"ගුවනේ ශ්‍රේෂ්ඨත්වය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
File renamed: less generic name and id subjects better, හේතුව ලෙස දක්වා CommonsDelinker විසින් Supermarinespitfire.JPG ගොනුවේ නම [[commons:File:Formation_of_No.19_Squadron_RAF_Supermarine_Spitfire_Mk.Is_in_19
 
11 පේළිය: 11 පේළිය:

==දෙවන ලෝක යුද්ධය==
==දෙවන ලෝක යුද්ධය==
[[Image:Supermarinespitfire.JPG|thumb|බ්‍රිතාන්‍ය ආරක්ෂක ප්‍රහාර ගුවන් යානා]]
[[Image:Formation of No.19 Squadron RAF Supermarine Spitfire Mk.Is in 1938 over Cambridgeshire.jpg|thumb|බ්‍රිතාන්‍ය ආරක්ෂක ප්‍රහාර ගුවන් යානා]]
මෙතැන් පටන් ගුවනේ බලය සතු කර ගැනීමේ අදහස යුධ හමුදාවෙහි ක්‍රමෝපායන්හි වැදගත් තැනක් ඉසිලීය. උදාහරණයක් ලෙස II වැනි ලෝක මහා සංග්‍රාමයේ දී බ්‍රිතාන්‍යයන්ගේ විජයග්‍රා‍හි ගුවන් ආරක්ෂණ ක්‍රමය දැක්විය හැකිය. මෙමඟින් ඉංග්‍රීසි යුද්ධයේදී ජර්මානුවන්ගේ ගුවනේ අණසක ප්‍රහීන කළ අතර මුහුදින් කළ “මුහුදුසිංහ මෙහෙයුම” ද පරාජය කරන ලදි. පසුව මිත්‍ර හමුදා ජර්මානු කාර්මික හා සිවිල් මර්මස්ථාන වලට බෝම්බ හෙලා විනාශ කිරීමේ මෙහෙයුම සාර්ථකව නිම කරන ලදී.

06:08, 3 මාර්තු 2021 වන විට නවතම සංශෝධනය

ගුවනේ ‍‍ශ්‍රේෂ්ඨත්වය යනු යුධ සංග්‍රාමයකදී එක් පාර්ෂවයක ගුවන් ශක්තිය අනෙක් පාර්ෂවයට වඩා ඉහළ වීම වේ. නේටෝ සංවිධානය හඳුන්වා දී ඇති ආකාරයට එක් පාර්ෂවයක් අභිබවා අනෙක් පාර්ෂවය සතු ගුවන් ශක්තියේ ප්‍රමාණය අනුව අනෙක් පාර්ෂවයේ පාලන ප්‍රදේශවල පාලනය එකී පාර්ෂවයේ විරෝධයකින් තොරව වඩා ශක්තිමත් පාර්ෂවයකට ලබා ගත හැකි වීමයි. ගුවනේ ශ්‍රේෂ්ඨත්වය සහ ගුවනේ ආධිපත්‍යය වෙනස් වේ.

මෙම ගුවනේ ශේෂ්ඨත්වය නම් වූ සාධකය ගුවන් හමුදාවන් එල්ල කරන බෝම්බ ප්‍රහාර නිසා භූමියේ සිටින බලකායන්ට ලබා ගත හැකි සහාය හේතුවෙනි. තව දුරටත් විස්තර කළ හොත් පැරෂුට් බලකායන් විසින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් භූමියේ සිටින සෙබළුන්ට ඉදිරියට යාමට ඇති බාධක අවම වේ.

භූමියෙන් කැඳවීමක් ලැබුණූ වහාම විනාඩි කිහිපයකින් සහාය ලබාදීමට හැකි වන සේ ගුවන් මෙහෙයුම් නවීකරණය වී ඇත.

පළමු ලෝක යුද්ධය[සංස්කරණය]

අතරමැදි යුධ සමය[සංස්කරණය]

1900 ගණන් වලට පෙර ඉතාලියානු ජාතික ගුවන් න්‍යායාචාර්ය ගුලියො‍් ඩුගෙට් ගුවනේ අණසක පතුරවන්නන් නමින් ලියු ලිපියෙන් අනාගත යුද්ධ වල තීරණාත්මක සාධකය ගුවන බව ප්‍රකාශ කරන ලදී. 1915 වසරේ පසු භාගයේ දී ජර්මානු Lufts treitkrafle යානා මඟින් මිත්‍ර හමුදාවල බුද්ධිමය රහස් තොරතුරු ලබා ගැනීමෙන් මේ බව තහවුරු විනි. II ලෝක යුධ සමයේ ගුලියෝගේ අදහස් ප්‍රතික්ෂේප වුව ද යුද්ධය ඉදිරියට යත්ම ඔහුගේ මතවාදයට යම් කිසි ඉඩක් ලැබිණි. ඒ මිත්‍ර හමුදා ගුවනේ අනසක පැතිරවීමත් සමඟමය.

දෙවන ලෝක යුද්ධය[සංස්කරණය]

බ්‍රිතාන්‍ය ආරක්ෂක ප්‍රහාර ගුවන් යානා

මෙතැන් පටන් ගුවනේ බලය සතු කර ගැනීමේ අදහස යුධ හමුදාවෙහි ක්‍රමෝපායන්හි වැදගත් තැනක් ඉසිලීය. උදාහරණයක් ලෙස II වැනි ලෝක මහා සංග්‍රාමයේ දී බ්‍රිතාන්‍යයන්ගේ විජයග්‍රා‍හි ගුවන් ආරක්ෂණ ක්‍රමය දැක්විය හැකිය. මෙමඟින් ඉංග්‍රීසි යුද්ධයේදී ජර්මානුවන්ගේ ගුවනේ අණසක ප්‍රහීන කළ අතර මුහුදින් කළ “මුහුදුසිංහ මෙහෙයුම” ද පරාජය කරන ලදි. පසුව මිත්‍ර හමුදා ජර්මානු කාර්මික හා සිවිල් මර්මස්ථාන වලට බෝම්බ හෙලා විනාශ කිරීමේ මෙහෙයුම සාර්ථකව නිම කරන ලදී.

ගුවනේ විශිෂ්ටත්වය ලබා ගැනීමේ අරමුණ ගුවන් යානා නිර්මාණකරණය දක්වා බලපාන ලදී. උදාහරණයක් ලෙස පර්ල් වරයාට පහර දුන් ජපන් ගුවන් යානා පහරදීම් සිදු කළේ ජපන් භූමියෙන් සැතපුම් සිය ගණනක් ඈතින් සිටය.

11වැනි ලෝක යුද්ධය සමහරක් ගුවන් යානා සතුරු ප්‍රහාරක යානා විනාශ කල හැකි මට්ටමට දියුණු කළ සුවිශේෂි යානා විය.

ගුවන් ප්‍රහාර වලද ඉතා වැදගත් ප්‍රහාරක යානා වුයේ Me-109 හා FW 190 යන ජර්මානු ප්‍රහාරක යානයත්, Super marine sifter නම් වු බ්‍රිතාන්‍ය ආරක්ෂක ප්‍රහාර යානයත්ය. ක්‍රියාකාරිත්වයෙන් හා පෙනුමින් P-51 යානාව ඉතා වැදගත් පරිවාර යානාවක් විය. 6M Zero යානාව යුද්ධයේදි මුල් කාලයේද ජපනුන්ට මහත් වාසියක් ගෙන දෙන යානාවක් විනි. නමුත් මෙම යානා පසුව F6F Hellcat හා F44 corsair යන නාවුක ප්‍රහාරක හමුවේ ඉතා දුර්වල සටහන්කාමිත්වයක් පෙන්වන ලදී.

දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව[සංස්කරණය]

කොරියානු සහ වියට්නාම යුද්ධ[සංස්කරණය]

කොරියානු යුද්ධයේදී Mig -15 ජෙට් යානාව සියලුම එක්සත් ජාතීන්ගේ යානාවල පෙන් වු විශිෂ්ටත්වය අභිබවා යන ලදි. එක්සත් ජනපදය ඔවුන්ගේ බලසම්පන්න F86 Sabre යානාව හඳුන්වා දීමත් සමඟ මිග් යානාවලට එරෙහි මර්ත අනුපාතය 10: 1 දක්වා ඉහළ නැංවීය.

1950 දි එක්සත් ජනපද නාවික හමුදාව F4 phantom ප්‍රහාරක යානාය හඳුන්වා දෙන තුරු ගුවන් ප්‍රහාරක යානයක් ලෙස පාවිච්චි කලේ F8 Crusader යානයයි. එක්සත් ජනපද ගුවන් හමුදාව F 100 හා F 104 යන විශිෂ්ට ප්‍රහාරක යානා ගුවනේ විශිෂ්ටයන් වුව ද වියට්නාමයේ Mig යානාවල විශිෂ්ටත්වය අභිබවා යාමට නොහැකි විය. පෝක්ලන්ත යුද්ධයේදී British Harrier යානාව Mach 2 Mirage යන ජෙට් යානා වලට එරෙහිව ප්‍රහාරාත්මක යානාවක් ලෙස යොදා ගැනින.

1960 දී වියට්නාම යුද්ධයේදි ඇමරිකානු යානාවල තිබු දුර්වල ජව සම්පන්න භාවය නිසා ජව සම්පන්න යානා පෙලක් වන F-14, F15, F 16 හා F/A -18 හඳුන්වා දී ගුවනේ විශිෂ්ටයන් විමේ ක්‍රියාවලියට එක් විය.

මේ නවාංග කෙටිදුර සංග්‍රාම සඳහා හැකියාව ඇති ගිනි අවි වලින් යුක්තව නිර්මාණය කරන ලදී. F-14 හා F-15 බර යානා වු අතර ඒවායේ දිග දුර රේඩාර් හා මිසයිල රැගෙන යාමේ හැකියාව ‍අනෙක් සැහැල්ලු යානාවලට වඩා වැඩි විය.

"https://si.wikipedia.org/w/index.php?title=ගුවනේ_ශ්‍රේෂ්ඨත්වය&oldid=476406" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි