"පූජනීය ස්ථාන - ශ්‍රී ලංකා" හි සංශෝධන අතර වෙනස්කම්
සුළුNo edit summary ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit |
|||
25 පේළිය: | 25 පේළිය: | ||
[[Image:Rangarpr6.JPG|thumb|120px|මුතියංගන දාගැබ]] |
[[Image:Rangarpr6.JPG|thumb|120px|මුතියංගන දාගැබ]] |
||
මුතියංගන විහාරය පිහිටා ඇත්තේ වර්තමාන බදුලු දිස්ත්‍රික්කයෙහිය. බුදුරජාණන්වහන්සේ ලක්දිවට වැඩම කළ තෙවැනි ගමනේදී මුතියංගන චෛත්‍යය පිහිටි ස්ථානයේ නිරෝධ සමාපත්තියට පැමිණි බවට විශ්වාස කෙරේ. මෙම සෑ ගර්භයේ බුදු සමිදුන්ගේ මුක්තක ධාතුන් වහන්සේ හා කේෂ ධාතුන් වහන්සේලා වැඩ සිටිති.බුදු රජාණන් වහන්සේ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් කල දාඩිය බිදු වැඩ සිටින ලොව එකම දාගැබ මෙයයි. |
මුතියංගන විහාරය පිහිටා ඇත්තේ වර්තමාන බදුලු දිස්ත්‍රික්කයෙහිය. බුදුරජාණන්වහන්සේ ලක්දිවට වැඩම කළ තෙවැනි ගමනේදී [[මුතියංගන චෛත්‍යය]] පිහිටි ස්ථානයේ නිරෝධ සමාපත්තියට පැමිණි බවට විශ්වාස කෙරේ. මෙම සෑ ගර්භයේ බුදු සමිදුන්ගේ මුක්තක ධාතුන් වහන්සේ හා කේෂ ධාතුන් වහන්සේලා වැඩ සිටිති.බුදු රජාණන් වහන්සේ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් කල දාඩිය බිදු වැඩ සිටින ලොව එකම දාගැබ මෙයයි. |
||
වන්දනා ගාථාව |
වන්දනා ගාථාව |
15:01, 2 අගෝස්තු 2020 තෙක් සංශෝධනය
. |
මහියංගනයමහියංගනය සමන් දෙවියන් විසින් ඉදිකරන ලදැයි සැලකෙන මෙම සෑයෙහි බුදුන් වහන්සේගේ ජීව සර්වඥ කේශධාතූන් නිදන්කළ, පිරිනිවනින් පසුව උන්වහන්සේගේම ශ්‍රීවාස්තීධාතුවද නිදන් කර ඇතිබව සදහන් වෙයි. චුලාභය රජු විසින් තිස් ----රියන් කොට තනවන ලදි.පසුව දුටු ගැමුණු විසින් අසූ රියන් කොට තනවන ලදි. ශ්‍රි ලංකාවේ පුථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩි.ඵස් සේනානායක මහාතාගේ මුලිකත්වයෙන්1948 දි පුතිසංස්කරන කටයුතු කරන ලදි. නාගදීපයමිණි පළගක් නිසා සටන් වැදුනු චුලෝදර මහෝදර රජවරුන්ගේ අරගලය සංසිදුවාලිම සදහා දෙවෙනවරට ලක්බිමට වැඩමකල බුදුන් වහන්සේ වැඩසිටි තැන මිනි පළඟ නිදන් කොට තැනවු චෛත්‍යය වරින්වර රජ පැමිනි රජවරුන් විසින් පිළිසකර කරවන ලදි.ත්‍රස්තවාදි අරගල හේතුවෙන් වසර විස්සක් පමණ වන්දනාමාන කිරිම අපහසු විය. කැළණියබුදුන්වහන්සේ බුද්ධත්වයෙන් අටවෙනි වස භික්ෂුන් වහන්සේලා පන්සිය නමක් සමඟ කැලණියට වැඩමකර නාග ගෝත්‍රිකයන්ට ධර්ම දේශනා කළ තැන මැණික් පුටුව නිදන් කර තනවන ලදි. යටාලතිස්ස රජු විසින් මෙම චෛත්‍යය උසින් රියන්60ක් හා වට ප්‍රමාණය රියන් 120වන සේ කරවන ලද අතර මෙහි විසේසත්වයක් ගන්නේ විභිෂණ දේවාලයයි. ශ්‍රී පාදයමූලික ලිපිය: ශ්‍රී පාදය
කැලණියට වැඩමකල බුදුන් වහන්සේ සමන් දේවියන්ගේ ආරාධනය අනුව තම වම් සිරිපා සලකුන මෙහි තැබු බව පිළිගැනෙයි. නිස්සංකමල්ල රජු විසින් සිරිපා ලකුණ තැබු ඉන්ඳනිල මාණික්‍යය ආරක්ෂා කිරිම සදහා ගල් තලාවකින් වසා සිරිපා සලකුණක් නිමවා ඇත. ඳිවාගුහාවඳිවාගුහාව සමනලගිර සිරිපා සටහන් තබන ලඳ බුදුරඡානන් වහන්සේ සමවත් සුවයෙන් දිවා කාලය ගතකල ස්ථානයයි. වර්තමානයෙහි මේ ස්ථානය පිලිබදව නොයෙක් මතිමතාන්තර පවති. දිඝවාපියකි.පු 137දි සද්දාතිස්ස රජු විසින් කරවන ලද මෙම චෛත්‍යය රාඡයා තෙවෙනි වරට බුදුන්වහන්සේ වැඩමකරන ලද අවස්ථාවේ සමවත් සුවයෙන් වැඩසිටි ස්ථානයෙහි කරවන ලද්දකි. සර්ඥ ධාතුන් වහන්සේලා නිදන්කොට ඇත.මුතියංගනය-දෙවන පෑතිස් රජු විසින් කරවන ලද්දකි. මුද්ගලු වෙහෙර නමින් පළමුව හැදින්විනි.දෙතිස්ඵල බෝධින් වහන්සේලාගේ ඵක් නමක්මෙහි රෝපණය කර ඇත. මුතියංගණයමුතියංගන විහාරය පිහිටා ඇත්තේ වර්තමාන බදුලු දිස්ත්‍රික්කයෙහිය. බුදුරජාණන්වහන්සේ ලක්දිවට වැඩම කළ තෙවැනි ගමනේදී මුතියංගන චෛත්‍යය පිහිටි ස්ථානයේ නිරෝධ සමාපත්තියට පැමිණි බවට විශ්වාස කෙරේ. මෙම සෑ ගර්භයේ බුදු සමිදුන්ගේ මුක්තක ධාතුන් වහන්සේ හා කේෂ ධාතුන් වහන්සේලා වැඩ සිටිති.බුදු රජාණන් වහන්සේ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් කල දාඩිය බිදු වැඩ සිටින ලොව එකම දාගැබ මෙයයි. වන්දනා ගාථාව විරාජිතං බුද්ධ ගුණෙන සබ්බදා සුරක්ඛිතං ඉන්දක දේව තේජසා ජයංගණං සීහල දීප වාසිනං මුතිංගණං ථූප වරං නමාමි සිංහල අර්ථය සැමදා බුද්ධ ගුණයෙන් බබලන්නා වූ ද,ඉන්දක දෙවියන්ගේ තේජසින් ආරක්ෂාව ලබන්නා වූද සීහලදීප වාසීන්ගේ ජන්ම භූමියක් වන්නා වූද මුතියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේට මම නමස්කාර කරමි.෴ තිස්සමහාරාමයතිස්සමහාරාමය බුදුරඡානන් වහන්සේ තුන්වැනි වරට ශ්‍රි ලංකා දිපයට වැඩමකල ගමනේදි සමවත් සුවයෙන් වැඩසිටි ස්ථානයේ කාවන්තිස්ස රජු විසින් ක්‍රි.පු 218 දි ඉදි කරවන ලද්දකි.
ශ්‍රි මහා බෝධින් වහන්සේඅති තිලෝගුරු සම්මා සම්බුදු පියානන් වහන්සේ බුද්ධත්වය සාක්ශාත් කර ගැනිම සඳහා පිටඳුන් බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාවයි. සංඝමිත්තා තෙරණිය විසින් මෙම බෝධින් වහන්සේ ශ්‍රි ලංකාවට වැඩම කරවන ලදි. ඵ් දෙවානමි පියතිස්ස රජ සමයේය. මිරිසවැටියදුටුගැමුණු රජතුමා විසින් කරවන ලද මුල්ම චෛත්‍ය වු මෙහි උස අසු රියන් පමණ වන අතර සර්වඥ ධාතුන් මෙහි නිදන්කර ඇත. රුවන්වැලිසෑයදුටුගැමුණු රජතුමා මගින් ඉදිකරවන ලද මෙහි වැඩ නිමකරවන ලද්දේ සද්දාතිස්ස රජු විසිනි. සර්වඥ ධාතුන් වහන්සේලා,රන් බුදුපිළිම, රන්,රිදි, හා මුතු මැණික් මෙහි නිදන් කර ඇති බව කියවේ.ථුපාරාමයදේවානම්පිනතිස්ස රජු විසින් ඉදිකරවන ලදි.බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථානයකි. අභයගිරියවළගම්බා රජු විසින් කරවන ලදි. ගිරිනම් නිගණ්ඨයා සිටි ස්ථානය නිසා අභයගිරි නම් වු බව සදහන්ය. සරවඥ ධාතුන්,රන්පත්වල ලියු ත්‍රිපිටකය මෙහි නිධන් කර ඇති බව කියවේ.ඡේතවනාරාමයමහසෙන් රජු විසින් ජෝති නම් වු උද්‍යනයක කරවන ලද හෙයින් මේ නමින් ප්‍රසිද්ධ වු බව කියවේ. බුදුන් වහන්සේගේ පටි ධාතුව සමඟ සර්වඥ ධාතුන් නිධන්කොට ඇත. කිරිවෙහෙරබුදුන්වහන්සේ සමාධි සුවයෙන් වැඩ සිටි ස්ථානයකි. මහාසේන රජු විසින් කිහිරි ගසක් මුල ඉදිකරවන ලද හෙයින් මේ නමින් ප්‍රසිද්ධ බව සඳහන් වේ. මිහින්තලයමූලික ලිපිය: මිහින්තලය
මිහින්තලය සේළ චෛත්‍යයි. ගලක් මත ඉදිකර ඇති නිසා ශෛල චෛත්‍යය නමින් හැඳින්වෙන මෙම චෛත්‍ය රාජයා ක්‍රි.ව 18 දි මහානාග රජු විසින් කරවන ලද්දකි. බුඳුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතු නිදන් කොට ඇත. ඉසුරුමුණියදෙවන පෑතිස් රජු මගින් ක්‍රි.පු 3වන සියවසේදි කරවන ලදි. දන්ත කුමරු විසින් දළදා වහන්සේ රැගේන පළමු කොට මෙම ස්ථානයට පැමිණි බව කියවෙන අතර කලාත්මක ස්රූපයෙන් නෙත් සිත් ඇඳ ගන්නා පින් බිමක් වශයෙන් හැඳින්විය හැක. ලංකාරාමයවලගම්බා රජු ද්‍රවිඩයන් හා යුද වැදි පරාජය වි පළාගොස් සැඟව සිටි ගල් හෙබකය නම් වු ස්ථානයෙහි මෙම චෛත්‍ය කරවා ඇති අතර මෙහි සර්වඥ ධාතුන් නිධන් කර ඇත. ශ්‍රි දළදා මාළිගාවසෙංකඩගල රජකල විමලධර්ම සුරිය රජු විසින් කරවන ලද දළදා මැදුර දෙවන විමලධර්මසුරිය රජතුමා විසින් තුන්මහල් කර තනවන ලදි. අළු විහාරයවළගම්බා රජු විසින් කරවන ලද්දකි. ලංකාවේ ප්‍රථම ධර්ම සංගායනාවේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන ලදි. කුඩාගල ලෙන් විහාරයපොළොන්නරුව, මොණරාගල අතර පිහිටා ඇති ක්‍රි .පු 3සියවසට අයත් ලෙන් විහාරයකි. මෙහි චිත්‍ර ජාතක කථා නිර්මාණ සම්ප්‍රදායට අයත් වේ. හිරිගඬු සෑයභාවනායෝගිව වැඩවිසු රහතන් වහන්සේලා සිටි ස්ථානයක් වන අතර මෙය පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලයේ සිට සැතපුම් 30ක් දුරිනි. සේරුවිල මංගල මහා විහරයබුදුන් වහන්සේගේ ලලාට ධාතු නිධන් කර කාවන්තිස්ස රජු විසින් කරවන ලද්දකි. ලෝවාමහාපායදුටුගැමණු රජතුමා විසින් කරවන ලද්දකි. සද්ධාතිස්ස,ගෝඨාභය වැනි රජවරුන් විසින් ප්‍රතිසංස්කරණ කටයුතු කරවන ලදී. සෝමාවති සෑයරියන් 100 කින් උස හා වට ප්‍රමාණය රියන් 150 ක් වනසේ ගිරි අභා රජු විසින් ඉදිකරවන ලදි. බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැම්පත්ව ඇති බව සැලකේ. යටාල වෙහෙරප්රධාන ලිපිය: යටාල වෙහෙර
මහානාග රජු විසින් කරවන ලද්දකි. රහතන් වහන්සේලා වැඩසිටි ස්ථානයක් වු මෙය රුහුණු මාගම රාජධානිය තුල ඉදිකරන ලද ප්‍රථම චෛත්‍යය වශයෙන් සැලකෙන අතර සර්වඥ ධාතුන් නිදන් කර ඇති බව සදහන් වේ. දිඹුලාගලභාවනායෝගි භික්ෂුන් වහන්සේලා වෙසන ලෙන් සහිත පුජනිය ස්ථානයකි. දේවානම් පියතිස්ස රජතුමා මෙහි වෙහෙර විහාර කටයුතු කර ඇත. බෙල්ලන්විල රජමහා විහාරයදෙතිස්ඵල බෝධින් වහන්සේලා සහ අත්‍යලංකාර වු බුදුමැදුරකින්ද, දෙවාලයකින්ද සමන්විතය. සිතුල්පවුවගල් ලෙන් සහිත ස්ථානයක් වු මෙහි විහාර, දාගැබ් ඉදිකරවා රහතන් වහන්සේලාට පුජා කරන ලදි. ගඩලාදෙණියහතරවෙනි බුවනෙකබාහු රජු විසින් කරවන ලද්දකි. දොලොස් රියන් බුද්ධ ප්‍රතිමාවක්, චෛත්‍ය රාජයෙක් සහ ආනන්ද බොධියද මෙහි වෙයි. පඬුවස්නුවරකුරුණෑගල හා දඹදෙනි යුගයන්හි දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂිත ස්ථානයක් වු මෙහි විහාර කර්මාන්ත කරවන ලද්දේ දෙවැනි පෑතිස් රජු විසිනි. රිදී විහාරයරුවන්වැලි සෑය ඉදිකරන සමයෙහි රිදී මතුවු ස්ථානයක් පදනම් කරගෙන දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද්දක් වු මෙම විහාරය ආමණ්ඩ,ගාම්ණි,අභය,කිර්ති ශ්‍රි රාජසිංහ වැනි රජවරුන් මගින් විටින් විට ප්‍රතිසංස්කරන කටයුතු කරන ලදි.