"ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු robot Adding: en:University of Sri Jayewardenepura
118 පේළිය: 118 පේළිය:
[[Category:Universities and colleges in Sri Lanka]]
[[Category:Universities and colleges in Sri Lanka]]
[[ප්‍රවර්ගය:අධ්‍යාපන ආයතන]]
[[ප්‍රවර්ගය:අධ්‍යාපන ආයතන]]
[[ප්‍රවර්ගය:විශ්වවිද්‍යාල]]


[[en:University of Sri Jayewardenepura]]
[[en:University of Sri Jayewardenepura]]

19:16, 31 ජනවාරි 2009 තෙක් සංශෝධනය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ගොනුව:Sjplogo.png
ආදර්ශ පාඨයවිජ්ජා උප්පත්තං සෙට්ඨා
(උපන්නාවූ සියලු දෙය අතරින් විද්‍යාව ශ්‍රේෂ්ඨ වේ)
පිහිටුවන ලද්දේ1959 (විද්‍යෝදය විශ්වවිද්‍යාලය ලෙස)
කුලපතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ
උපකුලපතිආචාර්ය එන්.එල්.ඒ. කරුණාරත්න
පිහිටීමනුගේගොඩ, ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
අධ්‍යයන මණ්ඩපගංගොඩවිල ප්‍රධාන පරිශ්‍රය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ජාතික විශ්වවිද්‍යාල අතරින් එකකි. එය ලංකාවේ අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයට නුදුරින් නුගේගොඩ ගංගොඩවිල පිහිටා ඇත. බෙල්ලන්විල රජමහාවිහාරාධිපති පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ කුලපති ධූරය හොබවන මෙහි වත්මන් උපකුලපති ධූරය දරන්නේ ආචාර්ය එන්.එල්.ඒ. කරුණාරත්න මහතාය. වත්මන් ස්ථීර ආචාර්ය මණ්ඩලය 350ක් පමණ වන මෙහි කළමනාකරණ හා වාණිජ විද්‍යා, ව්‍යවහාරික විද්‍යා, ශාස්ත්‍ර, වෛද්‍ය විද්‍යා හා පශ්චාද් උපාධි අධ්‍යයන යන පීඨ 5 තුල අභ්‍යන්තර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 9000ක් පමණ අධ්‍යාපනය ලබති.

ඉතිහාසය

සුමංගල පිලිරුව

විද්‍යෝදය සමය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම විශ්වවිද්‍යාල අතරින් එකකි. වර්ෂ 1883 දී පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණන් විසින් ආරම්භ කරන ලද, එවකට ශ්‍රී ලංකාවේ දේශීය අධ්‍යාපනයේ කේන්‍ද්‍රස්ථානයක් වූ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණ වත්මන් විශ්වවිද්‍යාලයේ ආරම්භක අවස්ථාව විය. 1958 දී (1958 අංක 45 දරන විද්‍යෝදය හා විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පනත, දෙසැම්බර් 15) විශ්වවිද්‍යාලයක තත්ත්වයට උසස් කරන් ලද එම ආයතනය "ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලය" වශයෙන් 1959 පෙබරවාරි 18 දින සිට අධ්‍යයන කටයුතු ඇරඹිණ. 1961දී මාලිගාකන්දේ සිට ගංගොඩවිල වත්මන් පරිශ්‍රයට ගෙන එන ලද එහි පළමු විශ්වවිද්‍යාලයාධිපතිවරයා වූයේ අතිපූජ්‍ය ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය පණ්ඩිත වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමිපාණෝ ය. 1966 අංක 20 දරණ උසස් අධ්‍යාපන පනත සැප්තැම්බර් 14 දින පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමගම විශ්වවිද්‍යාලය ජාතික උසස් අධ්‍යාපන සභාවේ පාලනය යටතට ගනු ලැබිණ. ඒ සමගම මුලින් ශිෂ්‍යයන්ට පමණක් විවෘතව තිබූ විශ්වවිද්‍යාලයට ප්‍රථම ශිෂ්‍යාවන් කණ්ඩායමද බඳවාගනු ලැබිණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලෙස

අනතුරුව 1972 දී (1972 අංක 1 දරණ ලංකා විශ්වවිද්‍යාල පනත, ජනවාරි 21) ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල "ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය" ලෙස ඒකාබද්ධ කරනු ලැබූ අතර , ඒ අනුව විද්‍යෝදය විශ්වවිද්‍යාලය පෙබරවාරි 15 දින සිට "ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යෝදය මණ්ඩපය" වශයෙන් නම් ලැබීය. නැවතත් ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍යවරයා වශයෙන් 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනත පාර්ලිමේන්තුව ට ඉදිරිපත් කළේය. ඒ අනුව, එතෙක් ශ්‍රී ලංකාවේ පැවති එකම විශ්ව විද්‍යාලය වන ලංකා විශ්ව විද්‍යාලය එකිනෙකෙන් ස්වායත්ත වූ විශ්ව විද්‍යාල හයක ට විසංයුක්ත කරන ලදි. එතෙක් ලංකා විශ්ව විද්‍යාලයේ මණ්ඩප වශයෙන් පැවති කොළඹ, පේරාදෙණිය, විද්‍යාලංකාර (කැලණිය), විද්‍යෝදය (ශ්‍රී ජයවර්ධනපුර), කටුබැද්ද (මොරටුව) සහ යාපනය යන අධ්‍යාපන පීඨ විශ්ව විද්‍යාල බව ට පත් කල අතර 1978 පටන් එය "ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය" වශයෙන් හැඳින්වේ.

තේමා පාඨය

සුමංගල ගොඩනැගිල්ල

විජ්ජා උප්පත්තං සෙට්ඨා - උපන්නාවූ සියලු දෙය අතරින් විද්‍යාව ශ්‍රේෂ්ඨ වේ.

පීඨ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළමනාකරණ හා වාණිජ විද්‍යා, ව්‍යවහාරික විද්‍යා, ශාස්ත්‍ර, වෛද්‍ය විද්‍යා හා පශ්චාද් උපාධි අධ්‍යයන යනුවෙන් පීඨ 5න් සමන්විත වේ.

ව්‍යවහාරික විද්‍යා පීඨය

1962 දී එවකට පැවති විද්‍යා අධ්‍යයනාංශය අංගසම්පූර්ණ කර ව්‍යවහාරික විද්‍යා පීඨය වශයෙන් උසස් කරන ලදී. වර්තමානයේ මෙය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී භෞතීය විද්‍යා ධාරාවෙන් තෙවැනි ස්ථානයේ සිටින පීඨය වේ. මහාචාර්ය අජිත් අබේසේකර මහතා මෙහි වත්මන් පීඨාධිපතිවරයා වේ.

භෞතික විද්‍යා අධ්‍යයනාංශ ගොඩනැගිල්ල

අධ්‍යයනාංශ 8න් සමන්විත මෙහි මතු දැක්වෙන්නේ එම අධ්‍යයනාංශ සහ ඒවායේ ප්‍රධානීන් ය.

  • උද්භිද විද්‍යා අධ්‍යයනාංශය - ආචාර්ය එන්. සලීම් මහත්මිය
  • ගණිත විද්‍යා අධ්‍යයනාංශය - ආචාර්ය මල්මිණි රණසිංහ මෙනෙවිය
  • රසායන විද්‍යා අධ්‍යයනාංශය - මහාචාර්ය එස්.අයි. සමරසිංහ මහතා
  • භෞතික විද්‍යා අධ්‍යයනාංශය - එම්.ජී.සී. පීරිස් මහතා
  • වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශය - ආචාර්ය හිරාන් අමරසේකර මහතා
  • සත්ත්ව විද්‍යා අධ්‍යයනාංශය - ආචාර්ය බී.ජී.ඩී.එන්.කේ. ද සිල්වා මහතා
  • සංඛ්‍යාන හා පරිගණක විද්‍යා අධ්‍යයනාංශය - පී. ඩයස් මහතා
  • ආහාර විද්‍යා හා තාක්‍ෂණ අධ්‍යයනාංශය - ආචාර්ය කේ.කේ.ඩී.එස්. රණවීර මහතා

ශාස්ත්‍ර පීඨය

විශ්වවිද්‍යාලයේ පැරණිම පීඨය ශාස්ත්‍ර පීඨය වේ. ආචාර්ය පී. අතුකෝරල මහතා මෙහි වත්මන් පීඨාධිපතිවරයා වේ. අධ්‍යයනාංශ 10න් සමන්විත මෙහි මතු දැක්වෙන්නේ එම අධ්‍යයනාංශ සහ ඒවායේ ප්‍රධානීන් ය.

  • ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය - ඩී.පී.එස්. චන්ද්‍රකුමාර මහතා
  • ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය - පී.බී. මණ්ඩාවල මහතා
  • පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය - ආචාර්ය පූජ්‍ය නාඉඹල ධම්මදස්සී හිමි
  • භාෂා හා සංස්කෘතික අධ්‍යයනාංශය - ආචාර්ය සමන් චන්ද්‍රනාත් රණසිංහ මහතා
  • භූගෝල විද්‍යා අධ්‍යයනාංශය - ජී.එම්. බණ්ඩාරනායක මහතා
  • සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයනාංශය - ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතා
  • සමාජ සංඛ්‍යාන අධ්‍යයනාංශය - කේ.ඒ. ධර්මසේන මහතා
  • සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය - ආචාර්ය ධම්මික ගංගනාත් දිසානායක මහතා
  • ඉංග්‍රීසි අධ්‍යයනාංශය - අයි.ජේ. මාවැල්ල මෙනෙවිය
  • ඉංග්‍රීසි භාෂා ඒකකය - එස්. ගුරුගේ මහතා

කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය

කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය

1972 දී එවකට පැවති රාජ්‍ය පරිපාලන හා ව්‍යාපාර පරිපාලන අධ්‍යයනාංශය අංගසම්පූර්ණ කර කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය වශයෙන් උසස් කරන ලදී. ශ්‍රී ලංකාවේ කළමනාකරණ පීඨ අතුරින් ප්‍රධාන ස්ථානය ගන්නා මෙහි ඇතුලත්වීම සඳහා අ.පො.ස (උසස් පෙළ) වාණිජ අංශයෙන් ඉහලම ලකුණු ලබාගන්නා සිසුන් හට අවස්ථාව ලැබේ. ආචාර්ය සම්පත් අමරතුංග මහතා මෙහි වත්මන් පීඨාධිපතිවරයා වේ. අධ්‍යයනාංශ 11න් සමන්විත මෙහි මතු දැක්වෙන්නේ එම අධ්‍යයනාංශ සහ ඒවායේ ප්‍රධානීන් ය.

  • ව්‍යාපාර පරිපාලන විද්‍යා අධ්‍යයනාංශය - පී.ඩී.එච්.ඩී. ගුණතිලක මෙනෙවිය
  • රාජ්‍ය පරිපාලන විද්‍යා අධ්‍යයනාංශය - ආචාර්ය එච්.එම්.ඒ. හේරත් මහතා
  • වාණිජ විද්‍යා අධ්‍යයනාංශය - ආචාර්ය එස්.ඩබ්. හිරන්ත මහතා
  • දේපළ කළමනාකරණ හා තක්සේරුකරණ අධ්‍යයනාංශය - ආර්.ජී. ආරියවංශ මහතා
  • ගණකාධිකරණ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යයනාංශය - කේ.බී.එම්. ෆොන්සේකා මහතා
  • අලෙවි කළමනාකරණ අධ්‍යයනාංශය - ආචාර්ය බී.එන්.එ‍ෆ්. වර්ණකුලසූරිය මහතා
  • මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශය - මහාචාර්ය එච්.එච්.ඩී.එන්.පී. ඕපාත මහතා
  • ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය - ආචාර්ය සම්පත් අමරතුංග මහතා
  • මූල්‍ය අධ්‍යයනාංශය - කේ.එල්.ඩබ්. පෙරේරා මහතා
  • තොරතුරු තාක්‍ෂණ අධ්‍යයනාංශය - ආචාර්ය කේ.එම්.එස්.ඩී. කුලතුංග මහතා
  • තීරණ විද්‍යා අධ්‍යයනාංශය - ඩී.එස්.පී. ජයසූරිය මහතා

විශේෂ අංශ

  • තොරතුරු තාක්ෂණ සම්පත් මධ්‍යස්ථානය (ITRC)

වෛද්‍ය විද්‍යා පීඨය

ශ්‍රී ලංකාවේ 6 වැනි වෛද්‍ය පීඪය ලෙසින් 1992 දී ආරම්භ විය. වෛද්‍ය පාඨමාලාවට අමතරව මානව ජීව විද්‍යාව, වෛද්‍ය රසායනාගාර, හෙද සහ ඖෂධවේදය යන උපාධි පාඨමාලා ද මෙහි පැවැත්වීම විශේෂත්වයකි. මහාචාර්ය ජයන්ත ජයවර්ධන මහතා මෙහි වත්මන් පීඨාධිපතිවරයා වේ. අධ්‍යයනාංශ 16න් සමන්විත මෙහි මතු දැක්වෙන්නේ එම අධ්‍යයනාංශ සහ ඒවායේ ප්‍රධානීන් ය.

  • ජෛවරසායන විද්‍යා අධ්‍යයනාංශය - මහාචාර්ය හේමන්ත පීරිස්
  • කායව්‍යච්ඡේද විද්‍යා අධ්‍යයනාංශය - වෛද්‍ය එස්.ජී. යසවර්ධන මහත්මිය
  • භෞතවේද අධ්‍යයනාංශය - වෛද්‍ය පී. හෙට්ටිආරච්චි මහත්මිය
  • ව්‍යාධිවේද අධ්‍යයනාංශය - වෛද්‍ය කමනි සමරසිංහ මහත්මිය
  • ක්ෂුද්‍රජීව විද්‍යා අධ්‍යයනාංශය - වෛද්‍ය එස්.එස්.එන්. ප්‍රනාන්දු මහත්මිය
  • පරපෝෂිත විද්‍යා අධ්‍යයනාංශය - ආචාර්ය රේණු වික්‍රමසිංහ මහත්මිය
  • භිෂග්වේද අධ්‍යයනාංශය - මහාචාර්ය ගීතා ප්‍රනාන්දු මහත්මිය
  • අධිකරණ වෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශය - වෛද්‍ය අයි.එස්. ගුණසේකර මහත්මිය
  • ප්‍රජා වෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශය - වෛද්‍ය සී.එස්.ඊ. ගුණවර්ධන මහත්මිය
  • වෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශය - වෛද්‍ය එස්.ඩී. ජයරත්න මහතා
  • ශල්‍යවෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශය - මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා
  • ප්‍රසව හා නාරිවේද විද්‍යා අධ්‍යයනාංශය - වෛද්‍ය ආර්.පී. පතිරාජ මහත්මිය
  • ළමා රෝග විද්‍යා අධ්‍යයනාංශය - වෛද්‍ය ඩී.කේ. සමරගේ මහත්මිය
  • මනෝවෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශය - මහාචාර්ය එස්.ටී. කත්‍රිආරච්චි මහත්මිය
  • වෛද්‍ය අධ්‍යාපන හා සෞඛ්‍ය විද්‍යා අධ්‍යයනාංශය - මහාචාර්ය එම්.ටී.එම්. ජිෆ්රි මහතා
  • පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශය - මහාචාර්ය එම්.එස්.ඒ. පෙරේරා මහත්මිය

පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය

1996 දී පිහිටුවන ලද මෙය විශ්වවිද්‍යාලයේ නවතම පීඨයයි. විශ්වවිද්‍යාලයේ සියලු ද්විතීයික උපාධි (M.Sc, M.A, MBA, Ph.D, D.Phill. . . .. .) මෙම පීඨය මගින් සම්බන්ධීකරණය කරනු ලබයි. වර්තමානයේ මෙහි පීඨාධිපති ධූරය මහාචාර්ය කුමුදු විජේවර්ධන මහත්මිය විසින් හොබවනු ලබයි.

2009 ස්වර්ණ ජයන්තිය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වර්ණ ජයන්තිය 2009 වසරට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් 2009 වසර පුරා සංවත්සර උත්සව මාලාවක් පැවැත්වේ.

බාහිර සබැඳුම්