ජාත්‍යන්තර සබඳතා

විකිපීඩියා වෙතින්
In 2012 alone, the Palace of Nations in Geneva, Switzerland, hosted more than 10,000 intergovernmental meetings. The city hosts the highest number of international organizations in the world.[1]
The field of international relations dates from the time of the Greek historian Thucydides.

ජාත්‍යන්තර සම්බන්ධතා දේශපාලන විද්‍යා විෂයෙහි එක් අංශයක් වේ. එය රාජ්‍යයන්හි භූමිකාව, ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සහ බහුජාතික සමාගම් ඇතුලූ ජාත්‍යන්තර පද්ධතියෙහි රාජ්‍යයන්ට අදාළ ගෝලීය කරුණු සහ විදේශ සබඳතා පිළිබඳ ව අධ්‍යයනය කරයි. එය අධ්‍යයන මෙන්ම පොදු ප‍්‍රතිපත්ති යන ක්ෂේත‍්‍රවලට අදාළ වන අතර, රාජ්‍යයන්හි විදේශ ප‍්‍රතිපත්ති තීරණය කරන හා විශ්ලේෂණය කරන ක‍්‍රියාකාරී හෝ මූලධාර්මික ආකාරයෙන් පැවතිය හැකිය.

දේශපාලන විද්‍යාව හැරුණු කොට ආර්ථික විද්‍යාව, ඉතිහාසය, නීතිය, දර්ශනය, භූගෝලය, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව හා සංස්කෘතික අධ්‍යයනයන් ආදිය ද මීට ඇතුළත් වේ. එය ගෝලීයකරණය හා රාජ්‍යයන්ට හා ඒවායේ ස්වාධීපත්‍යයට ඉන් සිදුවන බලපෑමෙහි පටන්, පාරිසරික යහපැවැත්ම, න්‍යෂ්ටික බලාගාර, ජාතිකවාදය, ආර්ථික සංවර්ධනය, ත‍්‍රස්තවාදය, සංවිධානාත්මක අපරාධ, මානව ආරක්ෂාව හා මානව හිමිකම් දක්වා කරුණු සාකච්ඡා කරයි.

ජාත්‍යාන්තර සබදතා පිළිබදව නිර්වචන

01.ජාත්‍යාන්තර සබදතා යනු ජාතීන් අතර පවත්නාවූ සියලුම අකාරයේ සබදතාවයන් ය.

02.රාජ්‍යයන්හි බලයලත් නැතහොත් අවසරලත් නිලධාරින් විසින් පවත්වන්නාවූ රාජ්‍ය මට්ටමේ සබදතාවයකී.

03. බලය අත්පත්කර ගැනිම, බලය රදවා ගැනිම, බලය ව්‍යාප්ත කිරිම යන අරමුණු මුදුන් පමුණුවා ගැනිම උදෙසා රාජ්‍යයන් අතර පවත්නා බල අරගලය අන්තර් ජාතික දේශපාලනය නම් වේ. - හෑන්ස් මොගෙන්තු 1948 Political Among Nation ජාතීන් අතර දේශපාලනය -

04.රාජ්‍ය විසින් ස්වකීය ජාතික අශාවන් සහ ස්වකීය අරමුණු ඉටුකර ගැනිමට ක්‍රියා කිරිමේදී රාජ්‍යයන් අතර ඇතිවන අන්තර් ක්‍රියාකාරිත්වය අන්තර් ජාතික සම්බන්ධතා ලෙස සැලකීමට පුලුවන. - නොර්මන් පාර්මන් සහ හේවුඩ් පර්කින්ස්-

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. François Modoux, "La Suisse engagera 300 millions pour rénover le Palais des Nations", Le Temps, Friday 28 June 2013, page 9. (ප්‍රංශ බසින්).

භාහිර සබැඳි[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=ජාත්‍යන්තර_සබඳතා&oldid=577458" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි