"චමල් රාජපක්ෂ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'{{තොරතුරුකොටුව පුද්ගලයා | honorific-prefix = <small>Honourable</sm...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

06:05, 13 මැයි 2010 තෙක් සංශෝධනය


Chamal Rajapaksa

උපත
30 October 1942
උගත් ශාස්ත්‍රාලයRichmond College, Galle
නිලයSpeaker of the Parliament of Sri Lanka
පූර්වප්‍රාප්තිකයාW. J. M. Lokubandara
දේශපාලන පක්ෂයSri Lanka Freedom Party
කලත්‍රයා(යන්)Chandra Rajapaksa
දරුවන්Shashindra and Shamindra
ආගමBuddhism

රුහුණු පුරවරට හම්බන්තොටට අතිවිශාල සේවයක් කළ ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාට සහ දන්දිනා සමරසිංහ මැතිනියගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා ලෙසින් චමල් රාජපක්ෂයන් උපත ලැබුවේ 1942 ඔක්තෝබර් 30 වැනිදා ය.

ගාල්ල රිච්මන්ඩ් මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ චමල් පියා සමඟ සමාජ සේවයට ද පිවිසියේ ය. චමල් පුවත්පත් දැන්වීමක් අනුව පොලිසියට බැඳීමට 1964 දී ඉල්ලුම්පත්‍රයක් දැමීය. එය සාර්ථක විය.

ඒ අනුව රාජපක්ෂ පරම්පරාවේ දෙවන ප්‍රමුඛයා වූ චමල් රාජපක්ෂ උප පොලිස් පරීක්ෂකයවරයකු ලෙස 1964 දී පොලිස් සේවයට එක්විය. ඒ මනා පුහුණුවකින් අනතුරුවය. අවුරුදු 8 ක් පොලිස් සේවයේ කටයුතු කළ චමල් රාජපක්ෂ පසුව රජයේ වාණිජ හා විවිධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ධූරයට ද පත් විය.

1975 දී හත්තටුව ගමගේ විජේවර්ධන චන්ද්‍රා මාලනී මෙනවිය සමඟ විවාහ දිවිය අරඹන චමල් රාජපක්ෂ මහතා ක්‍රියාකාරී දේශපාලන දිවියට සම්ප්‍රාප්ත වන්නේ 1985 මුල්කිරිගල අතුරු මැතිවරණයේදී.

එදා මැර බලයත් නිලධාරි බලයත් යොදා මෙරට මැතිවරණය එජාපය ජයගත් නමුත් ඔහු ඉන් සැළුණේ නැත. යළිත් 1989 දී මහ මැතිවරණයට ඉදිරිපත් වන චමල් රාජපක්ෂ මහතා ඉන් ජයගත්තේ මැර බලයට ඡන්ද බලයෙන් පිළිතුරු දෙමින් ය. 1989 සිට අද දක්වා පුරා වසර 21 පමණ නොකඩවා ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇමැති බැසිල් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු සහෝදර සහෝදරියන් අට ;දනකු ගේ ලොකු අයියා වූ චමල් ජයන්ත රාජපක්ෂ 1994 දී කෘෂිකර්ම හා ඉඩම් නියෝජ්‍ය ඇමැති වරයා ලෙසත් පසුව 2000 දී වරාය හා දක්ෂිණ සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් 2009 දී වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති වරයා ලෙසත් කටයුතු කළේ ය.

ජනතාව සමග

ඊට පසුව 2005 දී චමල් රාජපක්ෂ මහතා කෘෂිකර්ම සංවර්ධන ඇමැතිවරයා වූ අතර පසුගිය කාලයේ එතුමා වරාය ගුවන් සේවා ඇමති, ජල කළමනාකරණ හා වාරිමාර්ග ඇමති ආදී තනතුරු රැසක් හෙබවීය. මව්ආර, වෙහෙරගල, වේලිඔය, මැණික් ගඟ වෙහෙරගල, උමා ඔය, දැදුරු ඔය, කැකිරිඕබඩ, රඹුක්කන්ඔය, යාන්ඔය යන වාරි ව්‍යාපෘති ආරම්භ කර ක්‍රියාවට නැංවීමට චමල් රාජපක්ෂ මහතා පෙරමුණ ගෙන ක්‍රියා කළේ ය.

විශේෂයෙන් එම ව්‍යාපෘතිවල දී අපේ රටේ වාරි ඉංජිනේරුවරුන්ට තැනක් දීමට අපේ මුදල් අපේ තාක්ෂණය මගින් මේවා ඉදිකිරීමට චමල් රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේ ය.

නිමවීමට ඉලක්ක කළ කාලයට පෙර නිම කරන හම්බන්තොට වරායත් උඩමත්තල අන්තර් ජාතික ගුවන් තොටුපළත් රටට ජනතාවට ලැබෙන්නේ ද චමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ගේ දැඩි උනන්දුව නිසාම ය.

එමෙන් ම හම්බන්තොට අද සිදුවන යෝධ සංවර්ධන ක්‍රියාදාමයත් යටිතල පහසුකම් සංවර්ධනයත් පසුපස සිටින යෝධ හස්තයක් ලෙස ද චමල් ජයන්ත රාජපක්ෂ චරිතය පෙන්වා දිය හැකි ය.

හම්බන්තොට දිසා රෝහල, නව හෙද විදුහල, නව අධිකරණ සංකීර්ණය, මාගම්පුර කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනය, සුචී ජාතික පාසල, බෙලිඅත්ත රුහුණු විජයබා පාසල, හම්බන්තොට ධීවර වරාය, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය එතුමාගේ සංවර්ධන කටයුතු අතර ප්‍රමුඛත්වයක් ගනී. නිරහංකාරකම නිහඬ සේවය සහිතව මෙරට වත්මන් තරුණ දේශපාලනඥයන්ට ආදර්ශයක් වන චමල් රාජපක්ෂ නව කථානායක තුමාට ‘සිළුමිණ’ මෙසේ සුබපැතුම් පිරිනමයි.

නිහාල් පී. අබේසිංහ

ජනතාව සමග චමල් රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන ජීවිතයෙන් බිඳක්...

   *  1985 මුල්ගිරිගල අතුරු මැතිවරණයට ඉදිරිපත් වී දේශපාලනයට පිවිසීම
   *  1989 මහ මැතිවරණයෙන් ජය ලබා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීම
   *  1994 පැවැති මහ මැතිවරණයට තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයෙන් ඉදිරිපත් වී විශිෂ්ට ජයක් ලබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නැවත පත්වීම
   *  1998 කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ බාරගැනීම
   *  2000 වර්ෂයේදී දක්ෂිණ හා වරාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීම
   *  2001 නොවැම්බර් මහ මැතිවරණයේ නැවතත් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීම
   *  2004 මහ මැතිවරණයේ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ බාරගැනීම
   *  2005 ජනාධිපතිවරණයෙන් පසු කෘෂිකර්ම සංවර්ධන අමාත්‍ය ධූරයේ දිවුරුම්දීම
   *  2005 හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ලෙස පත්වීම
   *  2006 වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය ධූරයේ දිවුරුම් දීම
   *  2007 වරාය හා ගුවන් සේවා අමාත්‍ය ධූරයේ දිවුරුම් දීම
   *  2010 කථානායක පදවියේ දිවුරුම් දීම
"https://si.wikipedia.org/w/index.php?title=චමල්_රාජපක්ෂ&oldid=93027" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි