. කිවිසීමේ දී මෙන් නාසා කුහරය තුළ අධික පීඩනයක් පැවතීම හේතුවෙන් තාවකාලික උදක්ෂිය ඇතිවිය හැක.

ජිද්‍රාස්ථියේ සවිවර භංගුර ස්වභාවය හේතුවෙන් එය පහසුවෙන් බිඳීම්වලට ලක්විය හැක. නාසය වෙත උඩු අතරට යෙදෙන බල හේතුවෙන් ජිද්‍රාස්ථිය සාමාන්‍යයෙන් බිඳී යයි. මෝටර් රථ අනතුරක දී උපකරණ පුවරුවේ ගැටීමෙන් හෝ පොළව මතට ඇද වැටීමේ දී මෙලෙස හානි සිදුවිය හැක. ජිද්‍රාස්ථි බිඳීම් හේතුවෙන් සකූප තලය විනිවිද යා හැකි අස්ථි කැබලි බිහිවිය හැක. මෙම ශාරීරික තුවාල හේතුවෙන් මස්තිෂ්කසුෂුම්නා තරලය නාසා කුහරය තුළට කාන්දු විය හැක. මෙම විවෘත වීම් හේතුවෙන් නාසා කුහරයේ වෙසෙන අවස්ථාවාදී බැක්ටීරියා මධ්‍ය ස්නායු පද්ධතියේ ඇති විෂබීජවලින් තොර පරිසරය වෙත ඇතුළු විය හැක. සාමාන්‍යයෙන් මධ්‍ය ස්නායු පද්ධතිය ආරක්ෂා වන්නේ රුධිර-මොළ බාධකය ඔස්සේ වන නමුත්, සකූප තලයේ සිදුරු හේතුවෙන් බැක්ටීරියාවලට මෙම බාධකය පසුකොට යා හැකි වේ. රුධිර-මොළ බාධකය හේතුවෙන් මෙවැනි ආසාදනවලට ප්‍රතිකාර කිරීම අතිශයින් අපහසු ය. එයට හේතුව එය පසුකොට මධ්‍ය ස්නායු පද්ධතිය වෙත ඇතුළු විය හැක්‍කේ ඖෂධ කිහිපයකට පමණක් බැවිනි.

ජිද්‍රාස්ථි බිඳීම් හේතුවෙන් ආඝ්‍රාණ ස්නායුව විනාශ වී යා හැක. මෙම හානිය නිසා අවඝ්‍රාණය (anosmia) හෙවත් ආඝ්‍රාණ හැකියාව අහිමි වීම සිදුවේ. ආඝ්‍රාණය මත රස සංවේදනය අතිශයින් රඳා පවතින හෙයින් මෙහි අතුරු ඵලයක් ලෙස රස සංවේදන හැකියාව ද අඩු වේ. මෙම තුවාලය මාරක නොවූවත්, දුම්, වායූන් හෝ නරක් වූ ආහාර හඳුනා ගැනීමට පුද්ගලයාට‍ නොහැකි වන නිසා මෙම තත්ත්වය භයානක ය.[9] සැබැවින්ම, අවඝ්‍රාණය සහිත පුද්ගලයින් වසර පහක් තුළ ආඝ්‍රාණ සංවේදනය ඇති පුද්ගලයින් හා සැසඳීමේ දී මරණයට පත්වීමේ අවදානම සිව් ගුණයකටත් වඩා වැඩි ය.[10]

ඉතිහාසය[සංස්කරණය]

අමතර පින්තූර[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

මෙම ලිපියේ ග්‍රේ'ස් ඇනටමි 20වන සංස්කරණයේ (1918) පෙළ ඇතුළත් වන අතර එය පොදු වසමෙහි පවතියි

  1. OED 2nd edition, 1989 as /ˈεθmɔɪd/.
  2. Entry "ethmoid" in Merriam-Webster Online Dictionary.
  3. Saladin, Kenneth S. "Anatomy and Physiology: the Unity of Form and Function" McGraw Hill, 7th ed. New York: 2015
  4. Saladin, Kenneth S. "Anatomy and Physiology: the Unity of Form and Function" McGraw Hill, 7th ed. New York: 2015
  5. Saladin, Kenneth S. "Anatomy and Physiology: the Unity of Form and Function" McGraw Hill, 7th ed. New York: 2015
  6. Illustrated Anatomy of the Head and Neck, Fehrenbach and Herring, Elsevier, 2012, page 52
  7. Human Anatomy, Jacobs, Elsevier, 2008, page 210
  8. Nature 301, 78 - 80 (6 January 1983);
  9. Saladin, Kenneth S. "Anatomy and Physiology: the Unity of Form and Function" McGraw Hill, 7th ed. New York: 2015
  10. Pinto, Jayant, Kristen Wroblewski, David Kern, Phillip Schumm, and Martha McClintock. "Olfactory Dysfunction Predicts 5-Year Mortality in Older Adults." PLOS ONE:. 1 Oct. 2014. Web. 1 Dec. 2015.

වැඩිදුර කියවීමට[සංස්කරණය]

  • Saladin, Kenneth S. "Anatomy and Physiology: the Unity of Form and Function" McGraw Hill, 5th ed. New York: 2010
  • Banks, Peter; Brown, Andrew E. (2000). Fractures of the facial skeleton. Oxford: Wright. ISBN 0723610347. සම්ප්‍රවේශය 31 March 2012.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:OrbitalBones සැකිල්ල:Cranium

"https://si.wikipedia.org/w/index.php?title=ජිද්‍රාස්ථිය&oldid=395366" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි