"ශ්‍රි ලංකා සිවිල් ආරක්ෂක බලකාය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 217.78.6.205 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Anonymous1777 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
1 පේළිය: 1 පේළිය:
{{තොරතුරුකොටුව මිලිටරි ඒකකය|unit_name=සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව|dates=ජනවාරි 1, [[1986]] - වර්තමානය|country=ශ්‍රි ලංකාව
|type=උපහමුදාව
|role=සිවිල් ආරක්ෂාව|size=39,800|command_structure=ආරක්ෂක අමාත්‍යංශය
|motto=ආත්ම පරිත්‍යාගයෙන් යුතුව ජාතිය ආරක්ෂා කරයි|battles=ශ්‍රි ලංකා සිවිල් යුද්ධය, LTTE විරුද්ධ ශ්‍රි ලංකා මානවවාදි මෙහෙයුම |website={{url|http://www.csd.lk}}|current_commander_label=Director General}}
{{තොරතුරුකොටුව මිලිටරි ඒකකය|unit_name=සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව|dates=ජනවාරි 1, 1986 - වර්තමානය|country=ශ්‍රි ලංකාව
|type=උපහමුදාව
|role=සිවිල් ආරක්ෂාව|size=39,800|command_structure=ආරක්ෂක අමාත්‍යංශය
|motto=ආත්ම පරිත්‍යාගයෙන් යුතුව ජාතිය ආරක්ෂා කරයි|battles=ශ්‍රි ලංකා සිවිල් යුද්ධය, LTTE විරුද්ධ ශ්‍රි ලංකා මානවවාදි මෙහෙයුම |website={{url|http://www.csd.lk}}|current_commander_label=Director General}}

14:33, 3 ජනවාරි 2021 තෙක් සංශෝධනය

සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව
Active ජනවාරි 1, 1986 - වර්තමානය
Country ශ්‍රි ලංකාව
Type උපහමුදාව
Role සිවිල් ආරක්ෂාව
Size 39,800
Part of ආරක්ෂක අමාත්‍යංශය
Motto ආත්ම පරිත්‍යාගයෙන් යුතුව ජාතිය ආරක්ෂා කරයි
Engagements ශ්‍රි ලංකා සිවිල් යුද්ධය, LTTE විරුද්ධ ශ්‍රි ලංකා මානවවාදි මෙහෙයුම
Website csd.lk

ශ්‍රි ලංකා සිවිල් ආරක්ෂක බලකාය (සිවිල් ආරක්ෂක බලකාය,ආරම්භයේදි ජාතික නිවාස ආරක්ෂක බලකාය ලෙසද හදුන්වයි ) යනු යුධහමුදා  බලඇණිවලට සමාන බලකායකි.එය ශ්‍රි ලංකා පොලිසියට සහකාරකයක් ලෙස කටයුතු කරයි.එය සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව මගින් පාලනය කරයි. 1985 අංක 40 දරණ හමුදා පනත යටතේ ජාතික නිවාස ආරක්ෂක බලකායට අදාල ක්‍රියාකාරකම් පිහිටුවන ලදී. දේශිය පොලිස් විධානය යටතේ දේශිය ග්‍රාම ආරක්ෂකයන් පැමිනෙන ලදි.ඔවුහු සියල්ලම එල්ටීටීඊ ප්‍රහාරයනගෙන් සිවිල් ජනතාව ආරක්ෂා කර ගැනීමට ඔවුන්ගේ උපන් නගරවල හා ගම්වල යොදවන ලද ස්වේච්චා සේවකයන්ය. සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව පිහිටුවීමත් සමග ග්‍රාම ආරක්ෂකයන් , සිවිල් ආරක්ෂක බලකාය ලෙස නැවත පත් කරන ලද අතර ඔවුන් ආරක්ෂක අමාත්‍යංශයේ විෂය පථය යටතේ පැමිනෙන ලදී . ශ්‍රි ලංකා යුධහමුදාවේ ස්වේච්චා සංචිත බලඇණියක් වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂනය මගින් බලය පැහැදිලි වේ.     සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂක ජනරාල් මහතා චන්ද්‍රරත්න පල්ලේගම ( MA, BSc (Hons), PgD, JP (All-Island), FCPM, MAAT (SL) ) වේ.

කාර්යයන්

ශ්‍රි ලංකා සිවිල් ආරක්ෂක බලකාය

ග්‍රාම ආරක්ෂකයන් විසින්  සිදු කළ යුතු කාර්යයන් පහත ලැයිස්තු ගත කර ඇත:

• පොලිසියට සහායක ලෙස සේවය කරන්නට හා සාමාන්‍යයෙන් අභයන්තර ආරක්ෂාව පවත්වාගෙන යාමේදි උදව් කිරීමට.
• මිනිස් ආරක්ෂක මුර පොළවල් , අඩු ප්‍රමුඛතා ගොඩනැගිලි ආරක්ෂනය ,ස්ථාපනයන් ,ග්‍රාම ආරක්ෂනය ආදි ස්ථතික ආරක්ෂක රාජකාරිවල සේවය කිරීමට
• රටේ ආරක්ෂනය සමග සම්බන්ධ විශේෂ කාර්යයන්  සඳහා සෘජුව හෝ වක්‍රව හදිසි හමුදාවක් ලෙස ක්‍රියා කිරීමට
• මොනයම් හෝ ස්වාභාවික ආපදාවක් වැනි ඕනෑම හදිසි අවස්තාවක මහජනතාවට උදව් කිරීමට

විශේෂ රාජකාරින්

• ආර්ථික වශයෙන් වැදගත්කමක් සහිත මධ්‍යස්ථානවලට ආරක්ෂාව ලබා දිම
• ප්‍රධාන සැපයුම් මාර්ග ආරක්ෂා කිරීම

ඉතිහාසය සහ ස්ථාපනය

ශ්‍රි ලංකා සිවිල් යුද්ධය ඇරඹිමත් සමග බොහෝ ගම්මාන LTTE ප්‍රහාරයන්ට ලක්වෙන ලදි .ප්‍රතිඵලය වූයේ බොහෝ සිවිල් වැසියන්ගේ මරණයන්ය. මෙම ප්‍රහාර හේතුවෙන් ගම්වාසින් ඔවුන්ගේම ආරක්ෂාවට ඔවුන් විසින්ම සංවිධානය වීම ආරම්භ කරන ලදි. රජය විසින් දේශීය ස්වේච්ඡා සේවකයන් වු මුල් ග්‍රාම ආරක්ෂකයන් පළමුව ස්ව ආරක්ෂාවට සාමාන්‍ය තුවක්කු වලින් සන්නද්ධව සිටවන ලදී.  1980 මැද භාගයේදි ජාතික ග්‍රාම ආරක්ෂක සේවය ස්වේච්ඡා සේවාවක් ලෙස දේශ සීමා/තර්ජිත ගම්මාන ආරක්ෂා කිරිමට ස්ථාපිත කරන ලදි.සැහැල්ලු වෙඩි තුවක්කු 12 ක් හා දුඹුරු පැහැති නිල ඇඳුම් ඔවුන් වෙත නිකුත් කරන ලදි . කිසිදු දීමනාවන් නොගෙවු අතර නමුත් සමහර ආහාර සමුපකාර වෙළෙඳසල් හරහා නිකුත් කරන ලදි.ඉන් පසුව, දෛනික දීමනාවක් ගෙවා පොලිස් දෙපාර්තමේන්තුව යටතේ තබා ඇත. පුහුණු කිරිම හොරණ කුඹුක කඳවුරේදි සිදු කරන ලදී

5000 ක් පමණ වු හමුදා පිරිසකගේ ද ශක්තිය සහිතව එවකට ජාතික ආරක්ෂක අමාත්‍ය අභාවප්‍රාප්ත ගරු ලලිත් ඇතුලත්මුදලි විසින් 1986 දී ග්‍රාම ආරක්ෂක සේවාව නිර්මාණය කරන ලදී. ඔවුහු නිල ඇඳුම් හා අවිආයුධ (බොහෝවිට සාමාන්‍ය තුවක්කු) නිකුත් කළ අතර ඔවුහු දේශීය ශ්‍රි ලංකා පොලිස් ඒකක අණ යටතේ වූහ. 1988 දී කාන්තා ග්‍රාම ආරක්ෂකයන් බලකායට එක් වී ඇත. 1993 සිට ඔවුන්ට ස්වයංක්‍රිය ගිනි අවි නිකුත් කර ඇත.  2006 අප්‍රේල් මාසයේ දී ග්‍රාම ආරක්ෂනය, සිවිල් ආරක්ෂක බලකාය ලෙස නැවත නම් කරන ලද අතර 2007 ජනවාරි 1 වැනි දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පිහිටුවීම සිදු වෙන ලදී. එවක පටන් එහි සාමාජිකයන් ඔවුන්ගේ මුල් ගම්මානවලින්  පිටත කොළඹ පවා මහජන ආරක්ෂාව පවත්වාගෙන යාමට යොදවා ඇත.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  2006 සැප්තැම්බර් මස 13 වන දිනැති ගැසට් නිවේදන අංක 1462/20 මගින් මුළු ග්‍රාම ආරක්ෂක සේවය ප්‍රතිවයුහගත කොට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන ලදී. රැකියා නියුක්තිකයන් ගණන 41.500 දක්වා ඉහළ දමා මසක හමුදා පුහුණුව හඳුන්වා දෙන ලදී. තවද, හමුදා නිල ඇඳුමට සමාන නිල ඇඳුම් වර්ග දෙකක් නිකුත් කරන ලදි. සාධාරණ වැටුප් සේවකයන් සඳහා ගෙවන ලදී.

2006 සැප්තැම්බර් 13 වන දිනැති අංක 1462/20 දරණ ගැසට්  පතට අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කාර්යයන් පහත සඳහන් පරිදි වේ:

• රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය අනුව, යුද හමුදා හා පොලිස් සේවයේ ආධාර හා උපකාර ලබා ගැනීම සඳහා පරිපූරක හමුදාවක් ලෙස කටයුතු කිරීම.
• ත්‍රස්තවාදී තර්ජන ඇති ගම්මාන,දේපළ සහ නගර සුරක්ෂිත කිරීම සඳහා කටයුතු කිරීම.
• රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ උත්සවයන් සඳහා පොලිසිය සහ සන්නද්ධ හමුදා සහය වීම.
• ජාතික සිදුවීම් හා වෙනත් ඕනෑම වැදගත් අවස්ථාවන්හිදි ආරක්ෂක අංශ සමග එක්ව කටයුතු කිරීම.
• රට තුළ ඇතිවන විවිධ ආපදා (ගංවතුර, නායයෑම් හා සුනාමි වැනි) හැකිතාක් අවමකර ගැනීමේ ක්‍රියාකාරකම්වලට සහය වීම.
• සමාජ සුභසාධන කටයුතු සඳහා සහාය වීම්.
• ජනාධිපති, අමාත්‍ය (විෂය භාර) හෝ රජය විසින් නියෝග කරන විශේෂ කාර්යයන් සමග එක්ව කටයුතු කිරීම.
• සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල පිහිටුවීම.

කෘෂිකාර්මික, පුරා විද්‍යාව, සංස්කෘතිය, අධ්‍යාත්මික, සමාජ සුභ සාධන සංවර්ධන, සත්ව පාලනය, ක්‍රීඩා සංවර්ධනය, ඉදිකිරීම් සහ ගඩොල් නිෂ්පාදන වැනි බොහෝ ව්යාපෘතීන් ආරම්භ කිරීම හරහා වර්තමානයේදී CSD සේවක පිරිස අදාළ ගම්මානවල ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට දිගටම කටයුතු කරයි.

පෙර සේවය කර ඇති, අධ්‍යක්ෂක ජනරාල්වරු වන්නේ, රියර් අද්මිරාල් සරත් වීරසේකර (එම්.ඒ., දර්ශනපති) සහ රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා  (RSP, VSV, USP, NDC, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, DISS) ය. ආසන්න වශයෙන් සන්නද්ධ සේවා සහ පොලිස් නිලධාරීන් 75ක් වඩා හොඳ පරිපාලනය සඳහා අනුයුක්ත කරන ලදී. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වත්මන් තුන්වන අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම ( MA, BSc (Hons), PgD, JP (All-Island), FCPM, MAAT (SL) ), මහතා ශ්‍රි ලංකා පරිපාලන සේවයේ (SLAS) විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි

ශක්තිය

39,800 කට අධික පිරිසක් සියලු දිස්ත්‍රික්ක සහ පළාත්වල සේවය කරන නමුත් , ඉන් බොහෝ පිරිසක් උතුරු හා නැගෙනහිර පළාත්වල, එල්ටීටීඊ ප්‍රහාර එල්ල වීමෙන් පීඩාවට පත් ගම්මානවල සේවයේ යොදවා ඇත . ඔවුන්ද මහජන ආරක්ෂාව පවත්වාගෙන යාමේදි පොලීසියට සහාය වීමට ප්‍රදාන නගර හා උප නගරවල සේවයේ යොදවා ඇත.

නිලයන්

• දිස්ත්‍රික්ක භාර නිලධාරි
• පාලිකාව
• උප පාලිකාව
• ග්‍රාම ආරක්ෂක

පුහුණුව

පුහුණුව අදියර දෙකකින් ලබා දී ඇත.මූලික පුහුණුව සාමාන්යෙන් සති 2-4ක් සඳහා, විවිධ හමුදා පුහුණු මධ්‍යස්තානයනහිදී  ශ්‍රි ලංකා යුද හමුදාව විසින් සපයා ඇත. ජංගම පුහුණු ඒකක විසින්, ඒකක සේවයේ යොදවා ඇති ප්‍රදේශවල අමතර පුහුණුව වරින් වර සිදු කරනු ලබයි.

උපකරණ

සිවිල් ආරක්ෂක බලකාය, භාවිතා කිරීමට පුහුණු කළ 56  වර්ගය ගිනි අවි, L1A1 ස්වයං පූරණය රයිෆල්, .303 ලී-එන්ෆීල්ඩ් ගිනි අවි හා සාමාන්ය තුවක්කු යන අවි ආයුධ වලින් සමන්විත වේ.

මෙයද බලන්න

• ශ්‍රී ලංකා යුද හමුදා
• ශ්‍රී ලංකා යුද හමුදාව
• ශ්‍රි ලංකා පොලිස්
• ජාතික ආරක්ෂක
•  ශ්‍රි ලංකාවේ පැවති සිවිල් යුද්ධය

ආශ්‍රිත ලිපි

බාහිර සබැඳි