"IEEE" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
10 පේළිය: 10 පේළිය:


== References ==
== References ==


----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."








http://en.wikipedia.org/wiki/IEEE#History
http://en.wikipedia.org/wiki/IEEE#History

14:01, 28 මැයි 2010 තෙක් සංශෝධනය

ඉතිහාසය IEEE


IEEE එක්සත් ජනපදයේ නිව් යෝර්ක් ජනපදයේ ක්රියාත්මක වේ. එය 1963 දී රේඩියෝ ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ (IRE, 1912 දී ආරම්භ කරන ලද) හා විදුලි ඉංජිනේරුවරුන්ගේ ඇමරිකානු ආයතනයේ (AIEE, 1884 දී ආරම්භ කරන ලද) ඒකාබද්ධ කිරීම් මඟින් මෙය ආරම්භ වන ලදී.

AIEE හි මූලික උනන්දුව තිබුණේ රැහැන් සහිත සන්නිවේදනය (ටෙලිග්රාෆ් හා ටෙලිෆෝන්) හා ආලෝක හා ජව පද්ධති පිළිබඳවය. IRE වැඩි වශයෙන් සැලකිල්ලට බඳුන් කළේ රේඩියෝ ඉංජිනේරු විද්යාවයි. එය ආරම්භ වී තිබුණේ කුඩා සංවිධාන 2කින් වන අතර ඒවා රැහැන් රහිත හා ටෙලිග්රාෆ් ඉංජිනේරුවරුන්ගේ සංගමය හා රැහැන් රහිත ආයතනයයි. 1930 දශකයේ දී ඉලෙක්ට්රොනික් තාක්ෂණයේ දියුණුවත් සමඟ ඉලෙක්ට්රොනික ඉංජිනේරුවන් IRE හි සාමාජිකයන් බවට පත් වුණු නමුත් ඉලෙක්ට්රෝන නල තාක්ෂණයේ යෙදීම් අතිශයින් විස්තීර්ණ වීමත් සමඟ IRE හා AIEE වෙන් කරන තාක්ෂණික සීමාවන් වෙන් කර ගැනීමට නොහැකි බවට පත් විය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සංවිධාන දෙක ක්රමයෙන් තරඟකාරී වූ අතර 1961 දී IRE හා AIEE හි නායකත්වය විසින් සංවිධාන දෙක එකතු කිරීමට තීරණය කරන ලදී. 1963 ජනවාරි 1 වනදා මෙම සංවිධාන දෙක නිල වශයෙන් IEEE ලෙස ලෝකයා ඉදිරියට පැමිණුනි.

IEEE හා එය ඇති කිරීමට මූලික වූ සංවිධානවල කැපී පෙනෙන සභාපතිවරුන් අතරට එලිහු තොම්සන් (AIEE, 1889-1890) , ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් (AIEE, 1891-1892) , චාල්ස් ප්රෝටස් ස්ටෙයිම්මෙට්ස් (AIEE, 1901-1902) , ලී ඩි ෆොරස්ට් (IRE, 1930), ෆ්රෙඩ්රික් E. ටර්මන් (IRE,1941), විලියම් R. හෙවුලට් (IRE,1954), අර්නස්ට් වෙබර් (IRE, 1959; IEEE, 1963) , හා අයිවන් ගෙටිං (IEEE, 1978)


References

http://en.wikipedia.org/wiki/IEEE#History

"https://si.wikipedia.org/w/index.php?title=IEEE&oldid=99165" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි