"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
Added content
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
61 පේළිය: 61 පේළිය:
මූලාශ්‍රය : කේ. ටී. සිල්වා, 2005:26
මූලාශ්‍රය : කේ. ටී. සිල්වා, 2005:26
# ගොවිගම කුල - මෙය සිංහල කුල ධූරාවලියේ ප්‍රධාන ස්ථානය ගන්නා අතර ප්‍රධාන වශයෙන් ස්ථර හතරකට බෙදී පවතී.රාජ්‍ය සේවය සහ ඉඩම් හිමි කෘෂිකාර්මය මෙම කුලයෙහි ප්‍රධාන වෘත්තීන් වේ.සාහිත්‍යය තුල මෙය ගහපති කුලය ලෙස හදුන්වා ඇති අතර විජය රජු හැර ඔහු හා පැමිණි ආර්යයන්ගෙන් උපන් ජනයා ලෙස ඉතිහාසයේ සදහන් වී ඇත.
# ගොවිගම කුල - මෙය සිංහල කුල ධූරාවලියේ ප්‍රධාන ස්ථානය ගන්නා අතර ප්‍රධාන වශයෙන් ස්ථර හතරකට බෙදී පවතී.රාජ්‍ය සේවය,ඉඩම් හිමි කෘෂිකාර්මය හා ගව පාලනය කුලයෙහි ප්‍රධාන වෘත්තීන් වේ.සාහිත්‍යය තුල මෙය ගහපති කුලය ලෙස හදුන්වා ඇති අතර විජය රජු හැර ඔහු හා පැමිණි ආර්යයන්ගෙන් උපන් ජනයා ලෙස ඉතිහාසයේ සදහන් වී ඇත.


"ඔවුන්ගේ දිවයින වසර 2360 කට පමණ පෙර නැගනහිර දෙසින් ජනාවාස විය.ඒ ආ පිරිසෙහි රජ හැර ඔහුගේ පිරිවරට ගොවි වංශේ යයි කියයි"-ඩේවී
"ඔවුන්ගේ දිවයින වසර 2360 කට පමණ පෙර නැගනහිර දෙසින් ජනාවාස විය.ඒ ආ පිරිසෙහි රජ හැර ඔහුගේ පිරිවරට ගොවි වංශේ යයි කියයි"-ඩේවී

11:30, 27 ජූලි 2021 තෙක් සංශෝධනය


ගොනුව:House of bathgama cast.JPG
බත්ගම කුලයේ නිවසක්

සමාජයක් යනු සංකීර්ණ ජන සබඳතා හා ආයතනික රටාවන්ගෙන් ගැවසී ගත් සාර්ව ඒකකයකි. එනම් යම් යම් සමාජ ක්‍රියාවන් හා ඒවායේ ප්‍රතිඵල ලෙසින් ගොඩ නැගී පවතින සංස්ථාදියේ සමස්ථ සංකලනයකි. මෙම ක්‍රියාවන් හා සබඳතා වල එක්තරා පෙළ ගැසීමක් දැකිය හැකි වෙයි. එක පිට එක වැටුණු තට්ටු පරිද්දෙන්, උස් පහත් ස්වරූපයෙන් දැකිය හැකි වූ මෙම ස්ථර ගත බව සමාජය තුළ බොහෝ කාලයක සිට දක්නට තිබූ බවට සාධක ඇත. පුද්ගලයාගේ උස් පහත් බව නැතිනම් පුද්ගලයා සමාජ ස්ථරයේ අයත් මට්ටම තීරණය කරනු ලබන එක් ස්ථරයක් ලෙස කුලය දැක්විය හැකිය.

කාරාව කාරාව කුලය යනු රෝහන රාජධානියේ ශත්‍රීය නෑ පරපුර වන අතර, ඔවුබ් කෝරව යන නාග වාන්ශික රාජකීයන් වෙයි. එම නාගවාන්ෂික බව නිසාම යකුන් ඔවුනට දැඩිසේ නිදාරමින් පහත් කිරීමට උත්සාහ ගනියි.

නිර්වචනය

දකුණු ආසියාතික සමාජ වලට ආවේණික වූ සුවිශේෂීත්වයන් අතර කුලයට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. බටහිර සමාජ වල දැකිය නොහැකි ප්‍රපංචයක් වන කුලය අනුව සමාජය ද ස්තරගතව දකුණු ආසියාතික සමාජ වල තදින් මුල් බැස ගෙන ඇත. දකුණු ආසියාතික සමාජ වල පුද්ගලයාගේ සමාජ තත්වය, සමාජ වටිනාකම තීරණය කරනු ලබන්නක් වන කුලය මෙම සමාජ වල සමස්ථ සමාජ සබඳතාවයන්ම හැඩ ගැස්වීමේ ලා මහත් බලපෑමක් කර ඇත. එ නිසා දකුණු ආසියාතික සමාජ ස්වරූපය බටහිර සමාජ හෝ නැතහොත් අනෙක් ආසියානු කලාප වල සමාජ රටාවට වඩා ඛෙහෙවින් වෙනස්ය. එනිසා පුද්ගල සබඳතා, පුද්ගල වටිනාකම් මෙම සමාජ වලට ආවේණික වූ සුවිශේෂීත්වයන්ගෙන් යුක්ත වෙයි. කේ. ටී. සිල්වාට අනුව කුලය මුළුමනින්ම සමාජ නිර්මිතයකි. කුලය යනු විශ්වීය සංසිද්ධියක් නොවේ. දකුණු ආසියාතික සමාජය හා බැඳුණු සමාජ නිර්මිතයකි.” (කේ.ටී.සිල්වා, 2005:22.) දකුණු ආසියාතික සමාජ වලට සුවිශේෂී ප්‍රපංචයක් වන කුලය පිළිබඳව මානව විද්‍යාත්මක පර්යේෂණයන්හි නියැලූණු මානව විද්‍යාඥයෙක් වන A.L Kroeber දක්වන්නේ කුලය වූ කලී දැඩි වූද, උග්‍ර වූද ජන්මයෙන්ම නියම කරන ලද්දා වූද පුද්ගල චංචලතාවයට අවකාශ නොදෙන්නා වූද ආයතනයක් බවයි.” (අමරසේකර, 1988:10.) Hutten නම් මානව විද්‍යාඥයා කුලය යන සංකල්පය තුළින් පහත දැක්වෙන ලක‍ෂණයන් නියෝජනය කරන බව දක්වයි.

  • කුලය වනාහි අන්තර් ජන්‍ය දෙයකි.
  • විවිධ කුලයන්ට අයත් සාමාජිකයන් අතර යම් යම් සීමාවන් පවතී.
  • කුලය ධූරාවලියක් දනවන තත්ව සමූහයකි.
  • විවිධ සන්දර්භයන්හි විශේෂයෙන්ම ආහාර, ලිංගික කටයුතු, චාරිත්‍ර යනාදිය ඇසුරින් උසස් කුලයක තැනැත්තෙකු පහත් කුලයක සාමාජිකයෙකු ස්පර්ශ කිරීමෙන් ‘දූෂණය’ වීමක් සිදුවෙතැයි පිළිගැනේ
  • කුලය සාම්ප්‍රදායික වූ රැකියාවන් ආශ්‍රිත වූ දෙයකි.
  • මිනිසෙකුගේ කුල තත්ත්වය අවසාන වශයෙන් නිර්ණය කරනු ලබන්නේ ඔහුගේ ජන්මය මගිනි. නොඑසේ නම් ඔහු තම කුලය විසින් යම් චාරිත්‍ර උල්ලංඝනයක් නිසා පලවා හරිනු ලැබූ අයෙකු විය යුතුය.
  • කුල පද්ධතිය සමස්තයක් වශයෙන් ගත් විය අභිමානය කේන්ද්‍රීය කරගත් පද්ධතියකි.(අමරසේකර, 1988:11.)


ඊ. ආර්. ලීච් (E.R. Leach) නම් මානව විද්‍යාඥයා විසින් ලියන ලද "What should we mean by cast" නම් පර්යේෂණාත්මක ලිපියෙහි කුලය හඳුනාගත හැකි ලක‍ෂණ තුනක් දක්වයි.

  1. කුලය ශ්‍රම විභජන පද්ධතියක් බව.
  2. කුලයක් අන් කුලයකින් වෙනස්ව හඳුනාගත හැක්කේ ආර්ථීක, දේශපාලනමය හා චාරිත්‍රමය සබඳතාවන් ජාලයන් සමඟ එම සාමාජිකයන් ආසන්න සබඳතාවයකට පත් වී ඇති ආකාරය අනුව බව.
  3. කුල ක්‍රමය තුළ ව්‍යුහමය සංවිධානයක් පවතින අතර එය ඔවුන්ටම පමණක් ආවේණික වූ සංස්ථාවක් බව. (අමරසේකර, 1988:12.)


Kroeber, Hutten, Leach යන මානව විද්‍යාඥයින්ගේ අදහස් සලකා බැලු විට කුලය සම්බන්ධයෙන් හඳුනාගත හැකි පොදු කරුණු කිහිපයක් වෙයි.

  • කුලය විවිධ මට්ටම් වලින් ස්ථරගත වූ එකක් බව.
  • කුල ධූරාවලිය තුළ ඉහළ කුල හා පහල කුල ලෙස විභේදනයක් පවතින බව.
  • කුලය ශ්‍රම විභජනය මත ගොඩනැගී ඇති දෙයක් බව.
  • කුලය ජන්මයෙන් තීරණය කරනු ලබන්නක් වන අතර ඊට අමතරව කුල චාරිත්‍ර, රීති උල්ලංගනය වීම තුළින් කුලය වෙනස් විය හැකි බව.
  • කුලය දැඩි සීමාවන්ගෙන් හෙබි පුද්ගල සචලතාවයට ඉඩ නොදෙන ව්‍යුහයක් බව.
  • කුලය සමග අභිමානය, පාරිශුද්ධත්වය, කිලිටි යන ආකල්ප බැඳී පවතින බව.

ඉහත කරුණු කුල යන ප්‍රපංචය සම්බන්ධයෙන් දැකිය හැකි පොදු ලක‍්ෂණයන් වෙයි.

සිංහල කුල ක්‍රමයේ ඓතිහාසික පසුබිම හා විකාශනය

මුල් යුගයේ ඉතිහාසඥයින්ගේ මතය වූයේ ඓතිහාසික වශයෙන් සිංහල කුල ක්‍රමය හින්දු කුල ක්‍රමයෙන් බිඳී ආ ආයතනයක් බවයි. බෞද්ධ වංශ කතා වල රජ බමුණු දෙපාර්ශවය ගැන ද, වෛශ්‍ය කුලිකයන් ගැන ද, ඇතැම් අවස්ථාවල චණ්ඩාලයන් ගැන ද සඳහන් වී තිබීම මේ මතයට හේතු විය. කුල ක්‍රමයේ මතවාදී නිර්මාතෘවරයන් ලෙස සැළකිය හැකි බ්‍රාහ්මණයන් විටින් විට ලංකාවේ සිටි බවට නොයෙක් උදාහරණ ඇත. කලබලකාරී දේශපාලන පසුතලය යටතේ සංක්‍රමණික ගෝත්‍ර වල ක්‍රියාකාරීත්වය හා දකුණු ඉන්දීය බලපෑම් නිසා කුල වාදය ක්‍රමයෙන් ලාංකීය සමාජයේ මුල් බැසගන්නට ඇතැයි එම්. යූ. ද සිල්වා පවසයි. (ද සිල්වා, 1998:76.)

නමුත් සම්භාව්‍ය හින්දු වර්ණ ක්‍රම මූලික වශයෙන් බෞද්ධ සමාජයක් වූ සිංහල සමාජයේ ආයතනගතව පැවැති බවට ඇති සාක‍ෂි විරලය. පැරණි සාහිත්‍ය මූලාශ්‍ර හා සෙල්ලිපි වැනි ඓතිහාසික මූලාශ්‍ර විමසීමෙන් පසු වත්මන් ඉතිහාසඥයන් වැඩි දෙනා ඉදිරිපත් කර ඇති නිගමනය නම් සිංහල කුල ක්‍රමය ඇතැම් උතුරු හා දකුණු ඉන්දීය බලපෑම් සහිතව, එනමුත් ලංකාවේ සමාජ දේශපාලන පසුතලයට අනුරූප ලෙස ස්වාධීනව වර්ධනය වී ඇති බවයි. (ද.සිල්වා, 1998:147)

ලංකාවේ කුල ක්‍රමය ස්ථාපිත කරනු සඳහා රාජ්‍ය මැදිහත්වීම සිදු වූ බව ඓතිහාසික මූලාශ්‍ර දෙස බැලීමේදී පෙනී යන කාරණයකි. යම් යම් කුල වලට දඩුවම් වශයෙන් ඔවුන් කුල තත්වයෙන් පහල දැමීම ද රජවරුන්ගේ වරප්‍රසාදයක් විය. (අමරසේකර, 1988:16.) විජයගේ අවෑමෙන් මෙරට මුල් බැසගත් කුල පදනම මහින්දාගමනයත් සමග මෙරටට පැමිණියා වූ විවිධ කර්මාන්ත පදනම් කරගත් ශ්‍රේණි වලට අයත් ජනයා විසින් ද වඩාත් විස්තීරණව ව්‍යාප්ත කළ බව පෙනේ. ලංකාවට ඒමට ප්‍රථම යම් කිසි ශිල්පීය කර්මාන්තයකට හුරුව සිටි ගෝත්‍රික පිරිස් ලංකාවට පැමිණීමෙන් පසුව මෙරට සමාජ සංවිධානයට අනුකූලව ගෝත්‍රික ජිවිතය හැර දමා තමන්ට ආවේණිකව වෘත්තීයමය අංශ කේන්ද්‍ර කරගෙන වෙන වෙනම සංවිධානය වීමට පටන් ගත්හ.

මේ ආකාරයට කුල පදනම ලාංකීය සමාජය තුළ ගොඩනැගුණද, වඩාත් විධිමත් අයුරින් කුලය පදනම් වූ වැඩවසම් සමාජ ක්‍රමයක් බිහි වූයේ මහනුවර අවධියේදී බව පෙනේ.රජ මාළිගාවේ හා රාජ්‍යයේ විවිධ අවශ්‍යතාවයන් සඳහා සේවාවන් ලබා ගැනීම පිණිස කුල යොදා ගනු ලැබීම මහනුවර යුගයේදී වඩාත් දක්නට ලැබේ. සේවා ලබා ගැනීම සඳහා ඒ ඒ කුල "කුල බද්ද" නම් සංවිධානයකට අනුයුක්ත කර තිබුණි. උදාහරණයක් ලෙස කොට්ටල් බද්ද, බඩහැල බද්ද දැක්විය හැකිය. (පීරිස්, 2001:189.)

මහනුවර යුගයේදී කුල ක්‍රමය හා ඉඩම් භුක්තිය අතර කිට්ටු සම්බන්ධතාවයක් පැවතුණි. වී කුඹුරු වල භුක්තිය රාජකාරී ක්‍රමය යටතේ විය. කුලහීනයන් තම කුල කාර්යය ඉෂ්ඨ කළේ එම කාර්යය ඉඩම් භුක්තිය වෙනුවට කළ යුත්තක් ම වශයෙන් සලකාගෙනය. නිල වශයෙන් අනු දක්නා ලද විවිධ වාර්ෂික චාරිත්‍ර විධි වලදී අනුගමනය කළ යුතු වූ ප්‍රමුඛතා පටිපාටිය තුළින් එක් එක් කුලයේ සාපේක්‍ෂ සමාජ තත්වය පැහැදිලිව දැක්විණි. සම්පූර්ණ ප්‍රජාවකගේ තත්වය රජතුමා විසින් පහතට හෙළිය හැකිව තිබුණු බව නූර් යාල්මන් දක්වයි. (යාල්මාන්, 2004:106.)

නොක්ස් පවසන අන්දමට කුලීනයෝ හා කුලහීනයෝ වශයෙන් ප්‍රධාන කොටස් දෙකක් මහනුවර රාජධානිය පැවති සමයේ තිබිණ.කුලය මෙම අවධියේ පුද්ගලයින්ගේ ඇදුම් ආයින්නම් තීරණය කිරීමට බලපෑවේය.වංශවත් නොවූ සාමාන්‍ය මිනිසුන් දණින් මදක් පහත් වනසේ කෙණ්ඩය අඩක් වැසෙනසේ වස්ත්‍ර හැද ඇත.ස්ත්‍රීහු බොලට දක්වා වස්ත්‍ර හැද එයම කරකවා ළපැත්ත වැසෙනසේ පටක්සේ කරේ ලා ගනිති.අඩු කුලයේ ස්ත්‍රීහු දණහිස දක්වා රෙදි කඩක් හැද උඩුකය නග්නව තබාගතයුතු විය.අසනීපයක් හෝ ශිතයක් ඇතිවුහොත් පමනක් රෙදි කඩක් පොරවා ගැනීමට තහනමක් නැත.එසේ නමුදු කුලවක් අයෙකු මුන ගැසුනහොත් වහාම රෙද්ද ඉවත්කොට ශිතල නිසයි හාමුදුරුවනේ කියා සමාව ගත යුතුය.රැල්ෆ් පීරිස්ට අනුව ඉගටියෙන් පහළට රෙදි හැදීම රොඩී අයට තහන්ම් වූ අතර දණ හිසින් පහළට හැදීම කුඹළුනට තහනම් විය.{නොක්ස් රොබට්.1909.එදා හෙළදිව/පීරිස් රැල්ෆ්}

ලංකාවේ කුල වර්ග

සිංහල කුල ක්‍රමය සලකා බලන විට දළ වශයෙන් කුළ වර්ග 15 ක් පමණ දැකිය හැකිය. ඊට අමතරව කුඩා සහ අප්‍රසිද්ධ කුල විවිධ ප්‍රදේශ වල තිබිය හැකිය.

  • සිංහල සමාජයේ කුල

මූලාශ්‍රය : කේ. ටී. සිල්වා, 2005:26

  1. ගොවිගම කුල - මෙය සිංහල කුල ධූරාවලියේ ප්‍රධාන ස්ථානය ගන්නා අතර ප්‍රධාන වශයෙන් ස්ථර හතරකට බෙදී පවතී.රාජ්‍ය සේවය,ඉඩම් හිමි කෘෂිකාර්මය හා ගව පාලනය කුලයෙහි ප්‍රධාන වෘත්තීන් වේ.සාහිත්‍යය තුල මෙය ගහපති කුලය ලෙස හදුන්වා ඇති අතර විජය රජු හැර ඔහු හා පැමිණි ආර්යයන්ගෙන් උපන් ජනයා ලෙස ඉතිහාසයේ සදහන් වී ඇත.

"ඔවුන්ගේ දිවයින වසර 2360 කට පමණ පෙර නැගනහිර දෙසින් ජනාවාස විය.ඒ ආ පිරිසෙහි රජ හැර ඔහුගේ පිරිවරට ගොවි වංශේ යයි කියයි"-ඩේවී

  1. පහතරට කුල - මේ යටතට පහතරට ප්‍රදේශ වල ගොවිගම කුලයට අමතරව ප්‍රධාන ලෙස ව්‍යාප්ත වී ඇති කරාව සහ සලාගම, දුරාව සහ හුණු කුල ඇතුළත් වේ. ඓතිහාසික ද්රවිඩ සම්භවය යටත් විජිත සමයේ අත්දැකීම් සහ කුල වෘත්තීන්හි ස්වභාවයන් අනුව මේ කුල වල යම් පොදු ලක‍්ෂණ දක්නට ලැබේ. පහත රට කුල සිංහල කුල ක්‍රමයේ මධ්‍ය ස්ථරය වේ.එනමුත් සම්ප්‍රදායික සිංහල කුල ක්‍රමය තුල නොසලකා හැර අැත.
  2. සේවා කුල - මේ ගනයට අයත් කුල ඉහල කුල වලට සේවා කිරීමට බැඳී සිටියි. ආචාරී, නවන්දන්න, හේන/රදා, වහුම්පුර, කුඹල්, දුර, නැකති, බත්ගම කුල මේ යටතට අයත්ය. සිංහල කුල ක්‍රමයේ වැඩවසම් ලක‍්ෂණ වඩාත් ඉස්මතු වන්නේ මේ සේවා කුල වලිනි. රාජකාරී ක්‍රමය මගින් සහ ඉඩම් භුක්ති ක්‍රමය මගින් සේවා කුල ඉහල කුල මත රඳා පැවැත්ම තහවුරු කර තිබුණි. කුල ක්‍රමය මගින් තමන්ට උරුම වී ඇති ශිල්පීය ඥානය හා කුසලතා රැක ගැනීම සහ ප්‍රගුණ කිරීම සේවා කුලයන්ගේ මෙහෙවර ලෙස හඳුනා ගන්නා ලදී.
  3. සමාජයේ කොන්වීමට ලක් වූ කුල- මේ යටතට කින්නර, ගහල, රොඩී කුල ඇතුලත් කළ හැක. සිංහල සමාජයේ පහත්ම ස්ථරය නියෝජනය වන්නේ මේ කුල වලිනි. සෙසු කුල වල අය සමඟ සමීප ඇසුරුකම් පැවැත්වීමට ඔවුන්ට අවසර නොතිබුණි. (කේ.ටී.සිල්වා, 2005:34,37.)

කුල කාර්යයන්

ගොවිගම කුල

සිංහල සමාජයේ විශාලතම කුලය ලෙස සැළකෙන ගොවිගම කුලවලට මුළු සිංහල ජනගහනයෙන් 50% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අයත්ව ඇතැයි සැළකේ. ගොවිකුල යනු විජය රජ සමග පැමිණි ආර්යයන්ගෙන් බිහි වූ වංශය යයි හදුනා ගනු ලැබ ඇත. "අවුරුදු 2363 දී පමණ ඔවුන්ගේ දූපත නැගෙනහිර දෙසින් ජනපදකරණය විය මෙම පළමු පදිංචිකරුවන්, ඔවුන්ගේ රජුන් හැර අන් අය ගොවිවංශ." -ජෝන් ඩෙවි ,ඩෙවි දුටු ලක් දිව, 1831 " ඒ විජය රජ තෙමේ තමන් සමග ලක්දිව් එළබි වීරයන් සත්සිය දෙනා අතුරින් නිපුණතාව, ශක්තිය හා වීරිය ඇති අය වගාවන් බිහි කිරීම සඳහා පත් කරන ලදී. -ජනවංශය,15 වන සියවස වැද්දන් සිංහලයන් හදුන්වන්නට යොදා ගන්න සිංගල යන නම ගොවි වංශයේ මිනිසුන් හැදින්වීමට පමනක් යොදා ගන්නෝය. - හියූ නෙවිල් , ත්‍රැප්‍රබෝනියන්,1888 "ඒ සිංහබාහු නරෙන්වරය සිංහ ගත්හ ,එහෙයින් ඔහු හා ඇති සම්බන්ධයෙන් විජය කුමරුත් පරිවාර මනුෂ්‍යන්ද ඔවුන්ගෙන් පැවත එන්නන්ද සිංහල නම්වෙති"-මහාවංශ,විජයාභිෂෙක "ඒ විජය රජ පරිවාර සත්සිය පිරිසින් පැවත එන අයහු අදටද සිංහල නම් වේ"-වාසත්තපපකාසිනි ගොවිකුල මිනිසුන් බෙංගාලයෙහි නිජබිම අැති පිරිසක් යන කරුන භෞතික මානව විද්‍යාව මගින්ද තහවුරවන බව හියු නෙවිල් විසින් තවදුරටත් පෙන්වා දෙන ලදී.මෙරටට පැමිණි පසු ස්වදේශීය වැදි ජනයාගෙන් යම් දායකත්වයක් මෙම ජාතිය සදහා සිදු වුවද ඔවුන්ගේ බාහිර පෙනුම බොහෝ දුරට වෙනස් නොවී ආරක්ෂා වී ඇත.ඔවුන් භෞතික ලක්ෂණ වලින් පුළුල් හිස් සහ අන් අයට සාපේක්ෂව කැපී පෙනෙන සේ පැහැපත් වීමද දක්වා අැත.මෙම උරුමය ඉන්දු යුරෝපීය බස් වහරන පිරිසක කණ්ඩායමක් මධ්‍යම ආසියාවේ සිට  ඉන්දියාවේ ඊසාන දෙසින් ඇති  බෙංගාලය  (වංගය) දෙසට සංක්‍රමණය වී ව්‍රතයත්සෝම व्रात्यस्तोम  චාරිත්‍ර වලට භාජනය වීමෙන් පසුව ආර්යයන් ලෙස අවශෝෂණය කර ගන්නා ලද පිරිසකින් ලද්දක් යයිද ඔහු දක්වයි. හියු නෙවිල් අපේ‍්‍රල් මාසයේ ටැප්රොබේනියානු භාෂාවට ලංකාවේ කළ දායකත්වය (The Contribution of Veddas to the language of Taprobane ) යන කෘතියෙදී 1888 දී ගොවිකුල සිංහලයන්ගේ ස්වාභාවික සමේ පැහැය පැහැපත්  බව නිරීක්ෂණය කරයි. “ගෝයි(ගොවි) ජාතියේ සිංහලයෙක් තරුණ වියේ සිට ඇඳුම් අඳින විට ඔහුගේ ශරීරය පැහැපත්ය, ඔහුගේ මුහුණට, බෙල්ලට හෝ අත් වලට වඩා ඉතා පැහැපත්ය පාටය. මේ අනුව ඔවුන්ගේ සැබෑ වර්ණය ඉතා පැහැපත්  එකක් බව ඔප්පු කරයි” කෝඩිනර් නැමති පුද්ගලයා (1807) දී මෙසේ සඳහන් කරයි: “සින්ගාලීස්වරු, පොදුවේ,සිහින් සුකුමාල ස්වරූපයෙන් යුක්ත වන අතර (මැද මට්ටමට වඩා අඩුවෙන්). ඔවුන්ගේ අවයව සිහින් නමුත් හොඳින් හැඩ ගැන්වී ඇත: ඒවායේ ලක්ෂණ නිත්‍ය වන අතර යුරෝපීයයන්ගේ ස්වරූපයට සමාන ය: සහ ඔවුන්ගේ වර්ණය විවිධවේ ”. ඔහු තවදුරටත් මෙසේ පවසයි. “ "සූර්ය කිරණවලට නිරාවරණය නොවූ ඉහළ  කුලයේ බොහෝ අය අතිශයින්ම පැහැපත්ය,ඔවුන් අප බ්‍රිතාන්‍යයෙහි සිටිනා බෟනෙට්(Brunettes ) වරුන්ට වඩා පැහැපත්ය. නීති විඝණ්ඩු ග්‍රන්ථයට අනුව භාරතයේ සිට මෙරටට විටින් විට සංක්‍රමණය වූ කැත් (ක්‍ෂස්ත්‍රීය), බමුණු (බ්‍රාහ්මණ) සහ වෙස් (වෛශ්‍ය) කුල වල පිරිස් විසින් සාදා ගන්නා ලද පොදු කුලකය ලෙස මෙය හදුන්වා දී ඇත. සමාජ විද්‍යාත්මක නිරීක්ෂණයන් සහ ඓතිහාසික ජන මුලාශ්‍ර අශ්‍රයෙන් කරනු ලබන නිරීක්ෂණන්හිදි ගොවිගම යනු එක් තනි කුලයකට වඩා කුල කිහිපයක ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස හදුනා ගත හැක. ගොවිගම කුලය සම්බවය වීම සදහා අතීත වෛදික වර්ණ ක්‍රමයේ පැවති ද්විජ උත්පත්ති සංකල්පය මත ආර්ය සම්බවයක් ඇතැයි සැළකූ ප්‍රමුක වර්ණ ත්‍රිත්වය තුල අනාර්ය (ද්රවිඩ හෝ ගෝත්‍රික) සම්බවයක් සහිත ශුද්‍ර වර්ණයෙන් වෙනස්වූ පොදු ලක්ෂණයන් පැවතීමත්,බුදු දහමෙහි ආභාශය මත ප්‍රමුක වර්ණ ත්‍රිත්වය අතර පැවති දුරස්ථ ස්වභාවය ක්‍රමිකව තුනී වීම සහ වෛදික බ්‍රාහ්මණ සම්ප්‍රදාය තවදුරටත් පවත්වාගෙන යාමේ අනවශ්‍යතාව හේතු වූ බව තර්කානුකූලව නීර්ණය කල හැක.මෙම දීර්ඝ ක්‍රියාවලියේදී අතීත සමාජයෙහි පැවති බ්‍රාහ්මණ කුලය සහ ක්‍ෂස්ත්‍රීය කුලය ගොවිගම කුලයේ ඉහල ස්ථරය වන රදල ස්ථරය ලෙසත් අතීතයේදී ගොවි ලෙස හදුනාගත් ඉන්දු ආර්ය කෟෂිකාර්මික ප්‍රජාව (වෛශ්‍ය වර්ණයට අයත්) ගොවිගම කුලයෙ දෙවන ස්ථරයට අවශෝෂනය වී ඇත. පූජාවලියට අනුව මෙම ගොවිගම කුලයේ දෙවන ස්ථරය ලෙස හදුනා ගනු ලබන ගොවි කුලය භද්‍රකච්චායනා දේවිය සහ ඇයගේ සොහොයුරන් සමග මෙරටට පැමිණි ශාක්‍ය වංශිකයන්ගෙන් පැවත එන්නන් ලෙස හදුන්වා දෙනු ලැබේ.ඉහත දැක්වූ පිරිස් වලට අමතරව සංඝමිත්තා මෙහෙණිය සමග පසුකාලීනව ගෝපාල(සත්ව පාලනය කල)කුල අටක් පැමිණි බව මහා වංශයෙහි සදහන් වෙයි,මොවුන්ද පසුව ගොවිගම කුලයෙහි උපකුලයක් ලෙස අන්තර්ග්‍රහනය වී ඇත. පසුකාලීනව මෙරටට සංක්‍රමණය වූ ⁣වෛශ්‍ය වර්ණයට අයත් චෙට්ටි වරුන්ගෙන් පිරිසක්ද,දකුණු ඉන්දීය වෛශ්‍රවන බ්‍රාහ්මණ පිරිස්ද ගොවිගම කුලයට අවශෝෂණය වී ඇත.

අන් සෑම කුලයකටම වඩා ගොවිගම කුලය තුළ උපකුලයන් ගණනාවකට අයත් විශාල සාමාජිකයන් පිරිසක් විසිරී සිටීය,එයට හේතුව නම් විජය රජු සමග ආ පිරිසත් ඉන් පසුව දිවයිනට සංක්‍රමණය වූ ඉන්දු ආර්ය ප්‍රජාවට අමතරව පසුව දකුණු ඉන්දියාවෙන් විටින් විට පැමිණි පිරිස් ගෙන් මෙම කුලය පෝෂණය වීමයි.එභෙත් වර්තමානය වන විට එම උප කුල බොහෝ දුරට අභාවයට පත්ව ඇත. ගොවිගම කු⁣ලයේ කුල ආධිපත්‍යය අදටත් ලංකාවේ දේශපාලනික සහ ආගමික යන ක්ෂෙත්‍රයන් තුල දෘශ්‍යමානව පවතිනු දැකිය හැකිය.උදාහරණයක් වශයෙන්ජ නපති ප්‍රේමදාස හැර පලමු අග්‍රාණ්ඩුකාරවරයාගේ සිට වත්මන් ජනාධිපති දක්වා ලංකාවේ සියළුම නායකයින් ගොවිගම කුලයට අයත් පුද්ගලයින් වීම දැක්විය හැක. ආගමික ආධිපත්‍යය සැළකූ කල දළදා වහන්සේගේ සහ දළදා මාලිගයෙහි භාරකාරීත්වය ගොවිගම කුලයෙහි ආගමික සංස්ථාව වන මල්වතු අස්ගිරි මහාවිහාරය සහ ශ්‍යාමෝපාලි මහා නිකාය යටතේ පමණක් පැවතීමත් උදාහරණයක් වේ. උප කුල ගනනාවකින් සමන්විත වන අතර ගොවිගම කුලයේ විශාල ලෙස ඉඩම් හිමි ප්‍රභූ ස්තරය ‘රදල’ යන නමින් හැඳින්වේ.මෙම ස්ථරය උඩරට සමාජයේ කැපී පෙනෙන කණ්ඩායමකි.අනර්ඝ ගෘහ නිර්මාණ ලක‍්ෂණ සහිත පාරම්පරික සුවිශේෂ කුල උරුමය තහවුරු කරන ‘වලව්ව’ ගොවිගම රදල පේරුවේ විශේෂ සංඛේතයක් විය.උඩරටට අමතරව මෙම වලව් දකුණු පලාත සහ බස්නාහිර පලාත් වලද ව්‍යාප්තව පවතී. [1][2]"

රොබට් නොක්ස්ගේ වාර්ථා

ඔවුන්ගේ පාරම්පරික ඉඩකඩම්, ගරුත්වය වැඩෙන පරිදි සමාජයේ සියල්ල නිර්මාණය කර ගෙන ඇත. විවාහය මගින් රදල ගොවිගම පවුල් එකිනෙකා සමග සමීපව බැඳී සිටින අතර මෙමගින් බලය හා ඉඩම් හිමිකම පිළිබඳව තම ඒකාධිකාරීත්වය රැක ගැනීමටත්, අලූතින් පොහොසත් වූ පිරිස් සමග මිත්‍ර වීමෙන් වැලකීමටත් විශේෂයෙන් උනන්දු වූහ. මොවුන් සාම්ප්‍රදායික සමාජයේ ප්‍රභූ පංතිය වූ අතර ස්වභාවයෙන් බුද්ධිමත් වූද, ස්ථීර සාර ගතිගුණෙන් යුක්ත වූද,මනා පෞර්ෂය ඇත්තාවූද රාජ්‍ය සේවය සඳහා ඉතා සුදුස්සන් වේ". (එදා හෙලදිව ,රොබට්නොක්ස්, 2003:80.)

ගොවි කුලයේ දෙවන මට්ටම ‘ගොවි’ යනුවෙන් හැඳින්වේ. සිංහල ජනගහනයෙන් අති බහුතරය මේ ගනයට අයත්ය. ඇතැම් උඩරට ප්‍රදේශ වල මේ මට්ටම හැඳින්වීම සඳහා ‘රටේ ඇත්තෝ’ , ‘රට කෝරළේ’ වැනි පද යොදා ගැනේ. (නොක්ස්, 2003:113.)

ගොවි කුලයේ සෙසු පහත උප කුල ලෙස හඳුනාගෙන ඇති පොරවකාර, කටුපුල්ලේ, පට්ටි, ගත්තර සහ වහල්” යන කොටස් වර්තමානය වන විට බොහෝ දුරට අභාවයට පත්ව ඇත.මොවුන් කේරළයේ සිට පැමිණි පිරිස් වලින් ගොවිගම කුලයට අන්තර්ග්‍රහනය වූ පිරිසක් ලෙස සැලකේ.එම නිසාම ප්‍රධාන ගොවිගම කුලයට වඩා පහත්යැයි සැළකේ.

ඉහල කොටස:

  • රදලකම්/මුධලි පෙරුව
  • පයිධ පෙරුව (පනිවිඩ)
  • වැදිවන්ස (මොවුන් ආර්ය සිංහලයන් නොව​, එම ප්‍රදේසවල මුල් ඉඩම්කරුවෝ වූ වැදි ජනයා⁣ගෙන් පැවත එන්නන්ය​)

පහල කොටස:

  • නිලමක්කාරයෝ - වී වගාව​
  • පට්ටි - එඩේර​/ගව පාලන​
  • විරමෙස්ත්‍රගොල්ල
  • පොරෝකාර - ගස් කැපීම​
  • ඇත්වල පනික්කියො - අලි කෑම සැපයීම​
  • මල්කරුවො - මල් සැපයීම​
  • කුට්ටන්වල ඇත්තො (කෙවුලො) - වෙව් මාලු මැරීම​
  • බලිබත් ගමයො - පන්සල්/දෙවාල පූජා බත් සැපයීම​
  • ගට්ටාරු
  • ටිබිල්ලො

කරාව කුලය

දිවර ප්‍රධාන ජීවනෝපාය කරගත් ලංකාවේ මුහුදුබඩ තීරුව පුරා විහිදී සිටින කුලයකි. අනුරාධපුර රාජධානියෙ අබයගිරි විහාර ශාලාව කරාව කුලය ලංකාවේ පලමුවෙන්ම සදහන්වෙ.මයිකල් රොබට්ස්ගේ මතය අනුව තංගල්ලේ සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල කතා කරන කරාව ප්‍රජාවද, මීගමුවේ සිට පුත්තලම දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල හා දෙමළ යන භාෂා දෙකම කතා කරන ‘කරාව’ හා ‘පරවර’ ප්‍රජාවද, නැගෙනහිර මුහුදු තීරයේ ජීවත් වන දෙමළ කතා කරන ‘කරයාර්’ ප්‍රජාවද යන සියලූ සමාජ කණ්ඩායම් එකම සමාජ කණ්ඩායමකට අයත් වේ.මොවුන්ගෙන් බහුතරය මෙරට රජුගේ යුධ සේවයට චේරයේ(කේරළයෙන්) සිට ගෙන ආ ද්රවිඩයන් වේ.


විසිවන සියවසේදි බ්‍රිතාන්‍යන් මගින් ගොවිගම කුලය සතුවූ දේශපාලන බලය දුර්වල කිරීමේ අරමුණින් යම් යම් බලතල අනෙක් කුල වලටද ලබා දීමට කටයුතු කල අතර ඉන් එක් කුලයක් වූ කරාව මිනිසුන්ද ක්‍රිස්තියානි දහම වැලදගනිමින් රජයේ තනතුරු වලට ඇතුළු වෙමින් යම් සමාජ මට්ටමක් ගොඩනගා ගන්නා ලදී.මේ සදහා සිංහල මහා සංඝයා අතර පැවති කුලබේදයද හේතුවු බව සැළකේ.එකල ගොවිගම කුලයට පමණක් උපසම්පදාව දැරීමට අයිතිය ඇතිබවට කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් නිකුත් කර තිබූ රාජ අණ සහ බෞද්ධ භික්ෂූන් සහ බෞද්ධ සමාජය මගින් කරාව මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ මසුන් මැරීම පහත් ක්‍රියාවක් ලෙස සැළකීම කාරාව මිනිසුන් බුදු දහමින් ඈත්ව ක්‍රිස්තියානි ධර්මය වැලදගැනීමට හේතුවූ බව සදහන්ය.

පෙර සඳහන් කල මතයට හාත්පසිම වෙනස් සාක්ෂි සහිතව පෙන්වා දිය හැකි විස්තරයක්ද අැත. එනම් කරාව ලෙසින් හඳුන්වන්නේ kaurawa වංශයයි. මධ්‍යම භාරතයේ ගංඟා යමුනා ගංගා දෙක අතර පිහිටි කුරු රට දැනටද හඳුන්වන්නේ කුරුක්ෂේත්‍ර දිස්ත්‍රික්කය ලෙසටය. මෙයට වසර 3000 කට පමණ පෙර එරට රජකල කෞරව රාජ වංශයේ කෟෙරව_- පාන්ඩව දෙමස්සිනාලා දෙපසට බෙදී කල මහා යුද්ධය " මහා භාරත යුද්ධය " ලෙස හැඳින්වේ. මෙම යුදයෙන් පැරදුනු කෞරව වංශිකයන්ගෙන් සමහරුන් අවට රට වලට විසිර ගියහ. ඔවුන් දකුණු ඉන්දියාවට මෙන්ම හෙළදිවටද සංක්‍රමණය වූහ. බුදුන්ගේ කාලයටත් පෙර මෙරටට පැමිණි කෞරවයෝ මෙරටෙහි රජුන් බවට පත්වූහ.

බුදුන් වහන්සේ කුරුරට වැසියන් බුද්ධිමතුන් ලෙස හඳුන්වාදී මහා සතිඵට්ඨාන සූත්‍රය එරට වැසියන්ට දේශනා කලහ.

කරාව ලෙස හදුන්වනු ලැබූ කුලයක් රොබට් නොක්ස් ගේ එදා හෙළදිව හි "කුලමල ගරු නම්බු" පරිච්ඡේදයේ සදහන් නොවේ. මහනුවර යුගයෙදී ගොවි කුලය හැර අන් සෑම සෑම කුලයකටම අපහාසාත්මක වෙනත් නම් පටබැද අැත.

දේව වංශය හකුරු කුලයක් ලෙස අපහාස කලත් එය බ්‍රාහ්මණ වංශයකි. විදේශීය අාක්‍රමණ නිසා කඳුකරයට පලා අා දේව වංශිකයන් උඩරට සරුවට වැවී තිබුණු කිතුල් ගස් වලින් තෙලිජ්ජ , රා  ; පැණි සහ හකුරු සෑදූහ. ඔවුන්ට කන්දයෝ සහ හකුරෝ යන අපහාසාත්මක නම් පටබැඳුනේ මේ නිසාය.

දෙවියෙකු ලෙස සලකන ප්‍රාදේශීය නායකයකු වන සුමණ සමන් සිට අනගාරික ධර්මපාල . පේද්‍රිස් සොයිසා වැනි ශ්‍රේෂ්ඨයන් බ්‍රාහ්මණ වංශයේ දේව වංශිකයෝ වෙති. හාලි ලෙසින් අපහාසාත්මක ලෙස හඳුන්වන්නේද ශාලිග්‍රාම බ්‍රාහ්මණ වංශයටය.  ; බ්‍රාහ්මණ වංශයේම උප වංශයක් වන බෝධි වංශයට අපහාස කරන්නේ පද්දෝ කියමිනි.

ක්ෂත්‍රිය වංශය ලෙසින් හඳුන්වන්නේ රාජ වංශයයි. බුදුන් වහන්සේද ක්ෂත්‍රිය වංශිකයෙකි.උන් වහන්සේ බුද්ධිමතුන්ගේ දේශය ලෙස සඳහන් කල කුරුරටට වැඩමකොට කෞරව රාජවංශිකයන්ට ගැඹුරු දහමක් වන සතිපට්ඨාන සූත්‍රය දේශනා කලේ ය. කුරුරට මධ්‍යම ඉන්දියාවේ ගංගා යමුණ ගංඟා අතර පිහිටා අැති අතර දැන් එය kurukshestra දිස්ත්‍රික්කය ලෙසින් හඳුන්වන නවදිල්ලිය පිහිටි පලාතයි. තවමත් ඉන්දියාවේ මෙන්ම ලංකාවේද කෞරව රාජවංශිකයෝ සිටිති. කෞරව රාජ වංශිකයන්ට පමණක් ඔවුන්ගේ මංගල සහ අවමංගල උත්සව වලදී මුතුකුඩ සේසත් තෝමර පන්දම් උඩුවියන් පාවාඩ වල්විදුනා පාවිච්චි කරන්නට උරුමයක් අයිතියක් අැත.

ක්ෂත්‍රිය කෞරව වංශිකයන් හෙළදිවෙහි වාසය කරන්නේ බුදුන්ගේ කාලයටත් පෙර සිට බවත් බුදුන් වහන්සේ හෙලදිවට වැඩමකල අවස්ථාවක තම නෑයින් හමුවීමට කාචර ගාමයට ගිය බවත්



තංගල්ල සිට හලාවත දක්වා මුහුදු බඩ පටු තීරයක ජීවත් වන ජනගහනයෙන් බහුතරය කරාව කුලයට අයත්ය. මොවුන් අතරින් මොරටුවේ සිට හලාවත දක්වා වන තීරයේ ජීවත් වන කරාව ප්‍රජාවගෙන් අති විශාල බහුතරය කතෝලිකයන් වන අතර පානදුරේ සිට තංගල්ල දක්වා විහිදී යන තීරයේ ජීවත් වන ප්‍රජාවෙන් බහුතරය බෞද්ධයන්ය. උප කුලයන්; මුධලි පෙරුව, නාවිකයො, වඩූවො, හෙල බැඳි කරා, කොල බැඳි කරා, ටොක් කෙවුල්කරා, ඉදමල් කෙවුල් කරා, ගම් බැඳි කරා, හුණු කරා, දැල් කොටු කරා (අමරසේකර, 1988:21.)

සලාගම කුලය

සලාගම කුලය මුහුදු බඩ ප්‍රදේශ වලට සීමා වූ කුලයකි. සලාගම කුලයේ ජනයා බහුතරයක් බෞද්ධයන් සුලුතරයක් කතෝලිකවෙ. මහා විජයබාහු රජ (1055-1010) එතුමාෙග් ඔටුණු පැළැදවීෙම් උත්සවය සඳහා උතුරු ඉන්දියාෙව් සාෙලයියා ගම (ශාලිගාම) වාසී උසස්බාහ්මණ පිරිසක්ය පැමිණ කර ඇති අතර මෙම කුලය ඔවුන්ගෙන්තා පැවැත්ව එන බව විශ්වාස කෙරේ. පශ්චාත් කාලීනව ඔවුන් කුරුඳු වැවිලිකරුවන් වි මේ විදේශ විනිමය උපයන්න ගත් අතර පහත රට යහමින් මුදල් තිබු කුලයකි. ගොවිගම කුලයට සපෙක්ෂව පහත් කුලයක් වන නමුදු අනෙක් කුලවලට වඩා උසස් යයි සැලකේ. සලාගම කුලය තුළද පණිවිඩකාර හෝ ඉලන්දාරි සලාගම, හේවාපන්න සලාගම, කුරුදුකාර සලාගම, ඌලියන්කාර සලාගම ලෙස උප කුල 4 කි.

දේව

විජයාගමනයට පෙර ශ්‍රී ලංකාවේ ජීවත් වූ යක්ෂ, නාග, දේව, රාක්ෂ යන ගෝත්‍ර හතර අතරෙන් කුලයක් ලෙස නොව ගෝත්‍රයක් ලෙස සැලකිය හැකි ජන කොටස වන්නේ දේව ගෝත්‍රික ජනතාවයි. හින්දු ආගමික මූලයන්ගෙන් පැවත නොඑන ඇදහීමවලට අනුව දේශීය දෙවියෙක් සේ වර්තමානයේ අදහන මහ සමන් දෙවියන් යනු අතීත දේව වංශිකයන්ගේ රජු වූ අතර බුදු හිමියන්ගෙන් ධර්ම ශ්‍රවණය කොට මාර්ග ඵල ලබා ගත් අපරටේ රාජ්‍ය නායකයාද වේ. නමුත් කාලිංග මාඝ යුගයේ සිට විපරිත ගොවිගම කුලය මූලික කොටගත් බ්‍රාහ්මණ වෙල්ලාල කුල ක්‍රමයේ ආරම්භයත් සමග ඔවුන් උස් කදු මුදුන්වල ජීවත් වීම ආරම්භ කලේ තම "වංශපුර්නත්වය" රැක ගනිමිනි. එනිසා ඔවුන් වංශපූර්ණ නොහොත් වහුම්පුර ලෙස හදුන්වාගත් බව බව පෙනේ. ගොවිගම කුලයට පසුව සිංහල ජනගහනයෙන් දෙවන විශාලතම ජනතාව වන දේව ගෝත්‍රිකයන් කන්ද උඩරට ප්‍රදේශ වලත් රටේ හැමතැනමත් විසිරී සිටිති. පන්ඩුකාභය රජ සමයේ යක්ෂ, නාග, දේව, රාක්ෂ ගෝත්‍ර හා විජය ඇතුලු පිරිස එක්ව සිංහල ජාතිය ලෙස එක්සත් වීමෙන් පසු දුටුගැමුණු රජරජතුමාගේ සෙන්පතිවරු සේ බොහෝ දේව ගෝත්‍රික නායකයන් කටයුතු කලහ. අනුරාධපුර යුගයේ මෙරට පාලනය කල ලම්බ්භකර්ණ වංශිකයන්ද දේව ගෝත්‍රිකයන් බව ඉතිහාසයේ සදහන් වේ. වීරසුන්දර බණ්ඩාර නම් ගොවිගම පියෙක් හා කොස්බොක්කේ විමලු නම් බත්ගම මවකගෙන් උපන් යටිනුවර පේරාදෙණිය ඒදෙඩුවාවේ කොනප්පු බණ්ඩාර විමලධර්මසූරිය 1 නමින් උඩරට රජවීමෙන් හා ඔඔහුගේ පසු පරම්පරාව ඊනියා සූර්ය වංශ විවාහ සොයා කේරළ ද්‍රවිඩයන් සමග විවාහ බැදී පසු කාලිංග මාඝ යුගයේ ආරම්භ වූ ගොවිගම වෙල්ලාල මූලික හින්දු කුල ක්‍රමය මනාව මෙරට ස්ථාපනය විය. මෙනිසා කන්ද උඩරට මූලිකව කදු පලාත් වාසභුමි කරගත් ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය කිතුල්ගස් මැද පැණි හකුරු නිපදවීම වූ අතර උඩරට රජුන්ට දැකුම් සතුටු පඩුරු ලෙස ඉඩම් ලබා ඉඩම් හිමියන් වූ රදල පවුල් වල ඉවුම් පිහුම් කටයුතු වල යෙදීමත්, එවැනි අයගේ ගෘහසේවා කටයුතු හා ආගමික උත්සව වලදී හොරණෑ පිඹීමත්, එම පවුල්වල උත්සව වලදී කැවිලි පෙට්ටි ඔසවාගෙන යාමත් මහනුවර යුගයේ ඔවුන්ට අයත් කාර්යයන් විය. (මෙම කුලය සකුරු, ශක ආරණ්‍ය, වංශ පූර්ණ, වසුම්පුර, සුදු කරා, සගරම්බු සහ කන්දේ ඇත්තෝ ලෙස ප්‍රධාන උප කුල හතකට ඛෙදී පවතී. අයිවන්, 1990:33/34.)

බත්ගම කුලය

ලංකාවේ අනුරාධපුර යුගයටත් එහා ගිය ඉතිහාසයක් සහිත කුලයති.ශ්‍රී රාවනා රජුගෙන් පැවත එන යක්ක ගෝත්‍රික ජනයාගෙන් පැවත එන්නන් සේ සැලකේ.අතීතයේ එනම් අනුරාධපුර යුගයේදී මොවුන් බලත්ත කුලිකයන් වශයෙන් හදුන්වා ඇති අතර එය එකල පැවති උසස්ම කුලයක් වන බවත් සමාජ මතයකි.අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ සතර දොරටු බාරව කටයුතු කර ඇත්තේද මෙම බලත්ත කුලිකයන් විසිණි. අතීතයේ සිදුවූ මහා නිර්ම‍ානයන් සියල්ලක්ම පාහේ මොවුන් අතින් සිදුවී ඇති බව සැලකේ.එමෙන්ම පුලස්ති රිසිවරයාගෙන් පැවත එන හෙළ වෙදකම තවමත් එලෙසම මොවුන් අත පවතී.මහනුවර යුගයේදී සිදුවූ මහා කුල පෙරළියත් සමග මෙය පහත් කුලයක් බවට පත් වුවද අතීතයේදී මෙරට පාලකයන් මොවුන්ය.මහනුවර යුගයේදී පැවරුණු රාජකාරී අතර ප්‍රභූන් ගමන්ගත් දෝලා හා පැලැක්කි ඔසවාගෙන යාම, පෙරහැරවල කොඩි රැගෙන යාම, යුද සේවා වලට සහභාගී වීම, යපස් ගැරීම ආදිය ඇතුලත්ය. මෙම කුලය (කේ.ටී.සිල්වා, 2005:41.) වර්තමානයේ ඉඩම් හිඟය, විරැකියාව සහ ප්‍රචණ්ඩකාරී ප්‍රවණතා වලට වඩාත්ම ලක් වූ කුලයක් බවට පත්ව ඇත.


( 2019 එක්කිරීමකි ) සත්‍යය කරුනු සනාත කරගැනීමෙන් පසු ගවේශනයන් තුලින් සනාත් කරගත් පසු උපුටාගත්තකි

පදු එහෙමත් නැතිනම් බත්ගම කීවාම ඒ අදාල කුළයට අයිති අය ලැජ්ජා වෙනවා මම පුංචි අවදියේ සිට දැක තිබෙනවා සමහරු ඒ අයට බැන්නේ ඕකුන් ඉර හැරෙනකොට වෙනස් වෙනවා කියලයි ( ඉරේ කතාවට අදාල කතාව ඉස්සරහට මේක කියවනකොට ඔබට දැනේවි )

කවුද මේ පදු මිනිස්සු ඇයි එයාලාව කුළ දූරාවලියේ පහලටම දැම්මේ ..?

සමාජයෙන් නෙරපලාම දාන්න ඒ ජනකොටස කල වරද කුමක්ද..?

පහලම කුළයක් කියලා සමාජගතකරන්නට ඔවුන් කල වරදක් නැත , කලා නම් කලේ ඔවුන් මෙ රටට සේවයක් කල එක පමණකි,

එනම් අනුරාධපුර යුගයටත් එහා ගිය ඉතිහාසයක් තිබෙන එසේ නැතිනම් ලංකාවේ දිගු ඉතිහාසයකට නෑකම් කියන ප්‍රාග් මානවයා හා සම්බන්ධතාවයක් පවතින කුලයකි

අනුරාධපුර යුගයේදී මොවුන් බලත්ත කුලිකයන් වශයෙන් හදුන්වා ඇති අතර එය එකල පැවති උසස්ම කුලයක් වන බවත් සමාජ මතයක් පවතී එනිසාවෙන් මෙම කුළය අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ සතර දොරටු බාරව කටයුතු කල කුළයයි,

අතීතයේ සිදුවූ මහා නිර්ම‍ාණයන් සියල්ලක්ම මොවුන්ගේ නිර්මාණාත්මක මනසින් සහ දෑතින් නිමවූ බව සැබෑවකි ,

හෙළ වෙදකමේ සූරයන්ද මොවුන්වන අතර පුලස්ති රිසිවරයාගෙන් පැවත එන හෙළ වෙදකම තවමත් එලෙසම මොවුන් අත පවතින බවට සහතිකය

අතීතයේ මහා වාරි කර්මාන්ත දාගැබ් ශෛලමය නිර්මාන සියල්ල මෙම ජනතාව අතින් නිම වී ඇති නමුත් එම ඉතිහාසය අදටද වසන්කර ඇත එසේ කර මෙම ජන කොටස පහලටද ඇද දමා ඇත...

වර්තමානයේ ඉඩම් හිඟය, විරැකියාව සහ ප්‍රචණ්ඩකාරී ප්‍රවණතා වලට වඩාත්ම ලක් වූ කුලය මෙම කුලයයි

දුකට කරුණක් නම් මෙම කුලයට අයත් අය පසුකාලීනව ඇතිවූ සමාජ අතීත රාජ්‍ය ජීවිත හානි සහිත බලපෑම් නිසාවෙන් ඔවුන්ගේ සැබෑම වාසගම්ද ඉවත්කරගනිමින් හුදකලා වන්නට විය අද මෙම ජනකොටස තමන් කවුරුන්ද කියා නොදනී එහෙත් අතීතයේ ඇතිවූ පදු නාමය නිසාවෙන් ඔවුන් තමන්ගේ කුළය වසකරමින් සිටී

ඇත්තටම ඔවුනට මෙසේ සිදුවූයේ ඇයි කියා ඔබ දන්නවාද..?

ඔවුන් කල වරද නම් ඔවුන් තමයි තවමත් ජීවමානව සිටින යක්ෂ ගෝත්‍රයට නෑකම් කියන එකම පිරිස

හරිම විදියට කීවොත් සමාජය පද්දා කියමින් පහලට ඇද දැමූ ජන කොටස ශ්‍රී රාවනා රජුගෙන් පැවත එන යක්ෂ ගෝත්‍රික ජනයා සරලවම කියනවා නම් මොවුන් තමයි මහා රාවනා රජවරුන්ගෙන් පැවත එන පිරිසිදු සිව් හෙළ ජන කොටස....

මහනුවර යුගයේ ඇතිවූ මහා කුල පෙරලියෙන් පසු පහත් කුලයක් බවට මෙම කුලය පත්කර ඇත.

දැනට පවතින කුල දූරාවලියේ පහලින්ම පෙන්නුම් කරත් අතීතයේ රට පාලනය කල ඇමතිවරු,දක්ෂ ඉන්ජිනේරු වරු,සේනාපතිවරු මෙම කුලයට අයත් හෙළයන් වෙයි,

එහෙත් මෙම පරපුර ඉතිහාසයේ පාවාදෙන්නන් සහ බලවතු අතින් පීඩා විද අදටත් පහලට ඇද දැමූ කුළයයි මොවුන් මේ හෙළයට කල සේවාව, මහා රාවණා දුෂ්ඨයෙක් කල සේම ඔවුනද පහලට ඇද දමා ඉතිහාසය වසන් කර ඇත.

මෙයද බලන්න

මූලාශ්‍ර

  • අමරසේකර, දයා. 1988, ශ්‍රී ලංකා සමාජය (සමාජ විද්‍යාත්මක විමසුමක්)
  • අයිවන්, වික්ටර්. 1990, ශ්‍රී ලංකාවේ නූතන කැරළිකරුවන්ගේ සමාජ පසුබිම
  • නොක්ස්, රොබට්. 2003, එදා හෙළදිව, ඩේවිඩ් කරුණාරත්න:(පරි)
  • පීරිස්, රැල්ෆ්. 1964, සිංහල සමාජ සංවිධානය (මහනුවර යුගය)
  • සිල්වා, කේ.ටී. 2005, කුලය පන්තිය සහ ලංකාවේ සමාජ ගැටුම්
  • යාල්මාන්, නූර්. 2004, කුල ක්‍රමයේ නම්‍යශීලී බව: උඩරට ගමක අත්දැකීම්, නිස්සංක, රුක්මණී. (පරි) ඉඳුවර
  • Ryan, Bryce. 1953, Cast In Modern Ceylon.

ආශ්‍රිත