"කුඹල්වෙල අසපුව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'   නේත්‍රාකර්ෂණීය දසුනින් හිත සනසන       ෴ කුඹල්...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
(වෙනසක් නොමැත)

16:44, 12 අගෝස්තු 2020 තෙක් සංශෝධනය

   නේත්‍රාකර්ෂණීය දසුනින් හිත සනසන

      ෴ කුඹල්වෙල අසපුව ෴

   අක්කර 2000 කට වඩා විශාල රක්ෂිතයේ කිලෝමීටර් 4 ක් පමණ කඳු මුදුනට නැගුණු විට ඌව පළාතේ උසම දාගැබ බණ්ඩාරවෙල - කුඹල්වෙල ශ්‍රී බෝධි පර්වතයේ පිහිටන සිරි ඉන්දික සමන් සත් බුදු මහා සෑය ගත වූ සියක් කල්පයක් තුළ ලොව පහළ වී වදාළ සත් බුදු රජාණන්වහන්සේලා පුද දෙනු පිණිස නිර්මාණය විය.

   නමුණුකුල කඳු පන්තිය ප්‍රධාන කර ගත් දර්ශනීය කඳු යායකින් වට වූ සුන්දර පරිසරයේ පිහිටි සත් බුදු මහා සෑය නිර්මාණ කාර්යයේ දී ප්‍රදේශයට අධිගෘහිත සිරි ඉන්දික දිව්‍ය රාජයාණන් ද සුමන සමන් දිව්‍ය රාජයාණන් ද සැදැහැවත් උපකාර සලසා වදාළ බැවින් උන්වහන්සේලාගේ ශ්‍රී නාමයන් ද මහා සෑයේ නමට එක්කර ඇත.

   2006 වසරේ ඓතිහාසික ඌව වෙල්ලස්ස පුරවරයේ ආරම්භ කරන ලද මහමෙව්නා අසපුවේ සත් බුදු මහා සෑය ගොඩනැංවීමට ආරම්භ කර ඇත්තේ 2011 වර්ෂයේ දී ය.

   2018 වසරේ නොවැම්බර් මස 18 වන ඉරු දින හිමිදිරියේ ත්‍රිවිධ මංගල්‍යය, දම්සක් දෙසුම, සමනොළ ගිරි හිස ශ්‍රී පාද පද්මය පිහිටුවීම ආදී සම්බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා ඇතුලත් චිත්‍ර, පිළිම නිර්මාණ හා නොයෙක්  රන් ලියකම්, නිර්මාණ ආදියෙන් අලංකෘත සත් බුදු මහා සෑයේ ධාතු ගර්භය තුළ ශ්‍රී සර්වඥ ධාතු මංජුසා තැම්පත් කර ගර්භයේ රන් ද්වාර වසා ශක්තිමත් ආරක්ෂාවක් සැලැස්විය.

   පිංවත් කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක මේ පුණ්‍ය වෑයම හේතුවෙන් රක්ෂිත පරිසරය ද ඉතා හොඳින් සුරක්ෂිත විම ද අගය කළ යුතුමය. බෞද්ධයන්ගේ ධර්ම මාර්ගයේ දියුණුව උදෙසා මෙන්ම අන්‍යාගමික පුද්ගලයන්ගේ මානසික සුවතාවය උදෙසා සංචාරය සඳහා ද කුඹල්වෙල විවෘත වේ. මනරම් උඩරට දුම්රිය මාර්ගයේ පැමිණ ඇල්ල දුම්රිය ස්ථානයෙන් බැස මේ සොබා සෞන්දර්යාත්මක අඩවියට ඇතුල් විය හැකිය.

   කුඹල්වෙල මහමෙව්නා අසපුවේ සද්ධර්ම වැඩසටහන් හා සම්බන්ධ වන්නට අමතන්න 071-3020306

"https://si.wikipedia.org/w/index.php?title=කුඹල්වෙල_අසපුව&oldid=456602" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි