"හිප් හොප් සංගීතය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
15 පේළිය: 15 පේළිය:


http://en.wikipedia.org/wiki/Hip_hop_music
http://en.wikipedia.org/wiki/Hip_hop_music









20:14, 19 දෙසැම්බර් 2009 තෙක් සංශෝධනය

ශෛල්‍යයේ සම්භවය ආර් ඇන්ඞ් බී, ඩිස්කෝ සහ පන්ක් සමග මුසුවූ ජැමෙයිකානු ඩාන්ස්හෝල් ටෝස්ටින්ග් සංස්කෘතික සම්භවය 1960 දශකයේ අග භාගයේ හි 1070 දශකය මුල් භාගයේ ජැමෙයිකාවේ කින්ග්ස්ටන් හි සහ 1970 දශකයේ මුල් භාගයේ නිව් යෝර්ක් හි සවුත් බ්‍රොන්ක්ස් වල භාවිත භාණ්ඩ ටර්න්ටේබල්, රැප්, ඩ‍්‍රම් මැෂින් සාම්ප්ලර්, සින්තසයිසර්, කටහඩින් නාද නිකුත්කිරීම (හියුමන් බීට්බොක්සර්) ප‍්‍රධාන ධාරා ජනප‍්‍රියත්වය එක්සත් ජනපදයේ 1980 දශකයේ අගභාගයේ සිට සහ ලොව පුරා 1990 දශකයේ මුල් භාගයේ සිට 2000 මුල්භාගයේ ලොව වැඩිම අලෙවියක් ඇති සංගීත ශෛලීන්ගෙන් එකකි

හිප් හොප් සංගීතය යනු කථනය ප‍්‍රමුඛ කරගත් රැප් සංගීතය පසුබිම් කරගෙන ඞී ජේ නාද රටා සමග මුසුවන සංගීත ශෛලිය කි. හිප් හොප් සංගීතය 1970 දශකයේ දී නිව් යෝර්ක් නගරයේ ඇරඹි හිප් හොප් සංස්කෘතියේ කොටසකි. මෙය බ්‍රේක් ඩාන්ස් සහ ග‍්‍රැෆිටි ආර්ට් මෙන් ම කළු ජාතිකයෝ සහ ලතින් අමෙරිකානුවෝ අතර ප‍්‍රචලිත විය. ඇතැම් විට රැප් යන්න හිප් හොප් සංගීතය හා සමගාමිවම ද යොදනු ලැබේ.

රැප් යන්න මූලිකව එය ඉදිරිපත් කරන්නා විසින් කිසියම් රිද්මයක සහ තානමකට අනුව කරන කතාවක් වේ. මෙහි රිද්මය බොහෝ විට ඞී ජේ විසින් වෙනත් ගීතයකින් ගත් කොටසක් ලෙස ඉදිරිපත් වන අතර ඇතැම් විට සින්තසයිසර් ඩ‍්‍රම් මැෂින් හෝ සජීවී සංගීතය ද යොදා ගනු ලැබේ. රැප් ශිල්පීහු තමුන් පෙර ලියූ පද රචනා පැවසීම හෝ ඒ මොහොතේ නිරායාසයෙන් ප‍්‍රකාශ කිරීම් කරනු ලැබේ. රැප් යන්න හිප් හොප් හි අත්‍යවශ්‍ය අංගයක් වූවද ඇතැම් විට ඞී ජේ ශිල්පීහු තනිව ඉදිරිපත් කිරීම් හා තැටිගත කිරීම් කරනු ලැබේ.

හිප් හොප් සංගීතය නැගී සිටීම ආරම්භ වූයේ ඞී ජේ ශිල්පීන් ෆන්ක් හෝ ඩිස්කෝ සංගීතයේ රිද්මය පමණක් වෙනම ගෙන රිද්ම විරාමයක් පේ‍්‍රක්ෂකයන් ට ලබා දීම ආරම්භ කිරීමත් සමග ය. එම කාලය තුල ඉදිරිපත්කරන්නෙකු විසින් ඞී ජේ හඳුන්වා දීම , පේ‍්‍රක්ෂකයන් ට කතා කිරීම , විහිලූ හා උපහාස කථනය ආදිය සිදුකිරීම විය. ක‍්‍රමයෙන් මෙම පුරුද්ද වෙනම ශෛලයක් ලෙස වර්ධනය වී රැප් ලෙස වර නැංවුනි. 1979 වන විට හිප් හොප් වානිජ ව තැටිගත කෙරෙන සංගීත ශෛලයක් බවට පත්වී අමෙරිකානු ප‍්‍රධාන ධාරාවට එක් වීම ආරම්භ කරන්නට වූ අතර ලෝක සංගීතයට ද එක් වන්නට විය. 1990 දශකයේදී ගැන්ස්ටා රැප් නම් වූ ශෛල්‍යය අමෙරිකානු සංගීතයේ ප‍්‍රධාන අංගයක් වූ අතර එහි ආන්දෝලනාත්මක පද රචනා මගින් ප‍්‍රචණ්ඩත්වය, ව්‍යාභිචාරය, මත්ද්‍රව්‍ය භාවිතය හා ස්ත‍්‍රී විරෝධීත්වය උත්කර්ෂයට ලක්කරන බව ඇතැමුන් ප‍්‍රකාශ කළෝ ය. කෙසේ වුවද 2000 දශකයේ මුල් භාගය වන විට හිප් හොප් යන්න ජනප‍්‍රිය සංගීතයේ අනිවාර්ය අංගයක් වූ අතර වර්තමානයේ දී ලෝකය පුරා විවිධ සංගීත ශෛලීන් ඔස්සේ එය භාවිතා වේ.


References

http://en.wikipedia.org/wiki/Hip_hop_music


"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=හිප්_හොප්_සංගීතය&oldid=79326" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි