"සී.එන්. අන්නාදුරෙයි" හි සංශෝධන අතර වෙනස්කම්
සුළු Singhalawap සී. එන්. අන්නාදුරෙයි සිට සී.එන්. අන්නාදුරෙයි දක්වා පිටු ගෙන යන ලදී: accepted norm |
File is a derivative work and sources or permission of the original works are not given, හේතුව ලෙස දක්වා Fitindia විසින් Annadurai,_Chennai_Airport.jpg ගොනුව මකාදමා ඇත. |
||
1 පේළිය: | 1 පේළිය: | ||
{{තොරතුරුකොටුව තනතුරුධාරි |
{{තොරතුරුකොටුව තනතුරුධාරි |
||
|name = සී. එන්. අන්නාදුරෙයි |
|name = සී. එන්. අන්නාදුරෙයි |
||
|image = |
|image = |
||
|imagesize = 150px |
|imagesize = 150px |
||
|caption = කොංජීවරම් නඩරාජන් අන්නාදුරෙයිගේ ඡායාරූපයක් (චෙන්නායි ගුවන්තොටුපල) |
|caption = කොංජීවරම් නඩරාජන් අන්නාදුරෙයිගේ ඡායාරූපයක් (චෙන්නායි ගුවන්තොටුපල) |
12:44, 12 ඔක්තෝබර් 2020 තෙක් සංශෝධනය
සී. එන්. අන්නාදුරෙයි | |
---|---|
තමිල්නාඩු මහ ඇමති | |
තනතුර දරමින් 1967 පෙබරවාරි – 1969 පෙබරවාරි 3 | |
අග්‍රාමාත්‍යවරයා | ඉන්දිරා ගාන්ධි |
Governor | සර්දාර් උජාල් සිං |
පූර්වප්‍රාප්තිකයා | M. Bakthavatsalam |
අනුප්‍රාප්තිකයා | V. R. Nedunchezhiyan |
පාර්ලිමේන්තු සාමාජික (රාජ්‍ය සභා), ඉන්දියාව | |
තනතුර දරමින් 1962–1967 | |
ජනාධිපතිවරයා | Sarvepalli Radhakrishnan |
අග්‍රාමාත්‍යවරයා | ජවහර්ලාල් නේරු, ලාල් බහදුර් ශාස්ත්‍රි, ඉන්දිරා ගාන්ධි |
මැඩ්‍රාස් ව්‍යවස්ථාදායක කවුන්සිල සාමාජික | |
තනතුර දරමින් 1967–1969 | |
Premier | සී. එන්. අන්නාදුරෙයි |
Governor | Sardar Ujjal Singh |
මැඩ්‍රාස් ව්‍යවස්ථාදායක සභා සාමාජික | |
තනතුර දරමින් 1957–1962 | |
Premier | කේ. කමරාජ් |
Governor | A. J. John, Anaparambil Bhishnuram Medhi |
පූර්වප්‍රාප්තිකයා | Deivasigamani |
අනුප්‍රාප්තිකයා | S. V. Natesa Mudaliar |
ඡන්ද කොට්ඨාසය | කංචිපුරම් |
පුද්ගලික තොරතුරු | |
උපත | 15 සැප්තැම්බර් 1909 කංචීපුරම්, තමිල්නාඩු, බ්‍රිතාන්‍ය ඉන්දියාව |
විපත | 3 February 1969 මැඩ්‍රාස්, තමිල්නාඩු, ඉන්දියාව | (වයස 59)
කලත්‍රයා | රාණී |
දරුවන් | නැත, එහෙත් සහෝදරියගේ මුණුපුරාව දරුකමට ගන්නා ලදී |
රැකියාව | දේශපාලක |
සී. එන්. අන්නාදුරෙයි (1909 සැප්තැම්බර් 15– 1969 පෙබරවාරි 3), යනු දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිවරයෙකි. ඔහු අන්නා (අයියා) සහ අරිග්නර් අන්නා යන නාමයෙන්ද එකල හැඳින්විණි. තමිල්නාඩු මහ ඇමති ධූරයට පත්වූ පළමු ද්‍රවිඩ පක්ෂ සාමාජිකයාද ඔහු වෙයි.
ඉන්දීය මධ්‍යම පාන්තික පවුලකට දාව උපන් අන්නාදුරෙයි උස් මහත්වූ පසු, පළමුව පාසල් ගුරුවරයෙකු ලෙසත්, පසුව මැඩ්‍රාස් මැතිවරණයේදී මාධ්‍යවේදියෙකු ලෙසත් කටයුතු කලේය. පසුව ද්‍රවිඩර් කසාගම් (Dravidar Kazhagam) පක්ෂයේ ලියාපදිංචි සාමාජිකයෙකු ලෙස කටයුතු කල හෙතෙම, එම පක්ෂයේ පෙරියර් ඊ. වී. රාමසාමිගේ ප්‍රබල අනුගාමිකයෙකුද විය. කාලය සමග එම පක්ෂය තුල මතුවී පෙනෙන චරිතයක් බවට පත්වීමට අන්නාදුරේට හැකිවිය.
නමුත් පසුව, ඉන්දියාවෙන් වෙන්වූ ස්වාධීන ද්‍රවිඩ රාජ්‍යයක සංකල්පයක් වූ ද්‍රවිඩනාඩුව සම්බන්ධ කරුණු ගැන පක්ෂයේ පෙරියර් රාමසාමි සමග අන්නාදුරෙයි මත ගැටුම් ඇති කර ගැනීමත්, එම කාලයේදීම පෙරියර් තමාට වඩා ඉතාම ලාබාළ තරුණියක් විවාහ කර ගැනීමත් නිසා අන්නාදුරෙයි, පෙරියර් සමග ඇතිකරගත් එදිරිවාදිකම් උච්චත්වයට පත් කරගනිමින් ඔහුගේ සහායකයින් පිරිසක් සමග ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK) නමින් නව පක්ෂයක් තනාගෙන පෙරියර්ගේ පක්ෂයෙන් ඉවත් විය. මුල් කාලයේදී මෙම ඩීඑම්කේ (DMK) පක්ෂයද, තම මවු පක්ෂය වූ ද්‍රවිඩ කසාගම් පක්ෂයේ ද්‍රවිඩනාඩුව ඇතිකර ගැනීමේ සංකල්පය ඇතුළු මූලික අරමුණු ලුහුබැන්දත්, 1963 දී චීන-ඉන්දියානු යුද්ධය අවසාන වීමත් සහ ඉන්දියාවේ ජාතික දේශපාලනයේ හා ව්‍යවස්ථාවේ සිදුවූ පෙරලියත් සමග, අන්නාදුරෙයි ඇතුළු පක්ෂය ස්වාධීන ද්‍රවිඩනාඩුවක් පිළිබඳව තිබූ ඉල්ලීම් අත්හැරි බව සඳහන් වෙයි.
එකල ඉන්දියාව පාලනය කල පාලක පක්ෂය වූ කොංග්‍රස් රජයට එරෙහිව ඔහු දියත් කල විවිධ විරෝධතා කිහිපයක් මත ඇතිවූ සමහරක් සිදුවීම් හේතුවෙන් ඔහුව කීප විටක් සිරගත කල බව පැවසේ; 1965 දී මැඩ්‍රාස් හී දියත් කල හින්දි විරෝධී කලබගෑනියක්, ඔහුව අවසන් වතාවට සිරගෙට යවන ලදී. ඔහුගේ තුබූ ආවේගශීලී ප්‍රතිපත්ති නිසා ඔහු ඇතුළු ඔහුගේ පක්ෂයට එකල විශාල ජනප්‍රියත්වයක් ලැබුණු බව කියැවේ. 1967 දී ප්‍රාන්ත මැතිවරණයෙන් ඔහුගේ පක්ෂය දැවැන්ත ජයක් හිමිකරගත් අතර, එම වරමින් ඔහු, ස්වයංකැමැත්ත මත විවාහ සිදුකිරීම නීතිගත කිරීම, ද්වි භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම, සහල් සඳහා සහනාධාර ලබා දීම සහ එතෙක් මැඩ්‍රාස් ප්‍රාන්තය ලෙස හැඳින්වූ ඔවුන්ගේ භූමියෙහි නම තමිල්නාඩුව ලෙස වෙනස් කිරීමටද කටයුතු කරන ලදී.
කෙසේ නමුදු, මහ ඇමති ලෙස බලයට පැමිණ වසර දෙකක් ගතවීමත් සමග පිළිකාවක් වැළඳීම නිසා ඔහු මරණයට පත්විය. එකල ගිනස් වාර්ථාවක්ද තබමින් ඔහුගේ අවමංගල්‍යට විශාල පිරිසක් සහභාගී වූ බව පැවසේ.