"ගලේ දේවාලය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'දහසක් දන වඳින පුදන ඔඩ්ඩි මස්සිනාගේ       ෴ ගලේ ද...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
(වෙනසක් නොමැත)

16:48, 12 අගෝස්තු 2020 තෙක් සංශෝධනය

දහසක් දන වඳින පුදන ඔඩ්ඩි මස්සිනාගේ

      ෴ ගලේ දේවාලය ෴

   ගම්පහ නිල්පනාගොඩ ගලේ දේවාලය වසර දහයක පමණ සිට දිනකට 5000 කට අධික ජනකායක් පැමිණෙන කපුවන් නැති දේවාලයක් ය. ගල් තලාවක් මත පිහිටා ඇති සූනියම් දෙවියන් උදෙසා කැපකරන ලද මෙම දේවාලයේ මාසයේ අවසන් සෙනසුරාදා පැවැත්වෙන විශේෂ පූජාවට ලක්ෂයක් පමණ බැතිමතුන් පැමිණෙති.

   ඔඩ්ඩිස, ඔඩ්ඩි මස්සිනා, කඹලෑ මුත්තා වැනි නම් වලින් හඳුන්වන ගම්බාර ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම් දෙවියන්ගේ උපත පිළිබඳ බොහෝ ජනප්‍රවාද පවතී. සුර අසුර යුද්ධයේදී සුරයන්ගේ ශක්තිය හීන වූ අවස්ථාවක ඊශ්වරයන් මහා කෙළ නම් නා රජුන් මහා මේරුව වටා ගමන් කරමින් එක්රැස් කළ සර්ප විෂෙන් ගුලියක් තනා එම ගුලිය ගිල පිටකළ විෂ දුමෙන් සූනියම් දේවතාවා ලොව පහළ වූ බව කෝල්මුර කවි වල පැවසේ.

   එවිට දකුණ හැරී විෂ දුම් ජාලයෙනි

   අවට රුදුරු මහ ගිනිකඳ මැවුනි

   වමට හැරිය නයි විෂ දුම් ජාලයෙනි

   ලොවට සූනියම් දෙවිඳුන් ඉපදුනි

   ගුප්ත ශාස්ත්‍රයට අධිපති වන සූනියම් දෙවියන් ඔඩ්ඩි මස්සිනා යනුවෙන් හඳුන්වන්නේ අවශ්‍ය තැනකට ඉක්මනින් ම පැමිණෙන නිසා බව යකදුරන් පවසයි. පුර පක්ෂයේ දිනවල සූනියම් දෙවියන්ගේ බලය වැඩි අතර අව පස දිනවල සූනියම් යක්ෂයාගේ බලය වැඩි බව පැවසෙන අතර මෙලෙස අර්ධ දෙවියන් ලෙස හඳුන්වන්නේ මිනිස් හෝ යක්ෂ ආත්මයක් ලබා සිට තවත් බලගතු දෙවි කෙනෙක් වෙතින් දේවත්වය ලැබූ ආත්මයන් ය.

  සව්නියම් යන වදනින් සූනියම් යන නම ලබා සුදු වර්ණය ප්‍රිය කරන සූනියම් දෙවියන් පිච්ච මල් හා මීපැණි මිශ්‍ර විලඳ පුද ලැබීමට කැමති අතර ගරුඬ, කාල, නාග, අසුර, දෙවල, රාජ, වඩිග ලෙස අවතාර හතකින් පෙනී සිටින බවද සඳහන් ය. ලය පැලී මිය ගිය, සිදුහත් කුමරුගේ කන්ථක අසු සූනියම් දෙවියන් ඇසුරේ දේව ආත්මයක් ලබා පුද සත්කාර ලබන බවද පැරණි දේව කතා වල කියැවේ. සූනියම් දෙවියන්ගේ වාහනය ද සුදු අශ්වයෙකි.

   අශ්වයන් කෙරෙහි සූනියම් දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇති බව විශ්වාස කරන බැතිමතුන් ඉබේ ගැළවී වැටුණු අශ්ව ලාඩම් පිරිසිදු කර, ජීවම් කර තම නිවෙස් වල හා ව්‍යාපාර ස්ථානයන් හී එල්ලයි. එමඟින් සූනියම් දෙවියන්ගේ ආරක්ෂාව එම ස්ථාන වෙත ලැබෙන බව එක් මතයකි.

   සූනියම් දෙවියන් මුන්නේශ්වරමේ සිට තම්මැන්නාව දක්වා ගම් දනව් හී රාත්‍රි කාලයේ සැරිසරන බවත් ඒ ආශ්‍රිත රසවත් ජනප්‍රවාද බොහෝමයකුත් සත්කෝරලයේ ගැමියන් අතර පවතී. ඔබ කවර හෝ පුණ්‍ය කර්මයක් සිදු කරන අවස්ථාවක මතු බුදු බව පතන ගම්බාර සූනියම් දෙවියන් උදෙසා ද පිං අනුමෝදන් කර පිහිට ලබා ගත හැකි අතර පස් පවින් වැළකුණ පුද්ගලයන් කෙරෙහි පමණක් දේව බැල්ම පවතින්නේ ය.

   නිල්පනාගොඩ ගලේ දේවාලය අවට ජනශ්‍රැති හා මානව විද්‍යාත්මක කරුණු අධ්‍යනයේ දී 1969 දී දයානන්ද ගුණවර්ධන ශූරීන් විසින් රචිත සකල කලා වල්ලභ ; උඩුගම්පොළ රජතුමා යන කෘතිය වැදගත් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ගලේ_දේවාලය&oldid=456604" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි