අනුමාපනය

විකිපීඩියා වෙතින්
ජලය නියැදියක ද්‍රාව්‍ය ඔක්සිජන් සාන්ද්‍රණය නිර්ණය කිරීම සඳහා භාවිතා කෙරෙන වින්ක්ලා අනුමාපනය

අනුමාපන විද්‍යාගාරයේ දී ප්‍රමාණාත්මක රසායනික විශ්ලේෂණයක් සිදු කරන පොදු ක්‍රමය වන අතර එමගින් දන්නා ප්‍රතික්‍රියකයක සාන්ද්‍රණය සොයා ගත හැකිය. පරිමා මිණුම් අනුමාපණයේ දී වැදගත් කාර්ය භාරයක් උසුලන නිසා මෙය පරිමාමිතික විශ්ලේෂණය ලෙසද හඳුන්වයි. අනුමාපකය ලෙස හඳුන්වන දන්නා සාන්ද්‍රණයකින් යුත් ප්‍රතිකාරකයක (සම්මත ද්‍රාවණයක්) දන්නා පරිමාවක් සාන්ද්‍රණය නොදන්නා විෂ්ලේෂණ ද්‍රවණය සමග ප්‍රතික්‍රියා කරවනු ලැබේ. අනුමාපකය එකතු කිරීමට ක්‍රමාංකිත බියුරෙට්ටුවක් භාවිතයෙන් අන්ත ලක්ෂයේ දී වැයවී ඇති ද්‍රාවණ ප්‍රමාණය නිවැරදිව කියවා ගත හැක. අන්ත ලක්ෂ්‍ය යනු අනුමාපනය අවසාන වන ලක්ෂ්‍ය වන අතර එය හඳුනා ගන්නේ දර්ශකය මගිනි. (පහත බලන්න) මෙය සමතුලිතතා ලක්ෂ්‍යයේ පරිමාවටම සමානය. එනම් අනුමාපනයේ මවුල ගණන විශ්ලේෂකයේ මවුල ගණනට සමාන වේ. නැතහොත් එහි ගුණාකාරයක් වෙයි. (බහු ප්‍රෝටීන අම්ලවල දී මෙන්) සාමාන්‍ය ප්‍රබල අම්ල ප්‍රභල භෂ්ම අනුමාපනයක දී අන්ත ලක්ෂ්‍යයේ දී ප්‍රතික්‍රියකයේ PH අගය 7 ට ආසන්න වන අතර එහිදී දර්ශකය මගින් ස්ථිර වර්ණ විපර්යාසයක් පෙන්නුම් කරයි. නමුත් වෙනත් අනුමාපන වර්ග බොහොමයක් ද ඇත. (පහත බලන්න)

ප්‍රතික්‍රියාවක අන්ත ලක්ෂ්‍ය හදුනාගැනීමට විවිධ ක්‍රම භාවිතා කළ හැකිය. බහුල ලෙස යොදා ගන්නේ දෘෂ්‍ය දර්ශකයි. (ප්‍රතික්‍රියා මිශ්‍රණයේ වර්ණය වෙනස් කරන) සරළ අම්ල භෂ්ම අනුමාපනවල දී පිනෝප්තලීන්, PH දර්ශකය යොදා ගත හැක. එය එක්තරා PH අගයකට (8.2 ක් පමණ) පත් වූ විට හෝ ඉක්ම ගිය විට රෝස පැහැ වේ. මෙතිල් ඔරේන්ජ් තවත් උදාහරණයක් වන අතර එය අම්ලවල දී රතු පැහැවන අතර ක්ෂාරීය ද්‍රාවණවල දී කහ පැහැති වේ.

සියලු අනුමාපන සදහා දර්ශක අවශ්‍ය නොවේ. ඇතැම් අවස්ථාවල දී ප්‍රතික්‍රියක හෝ ඵලවල ප්‍රභල වරණයකින් යුක්තවන අතර ඒවා දර්ශක ලෙස සැලකිය හැකි වේ. උදාහරණයක් ලෙස පොටෑසියම් පර්මැංගනේට් (රෝස/ දම්) අනුපාතයක් ලෙස යොදා ගෙන සිදු කරන ඔක්සිකරණ - ඔක්සිහරණ අනුමාපනවල දී දර්ශකයක් අවශ්‍ය නොවේ. අනුමාපනය ඔක්සිහරණය වන විට එය අවර්ණ වෙයි. සමතුලිත ලක්ෂ්‍යට පසුව වැඩි පුර අනුමාපක තිබේ. අන්තලක්ෂ්‍ය හදුනාගන්නේ අනුමාපන කරන ද්‍රවණයේ ප්‍රථමයෙන්ම ඇති වන ලා රෝස පැහැයෙනි.

PH වක්‍රයේ ගණිතමය ස්වභාවයට අනුව සංක්‍රමණය වීම ඉතාමත් තියුණුය. ඒ කෙසේ ද යත් අන්ත ලක්ෂ්‍යයට මොහොතකට පෙර එක්වන එක් අනුමාපන බිංදුවකින් දර්ශකයේ ක්ෂණික වර්ණ පරාසයක් ඇති වීමට තරම් සැලකිය යුතු PH වෙනසක් සිදුවීමයි. දර්ශකයේ වර්ණ වෙනස්වන ස්ථානය හා අනුමාපනයේ සත්‍ය සමතුලිත ලක්ෂ්‍යය අතර ඉතා සුළු වෙනසක් තිබේ. මෙය දර්ශක දෝෂය ලෙස හඳුන්වන අතර එය නිර්ණය කළ නොහැකි තරම් කුඩා වේ.

"https://si.wikipedia.org/w/index.php?title=අනුමාපනය&oldid=249181" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි