"ලඝු ගණක" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
"අඩු කිරීම" යන්න වැරදි අදහසක් දනවයි.
සුළු robot Adding: gan:對數
34 පේළිය: 34 පේළිය:
[[fi:Logaritmi]]
[[fi:Logaritmi]]
[[fr:Logarithme]]
[[fr:Logarithme]]
[[gan:對數]]
[[gl:Logaritmo]]
[[gl:Logaritmo]]
[[he:לוגריתם]]
[[he:לוגריתם]]

12:40, 17 අප්‍රේල් 2010 තෙක් සංශෝධනය

විවිධ ශ්‍රිත සඳහා ප්‍රස්ථාරගත කරන ලද ලඝු ගණක ශ්‍රිත : රතු e පාදයටය , කොළ 10 පාදයටය , දම් 1.7 පාදයටය. අක්ෂවල එක් එක් සලකුණ මඟින් ඒකක එකක් නිරූපණය වේ. සියලු පාදවල ලඝු ගණක (1,0) හරහා යයි. එයට හේතුව 0 බලයට නංවන ලද ඕනෑම සංඛ්‍යාවක අගය 1 වීමය. තවද එය b පාදය සඳහා (b, 1) ලක්ෂ්‍ය තුළන් යයි. එයට හේතුව 1 වන බලයට නංවන ලද සංඛ්‍යාවක් , එම සංඛ්‍යාවටම සමාන වීමයි. x = 0 දී අපූර්වතාවය නිසා වක්‍ර y අක්ෂයට ආසන්න වන මුත් එය ස්පර්ශ නොකරයි.
1797 දී බ්‍රිටැනිකා මෙසේ දක්වයි“ලඝුගණකය යනු සමාන්තර ශ්‍රේණියක ඇති සංඛ්‍යා පෙලකි. මේ නිසා ගුණෝත්තර ශ්‍රේණිමත පදනම් වූ වෙනත් ක්‍රමවලට වඩා පහසුවෙන්, අංක ගණිතමය ගණනය කිරීම් සිදු කළ හැක”.

ගණිතයේ දී, දී ඇති සංඛ්‍යාවක දී ඇති පාදමක් සඳහා ලඝු ගණක යනු, එම සංඛ්‍යාව ලබා ගැනීම සඳහා පාදය නැංවිය යුතු බලය හෝ ඝාතය වේ.

උදාහරණ ලෙස , 10 පාදය සඳහා 1000 හි ලඝු ගණකය 3 වේ. ඒ 10 එහි 3වන බලයට නැංවු විට 1000 වන බැවිනි. 2 , 5 වන බලයට නැංවූ විට 32 වන හෙයින් 2වන පාදයට 32 හි ලඝු ගණකය 5 වේ.

b පාදයට x හි ලඝු ගණකය logb(x) හෝ පාදය අධ්‍යහෘත නම් log(x) ලෙස ද ලියනු ලැබේ. එනම් x සංඛ්‍යාව සඳහා b පාදය හා y ඝාතය විට ,එනම්

ගොනුව:Lagarithm equa a1.JPGවේ.

ලඝු ගණකයේ වැදගත් ගුණයක් වන්නේ එය පහත සමීකරණ තුළින් ගුණ කිරීම එකතු කිරීම දක්වා සුළු කරලීමයි.

ගොනුව:Logarithm equa a2.JPG

එනම් සංඛ්‍යා දෙකක ගුණිතයේ ලඝු ගණකය එම සංඛ්‍යා දෙකේ ලඝු ගණකවල එකතුවට සමාන වේ. ලඝු ගණකවල දියුණුවට , සංකීර්ණ ගැටළු විසඳීමට ලඝුගණක භාවිතය බෙහෙවින් බලපෑවේය.

"https://si.wikipedia.org/w/index.php?title=ලඝු_ගණක&oldid=88439" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි