එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය

විකිපීඩියා වෙතින්

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යනු, එක්සත් ජනපද කොංග‍්‍රස් මණ්ඩලයෙහි පහළ මන්ත්‍රී මණ්ඩලය වන අතර, සෙනෙට් සභාව එහි උත්තර මන්ත්‍රී මණ්ඩලය වෙයි. මෙම මණ්ඩල දෙක එක්ව, එක්සත් ජනපදයෙහි ද්විමණ්ඩල ව්‍යවස්ථාදායකය තනයි.

මන්ත්‍රී මණ්ඩලයෙහි සංයුතිය සංස්ථාපනය වනුයේ එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි පළමුවන වගන්තිය ප්‍රකාරව වෙයි. කොංග්‍රස් මණඩලීය දිස්ත්‍රික්ක සඳහාවූ ආසන වෙනුවෙන් පත්කෙරුනු නියෝජිතයන් වෙතින් මන්ත්‍රී මණ්ඩලය සමන්විත වන අතර, එක් එක් ජනපද වෙනුවෙන් ආසන සංඛ්‍යාව වෙන්කර ඇත්තේ එ.ජ. සංගණනයෙහිදී කල ගණනය කිරීම් අනුසාරයෙන් වන අතර, එක් දිස්ත්‍රික්කයක් වෙනුවෙන් එක් නියෝජිතයෙක් අනුයුක්ත වෙයි. 1789 වසරෙහිදී මෙම මන්ත්‍රී මණ්ඩලයෙහි ඇරඹුමෙහි සිටම, සියළු නියෝජිතයන් සෘජු ලෙසින් තේරී පත් කරනු ලැබිණි.