රිදී විහාරය අයත් මෙම පූරනීය ස්ථානය ඉදි කිරීම සදහා අවශ්‍ය මූල්‍යමය ප1තිපාදන ලබා ගැනීම සදහා එවකට වැඩ විසූ හිම්නමක්බොහෝසේ කල්පනා කරමින් නින්දට පත් රාතයක එම ස්වාමීන් වහන්සේට සිහිනයෙන් රිදී ගොබයක් ඇති ස්ථානය පෙන්නුම් කර ඇත. කවටයමුනේක්රි.ව 1800 දි කරවන ලද මෙම විහාරය සීවලි මහරහතන් වහන්සේගේ ධාතු නිධන් කර තැනු චෛත්‍යයකින් හා අලංකාර චිත්‍ර, මුර්ති වලින්ද සමන්විතය. වට්ටාරමපොල්ගහවෙල සිට සැතපුම් 3ක් පමණ දුරින් පිහිටි මෙම ස්ථානයෙහි මලියදේව මහරහතන් වහන්සේ වැඩසිටි බව සඳහන්ය. ලංකාතිලකයගඩලාදෙණියේ සිට සැතපුම් 2 ක් පමණ දුරින් පිහිටි මෙම විහාරය ක්‍රි.ව 1347 දී බුවනෙකබා රජු විසින් කරවන ලදී. වැවුරුකන්නලමුල්කිරිගල සිට සැතපුම්14ක් පමණ දුරින් පිහිටියේය. සර්වඥ ධාතුන් සහ රහතන් වහන්සේලා 400ක් පමණ ධාතු නිධන් කර ඇතිඅ චෛත්‍යක් වේ. වෙහෙර හේනචෛත්ය, පුරාණ මහ බෝධිය,80 රියන් බුදු පිළිම වහන්සේ නිසා සුප්‍රසිද්ධ වු මාතර වෙහෙරහේනේ රජමහා විහාරය පිහිටා ඇත. විහාරස්ථානයේ වැඩිවිස්තර වෙහෙරහේන විහාරය වෙබ් අඩවිය මුල්කිරිගලසද්ධාතිස්ස රජතුමා මගින් කරවන ලද මෙම ලෙන් විහාර 3ක් හා චෛත්‍ය රාජයෙක්ද වෙයි. මෙය පිහිටා ඇත්තේ තංගල්ලේ සිට සැතපුම් 12ක් පමණ දුරිනි. බුදුරුවගලවළගම්බා රජු විසින් කරවන ලද්දකි. වැල්ලවායේ තිස්ස පාරේ සැතපුම් 3ක් පමණ රින් පිහිටා ඇත.දේගල්දොරුව රජමහා විහාරය-කීරිති ශ්‍රි රාජසිංහ රජු විස්න් කරවන ලද්දකි. දෙවිනුවරක්රි.පු.655 දී දාපුලුසෙත් රජතුමා විසින් කරවනලදී. සියලු විහාර කර්මයන්ගෙන් සම්පුර්ණ වු මෙම වෙහෙර බිමෙහි පුරාණ නටඹුන් දැකිය හැකි අතර පෙර ශීල්ප ශාස්ත්‍රයට කේන්දස්ථානයක් විය. රත්නපුර සමන් දේවාලයසබරගමුවෙහි රත්නපුර පිහිටි සමන් දේවාලය වසරක් පාසා පෙරහැර පවත්තන දේවාලයක් වන අතර 1236 දි දඹදෙණිය රාජධාණියේ රජකල පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ ඇමතියෙකු මගින් කරවන ලද්දකි. කතරගම දේවාලයදුටුගැදුණු රජතුමා කරවන ලද්දකි. ඉංදියාවේ සිට ආ කන්දසාමි නැමැත්තෙක් තමන්ගේ ශිලභාවනා ආදියෙන් බොහෝ හාස්කම් කරමින් මෙම ස්ථානයෙහි ජිවත් වු බවත්, ඔහුගේ ඈවැමෙන් ඔහු කතරගම දේවියෝ යනුවෙන් සෙසු ජනයාගේ පුද පුජාවට ලක්වු බවතු ජනප්‍රවාදයෙහි සදහන් වේ. සෙල්ල කතරගමකතරගම මැණික් ගඟ මැදිකොට පිහිටියේය.වල්ලි අම්මා කඳ කුමරුට මුණ ගැසුණු ස්ථානය වශයෙන් සැලකෙයි. දුටුවන් විශ්මයට පත්කරවමින් මෙහි පවත්වන ගිණි පෑගිමේ උස්සවය දේව භක්තිය මොනවට විදහාපායි. |