අපරාධය හා දඬුවම

විකිපීඩියා වෙතින්
අපරාධය හා දඬුවම
කොන්ස්ටන්ස් ගානට් විසින් පරිවර්තිත Crime and Punishment හි 1956 රැන්ඩම් හවුස් මුද්‍රණයක්
කර්තෘෆ්යොදෝර් දොස්තෙයෙව්ස්කි
මුල් මාතෘකාවПреступление и наказание
භාෂාවරුසියානු
ප්‍රභේදයදාර්ශනික නවකතා
මනෝවිද්‍යාත්මක නවකතා
ප්‍රකාශකයාද රෂියන් මැසෙන්ජර් (මාලාව)
ප්‍රකාශිත දිනය
1866
ඕසීඑල්සී26399697
891.73/3 20
LC ClassPG3326 .P7 1993

අපරාධය හා දඬුවම (රුසියානු: Преступле́ние и наказа́ние, tr. Prestupleniye i nakazaniye, IPA: [prʲɪstʊˈplʲenʲɪɪ ɪ nəkɐˈzanʲɪɪ], ඉංග්‍රීසි: Crime and Punishment) යනු රුසියානු ලේඛක ෆ්යොදෝර් දොස්තෙයෙව්ස්කි විසින් රචිත නවකතාවකි. එය පළමුවරට 1866 දී ද රෂියන් මැසෙන්ජර් නමැති සාහිත්‍ය සංග්‍රහයේ පළවූ අතර පසුව පොතක් ලෙස මුද්‍රණ ද්වාරයෙන් නිකුත් විය. එය, දොස්තොයෙව්ස්කිව සයිබීරියාවට පිටුවහල් කරන ලදුව, එහි ගතකළ දස වසරකට පසු, නැවත පැමිණීමෙන් අනතුරුව ඔහු විසින් සම්පූර්ණ කරනු ලැබූ දෙවන නවකතාව විය. අපරාධය හා දඬුවම ලෝක සාහිත්‍යය තුළ අග්‍රගණ්‍ය ස්ථානයක ලා සළකනු ලබයි.

කතා සාරාංශය[සංස්කරණය]

රැස්කොල්නිකොව්, පීටර්ස්බර්ග් නුවර විශ්වවිද්‍යාලයඅධ්‍යාපනය ලබන සිසුවෙකි. නමුත් මුදල් අගහිඟකම් නිසා කතාව ආරම්භ වන විට ඔහුගේ විශ්වවිද්‍යාල ගමන නතර වී තිබෙයි. මේ නිසා තමා සතු යම් යම් වටිනා වස්තු, ඇලියෝනා අයිවනොව්නා නම් මුදල් පොලියට දෙන මහළු ගැහැණියක ළඟ උකසට තබා මුදල් ලබා ගැනීමටත්, තම මව සහ සොහොයුරිය ගමෙහි සිට මුදල් එවන තුරු බලා සිටීමටත් ඔහුට සිදුවෙයි. මේ අතරතුරදී යම් භයානක සැලැස්මක් ඔහුගේ සිත තුළ දිවයමින් පවතී.

ඇලියෝනා අයිවනොව්නා ඉතා ලෝභී, සටකපට සහ දැඩි කාන්තාවක වන අතර, රැස්කොල්නිකොව් ඇය හමුවී ඔරලෝසුවක් උකසට තබා මුදල් රැගෙන එන අතරතුර දී බිර වීදුරුවක් බිමට තැබෑරුමකට ගිය අවස්ථාවේ මාමිලාඩොව් නම් මිනිසෙකු ඔහුට හමුවේ. දැඩි ලෙස බීමට ඇබ්බැහි වී සිටින මාමිලාඩොව්, රැස්කොල්නිකොව්ට තමා සහ තම පවුල පිලිබඳ විස්තර පවසයි. ඔහුගේ සෝනියා නම් දියණිය පත්ව සිටින අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව රැස්කොල්නිකොව් විශේෂයෙන් කම්පා වෙයි.

මේ අතර රැස්කොල්නිකොව්ට තම මවගෙන් ලිපියක් ලැබෙන අතර එහි සඳහන් වන්නේ ඔහුගේ සොයුරිය ඩුන්යා, පීටර්ස්බර්ග්හි නීති උපදේශකයෙකු වන පීටර් පෙට්‍රොවිච් ලූෂින් සමඟ විවාහ වීමට අදහස් කරගෙන සිටින බවයි. ඩුන්යා, මාෆා පෙට්‍රොවුනා නම් කාන්තාවකගේ නිවසට ගොස් ඇගේ දරුවන්ට ඉගැන්වීම් සිදු කරන අතර දී මාෆා පෙට්‍රොවුනාගේ සැමියා වන ස්විඩ්‍රිගේයිලොවූ, ඩුන්යාට අයුතු යෝජනා ඉදිරිපත් කළ බැව් ප්‍රසිද්ධියට පත් වීමෙන් ඇගේ කීර්තියට හානි වී ඇති බැවින් මේ විවාහ යෝජනාව ඇයට ආශිර්වාදයක් බවත්, තම සොහොයුරාගේ යහපත උදෙසා එම ධනවත් නීති උපදේශකයා සමඟ විවාහ වීමට ඇය ඉඳුරා කැමැත්ත පළ කළ බවත් රැස්කොල්නිකොව් මැතිණිය තම ලිපියෙන් වැඩි දුරටත් දන්වා එවයි.

"https://si.wikipedia.org/w/index.php?title=අපරාධය_හා_දඬුවම&oldid=418531" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි