"ගෞතම් රෝද්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'{{තොරතුරුකොටුව පුද්ගලයා | name =ගෞතම් රෝද් | image = Rode Gautam...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
8 පේළිය: 8 පේළිය:
| nationality = [[ඉන්දියාව|ඉන්දියානු]]
| nationality = [[ඉන්දියාව|ඉන්දියානු]]
| occupation = නළුවකු, රූපවාහිනී නිවේදකයකු
| occupation = නළුවකු, රූපවාහිනී නිවේදකයකු
| spouse = {{marriage|[[පන්ඛුරී අවස්ථී]]|2018}}
| yearsactive = 2000 – වර්තමානය
| yearsactive = 2000 – වර්තමානය
| website = [http://www.iamgautamrode.com/ නිල වෙබ්අඩවිය]
| website = [http://www.iamgautamrode.com/ නිල වෙබ්අඩවිය]

05:35, 19 අප්‍රේල් 2021 තෙක් සංශෝධනය

ගෞතම් රෝද්
ගෞතම් රෝද්, ලෝඛාන්ද්වාලා සංකීර්ණයේ දී
උපත
ගෞතම් රෝද්

14 අගෝස්තු 1977 (1977-08-14) (වයස 46)[1]
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනළුවකු, රූපවාහිනී නිවේදකයකු
සක්‍රීය වසර2000 – වර්තමානය
කලත්‍රයා(යන්)පන්ඛුරී අවස්ථී (වි. 2018)
වෙබ් අඩවියනිල වෙබ්අඩවිය

ගෞතම් රෝද් (උපත 14 අගෝස්තු 1977) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නළුවකු සහ රූපවාහිනී නිවේදන ශිල්පියෙකි‍. ඔහු රූපවාහිනී වැඩසටහන් ගණනාවකට දායක වී අතර මේ අතර බා බාහු ඕර් බේබි, ලකී, සරස්වතීචන්ද්‍ර සහ මහා කුම්භ්: ඒක් රහස්‍යා, ඒක් කහානි වැනි වැඩසටහන් ප්‍රචලිත ය.

2002දී අනාර්ත් චිත්‍රපටය ඔස්සේ ඔහු සිය බොලිවුඩ් ආගමනය සිදුකළේ ය. නමුත් ඔහු බොලිවුඩ් චිත්‍රපට කිහිපයක සුළු චරිත නිරූපණය කොට ඇත. ඔහුගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍ය ලෙස සරස්වතීචන්ද්‍ර, මහා කුම්භ්: ඒක් රහස්‍යා, ඒක් කහානි සහ සූර්යපුත්‍ර කර්ණ් යන නිර්මාණ සැලකේ. මේ වනවිට ඔහු සරීන් ඛාන් සමග සිය බොලිවුඩ් චිත්‍රපටය වන අක්සර් 2 සඳහා දායකවෙමින් සිටියි.

දිවිය සහ පවුල

ගෞතම් රෝද් උපත ලැබූයේ 1977 අගෝස්තු 14 දින ඉන්දියාවේ දිල්ලියේ ය. මුල්කාලීනව රෝද් සහ ඔහුගේ පවුල නව දිල්ලියේ නවාතැන් ගෙන සිටි නමුත්, පසුව මුම්බායිහි පදිංචි වී තිබේ.[2] මුම්බායිහි දී රෝද් හට නොයෙකුත් මූල්‍යමය අර්බුදවලට මුහුණපෑමට සිදු විය.[2] රෝද්ගේ පියා වූ සුරේන්ද්‍ර රෝද් විශ්‍රාමලත් තැරැව්කරුවකු[2] වූ අතර ඔහුගේ මෑණියන් වූ සංගීතා රෝද් ආභරණ සැලසුම් ශිල්පිණියකි.[3] රෝද්හට රශ්මි නැමැති වැඩිමහල් සොහොයුරියක ද වේ.[4] රෝද් සිය පාසල් අධ්‍යාපනය හදාළේ දිල්ලියේ ධෞගා කුවාන්හි හමුදා මහජන පාසලේ දී ය.[5] ඔහු ෂාහීඩ් භගත් සිං විද්‍යාලය තුළින් ඔහු සිය අධ්‍යාපනය සම්පූර්ණ කළේ ය.[6] ඔහු ශාරීරික යෝග්‍යතාවට ලැදි අතර, නිර්මාංශ පුද්ගලයකු ද වේ.[7] වර්තමානයේ ඔහු පදිංචි වී සිටින්නේ මුම්බායිහි කන්ඩිවාලිහි ය.[8]

වෘත්තිය

රෝද් ඉන්දියානු රූපවාහිනිය වෙත ප්‍රවිෂ්ට වූයේ සී ටීවී නාළිකාවේ ජහන් ප්‍යාර් මිලේ වැඩසටහන තුළිනි.[9] 2000දී, ඔහු රි‍ෂතේ, අප්නා අප්නා ස්ටයිල් සහ Thriller at 10 යන රූපවාහිනී වැඩසටහන්වල කථාංගික චරිත නිරූපණය කළේ ය. 2002දී, අනාර්ත් චිත්‍රපටය ඔස්සේ ඔහු බොලිවුඩ් සිනමාව වෙත පිවිසියේ ය. මෙහි ප්‍රධාන චරිත සංජේ දත්, සුනිල් ෂෙට්ටි සහ ප්‍රීති ජාන්ගියානි විසින් නිරූපණය කරන ලදී.[9] ඔහු මෙම චිත්‍රපටයේ නිරූපණය කළේ ඉන්ස්පෙක්ටර් සමීර් දේශ්මුඛ් නැමැති චරිතයකි. බොලිවුඩ් හුංගාමාහි රසවින්දන ද්වාරයේ තරන් ආදර්ශ් ඔහුගේ රංගන ප්‍රතිභාව පිළිබඳ රචනා කොට ඇත්තේ, "නවක ගෞතම් රෝද් හට තිරය ඉදිරියේ හොඳ පැවැත්මක් ඇති අතර, නළුවකු ලෙස ඔහු අපව විස්මයට පත් කරයි. එහු අපව බෙහෙවින් මුළාවට පත් කරන්නට සමත් ය."[10] අනාර්ත් චිත්‍රපටය දේශීයව ඉන්දීය රුපියල් කෝටි 23.4ක ආදායමක් හිමි කරගැනීමට සමත් විය.[11]

2005දී, ඔහු සිය දෙවන චිත්‍රපටය වූ යූ, බූම්සි ඇන්ඩ් මී චිත්‍රපටයේ රංගනයෙහි යෙදුණේ සොනාල් සේගාල් සහ විවේක් මදන් සමග ය. මෙම චිත්‍රපටයේ ඔහු නිරූපණය කළේ ප්‍රකට රචකයකු වීමට සිහින මවන සෑම් මැක් මටෙල් ගුවන් විදුලි ශිල්පියකු පිළිබඳව ය. තරන් ආදර්ශ් රෝද්ගේ රංගන ප්‍රතිභාව මෙසේ අගයා ඇත, "අනාර්ත් [සංජු සහ සුනීල් සමග] තුළින් ප්‍රවිෂ්ට වූ ගෞතම්, නළුවකු ලෙස දායක වී ඇත. සිය බිරිය අත්හැර ගිය අවස්ථා වැනි [හැඟීම්බර] දසුන් නිරූපණය කිරීමේ දී ඔහු අතිශයින්ම විශිෂ්ට ය."[12] 2005දී, ඔහු සිය රූපවාහිනියේ පළමු වැදගත් චරිතය වන අනිෂ් කොතාක්ගේ චරිතය බා බාහු ඕර් බේබි තුළ නිරූපණය කළේ ය.

එම වර්ෂයේම, ලකී නැමැති රූපවාහිනී කතාමාලාවේ ලකීගේ චරිතය ඔහු විසින් නිරූපණය කළ ප්‍රථම ප්‍රධාන චරිතය ලෙස සැලකේ. ඉන් පසුව ඔහු වැඩසටහන් රාශියක පසුබිම් සහ සහාය චරිත නිරූපණයේ යෙදී ඇති අතර, මේ අතරට ප්‍රින්සස් ‍ඩොලී ඕර් උස්කා මැජික් බෑග් (2006), බේටියාන් අප්නි යා පරායා ධාන් (2006), ෂ්...කොයි හේ (2008), සිම්ප්ලි සප්නේ (2008), රූබි (2008), බාබුල් කා ආන්ගාන් චූටේ නා (2008) යන නිර්මාණ ඇතුළත් වේ. 2009දී, රෝද් අග්‍යාත් චිත්‍රපටයේ පෙනී සිටියේ ය. මෙහි නිතින් සහ ප්‍රියංකා කොතාරි ද චරිත නිරූපණය කරන ලදී. මෙහි ඔහු නිරූපණය කරන ලද්දේ සිය මස්පිඬු සහ ප්‍රධාන කාන්තා චරිතය වන ආශා කෙරෙහි පමණක් සැලකිළිමත් වන ෂාමන් කපූර් නැමැති ආත්මාර්ථකාමී චරිතයකි‍. තරන් ආදර්ශ් ඔහුගේ රංගන ප්‍රතිභාව පිළිබඳ මෙසේ රචනා කොට ඇත්තේ "ගෞතම් රෝද් හිතුවක්කාර සුපිරි තරුවකගේ චරිතය විශ්වාසයෙන් යුතුව නිරූපණය කරන බවයි."[13] අග්‍යාත් චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 45.4ක ආදායම් දේශීයව ලබා ගැනීමට සමත් විය.[14]

2010දී, ඔහු විසින් මාතා කි චෞකි, කාෂි – අබ් නේ රහේ තේරා කාගාස් කෝරා, Crime & Bollywood, මාන් රහේ තේරා පිතා සහ ආහත් යන රූපවාහිනී වැඩසටහන්වල පසුබිම් සහ සහාය චරිත නිරූපණ සිදුකරන ලදී. 2010දී, ඔහු ඹීරා නාම් කරේගි රෝෂන් වැඩසටහනට සම්බන්ධ වූ අතර, මෙහි ඔහු නිරූපණය කළේ සම්වාද් නැමැති අන්‍යයන් ප්‍රීතිමත් කිරීමට උත්සාහ දරන තරුණයකුගේ චරිතයකි.[15] 2011දී, ඔහු විසින් පරිචේ නැමැති රූපවාහිනී කතාමාලාවේ විනීත් සක්සේනාගේච චරිතය නිරූපණය කරන ලදී. 2012දී, රෝද් තේරි මේරි ලව් ස්ටෝරීස් කතාමාලාව තුළ තරුණ්ගේ චරිතය නිරූපණය කළේ ය. එම වර්ෂයේම ඔහු විසින් කරන් වාහි සමග රියැලිටි නර්තන වැඩසහටනක් වූ නාච් බාලියේ 5 මෙහෙයවන ලදී.[16]

2013දී, ඔහු විසින් සංජේ ලීලා භන්සාලිගේ සරස්වතීචන්ද්‍ර රූපවාහිනී කතාමාලාවේ සරස්වතීචන්ද්‍ර නැමැති ප්‍රධාන චරිතය නිරූපණය කරන ලදී. මෙහි ඔහු සමග සෙසු ප්‍රධාන චරිතය ජෙනිෆර් විංගට් විසින් නිරූපණය කරන ලදී.[17] ‍මෙම කතාමාලාව ඔහුගේ රංගන දිවියේ සන්ධිස්ථානයක් වූ අතර, එහි රංගනය වෙනුවෙන් ඔහු පැසසුම් දිනාගත් අතර අතිශයින් ජනප්‍රියත්වයට ද පාත්‍ර විය.[17] 2013දී, ඔහු විසින් නාච් බාලියේ 6 වැඩසටහන මෙහෙයවන ලද්දේ කරන් වාහි සමග සහයෝගීත්වයෙනි.[16] 2014 සැප්තැම්බර් 20 දින සරස්වතීචන්ද්‍ර රූපවාහිනී කතාමාලාව අවසන් විය.[18]

2015 වර්ෂයේ දී, ඔහු තවත් රූපවාහිනී කතාමාලාවක් සඳහා දායක වූ අතර එය මහා කුම්භ්: ඒක් රහස්‍යා, ඒක් කහානි නැමැති ත්‍රාසජනක මිත්‍යා කථාවක් විය.[19] මෙහි ඔහු නිරූපණය කළේ මිනිස් වර්ගයා ආරක්ෂා කරන රුද්‍ර නැමැති "ගාරුඩ්"වරයාගේ චරිතයයි.[19] මෙම කතාමාලාව යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි කරගන්නට අසමත් වූ අතර, 2015 අප්‍රේල් මස නිමාවට පත් විය.[20] 2015දී ම, ඔහු සූර්යපුත්‍ර කර්ණ් කතාමාලාව සමග සම්බන්ධ වූ අතර, ඔහු විසින් එහි ප්‍රධාන චරිතය වූ කර්ණාගේ චරිතය නිරූපණය කරන ලදී.[21] මෙම කතාමාලාව 2016 ජූලි මස අවසන් විය.[22] 2016 අගොස්තු මස, රෝද් අනන්ත් මහාදේවන්‍ගේ අක්සර් 2 සඳහා අත්සන් තැබී ය. මෙහි ඔහු සමග සරීන් ඛාන් රංගනයේ යෙදේ.[23]

නිර්මාණ දායකත්වය

චිත්‍රපට

වර්ෂය චිත්‍රපටය චරිතය සටහන් Ref(s)
2002 අනාර්ත් ඉන්ස්පෙක්ටර් සමීර් දේශ්මුඛ් ප්‍රථම චිත්‍රපටයයි.
2005 යූ, බොම්සි ඇන්ඩ් මී සෑම් මැක් පටෙල් [24]
2009 අග්‍යාත් ෂාමන් කපූර් [25]
2017 අක්සර් 2 TBA [23]

රූපවාහිනිය

වර්ෂය වැඩසටහන චරිතය Ref(s)
1995 ජහන් ප්‍යාර් මිලේ රිජ්ජු
2000 රිෂ්තේ කථාංගික චරිතය
2000-01 අප්නා අප්නා ස්ටයිල් රොකී
2000 Thriller at 10 කථාංගික චරිත
2005-07 බා බාහූ ඕර් බේබි අනිෂ් කොතාක් [26]
2005 ලකී ලකී [27]
2006 බේටියාන් අප්නි යා පරායා ධාන් පර්ත්
2008 ඉන්තෙසාර් මෝහන්/මාධව්
2008 සිම්ප්ලි සප්නේ කරන් මෙහ්රා [28]
2008 රූබි කුණාල්
2008-09 බාබුල් කා ආන්ගාන් චූටේ නා ලඛාන් මලික්
2010 මාතා කි චෞකි අමාන්
2010 කාෂි – අබ් නා රහේ තේරා කගාස් කෝරා ෂෞරයා
2010 Crime & Bollywood දොන් රඝු
2010 මාන් රහේ තේරා පිතා රාජ්වීර්
2010 ආහත් ඔහු ලෙසම
2010-11 මේරා නාම් කරේගි රෝෂන් සම්වාද් [15]
2011 පරිචේ විනීත් සක්සේනා
2011 India's Got Talent (වාරය 3) නිවේදක [29]
2012 තේරි මේරි ලව් ස්ටෝරීස් තරුන් [30]
2012-13 නාච් බාලියේ 5 නිවේදක [29]
2013-14 සරස්වතීචන්ද්‍ර සරස්වතීචන්ද්‍ර ව්‍යාස් [31]
2013-14 නාච් බාලියේ 6 නිවේදක [27]
2014-15 මහා කුම්භ්: ඒක් රහස්‍යා, ඒක් කහානි රුද්‍ර [32]
2015-16 සූර්යපුත්‍ර කර්ණ් වැඩිහිටි කර්ණා [33]

සංගීත වීඩියෝ නිරූපණ

වර්ෂය තේමාව චරිතය ශිල්පි(යා) ඇල්බමය Ref(s)
2011 "කභි මෞසම් හුවා රේෂම්" නම් නොකළ අභිජීත් භට්ටාචාර්ය තෙරෙ බිනා [34]
"මුජේ කන්හේයා කහා කරෝ" [35]
"චල්නේ ලගි හේ හවායේන්" [36]
"නීන්දොන් මේන් ඛ්වාබොන් කා සිසිලා" [37]
"ශුක්රියා ශුක්රියා සාර්ස් ටු තුම්නේ දියා" අගම් කුමාර් නිගම් බේවාෆායි [38]
2015 "ඕ මේරි ජාන්" ඔහු ලෙසම සුහායිල් සාර්ගාර් [39]
2015 "කුට්ටේ" ඔහු ලෙසම ධ්‍රැබජ්‍යොත් භාදුරි [40]

සම්මාන සහ නිර්දේශ

වර්ෂය සම්මානය ප්‍රවර්ගය කෘතිය ප්‍රතිඵලය
2013 සී ස්වර්ණ සම්මාන වඩාත් ගැළපෙන නළුවා සරස්වතීචන්ද්‍ර දිනාගති[41]
හොඳම නළුවා නිර්දේශිත[41]
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන හොඳම නළුවා නිර්දේශිත[42]
GR8! වසරේ ශිල්පියා නිර්දේශිත[42]
2014 දාදාසහේබ් ෆල්කේ සම්මාන හොඳම නළුවා සම්මානය දිනාගති[43]
සී ස්වර්ණ සම්මාන හොඳම නළුවා (ජනප්‍රිය) දිනාගති[44]
ඉන්දියානු ටෙලි සම්මාන ප්‍රදාන චරිතයක හොඳම නළුවා දිනාගති[45]
හොඳම මෙහෙයවන්නා (කරන් වාහි සමග) නාච් බාලියේ නිර්දේශිත[46]
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන හොඳම මෙහෙයවන්නා නිර්දේශිත[47]
2015 ලයන්ස් ගෝල්ඩ් සම්මාන හොඳම නළුවා සරස්වතීචන්ද්‍ර දිනාගති[48]
2016 සූර්යපුත්‍ර කර්ණ් දිනාගති[49]

ආශ්‍රේයයන්

  1. "Birthday Boy Gautam Rode Turns 36 Today". Oneindia.in. 14 August 2013.
  2. 2.0 2.1 2.2 "10 virtues that will make you fall in love with Gautam Rode". The Times of India. සම්ප්‍රවේශය 23 January 2016.
  3. "10 virtues that will make you fall in love with Gautam Rode". The Times of India. සම්ප්‍රවේශය 23 January 2016.
  4. "Take inspiration from TV stars on gift ideas this Raksha Bandhan". dna. 29 August 2015. සම්ප්‍රවේශය 23 January 2016.
  5. "400 crunches a day keeps Gautam Rode fit". The Times of India. සම්ප්‍රවේශය 23 January 2016.
  6. "Richa Chadha in Stephens, Anurag Kashyap in Hansraj: Find out which DU College your favourite stars attended -BNews - IBNLive Mobile". IBNlive. 23 June 2015. සම්ප්‍රවේශය 23 January 2016.
  7. "Who says a pure vegetarian cannot get six-pack abs: Gautam Rode". The Times of India. සම්ප්‍රවේශය 24 January 2016.
  8. "Behind closet doors: Gautam Rode". Hindustan Times. සම්ප්‍රවේශය 24 January 2016.
  9. 9.0 9.1 "Big boys of the small screen". The Telegraph. සම්ප්‍රවේශය 24 January 2016.
  10. Bollywood Hungama (1 November 2002). "Annarth". සම්ප්‍රවේශය 24 January 2016.
  11. Bollywood Hungama. "Annarth". සම්ප්‍රවේශය 25 January 2016.
  12. Bollywood Hungama. "U, Bomsi n Me - Latest Hindi Movie Review by Taran Adarsh - Bollywood Hungama". සම්ප්‍රවේශය 24 January 2016.
  13. Bollywood Hungama (7 August 2009). "Agyaat". සම්ප්‍රවේශය 24 January 2016.
  14. Bollywood Hungama. "Agyaat". සම්ප්‍රවේශය 25 January 2016.
  15. 15.0 15.1 "GAUTAM RODE ENTERS ZEE TV'S MERA NAAM KAREGI ROSHAN". Zee TV.
  16. 16.0 16.1 "Gautam Rode and Karan Wahi to continue as 'Nach Baliye' hosts". dna. 27 September 2013. සම්ප්‍රවේශය 24 January 2016.
  17. 17.0 17.1 "Gautam Rode isn't quitting Saraswatichandra". The Times of India. සම්ප්‍රවේශය 24 January 2016.
  18. "Saraswatichandra set to go off air, Gautam Rode tweets last day pics with Jennifer Winget and crew - daily.bhaskar.com". daily.bhaskar.com. සම්ප්‍රවේශය 24 January 2016.
  19. 19.0 19.1 "A sixty episode treat". සම්ප්‍රවේශය 24 January 2016.
  20. "Off Air - Shows you might miss on TV soon - News Stories, Latest News Headlines on Times of India". The Times of India. සම්ප්‍රවේශය 24 January 2016.
  21. "My role as Karn was meant to be: Gautam Rode". සම්ප්‍රවේශය 24 January 2016.
  22. "Gautam's 'Suryaputra Karn' gets an extension - Times of India". සම්ප්‍රවේශය 27 August 2016.
  23. 23.0 23.1 "Gautam Rode's 'Aksar 2' director is all praise for him - Times of India". සම්ප්‍රවේශය 27 August 2016.
  24. "U, Bomsi & Me(2005)". Bollywood Hungama.
  25. "Hot 'N' Happening". The New Indian Express. 2 April 2014.
  26. "In showbiz if you are out of sight, you are out of mind: Gautam Rode". The Times Of India. 10 February 2013.
    "Baby & Birju from 'Baa, Bahu and Baby' chat up". The Times Of India. 12 February 2008.
  27. 27.0 27.1 "Gautam Rode prefers acting to hosting". NDTV. 5 November 2013.
  28. "'Marriage? Not right now': Gautam". The Times Of India. 13 April 2008.
  29. 29.0 29.1 "TV actors who became more successful as hosts". The Times Of India. 22 April 2013.
  30. "In showbiz if you are out of sight, you are out of mind: Gautam Rode". The Times Of India. 10 February 2013.
  31. Maheshwri, Neha (25 February 2013). "Saraswatichandra: A lavish love story". indiatimes.com. සම්ප්‍රවේශය 7 April 2014.
    Maheshwri, Neha (15 July 2014). "Gautam Rode isn't quitting Saraswatichandra". The Times Of India.
  32. 'Mahakumbh' is my most challenging show ever: Gautam Rode. IBN Live. Press Trust of India. 10 December 2014.
    "Gautam Rode to enter Mahakumbh on New Year's eve". The Times Of India. 28 December 2014.
  33. "Gautam Rode joins 'Suryaputra Karn'". The Indian Express. 2015-09-22. සම්ප්‍රවේශය 2015-12-05.
  34. "Kabhi Mausam Hua Resham" - Full Video Song - Tere Bina by Abhijeet. 18 September 2011. සම්ප්‍රවේශය 14 March 2016 – via YouTube.
  35. Mujhe Kanhaiya Kaha Karo (Full Video Song) Abhijeet Bhattacharya - Tere Bina. 24 October 2002. සම්ප්‍රවේශය 14 March 2016 – via YouTube.
  36. Chalne Lagi Hai Hawayein (Full Video) "Tere Bina" - Abhijeet. 16 September 2011. සම්ප්‍රවේශය 14 March 2016 – via YouTube.
  37. Neendon Mein Khwabon Ka Silsila (Tere Bina) - By Abhijeet Bhattacharya. 17 September 2011. සම්ප්‍රවේශය 14 March 2016 – via YouTube.
  38. Shukriya Shukriya Dard Jo Tumne Diya (Full Song) - Bewafaai "Agam Kumar Nigam". 16 November 2011. සම්ප්‍රවේශය 14 March 2016 – via YouTube.
  39. "TV celebs shoot a music video for a cause - Entertainment". Mid Day. 27 May 2015. සම්ප්‍රවේශය 7 September 2015.
    O Meri Jaan - Suhail Zargar. 19 June 2015. සම්ප්‍රවේශය 14 March 2016 – via YouTube.
  40. "Kuttey" #guiltindia : Feat.Gautam Rode - Indian Street Children - Awareness Video. 12 February 2015. සම්ප්‍රවේශය 14 March 2016 – via YouTube.
  41. 41.0 41.1 "Photos: 2013 Boroplus Gold Awards Winners List!". Oneindia.in. 23 July 2013.
  42. 42.0 42.1 "THE INDIAN TELEVISION ACADEMY AWARDS 2013 - TOP - 5 NOMINEES (JURY & POPULAR)". Indiantelevisionacademy.com. 4 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  43. "Kapil Sharma And Gautam Rode Receive Dadasaheb Phalke Award 2014". Oneindia.in.
  44. "Zee Gold Awards 2014 Complete List Of Winners". Oneindia.in. 21 May 2014.
  45. "Gautam Rode claims Indian Telly Award". The Times Of India. 10 September 2014.
  46. "13th Indian Telly Awards 2014: Nomination List!". Oneindia.in. 10 September 2014.
  47. "THE ITA AWARDS 2014 - TOP 5 NOMINEES (JURY & POPULAR)". Indiantelevisionacademy.com. 25 July 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  48. "Lions Gold Awards: Divyanka Tripathi, Gautam Rode Win Best Actor Awards!". Oneindia.in. 7 January 2015.
  49. "22nd Lions Gold Awards: Naagin's Adaa Khan, Gautam Rode, Asha-Rithvik, Mona-Iqbal Bag Awards - PICS". www.filmibeat.com. සම්ප්‍රවේශය 25 January 2016.

බාහිර සබැඳි

"https://si.wikipedia.org/w/index.php?title=ගෞතම්_රෝද්&oldid=480792" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි