"චමින්ද වාස් - වෘත්තියේ විශේෂ අවස්ථා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ …' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:15, 27 මාර්තු 2009 තෙක් සංශෝධනය

කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එකතු වූයේ 1994 දීය. ඔහු ඔහුගේ අන්තර්ජාතික ක්‍රිකට් දිවියේ ප්‍රථම වසරේදීම නැපියර්හිදී නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට උදව් විය. එය ශ්‍රී ලංකා කණ්ඩායම මව් රටෙන් පිටදී ලබාගත් ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය විය. එහිදී වාස් ප්‍රථම ඉණිමේදී 5 - 42 ද දෙවන ඉණිමේ දී 5 – 43 ද ලබා ගත්තේය.

2001 – 02 දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ජයගත් තරඟාවලියකදී ඔහු විසින් කඩුළු 26 ක් ලබා ගන්නා ලදී. මෙයට එක් තරඟයකදී ලබාගත් කඩුළු 14 ක් ද ඇතුළත් වේ. එවැනි දක්ෂතාවක් පෙන්වා තිබෙන්නේ උප මහාද්වීපයේ වේග පන්දු යවන්නන් දෙදෙනෙකු විසින් පමණි. අනෙක් තැනැත්තා වන්නේ ඉම්රාන් ඛාන්ය. ළඟදී ඔහුව ඇෆ්‍රො ඒෂියා කුසලානයට තෝරාගත් මුත් රටට වී තිබුණු පොරොන්දුවීම් මත එයින් ඉවත් විය.

2007 ජුනි 26 ඔහු ඔහුගේ ප්‍රථම ටෙස්ට් ශතකය බංග්ලාදේශයට එරෙහිව කොළඹදී වාර්තා කරන ලදී. එහිදී ඔහු නොදැවී එම ලකුණු 100 රැස් කළ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම 577 – 6 ක්ම තිබියදී ඉණිම අත්හිටුවීය.


References

http://en.wikipedia.org/wiki/Chaminda_Vaas#Career_highlights



"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."