"සැළලිහිණි සන්දේශය" හි සංශෝධන අතර වෙනස්කම්
No edit summary |
සුළුNo edit summary |
||
3 පේළිය: | 3 පේළිය: | ||
[[කෝට්ටේ]] යුගයේ විසූ දීප්තිමත් ම කවියා ලෙස කැපී පෙනෙනුයේ [[තොටගමුවේ]] [[විජයබා පිරිවෙනෙහි]] අධිපති ව සිටි ෂඩ්භාෂාපරමේශ්වර [[තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ]] ය.</br> |
[[කෝට්ටේ]] යුගයේ විසූ දීප්තිමත් ම කවියා ලෙස කැපී පෙනෙනුයේ [[තොටගමුවේ]] [[විජයබා පිරිවෙනෙහි]] අධිපති ව සිටි ෂඩ්භාෂාපරමේශ්වර [[තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ]] ය.</br> |
||
ශ්‍රී රාහුල මා හිමියන් විසින් රචිත පොත් අතර [[පරෙවි සන්දේශය]],[[සැළලිහිණි සන්දේශය]], [[කාව්‍යශේඛරය]],[[පංචිකා ප්‍රදීපය]] ,[[බුද්ධිප්පසාදිනිය]] යන පොත් ප්‍රචලිත ය. රහල් හිමියන් ගේ උසස් ම කාව්‍යය ලෙස සාහිත්‍යකාමින්ගේ පැසසුම් දිනා සිටින්නේ සැළලිහිණි සන්දේශය යි. එය රචිතව ඇත්තේ සවන(vi) [[පැරකුම්බා]] රජුගේ කණිටු දියණියන් වන [[ලෝකනාථා |
ශ්‍රී රාහුල මා හිමියන් විසින් රචිත පොත් අතර [[පරෙවි සන්දේශය]],[[සැළලිහිණි සන්දේශය]], [[කාව්‍යශේඛරය]],[[පංචිකා ප්‍රදීපය]] ,[[බුද්ධිප්පසාදිනිය]] යන පොත් ප්‍රචලිත ය. රහල් හිමියන් ගේ උසස් ම කාව්‍යය ලෙස සාහිත්‍යකාමින්ගේ පැසසුම් දිනා සිටින්නේ සැළලිහිණි සන්දේශය යි. එය රචිතව ඇත්තේ සවන(vi) [[පැරකුම්බා]] රජුගේ කණිටු දියණියන් වන [[ලෝකනාථා|ලෝකනාථා හෙවත් උලකුඩය]] දේවියට, රාජ්‍ය භාරයට පුත් කුමරකු ලබා දෙන ලෙස [[කැලණියේ]] [[විභීෂණ]] දෙවියන්ට කෙරෙන ආයාචනක ස්වරූපයෙනි.</br> |
||
08:24, 18 ජූනි 2009 තෙක් සංශෝධනය
පක්ෂියෙකු හෝ වෙනත් කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා යැවෙන සන්දේශයක් හෙවත් අස්නක් සේ රචිත කාව්‍යය විශේෂය සන්දේශ කාව්‍ය නමින් හැඳින්වේ. දැනට අප අතට පත්ව ඇති පැරණිම සිංහල සන්දේශ කාව්‍යය ගම්පොල යුගයේ ලියැවුණු මයුර සන්දේශ කාව්‍යය යි.සන්දේශ කාව්‍යය එහි ස්වර්ණමය යුගයට එළඹියේ කෝට්ටේ යුගයේ දී ය. ඉන් පසු එය සීතාවක යුගය ඔස්සේ නූතන අවධිය දක්වා වැඩී ගියේ ය.
කෝට්ටේ යුගයේ විසූ දීප්තිමත් ම කවියා ලෙස කැපී පෙනෙනුයේ තොටගමුවේ විජයබා පිරිවෙනෙහි අධිපති ව සිටි ෂඩ්භාෂාපරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ ය.
ශ්‍රී රාහුල මා හිමියන් විසින් රචිත පොත් අතර පරෙවි සන්දේශය,සැළලිහිණි සන්දේශය, කාව්‍යශේඛරය,පංචිකා ප්‍රදීපය ,බුද්ධිප්පසාදිනිය යන පොත් ප්‍රචලිත ය. රහල් හිමියන් ගේ උසස් ම කාව්‍යය ලෙස සාහිත්‍යකාමින්ගේ පැසසුම් දිනා සිටින්නේ සැළලිහිණි සන්දේශය යි. එය රචිතව ඇත්තේ සවන(vi) පැරකුම්බා රජුගේ කණිටු දියණියන් වන ලෝකනාථා හෙවත් උලකුඩය දේවියට, රාජ්‍ය භාරයට පුත් කුමරකු ලබා දෙන ලෙස කැලණියේ විභීෂණ දෙවියන්ට කෙරෙන ආයාචනක ස්වරූපයෙනි.
මෙය පද්‍ය 111 කින් සමන්විත, නවමු අදහස්, උපමා, අලංකාර ආදිය සරල සුමට සුලලිත පදමාලාවකින් දැක්වීමට සමත් සන්දේශ කාව්‍යයකි. එහෙයින් සැළලිහිණි සන්දේශයට සිංහල සාහිත්‍යයේ හිමි වන්නේ උසස් තැනකි.