"උප පරමාණුක අංශු" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'මූලික භාවිතයේදී “පරමාණුව” (Atom) යනුවෙන් අදහස් වන...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
8 පේළිය: 8 පේළිය:


== References ==
== References ==

http://en.wikipedia.org/wiki/Atom#Subatomic_particles
http://en.wikipedia.org/wiki/Atom#Subatomic_particles
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

05:42, 30 මැයි 2010 තෙක් සංශෝධනය

මූලික භාවිතයේදී “පරමාණුව” (Atom) යනුවෙන් අදහස් වන්නේ බෙදා වෙන්කළ නොහැකි අංශුව යන්නයි. නමුත් වර්තමානයේ විද්‍යාඥයෝ පරමාණුව උප පරමාණුව අංශු ලෙස ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන සැලකිය හැකි වන අතර හයිඩ්‍රජන් -1 (IH) හැරුණු විට අන් සියලු පරමාණු තවත් උප පරමාණුක අංශුවක් වන නියුට්‍රෝනද දරති.

මේ අතරින් කුඩාතම වන්නේ ඉලෙක්ට්‍රෝනයයි. එහි ස්කන්ධය 9.11 x 10-28 g වන අතර එහි ප්‍රමාණය දැනට පවතින ක්‍රම මගින් මැනිය නොහැකි තරම් කු‍ඩා වේ. ඉලෙක්ට්‍රෝන සෘණ ආරෝපිත වේ. ප්‍රෝටෝනයක ස්කන්ධය 1.6726 x 10-24 g වන අතර එය ආසන්න වශයෙන් ඉලෙක්ට්‍රෝනයෙහි ස්කන්ධය මෙන් 1836 ගුණයක් පමණ වේ. එහෙත් ප්‍රෝටෝනයක ස්කන්ධය ඒම ප්‍රෝටෝන බැඳී ඇති න්‍යෂ්ටික බන්ධන ශක්තිය අනුව විචල්‍ය වේ. ප්‍රෝටෝන ධන අරෝපිත වේ. නියුට්‍රෝනවලට විද්‍යුත් ආරෝපණයක් නැත‍ි අතර දළ වශයෙන් ඉලෙක්ට්‍රෝනයක් මෙන් 1839 ගුණයක් පමණ, එනම් 1.6929 x 10-24g ක ස්කන්ධයක් සහිත වන අතර ප්‍රෝටෝන හා නියුට්‍රෝන යන අංශු දෙවර්ගයම ආසන්න වශයෙන් 2.5 x 10-15 m ගණයේ විශාලත්වයකින් යුක්ත වේ. එහෙත් ප්‍රෝටෝන හෝ නියු‍ට්‍රෝනවල මතු පිට ස්වභාවය මේ වන තෙක් පැහැදිලිව අධ්‍යයනය කිරීමට නොහැකි වී තිබේ.

භෞතික විද්‍යාවේදී දැනට පිළිගත් සම්මතයන්ට අනුව නියුට්‍රෝන හා ප්‍රෝටෝන සෑදී ඇත්තේ “ක්වාක්” යනුවෙන් හැඳින්වෙන වඩාත් කුඩා අංශු වලිනි. ක්වාක් නම් උප පරමාණුක අංශුව “ෆර්මියෝන්” යනුවෙන් හැදින්වෙන උප පරමාණුක අංශු වර්ගයට අයත් වන අතර මෙම පර්මියෝනු සහ ලෙප්ටෝන ලෙස හැඳින්වෙන තවත් උප පරමාණුක අංශු වර්ගයක් සියලුම පදාර්ථයේ මූලික තැනුම් ඒකකය බව පිළිගැනේ. ඉලෙක්ට්‍රෝන ලෙප්ටෝන සඳහා එක් උදාහරණයකි. ක්වාක් වර්ග 6 ක් පවතින අතර ඒවා සියල්ලම +2/3 ක හෝ -1/3 ක ආරෝපණයක් දරණ අංශු වේ. ප්‍රෝටෝනයක් සමන්විත වන්නේ “ඉහළ ක්වාක්” (up quark) අංශු දෙකක් හා එක් “පහළ ක්වාක්” (down quark) අංශුවකිනි. “ඉහළ ක්වාක්” අංශුවක් හා “පහළ ක්වාක්” අංශු දෙකකින් නියුට්‍රෝනයක් සමන්විත වේ. මෙම මූලික සැකසුම අනුව නියුට්‍රෝනයක් හා ප්‍රෝටෝනයක් අතර පවතින ස්කන්ධයේ හා ආරෝපණයේ වෙනස පැහැදිලි කළ හැක. ක්වාක් එකිනෙක බැඳ තබාගැනීම සඳහා ඉතා ශක්තිමත් න්‍යෂ්ටික බන්ධන ආධාර වේ. බන්ධන හටගැනීම හා පවත්වා ගැනීමට ග්ලූවොන් නමින් හැඳින්වෙන මාධ්‍යය ලෙස ක්‍රියාකරයි. එනම් එම අංශු ඔස්සේ මෙම බන්ධන ශක්ති සම්ප්‍රේෂණය සිදු වේ. ග්ලූවෝන් අංශු, බොසෝන් යන අංශු වර්ගයට අයත් වන අතර බොසෝන භෞතික ශක්තීන් සම්ප්‍රේෂක ලෙස ක්‍රියාකළ මූලික අංශු වර්ගයයි.


References

http://en.wikipedia.org/wiki/Atom#Subatomic_particles

"https://si.wikipedia.org/w/index.php?title=උප_පරමාණුක_අංශු&oldid=99826" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි