ඔපෙරා මිනි

විකිපීඩියා වෙතින්
ඔපෙරා මිනි
සංවර්ධක(යෝ)Opera Software
ප්‍රථම නිකුතුවඅගෝස්තු 10, 2005; වසර 18 කට පෙර (2005-08-10)
ක්‍රමලේඛන භාෂා(ව)C++, ජාවා, Pike[1]
පරිගණක වේදිකාවJava ME, ඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධතිය‍), bada, Windows Mobile, iOS (Apple)
ලබාගත හැකි භාෂා ගණනVarious[2]
වර්ගයජංගම උපාංග සඳහා වන බ්‍රවුසර
බලපත්‍රයProprietary, freeware
වෙබ් අඩවියopera.com/mobile/

ඔපෙරා මිනි යනු වෙබ් බ්‍රවුසරයකි. එය මූලික වශයෙන් ජංගම දුරකථන, ස්මාර්ට් ජංගම දුරකථන සහ පී.ඩී.ඒ (Personal digital assistant/ PDA) සඳහා නිර්මාණය කර ඇත. ජාවා එමඊ (en: Java ME) ඇප්ලිකේෂන් ධාවනය කල හැකි පැල්ටපෝමයක් සහිත ජංගම උපාංග එයට 4 අනුවාදය තෙක් අවශ්‍ය විය. 5 වන අනුවාදයේ සිට එය ඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධතිය‍), bada, iOS, සිම්බියන් මෙහෙයුම් පද්ධයතිය හා වින්ඩෝස් මොබයිල් සඳහාද හඳුන්වාදෙන ලදී. ඔපෙරා මිනි මෘදුකාංගය නොමිලේ ලබා දෙන්නක් වන අතර, ඇතැම් සමාගම් මගින් එය ජංගම දුරකථනවලට ඇතුළත් කරම ලබා දේ, එසේම ආදායම් ලැඛෙන තවත් ක්‍රමයක් වශයෙන් සෙවුම් දැන්වීම්, මුදල් ගෙවන ලද bookmarks හා speed dail දැක්විය හැක.


ඔපෙරා මිනි පැමිණියේ 1996 දී ප්‍රකාශයට පත් වූ පෞද්ගලික පරිගණක සඳහා වූ ඔපෙරා වෙබ් බ්‍රවුසරය මගිනි. 2005 දී නියමු ව්‍යාපෘතියක් ලෙස පටන්ගත් ඔපෙරා මිනි සීමිතව යූරෝපයට නිකුත් කිරීමෙන් පසුව 2006 ජනවාරි මස 24 වන දා ලොවටම නිල වශයෙන් නිකුත් කෙරිණි.

2012 මාර්තුවන විට ක්‍රියාකාරී භාවිතාකරුවන් මිලියන 168ක් හා පිටු නරඹන්නන් බිලියන 117ක් එම මාසය ඇතුළත සිටිනා බව ඔපෙරා විසින් වාර්ථා කරන ලදී. මෙය 2011 මාර්තුවල පටන් 60.4%ක සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කෙරෙ.[3]

  1. Lextrait, Vincent (January 2010). "The Programming Languages Beacon, v10.0". සම්ප්‍රවේශය 14 March 2010.
  2. "Opera Mini translated into over 50 languages; 15 more to come later this month". 2007-11-07. සම්ප්‍රවේශය 2007-12-29.
  3. State of the Mobile Web, March 2012 http://www.opera.com/smw/2012/03/

ඔපෙරා මිනි වල සිංහල යුනිකෝඩ් දර්ශනය කර ගැනීම[සංස්කරණය]

ඒ සඳහා පහත ක්‍රම අනුගමනය කරන්න 1. Opera mini බ්‍රව්සරයේ ලිපිනය සඳහන් කරන තීරුව (address bar) තුල config: ලෙස සඳහන් කර Go බොත්තම ඔබන්න. 2.Use bitmap fonts for Complex scripts (විවෘත වන නව පිටුවේ අවසානයට ඇති තීරුව) ඇති තීරුවේ තිබෙන චෙක් බොක්ස් එක YES සකසා SAVE බොත්තම ඔබන්න

මෙම ආකාරයට සැකසුම් සෑදීමෙන් වෙබ් පිටුවල ඇති සිංහල අක්ෂර කියවීමට හැකි අතර මෙම ක්‍රමය මගින් සාර්ථක ලෙස සිංහල අක්ෂර ලබා ගැනීමට නොහැකි වූවත් එය යම්තාක් දුරට සිංහල අක්ෂර කියවීමට ඔබට උපකාරී වේ.


බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඔපෙරා_මිනි&oldid=478690" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි